Skip to main content
Category

අපේ බුදු හාමුදුරුවෝ … ( Ape Budu hamuduruwo )

බුදුවරු පහලවීම අතිශය දුර්ලභය. අප ගෞතම බුදුරජාණන් වහන්සේ සාර අසංඛ්‍යෙ කල්ප ලක්ෂයක් පෙරුම් ම් පුරමින් පැමිනි සුන්දර ගමන මෙන්ම විශේෂයෙන්ම බුදුවන ආත්ම භවයේ උන්වහන්සේ පිලිබද සැගවුනු බොහෝ දෑ අසිරිමත් විස්තරය ඉතාම හරබර අයුරින් ප්‍රංශයේ වෙසෙන තුසිත රජජපක්ෂ මහතාගේ තෙලි තුඩින් රචනා වී ඇත. මින් ඇරඹෙන්නේ ඒ අසිරිමත් ගමන් මග පිලිබද පුවතයි…

අපේ බුදුහාමුදුරුවෝ 20

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 03
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවන්ගේ කාලයේ අපේ බෝසතාණන් වහන්සේ විජිතාවී නම් සක්විති රජවව චන්දවතී නුවර වාසය කළා. ඒ කාලෙත් අවුරුදු අනුදාහාක් විතර ආයුෂ. ඒ රාජ්යය සශ්රීක භාවයෙන් සහ මිනිසුන්ගේ පුණ්ය මහිමයෙන් ඉහලම තලයේ තියෙන්න ඇති. ඒ විතරක් නෙවෙයි. සම්මා සම්බුදු වරයෙක් ඒ හා සමානම පුණ්ය මහිමයක් ඇති සක්විති රජකෙනෙක් වගේම මතු බුදුවන බෝසත්වරයෙක් පහළ වුනු විරල කාලයක්. සමහරවිට ඔබත් මමත් ඉන්න ඇති කොහේ හරි.

Read More

🧡💛 අපේ බුදුහාමුදුරුවෝ 21 🧡💛

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 04
4.දිව්යමය මාණික්ය රත්නය.
අශ්වරත්නය ගැන ලියනකොට පාන්දර දෙකහමාර පමණ වුනා. ඒ නිසා සමහර දේ අත හැරුනා. මෙසේ පහළ වන සත් රුවන් අතර සතරවැනි රුවන් තමයි දිව්යමය මාණික්ය රත්නය. මාණික්යරත්නය කියන්නේ සක්විති රජුට පහල වෙන ආලෝකය විහිදෙන මැණිකක්. මුළු මහත් රාජධානියම රාත්රියට හිරුමෙන් අලෝකවත් කරන්නත් එයට පුළුවන්.

Read More

 අපේ බුදුහාමුදුරුවෝ 22 

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 05

5. දිව්යමය ස්ත්රීරත්නය

💜 මෙසේ මිනිරුවණ පහළවීමෙන් පස්සේ සක්විති රජතුමාගේ අග්ර මෙහෙසිය ලෙස විශේෂ වූ ස්ත්රී රත්නයක් පහළ වෙනවා. එය සමහර විට මදුරජ කුලයෙන් විය හැකියි. එසේත් නැතහොත් උතුරුකුරු දිවයිනෙන් විය හැකයි. එසේත් නැතහොත් පුණ්ය අනුහසින් තමා විසින්ම ආරාධනයකින් තොරව එනු ලබන්නියක් විය හැකයි.

💜 ඕතොමෝ මනා රූ ඇත්තීයකි. දකින්නන් වසඟයට පත්වේ. ඒ නිසාම තම තමන් නිරත වූ කාර්යයන් පසෙක ලා දුටුවන් දෙනෙත් නොපියා ඇය දෙස බලා සිටි. උතුම්වූ වර්ණ සංකලනයක් වගේ සෞන්දර්යාත්මකයි. ගොඩක් උසත් නැහැ. ගොඩක් මිටිත් නැහැ. ඉතා කෙට්ටුත් නැහැ. ඒ වගේම ඉතා මහතත් නැහැ. ඉතා කළුත් නැහැ, ඉතා සුදුත් නැහැ, රන්වන් පාටයි.

Read More

අපේ බුදුහාමුදුරුවෝ 23

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 06
6. ගෘහපතිරත්නය,
අද කියන්න යන්නේ විජිතාවී සක්විති රජ්ජුරුවන්ගේ සත් රුවනේ සයවැන්න වන ගෘහපතිරත්නය ගැනයි. ගෘහපතිරත්නය කියන්නේ සක්විති රජතුමාගේ සියලු ධනය වස්තුව පහසුවෙන් පැවැත්වීම සඳහා පහළවෙන උත්තමයෙකුට. ඔහු උපදින්නේත් මහත් සම්පත් ඇති මහත් භවභෝග ඇති උසස් සිටු කුලයක සිටුවරයෙකු ලෙස. ඔහු රජතුමාගේ ධනය වස්තුව පාලනය කරනවා පමණක් නොවෙයි. රජ්ජුරුවන්ට ධනය රැස්කර දෙන ගහපති සිටුවරයාද වෙනවා. ඔහුට උපතින්ම ලැබෙන විශේෂ ලාභයක තියෙනවා. ඒ තමයි දිවැස්. එය ලැබෙන්නේ ඔහු පෙර භවයන්හි කල කුසල කර්ම විපාකයන්හි ප්රතිඵලයක් ලෙසත් සත් රුවනේ ආණුභාවය නිසාමත්මයි. ඒ දිවැස ඔහුට පෘථිවිතලය මත සාගරය තුල හෝ පොළොව යට හෝ යොදුනක් පමණ දුර ඇති නිධාන පෙනෙනවා. හිමිකරුවන් නැති නිධාන වෙතොත් එය රහ්හුරුවන්ට පෙන්වා හිමි කරදෙනු ලබනවා.

Read More

error: Content is protected by www.ifbcnet.org.