Skip to main content
All Posts By

Eranda

ආරණ්‍යය ශ්‍රාවක භික්‍ෂූන් අතර අග්‍රස්ථානයට පත් ඛදිරවනිය රේවත මහා ශ්‍රාවකයන් වහන්සේ

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

බුදුරදුන්ගේ ආරණ්‍යය ශ්‍රාවක භික්‍ෂූන් අතර අග්‍රස්ථානයට පත් වූයේ ඛදිරවනිය රේවත රහතන් වහන්සේ යි. බොහෝ භික්‍ෂූන් ආරණ්‍යකව විසුවත් පැන් පහසුව, පිණ්ඩපාත පහසුව, ගමනාගමන පහසුව වැනි දේ බොහෝ දුරට සලකා ආරණ්‍ය ගතව වැඩ වාසය කළා. මේ රේවත හාමුදුරුවන් ඒ කිසිදු පහසුකමක් නොබලා ඉතා කටුක මග ඇති දරුණු කිහිරි ගස් වැවී තිබුණු ආරණ්‍යයක ඉතා සතුටින් වැඩ වාසය කළා. පදුමුත්තර බුදුරදුන් කළ විවරණ ලබා සසර ගමන් කොට අප බුදුරදුන් කල උපත ලබා සිටි උන් වහන්සේ ගේ චරිත කතාව ඉතා සිත් ඇද ගන්නා මෙන්ම වැදගත් වූවක්.

මගධ රාජ්‍යයෙහි නාලක නම් බමුණු ගමෙහි උපතිස්ස මහාසාල බමුණා නිසා සාරි නම් බැමිණියගේ කුසෙහි පිළිසිඳ උපත ලැබීමෙන් පසු රේවත නමින් හැඳින්වූවා. වැඩි මහලු සොහොයුරන් තිදෙනෙක් සහ වැඩි මහලු සොහොයුරියන් තිදෙනෙක් රේවත කුමරුවන්ට සිටියා. ඒ වැඩි මහලු සය දෙනාම බුදුරදුන්ගේ ශාසනයෙහි පැවිදි වූ නිසා මේ රේවත පුතණුවන් කෙසේ හෝ ගෙදර නතර කර ගැනීමට මෑණියන්ට දැඩි ඕනෑකමක් තිබුනා. ඒ අනුව තරුණ වියට පා තබන්නටත් පෙර සුදුසු කුමරියක හා අතිනත ගැනීමට කටයුතු යෙදුවා. විවාහ උත්සව අවස්ථාවෙහි ඒ සුරූපී කාන්තාවට තම මිත්තනියට මෙන් අවුරුදු එකසිය විස්සක් ජීවත් වීමට වාසනාව ලැබේවා යි ඤාතීන් ප්‍රාර්ථනා කළා. මේ අවස්ථාවෙහි එකසිය විසි වයස් වූ මිත්තනිය කොහිදැයි රේවත කුමාරයා විමසූ විට දත් වැටුනු, කෙස් ඉදුනු, සම රැලි ගැසුනු, දුර්වල ඉඳුරන් ඇති, අපැහැදිලි කථා ඇති, කුදු සිරුරක් ඇති, සැරයටි වාරුවෙන් ගමන් කරන මහලු කාන්තාවක් පෙන්නුවා. ඒ මහළු කාන්තාවගේ තත්ත්වය තම අතිනත ගත් බිරියට ද සිදුවන්නේ දැයි විමසා ඇයට පමණක් නොව තමන්ටත් ඒ තත්ත්වය උදා වන බව මැනවින් වටහා ගත්තා. මෙයින් රේවත කුමරුවන්ගේ සිත මහත් සේ වෙනස් වූවා.

