Skip to main content
All Posts By

Eranda

💜 අපේ බුදුහාමුදුරුවෝ 10 💜

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) One Comment

🌷 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 07 🌷

🌻 දීපංකර බුදුරජාණන් වහන්සේ ලොව පහළවීම.

මේ කාලය තුල දීපංකර බෝධිසත්වයන් වහන්සේ වැඩ සිටියේ තුසිත දිවිය ලෝකේ දෙවු සැප විඳිමින්. නිසි කාලය පැමිණි කල දස දහසක් සක්වළ දෙවිවරුන් පැමිණ දීපංකර බෝසතානන්හට “මහා වීරයාණනි, මේ ඔබට බුදුවීමට කාලයයි”. මවු කුස ඉපදී දෙවු මිනිසුන් සසර දුකින් එතෙර කරන මෙන් ආරාධනය කරන්නට වුනා. ඒ බෝසතාණන් වහන්සේද එම ආයාචනය එක්වර පිළිනොගෙන පස්මහ බැලුම් බලා එය සුදුසු කාලයම බව දැන දෙවිවරුන්ට ප්රතිඥා දී දෙවිවරුන් ව පිටත් කොට තුසිත දෙවියන් විසින් පිරිවරන ලදුව තුසිත දෙව් ලොව නන්දන නම් වනයට පිවිසියා. සියලු ම දේව ලෝකවල නන්දන වනයක් ඇතයි කියනු ලැබේ. එහිදී දෙවියෝ “මෙයින් චුත ව සුගතියට යන්න, මෙයින් චුත ව සුගතියට යන්න” යැයි කරන ලද කුසල් සිහිගන්වමින් එහි ඇවිදිමින් ම චුත වුනා.

Read More

💙💚 අපේ බුදුහාමුදුරුවෝ 11 💙💚

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments

🌷 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 08 🌷

🌺 දීපංකර බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පැමිණීම සහ සම්බුදු සිංහනාදය

බුද්ධත්වයෙන් පසුව දසබලධාරී දීපංකර බුදුරජාණන් වහන්සේ බුද්ධ සිංහනාද පවත්වා සත්සතියක් බෝධි මුලයේ කල්ගෙවා සාම්පති මහා බ්රහ්මයාගේ ආරාධනයෙන් සුනන්දාරාමයේ දම්සක් පවත්වා කෙළ සියයක් දෙවිමිනිසුන් හට ධර්මාමෘතය පොවා චාතුර්ද්වීපික මහා මේඝයක් සේ දහම් වැසි වස්සවමින් මහජනයාගේ සසර බැමි සිඳිමින් ජනපද චාරිකාවේ යෙදෙන්නට වුනා.

🌺 රහතන් වහන්සේලා හාරලක්ෂයක් සමගින් රම්ම නුවරට වැඩම කරවීම.

හරිම පුදුමයි බුදුවරු අතරත් ඇති සුවිශේෂතා. අපේ බුදුහාමුදුරුවෝ දම්සක් පවත්වා පස්වග මහණුන් ඇතුළු සියයකටත් වඩා අඩු පිරිසක් සමගිනුයි චාරිකාව ආරම්භ කලේ. කපිලවස්තු පුරයට එනවිටත් රහතන් වහන්සේලා හිටියේ විසිදාහයි. ඒ දසබලධාරී දීපංකර බුදුහාමුදුරුවෝ උපන් බිම වූ පරම රමණීය රම්ම නුවරට වැඩියේ රහතන්වහන්සේලා හාරලක්ෂයක් පිරිවරාගෙන. එසේ වැඩමකොට සුදර්ශන මහා විහාරයේ වැඩ වසන්නට වුනා.

Read More

💚💙💜 අපේ බුදුහාමුදුරුවෝ 12 💚💙💜

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments

💚 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 09 💚

🌼 මිට පෙර කී පරිදි සුමේධ තවුසාණන් රම්ම නගරය උඩින් අහසින් යමින් සිටියදී නගරයේ උත්සවශ්රීය දැක මිනිසුන් බලා සිටියදීම අහසින් බැස මෙම උත්සවයට හේතු විමසන්නට වුනා. ඒ වනවිටත් රම්ම වැසින්යන් මහා සෘධි බලසම්පන්න සුමේධ තවුසාණන් ගැන හොඳින් දැන සිටියා. එවිට ඔවුන් මෙලෙස කියන්නට වුනා.

