
තවද එක් සමයෙක්හි ධර්මාධිපති වූ තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙව්රම් වෙහෙර වසන සේක් පැන් නොපෙරා වැලඳු එක් භික්ෂූ කෙනෙකුන් වහන්සේ අරබයා මේ ජාතකය වදාළ සේක.
සැවැත්නුවර වාසී වූ යහළු වූ භික්ෂූහු දෙදෙනෙක් දනව්වකට ගොස් එක් ඵාසුතෙනක අදහස් වූ පරිද්දෙන් වැස සර්වඥයන් වහන්සේ දකුම්හයි නැවත එයින් නික්ම ජේතවනාරාමයට අභිමුඛව ගියසේක. ඒ දෙදෙනා වහන්සේ අතුරින් එක් කෙනෙකුන් වහන්සේගේ අත පෙරහංකඩකින් දියපෙරා වළදනසේක. ඒ දෙදෙනා වහන්සේම එක් දවසක් විවිදකොට පෙරහංකඩ ඇති භික්ෂූන් වහන්සේ අනික් තැනැත්තන් වහන්සේට පෙරහංකඩ නොදී තමන් වහන්සේ පැන් පෙරා වැළදු සේක. අනික් භික්ෂූන් වහන්සේ පෙරහංකඩ නොලැබ පිපාසා ඉවසාගත නොහි නොපෙරා පැන් වැලදූසේක. ඒ දෙදෙනා වහන්සේම ක්‍රමයෙන් ජේතවනාරාමයට ගොස් බුදුන් වැඳ එකත් පස්ව හුන්සේක. සර්වඥයන් වහන්සේම ක්‍රමයෙන් ජේතවනයට ගොස් බුදුන් වැඳ එකත්පස්ව හුන් සේක. සර්වඥයන් වහන්සේ සුවදුක් කථා කොට කොයිසිට අවුදැයි විචාළ සේක. Read More