
තවද එක් සමයෙක්හි බුදුරජානන් වහන්සේ සැවැත්නුවර නිසා ජේතවනාරාමයෙහි වැඩවසනසේක් මතකභක්තයක් අරභයා මේ ජාතකය වදාළ සේක.
එකල්හි මනුෂ්‍යයෝ එළුවන් ආදීවු බොහෝ සත්වයන් මරා කාලක්‍රියා කළාවූ තමන්ගේ නෑයන් උදෙසා මතකභක්ත නම් වූ පරිත්‍යාගයක් කෙරෙති. භික්‍ෂුහු ඒ මනුශ්‍යයන් මෙපරිද්දෙන් කරන්නාවුන් දැක සර්වඥයන් වහන්සේ අතින් ස්වාමීනි. දැන් මනුෂ්‍යයෝ බොහෝ ප්‍රාණින් ජිවිතක්ෂයට පමුණුවා මතකභක්ත නම් වූ දෙයක් දෙති, ස්වාමීනි මෙහි වැඩෙක් ඇද්දැයි විචාළසේකී. සර්වඥයන් වහන්සේ මහණෙනි. මතකභක්ත දෙම්හයි කියා කරණ ලද ප්‍රාණඝාතයෙහි කිසිත් වැඩෙක් නම් නැත. පෙරත් නුවනැත්තෝ ආකශයෙහි හිඳ ධර්මදේශනා කොට මේ මතකභක්තයෙහි ආදීනව කියා සියළු ජම්බුද්වීපවාසී සත්ත්වයන් මේ ක්‍රියාවෙන් ඇරවූහ. දැන් වනාහී භවසං ක්ෂේපගත හෙයින් නැවත පහළවියයි වදාරා අතීත කථාව ගෙණහැර දැක්වූ සේකී.
යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන්, Read More