Read More

නිරන්තර ධ්‍යානයේ ඇලුනු සිත් ඇති කංඛාරේවත මහරහතන් වහන්සේ

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

නිරන්තරයෙන්ම ධ්‍යානයෙහි ඇලුණු සිත් ඇති භික්ෂූන් අතරෙහි අග්‍රස්ථානය ලැබූ රේවත තෙරණුවෝ කැප අකැප හැම දෙයකම සැක උප උපදවන හෙයින් කංඛා රේවත නමින් ප්‍රසිද්ධ වූයේය. උන්වහන්සේගේ පූර්වාපර චරිත චරිතාපදානය මෙසේය. මෙයින් කල්ප ලක්ෂයකට පෙර බුදු වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේගේ සමයෙහි රේවත තෙරණුවෝ එක්තරා මහා භෝග ඇති කුලයක ඉපිද වැඩිවියට පත්ව කල්ගෙවන කල්හි එක් දිනක පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේ ගෙන් බණ අසනු පිණිස යන සැදැහැවත් උපාසක උපාසිකාවන් සමඟ විහාරයට ගොස් බන ඇසුහ .

එදිනම බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවකට ධ්‍යානලාභී භික්ෂූන් අතර අග්‍රස්ථානය තබනු දුටු යටකී පුරුෂයා ඒ ගැන අතිශයින් පෑ පැහැදී මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නේනම් යෙහෙකියි සිතා බන දෙසුම් කෙළවර පසුදින දනට ආරාධනා කොට සිය නිවසට ගියේය.

Read More

පරිපූර්ණ වීර්යය ඇති භික්ෂූන් අතර අග්‍රස්ථානය (කෝළි විස ) සෝණ මහරහතන් වහන්සේ

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) One Comment

පරිපූර්ණ වීර්ය ඇති භික්ෂුන් අතරෙහි අග්‍රස්ථානය ලැබූ සෝණ මහරහතන් වහන්සේ කෝලි විස නම් ගෝත්‍ර යෙහි උපන් නිසා හෝ කෝටි ප්‍රාප්ත ධනවත් ගොවි කුලයක උපන් නිසා කෝලි විස යැයි ප්‍රසිද්ධ විය. භික්ෂූන් විසින් වීර්යය වැඩිය යුතු වුවද මුන්වහන්සේ වීර්යය අඩු කළ යුතු විය. ඒ නිසාම පරිප්පු පරිපූර්ණ වීර්ය ඇති භික්ෂුන් අතර එහි මුන්වහන්සේ අග්‍ර වූ සේක උන් වහන්සේගේ පූර්වාපර චරිත චරිතාපදානය පහත දැක්වේ.

Read More

මිහිරි වදන් ඇති භික්ෂූන් වහන්සේලා අතර අග්‍රස්ථානය කුටිකණ්ණ සෝණ මහා ශ්‍රාවකයන් වහන්සේ

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

සිද්ධාර්ථ බෝසතුන් උතුම් වූ බුද්ධ රාජ්‍යයට පත්ව බරණැස ඉසිපතනාරාමයට වැඩමවා ප්‍රථම ධර්ම දේශනාව දම්සක් පැවතුම් සූත්‍රය මාතෘකා කොට දේශනා කොට වදාළා. එදින ධර්ම ශ්‍රවණය කළ සාතාගිර නම් යක්‍ෂයා සෝවාන් භාවයට පත් වූ අතර තමාගේ යහළු හේමවත යක්‍ෂයාට බුදුරදුන් ලෝ පහළ වී ඇති බව පැවසීම සඳහා තම පිරිවර සමඟ පිටත්ව ගියා.
මේ කාලයේ ම හිමාලයෙහි අකාලයේ මල් පිපී ඇති බව දුටු හේමවත යක්‍ෂයා ද ඒ බව තම සාතාගිර නම් යහළුවාට දන්වා හිම ක්‍රීඩා කිරීමට ඔහු කැඳවාගෙන ඒම සඳහා පිටත්ව ආවා. ඒ දෙදෙන රජගහ නුවර කාලි නම් උපාසිකාවගේ නිවසෙහි ඉහළ අහසෙහි දී මුණ ගැසුණා. සාතාගිර බුදුරදුන් පිළිබඳවත්, ඇසූ දහම් පිළිබඳවත් විස්තර ප්‍රකාශ කොට අවසන් වත්ම හේමවත යක්‍ෂයා ද සෝවාන් භාවයට පත් වුණා. එදා ඒ යහළු යක්‍ෂයන් දෙදෙනා එක්ව කළ ධර්මය පිළිබඳ සාකච්ඡාව අසා සිටි කාලි නමැති පෙර පින් ඇති කාන්තාව සෝවාන් භාවයට පත්වීම විශේෂ සිදුවීමක්. අප ගෞතම බුද්ධ ශාසනයෙහි පළමුව සෝවාන් භාවයට පත්වූ කාන්තාව මේ කාලි උපාසිකාව යි.