🌼 ස්වාමිනි ඔබ නොදන්නේද? දීපංකර බුදුරජාණන් වහන්සේ අනුත්තර සම්යක් සම්බෝධියට පැමිණ දම්සක් පවත්වා සුදස්සන මහා විහාරයෙහි වැඩ සිටිමින් ජනපද චාරිකාවේ යෙදෙනවා. අපි සැවොම එහි ගොස් උන්වහන්සේට අපේ නුවරට වඩින ලෙස ආරාධනය කළා. අද උන් වහන්වසේ සාර ලක්ෂයක් භික්ෂුන් වහන්සේලා පිරිවරාගෙන රම්ම නුවරට වඩිනවා. අපි මේ ඒ වඩින මග සරසනවා.

🌼 එවිට සුමේධ තවුසාට මෙහෙම හිතුනා. බුද්ධ යන මේ ශබ්දයද දුර්වලයි. බුදුඋපත ගැන කියනුම කවරේද? ඒ නිසා මමත් මේ මිනිසුන් සමග එක්ව මේ බුදුන් වඩින මග පිරිසිදු කරන්නට ඕනේ. එහෙම හිතලා උන්වහන්සේ ඒ පිරිසට මෙහෙම කිවා.

Read More

💚💙💜අපේ බුදුහාමුදුරුවෝ 13  💜💙💚

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments

🌷 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 10 🌷

🌻 නියත විවිරණ සහ අෂ්ට ධර්ම 🌻

අපේ බුදුහාමුදුරුවෝ මේ වනවිටත් ඔබගේ නිවන වෙනුවෙන් පෙරුම් පුරමින් පැමිණි කාල පරිච්චේදය මිනිසෙකුට නොව බුදුවරයෙකුට වුවද සිතා අවසන් කල නොහැකි තරම් දීර්ඝ කාලයකි. එම දීර්ඝ කාල පරිච්චේදය බුදුබව පතන ආකාරය අනුව ප්රධාන කොටස් තුනකට බෙදේ. එනම් මනො ප්රණිධාන වාග් ප්රණිධාන, මහා ප්රනිධාන (කාය ප්රණීධාන) වශයෙනි. විවරණ වශයෙන් කොටස් දෙකකට බෙදේ. ඒ නියත විවරණ සහ අනියත විවරණ ලෙසය. එලෙස අනියත විවරණ සඳහා මේ වනවිටත් මනො ප්රණිධාන එනම් සිතින් පමණක්‌ බුදුබව පතමින් අසංක්ය කල්ප ලක්‌ෂ හතක් පසුකොට අවසන්ය. සම්මුඛ වූ බුදුවරු සංඛ්යාව එක්‌ලක්‌ෂ විසිපන්දහසකි. වාග් ප්රණිධාන වශයෙන් පැමිණි කාලය අසංඛ්ය කල්ප ලක්‌ෂ නවයකි. බුදුවරු සංඛ්යාව තුන්ලක්‌ෂ අසූහත් දහසකි. මෙලෙස සම්පුර්ණ කල කල්ප ප්රමාණය අසංඛ්ය කල්ප දහසයකි. සියලු බුදුවරු සංඛ්යාව පන්ලක්ෂ දොළොස් දහසකි. දැන් ඇත්තේ නියත විවරණ සම්පූර්ණ කර ගැනීමයි. ඒ සඳහා සම්මුඛ විය යුතු බුදුවරුන් ගණන විසිහතරෙකි. කාලය සාරාසංඛ්ය කල්ප ලක්ෂයකි.

