සුමේධ තවුසා පිළිබඳව ඔබ නොඇසූ කතා 01
මාගේ ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදු බුදුපියාණන් හට නමස්කාර වේවා !
🌻 දූරේ නිධානය
දූරේ නිධානය, අවිදූරේ නිධානය, සහ සන්තිකේ නිධානය වශයෙන් අප සම්මා සම්බුදු බුදු පියාණන් වහන්සේගේ නියත විවිරණ කාලයෙහි සිට පරිනිර්වාණය දක්වා වූ කාලය තුල වූ කතා පුවත් කොටස් තුනකට බෙදා දක්වනවා. දුරේ නිධානය කියලා කියන්නේ නියත විවරණ ලැබූ දීපංකර බුදුරජාණන් වහන්සේගේ අත්මභාවයේ පටන් තුසිත දෙවු ලොවෙන් චුත වූ කාල පරිච්චේදය දක්වා වූ කාලය තුල සිදු වූ කතා පුවත හඳුන්වන නාමයයි. තුසිත දෙවුලොවෙන් නික්ම ඇසතු බෝමුල බුදුවීම දක්වා වූ කතා පුවත් අවිදූරේ නිධානය හෙවත් නුදුරු හේතුව වශයෙන් හඳුන්වනවා. සන්තිකේ නිධානය වශයෙන් හඳුන්වන්නේ යම් තැනක බුදුරජුන් වැඩ සිටියාද ඒ ඒ තැන්වල සිදු වූ කතා නිධානයි.
ඔබට දැන් කියා දෙන්න උත්සාහ කරන්නේ ඒ දීර්ඝ නිධාන කතා පුවතේ පළමු කොටස වන අවිදූරේ නිධානයයි. මේ සඳහා කොතරම් කාලයක් යයිද, ඒ සඳහා මම කොතරම් දක්ෂවේද යන කරුණු තවමත් අවිනිශ්චිතයි. එත් යම් කරුණක් පමණක් නිශ්චිතයි. එනම් ඔබ මේ කතාව මුල සිට අග දක්වා සංයමයකින් යුතුව කියවනු ලැබුවහොත් පළමු සෝතාපත්ති අංගය වන බුදුන් කෙරෙහි ඇතිවන අචල ශ්රද්ධාවට යම් පමණකින් පත්වන බවයි.
මෙය රසවත්ව කියවිය හැකි ගලාගෙන යන බෝසත් චරිතාපදානයක් මෙන්ම අධ්‍යාපනය සඳහා ද අවශ්‍ය තැන්වල යම් යම් කරුණුද ඇතුළත් කිරීමට සිත කිවා. . උදාහරණයක් වශයෙන් “දශාකාර ශබ්දයෙන් තොර නොවූ අමරාවතී නගරය” යනුවෙන් කී මොනවද “දශාකාර ශබ්ද” යන්න පැහැදිලි කිරීමට දන්නා අයුරින් උත්සාහ කරනවා. එය කතා රසයට භාධාවක් වුවත් නොදත් දේ දැනගැනීමට උපකාර වේවි
Read More