99 පරොසහස්ස ජාතකය

තවද එක්සමයෙක්හි වීතරාගීවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක් පෘථජ්ජනක ප්‍රශ්නය අරභයා මේ ජාතකය වදාළසේක.

මෙහි වර්තමාන කථාව සරභඬගජාතකයෙහි විස්තර වශයෙන් වන්නේය. එක්සමයෙක්හි භික්ෂූන් වහන්සේ දම්සභාමණ්ඩපයෙහි රැස්ව ඇවැත්නි දස බලධාරීවූ බුදුරජානන්වහන්සේ විසින් සංකේෂ්පයෙන් විචාරණ ලද්දාවූ ප්‍රශ්නය ශාරීපුත්‍ර ස්ථවිරයන් වහන්සේ විස්තර හෙයින් විසර්ජනය කළසේක් වේදැයි තෙරුන්වහන්සේ ගුණ කථාව කිය කියා උන්සෙක. සර්වඥයන්වහන්සේ දම්සභාමණ්ඩපයට වැඩ මහණෙනි දැන් කවර කථාවකින යුක්තව උනුදැයි විචාරා මෙනම් කථාවකින් යුක්තව උනුම්හයි කීකල්හි මහණෙනි ශාරීපුත්‍ර ස්ථවිරයෝ මා විසින් සංකේෂ්පයෙන් කියනලද ප්‍රශ්න විස්තර හෙයින් දැන්මතු විසරජනා කළෝ නොවෙති, පෙරත් මෙසේ විසර්ජනා කළෝම වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහබෝසතානෝ ප්‍රසිද්ධවූ බ්‍රාහ්මණ වංහයෙක ඉපිද තක්සලා නුවර දිසාපාමොක් ආචාරීන් සමීපයට ගොස් සියළු සිල්ප ඉගෙණ පංචකාමය හැර සෘෂිප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව පඤචාභිඥ අෂ්ටසමාපතති උප දිවා හිමාලය වනයෙහි විසුවාහුය. ඒ මහබෝසතානන්ට පන්සියයක් අත වැසි වූවාහුය. ඉක්බිත්තෙන් බෝධිසත්වයන්ගේ ප්‍රධාන ශිෂ්‍යවූ තාපසයෝ වර්ෂා කාලයෙහි දෙසියපණසක් තපස් විවරයන් ගෙණ ලුණු ඇඹුල් සෙවුනා සඳහා මනුෂ්‍ය පථයට ගියෝය. එසමයෙහි බෝධිසත්වයන්ට කාලක්‍රියාවට කල් පැමිණියේය. සමීපයෙහි සිටි අනේතවාසිකයා ආචාරීන්වහන්ස නුඹවහන්සේ විසින් කවර ගුණ ධර්මයක් ලබනලදැයි අධිගමය විචාළේය. මහබෝසතානෝ ඔවුන්ට “නත්‍ඵිකිඤවි”යි කියා මිය ගොස් ආභසසර බ්‍රහ්ම ලෝකයෙහි උපන්නාහුය. බෝධිසත්වයෝ වූකලී අරූපසමතති ලාභීව සිටත් අරූපී බ්‍රහ්ම ලෝකයෙහි නූපදනාහුය. ඉක්බිත්තෙන් අනේතවාසිකයෝ ආචාරීන්වහන්සේට අධිගමයෙක් නැතැයි සවසාන භූමියෙහි සත්කාර නොකළාහුය. එකල්හි ප්‍රධාන ශිෂ්‍යානෝ ඇවිත් ආචාරීන්වහන්සේ කොයිදැයි විචාරා කාළක්‍රියා කළායයි යනු අසා කිමෙක්ද ආචාරීන්වහන්සේ අධිගමයක් විචාළහුදැයි කිවූය. එසේය විචාළම්හයි කී කල්හි කුමක් කීසේක්දැයි විචාළෝය. උන්වහන්සේ විසින් “නත්‍ඵිකිඤවි”යි කියා මිය ගොස් මෙපණක් කියනලද එසේ හෙයින් අපි උන්වහන්සේට කිසි සත්කාරයක් නොකළම්හයි කීහ. එබස් ඇසූ ප්‍රධාන ශිෂ්‍යයානෝ තෙපි ආචාරීන්ගේ වචනාර්ථය නොදන්නෝය, ආචාරීන්වහන්සේ ආකිඤචඤඤයතන ලාභිසේකැයි කිවූය. අනෙතවාසිකයෝ ප්‍රධාන ශිෂ්‍යයන් නැවත නැවත කියමින් සිටියදීත් අදහා නොගත්තෝය. මහබෝසතානෝ ඒ කාරණය දැන නුවණැත්තාවූ අතවැස්සෝ මාගේ ප්‍රධාන ශිෂ්‍යයාගේ බස් අදහා නොගනිති. ඒ අතවැස්සන්ට මේ කාරණය ප්‍රකාශ කෙරෙම්යි සිතා බ්‍රහ්ම ලෝකයෙන් අවුත් ආශ්‍රම ප්‍රදේශමසතකයෙහි මහත්වූ ආනුභාවයෙන් ආකාශයෙහි සිට ප්‍රධාන ශිෂ්‍යයන්ගේ ප්‍රඥානුභාව වර්ණනා කරන්නාහු මෙසේ කිවූය. කියන ලද වචනයෙහි අර්ථ දැනගත නොහෙන්නාවූ අඥානවු දහසක් දෙන රැස්ව මේ නුවණැති තාපසවරු මෙන් අවුරුදු සියයකුත් අඬවලප්නාහුය. කිසිම අර්ථයක්වත් කාරණයකවත් දැනගත නොහෙති. මෙබඳුවූ දහසක්දෙනාට වඩා ප්‍රධාන ශිෂ්‍යයා මෙන් කියනලද වචනයෙහි අර්ථය දැනගන්නේවීනම් එබඳුවූ එකම නුවණැති පුරුෂයාම උතුම්වන්නේයයි මෙසේ මහබෝසතානෝ ආකාශයෙහි සිටම ධර්ම දේශනාකොට තපස්වී සමූහයට තමන් ආකිඤචඤඤායතන සමාපතතිලාභිනියාව ප්‍රකාශකොට බ්‍රහ්ම ලෝ්කයට ගියාහුය. ඒ තාපසයෝත් කිසුණුපිරියම් කොට ධ්‍යානලාභීව බ්‍රහ්මලෝකයෙහි උපන්නාහුය. ශාසතෘවූ බුදුරජානන්වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණහැරදක්වා වදාරා මේ පරොසහසස ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි ප්‍රධාන ශිෂ්‍යායා නම් දැන් ශාරීපුත්‍රස්ථවිරයෝය, මහාබ්‍රහ්මව උපන්නෙමි තිලෝගුරු බුදුරජවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

100 අඝාත රූප ජාතකය
98 කූට වානිජ ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.