Read More

අපේ බුදුහාමුදුරුවෝ 14 

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments

💚 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 11 💚

💙 අභිනිහාරය 💙

අනියත විවරණ පූරණය කරමින් පැමිණි බෝසත්වරයෙකු විසින් ප්රථමයෙන් ලබන නියත විවරණය නොහොත් මංගල නියත විවරණය අභිනිහාරය යනුවෙන් හඳුන්වනු ලබනවා. එය ආශ්චර්ය ජනක තවත් අපුරු මොහොතක්. එක් බුදුවරයෙකු තම අභිලාශය සමුර්ධිමත් කොට මංගල චාරිකාවේ වඩිමින් අවසන් ආත්මභාවය මෙලෙස සනිටුහන් කරද්දී තවත් මතු බුදු වරයෙකු තවත් දීර්ඝ ගමනාන්තයක් සඳහා පෙරුම් පුරනවා. සුමේධ තවුසාණන්ගේ හිස පාමුළ සිටිමින් දීපංකර බුදුපියාණන් වහන්සේ මෙලෙස යලිත් ඒ සාරලක්ෂයක් වූ රහතන් වහන්සේලා ඇතුළු දෙවු බඹුන් මිනිසුන් අමතන්න වුනා. එවැනි විශාල පිරිසකට ඇසෙන සේ අමතන්න බුදුවරයෙකුට ඇරෙන්න වෙනයම් කෙනෙකුට බැහැ.

“පස්සථ ඉමං තාපසං – ජටිලං උග්ගතාපනං
අපරිමෙය්ය ඉතෝ කප්ප – බුද්ධෝ ලොකේ භවිස්සති”

යනුවෙන් මේ මා ඉදිරියෙ වන්දනමස්කාර කරමින් බිම වැතිර සිටින්නා වූ ජටාධාර මේ මහාපුරුෂයා දෙස බලන්න. මොහු මෙයින් සාරාසංඛ්ය කල්ප ලක්ෂයකින් පසුව “ගෞතම” නමින් සම්මා සම්බුදු වීමට නියමිතයි.
Read More

අපේ බුදුහාමුදුරුවෝ 15 

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments

සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 12

ඒ මොහොතේ රම්ම නුවරේ දීපංකර බුදුන් ඇතුළු ලක්ෂ හතක් පමණ සංඝ පිරිසට දානය පිළිගන්වනවා. එතැන එසේ වෙමින් පවතිද්දී අප මහා බෝසතාණෝ සියල්ලන්ම නික්ම ගිය ඒ නිසල පරිසරයේ ඒ මහා මල් ගංගාව මත” මාගේ පාරමී පරික්ෂා කරමි” යයි සිතමින් පර්යංකයෙන් වැඩ සිටියා. මෙය විවරණයෙන් පසු සෑම බුදුවරයෙකු විසින්ම අනුගමණය කරනු ලැබූ ධර්මතාවක්. අහසේ සිටි දස දහසක් සක්වලින් පැමිණි දෙවි වරුන් තවමත් ප්රීති ඝෝෂා නගමින් මෙලෙස කියන්නට වුනා.

Read More

 අපේ බුදුහාමුදුරුවෝ 16 

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments

💛 සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 13💛

🌷 බුද්ධ කාරක ධර්ම විමසීම සහ යලිත් දෙතිස් පෙරනිමිත පහළවීම🌷

දීපංකර බුදුරජාණන් වහන්සේගේ දෙවියන්ගේ බ්රහ්මයින්ගේ වචනයෙන් ඔද වැඩුණු අප මහා බෝසතාණන් වහන්සේ තව තවත් විර්යය වඩමින් මෙසේද සිතන්නට වුනා.

” මම ධ්යාන සම්පත්ති විෂයෙහි ප්රගුණයෙක් වෙමි. ෂඩ් අභිඥා ඥාණ විෂයෙහි පරතරට ගෙයෙහි වෙමි. දස දහසක් ලෝක ධාතුවේ බුදුසසුණේ මා සමාන තවුසෙකු නැත. සෘද්ධි බලයෙන් අසම සම වෙමි. මම බද්ධ පර්යංකයෙන් වැඩ සිටිත්ම යම් පෙර නිමිති පහල විද අදත් ඒ නිමිති දක්නට ලැබේ. ( දෙතිස් පෙර නිමිති – අපේ බුදුහාමුදුරුවෝ 09 ) පෙර බෝසත් වරුන් පළක් බැඳ සිටි අවස්ථාවල සිදු වූ මෙකි සියලු දෑ අද ද දක්නට ලැබේ. එම නිසා මම ඒකාන්තයෙන්ම බුදුබවට පත්වන්නාහුය.

