
තවද එක්සමයෙක්හි පහකළා වූ කෙලෙස් මලයන් ඇති සර්වඥයන් වහන්සේ රජගහනුවර නිසා ජේතවනාරාමයෙහි වැඩවසන සේක් දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා වදාළසේක. දේවදත්ත ස්ථවිරයන් වහන්සේගේ කථාව දුනුවායන් හැරීම දක්වා ඛණ්ඩහාල ජාතකයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය. ධනපාල නම් හස්තිරජයාගේ හැරීම දක්වා චුලහංස ජාතකයෙහි විස්තර වශයෙන් මතු පෙණෙන්නේය. දේවදත්ත ස්ථවිරයන් පොළොව පලාගෙණ ගියතැන් දක්වා සොළොස් වැනි නිපාතයෙහි සමුද්දවාණිජ ජාතකයෙහි මතු පහළ වන්නේය. එක් කලෙක්හි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ පඤ්ච වස්තූවක් යච්ඤාකොට නොලත්සේක් සංඝයා බිඳුවා පන්සියයක් භික්ෂූන් කැඳවාගෙණ ගයා නම් ගංහිස වාසය කරණ සේක. එකල්හි ඒ භික්ෂූන් වහන්සේගේ Read More