Read More

ප්‍රත්‍ය ලාභයෙන් අග්‍ර වූ සීවලී මහ රහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

කල්ප ලක්ෂයකට පෙර පියමතුරා නම් සර්වඥයන් වහන්සේගේ කාලයේදී හංසවතී රාජධානියෙහි ක්ෂත්‍රීය රජෙකුව මෙතුමා උපන්නේය. එකල්හි දිනක් ධර්මශ්‍රවණය පිණිස විහරස්ථානයට ගිය විට සුදර්ශණ නම් මහරහතන් වහන්සේට සිවුපස ලාභින්ගෙන් අග්‍රස්ථානය පිළිගැන්වීම දැක්කේය. මෙයින් අතිශය ප්‍රමුදිතවු මේ රජතුමා සතියක් මුළුල්ලේ බුදුපාමොක් ලක්ෂයක් මහා සංඝයා වහන්සේට දන් දුන්නේය. මේ මහා පුණ්‍යකර්මට හේතුවෙන් අනාගත කාලයේදී බුදු කෙනෙකුන් වහන්සේ කෙනෙකුන්ගේ ප්‍රත්‍යලාභින් වහන්සේ අතුරෙන් අග්‍රස්ථාන්තරය ලැබ නිවන් ලබා ගැන්මට හැකි වේවායි ප්‍රාර්ථනා කළේය.

පියමතුරා සර්වඥයන් වහන්සේ “ කල්ප ලක්ෂයකින් මත්තේ බුද්ධ රාජ්‍යයට පත්ව ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේදී සීවලි නමින් ඉපිද දක්ෂිණාලාභීන් අතුරෙන් අග්‍රව නිර්වාණා බෝධය කරන බවට විවරණ දුන්සේක.

Read More

ශ්‍රද්ධා බහුල භික්ෂූන් අතරඅග්‍රස්ථානය ලද වක්කලී මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

ශ්‍රද්ධා බහුල භික්ෂූන් අතර මෙම වක්කලී තෙරුන් වහන්සේ අග්‍ර යැයි ප්‍රකාශ කරනු ලැබේ. අන් අයගේ ශ්‍රද්ධාව වැඩී වර්ධනය කළ යුතු අතර මුන්වහන්සේගේ ශ්‍රද්ධාව අඩු කළ යුතු විය. උන්වහන්සේගේ පුර්වාපර චරිත චරිතාපදානය මෙසේය.

මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහල වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ ලෝ සතුන් සසරින් එතෙර කරවනු පිණිස දහම් දෙසන සමයෙහි මෙම වක්කලී තෙරුන් වහන්සේ එක්තරා කුල පුත්‍රයෙක් ව ඉපිද වැඩිවියට පත්වූ කල්හි සර්වඥයන් වහන්සේගෙන් බණ අසනු පිණිස විහාරයට ගොස් පිරිස් කෙළවර බණ අසමින් සිටි යේය.  ඒ අවස්ථාවේදී පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේ එක්තරා භික්ෂුවකට ශ්‍රද්ධා අධික භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබාදෙනු දුටු හෙතෙම තමා ද අනාගත කාලයකදී බුදු කෙනෙකුන්ගේ එබඳු පදවියක් ලබනු කැමැති ව සත් දිනක් මුළුල්ලෙහි බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට දන් දී අවසානයේදී එම අභිප්‍රාය බුදුරජාණන් වහන්සේට දන්වා සිටියේය.