Read More

අපේ බුදුහාමුදුරුවෝ 17

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) 2 Comments
සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 14
මේ අතරතුර දීපංකර බුදුපියාණන් ඇතුළු ලක්ෂ සංඛ්යාත වූ රහතන් වහන්සේලා දාන ශාලාවේ දාන වළදා අවසන් වෙමින් සිටියේ. එක වරම ඇති වූ භුමි කම්පාවෙන් ඒ දාන ශාලාවේ ඇප උපස්ථාන සඳහා සිටිය ලක්ෂ සංඛ්යාත වූ ගිහි පිරිසත් වෙවුලමින් බිම වැතුරුනා. පොලොව දිගටම සෙලවන්නට වුනා. ඒ එක්කම දානශාලාවේ තිබු දහස් ගණන් භාජන එකිනෙක හැපී වැටි සුනු වී කැබලි වී යන්නට වුනා. මිනිසුන් තවත් භීතියෙන් භීතියට පත්වුනා. ඔවුන් හිතුවේ දේව කෝපයක් හෝ යක්ෂයන්ගේ බලපෑමක් කියලයි. බියෙන් සන්ත්රාශයෙන් ආකුල වූ සිත් ඇති ජනයා සියලු ලෝකධාතුන්ද, සක්වලද, අතීත වර්තමාන අනාගත යන කාල ද දිවෙසෙන් පෙනෙන දීපංකර බුදුරජාණන් ළඟ දනින් වැටි මෙසේ විමසන්නට වුනා.
“බුදුරජාණන් වහන්ස ලෝකයාට කුමක් වන්නේද? හැමදෙනාම බියෙන් ඇළලීලා. අපේ අතින් යම් වරදක් වුනාද? මෙය ලෝකයාට අයහපත් පෙරනිමිත්ත්ක්ද යහපත් පෙරනිමිත්තක්ද? මේ උපද්රවය දුරු කරණු සේක්වා !”
ඒ මහා කාරුණික වූ බුදුපියාණන් වහන්සේ ඔවුන්ව එදා මෙලෙස සනසනු ලැබුවා.

Read More

අපේ බුදුහාමුදුරුවෝ 18

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 01
දිපංකර බුදුන් වහන්සේ පිරි නිවි වර්ෂ ලක්ෂයක් යනතෙක් උන්වහන්සේගේ සසුන පැවතුනා. අනතුරුව බුද්ධානුබුද්ධ ශ්රාවකයන්ගේ නැතිවයාමෙන් උන්වහන්සේගේ සාසනය ද අතුරුදහන් වුනා. දිපංකර බුදුන්ගේ පරිනිර්වානයෙන් එක් අසංඛ්යයක් ගෙවි එක් කපක කොන්ඩඤ්ඤ නම් ශාස්තෘන්වහන්සේ කෙනෙක් ලොව පහල වුනා. ඒ භාග්යවතුන් වහන්සේ සොළසාසංඛ්යය කල්ප ලක්ෂයක් පාරමී පුරා බෝධිඥානය මෝරවා තුසිත ලොව ඉපිද එහි ආයුතාක් කල් වැඩ සිට දේව ආරාධනයෙන් පසු පස්මහ බැලුම් බලා දෙවු ලොවින් චුතවී රම්මවති නම් නුවරක සුනන්ද නම් රජ කුලයේ සුජාතා නම් දේවියගේ කුසෙහි පිළිසිද ගත්තා.

Read More

අපේ බුදුහාමුදුරුවෝ 19

By අපේ බුදු හාමුදුරුවෝ ... ( Ape Budu hamuduruwo ) No Comments
කොණ්ඩඤ්ඤ බුදුහාමුදුරුවෝ සහ විජිතාවී සක්විති රජ 02
අනන්ත සතරකැයි භාග්යවතුන් වහන්සේ විසින් වදාරා තියනවා. එනම් සත්ව ජාතීන්ද, අහසද, සක්වළවල්ද, බුද්ධ ඥානයද යන මේ සතර අනන්ත බවයි. මේ තවත් එවන් බුදුවරයෙකුගේ අතීත කතාවයි.
ත්රිපිටකයේ කොණ්ඩඤ්ඤ බුද්ධ වංශ කතාව පටන් ගන්නේ ලස්සන ගාථාවකින්. මම හිතන්නේ එය සෑම බුදුවරයෙකුටම සාධාරණයි. ඒ නිසා එහි තේරුම ලියන්න හිතුනා.

Read More

error: Content is protected by www.ifbcnet.org.