Read More

ශික්ෂාකාමීන් අතර අග්‍රස්ථානය ලද රාහුල මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

මුන් වහන්සේ වනාහි ත්‍රිවිධ ශ්‍රී ශික්ෂාවන් කැමැති වන්නා වූ අතිශයින් ප්‍රිය කොට හික්මෙන්නා වූ භික්ෂූන් අතර අග්‍රස්ථානය ලැබූ සේක. උන් වහන්සේ පැවිදි වූ දා පටන් දිනපතා උදේ උදෑසන වැලි දෝතක් ගෙන මෙහි ඇති වැලි ප්‍රමාණයට මට අද බුදුරජාණන් වහන්සේගෙන් ද ආචාර්ය උපාධ්‍ය තෙරුන්ගෙන් ද අවවාද ලැබේවායි ප්‍රාර්ථනා කරන සේක් ඒ නිසාම ශික්ෂාකාමින් අතරෙහි අග්‍රයයි දක්වන්නාහ. රාහුල මහරහතන් වහන්සේගේ පූර්වාපර චරිත චරිතාපදානය මෙසේ දක්වනු ලැබේ
රාහුල තෙරුන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පෙර බුදු වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි හංසවතී නුවර ගොවි මහාසාල කුලයක ඉපිද තම මුතුන් මුතුන් මිත්තන්ගෙන් ලැබී ඇති මහා ධන රාශිය පරලොව යහපත වෙනුවෙන් වාසල් දොරටුව සිට දුගී මගී යාචකයන්ට දුන්හ. හෙතෙම දිනක් මුව සෝදනු පිණිස ගම්න් පිටතට ගිය කල්හි එක්තරා ඉර්ධිමත් තාපස දෙදෙනකු අහසින් එහි පැමිණ සිටිනු දැක එයින් එක් තාපස කෙනෙකුට ආරාධනා කොට නිතිපතා දන් දුන්නේය.

Read More

ශ්‍රද්ධාවෙන් පැවිදි වූ භික්ෂූන් අතර අග්‍රස්ථානය දැරූ රට්ඨපාල මහරහතන් වහන්සේගේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

මීට කල්ප ලක්‍ෂයකට පෙර පදුමුත්තර ලෝකනායකයාණන් වහන්සේ ලෝ සතුන් සසර දුකින් එතෙර කිරීම සඳහා දම් දෙසන සමයෙහි රට්ඨපාල මහරහතන් වහන්සේ මහාසාර කුලයක ඉපිද, වැඩිවියට පත් වූ කල්හි දෙමාපියන්ගේ අභාවයෙන් පසුව මහත් ධනස්කන්දයකට හිමිකම් කියන්නට විය. දිනක් මේ කුල පුත්‍රයා තමාට පිය උරුමයෙන් හිමි වූ අපරිමිත ධනය පිළිබඳ මෙසේ සිතීය. මාගේ දෙමාපියන් මෙතරම් වු ධනයක් රැස්කොට කිසිවක් නොගෙන පරලොව ගියහ. එබැවින් මා විසින් මේ සියලු ධනයන් පරලොව ගෙන යා යුතුයැ’යි කල්පනා කොට මේ ධනස්කන්ධය පරලොව ගෙන යා හැකි එකම මඟ දන්දීම යැයි නුවණින් දැන එතැන් සිට දුගී මගී යාචකාදීන්ට මහ දන් දෙන්නට වූයේය.

දිනක් තම යහළුවකු සමඟ දිය නෑම සඳහා යමින් සිටිය දී සෘද්ධිමත් තාපසයෙකු දැක උන්වහන්සේ කෙරෙහි පැහැදී, එම තාපසතුමා නිතිපතා තම නිවසට වැඩමවා දනින් පැනින් උපස්ථාන කරන්නට විය. එසේ නිතිපතා දනට වඩින තාපසතුමා දන් වළදා අවසානයේ පින් දෙමින් ‘ සක් දෙවි රජුට මෙන් ඔබට සම්පත් ලැබේවා’ යි ප්‍රාර්ථනා කරන්නේය. මෙයින් සක්දෙව් සම්පත්තිය පිළිබඳ සිත් අලවාගත් මෙතුමා දිවි අවසානයේ එයින් චුතව දෙව්ලොව සක්දෙවි රජව ඉපිද ඇත.

Read More

ස්ත්‍රී චායාවක් පසුපසින් පැමිණි කුණ්ඩධාන මහ රහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...) No Comments

අප බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි පැවිදිව සසුන් පිළිවෙත් පිරූ කුණ්ඩදාන නම් භික්ෂුවක් වාසය කළහ. උන්වහන්සේ පැවිදි වු දින සිට එක්තරා ස්ත්‍රියක් උන්වහන්සේ පසු පස හැම විටම, හැම තැනටම එන්නට විය. එහෙත් තෙරුන් වහන්සේ එය නොදක්නා සේක. එහෙත් අනෙකුත් භික්ෂූන් වහන්සේලා ද අවට සිටින ජනයා ද එය දකින්නාහ. උන්වහන්සේ පිඬු සිඟා වැඩිය කල්හි දන් පිළිගන්වන ජනතාව,

“මේ කොටස නුඹ වහන්සේටය. මේ කොටස නුඹ වහන්සේගේ යෙහෙළියටය.”

Read More

අවබෝධයෙන් කථාකරන භික්ෂූන් අතර අග්‍රස්ථානය ලද  වංගීස මහරහතන් වහන්සේ …

By පරම පූජණීය අසූ මහා ශ්‍රාවකයයන් වහන්සේ ... ( Asumaha Srawakayo ...), බුදු දහමට සබැදි පොදු ලිපි ... One Comment

අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය වංගීස මහරහතන් වහන්සේට හිමි වෙයි. උන්වහන්සේ  නිතරම බුදුගුණ වර්ණනා කරයි.  විසිතුරු උපමා අලංකාර වචන භාවිත කරමින් නොයෙක් පද සිය දහස් ගණනින් බුදුගුණ වර්ණනා කරමින් සර්වඥයන් වහන්සේ කරා එළඹෙයි. එහෙයින් අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂූන් අතරෙහි අග්‍රස්ථානය ලැබූ සේක උන් වහන්සේගේ පූර්වාපර චරිතාපදානය මෙසේය.

මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහල වූ පදුමුත්තර නම් සර්වඥයන් වහන්සේ හංසවතී නුවර මහා සම්පත් ඇති කුලයක කුලපුත්‍රයෙක් ව උපන්නේය. හෙතෙම වැඩිවියට පත්ව දිනක් පියුමතුරා නම් බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂූන් අතර අග්‍රස්ථානය තබනු දැක් “මම ද අනාගතයෙහි මෙබඳු පදවියක් ලබන්නෙමි“යි  අධිෂ්ඨාන කොට ගත්තේය ඒ කුල පුත්‍ර තෙම සත් දිනක් මුළුල්ලේ බුද්ධ ප්‍රමුඛ මහා සංඝයාට මහ දන් පවත්වා අවසානයේ දී තම අභිප්‍රාය බුදුරජාණන් වහන්සේට දැන්වීය.  බුදුරජාණන් වහන්සේ අනාගතය බලා එම ප්‍රාර්ථනාව සඵල වනු දැක “ කුල පුත්‍රය, මෙයින් කල්ප ලක්ෂයකට මතු බුදුවන ගෞතම නම් බුදුරජාණන් වහන්සේගේ ශාසනයෙහි තොප  අවබෝධයෙන් යුතු වචන කථා කරන භික්ෂූන් අතරින් අග්‍රස්ථානය ලබන්නේ යැ“ යි නියත වූ විවරණ දුන් සේක.

Read More

error: Content is protected by www.ifbcnet.org.