Skip to main content

97 නාම සිධි ජාතකය

තවද එක්සමයෙක්හි අසමසමවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම් වෙහෙර වැඩවසනසේක්. නාමසිඬික භික්ෂූන්වහනසේ අරභයා මේ ජාතකය වදාළසේක.

එක් කුලපුත්‍රයෙක් නමින් පාපකනම, ඒ තෙම ශාසනයෙහි ලැදිව මහණව භික්ෂූන්වහන්සේ විසින් ඇවැත්වූ පාපකයෙනි මෙසේ එව මෙසේ සිටුවයි කියන්නාහු එබස් අසා මෙසේ සිතුසේක. ලෝකයෙහි පාපකනම් ලාමකය කාලකන්නියක් හා සමානය අන්‍යවූමංගල්‍යප්‍රති සංයුක්තවූ නමක් කියවා ගණිම් ඒ මහණ ආචාරී උපාධ්‍යයන්වහන්සේ කරා ගොස් සවාමීනී මාගේ නම අවමංගල්‍යය අනිත් නමක් මට කළමැනවැයි කීසේක. ඉක්බිත්තෙන් භික්ෂූන්වහන්සේ කියනසේක්. ඇවැත්නි නාමයනම් ප්‍රඥප්ති මාත්‍රයක නමින් කිසි අත්‍ර්‍ඵසිද්ධික් නම් නැත. තොපගේ නමින්ම සතුටුවයි කීසේක. ඒ මහණ නැවත නැවත යාඥාකෙළේමය, තවද භික්ෂූන්වහන්සේ නාමසිද්ධික බව සංඝයා වහන්සේ කෙරෙහි ප්‍රසිද්ධ විය. ඉක්බිත්තෙන් එක්දවසක් දම්සභාමණ්ඩපයෙහි රැස්ව උන්නාවූ භික්ෂූන්වහන්සේ ඇවැත්නි අසවල් මහණ නම් සිද්ධකරන්නේය. අභිවෘද්ධිකරණ නාමයක් ඉල්වන්නේයයි මෙසේවූ කථාවක් උපදවා හුන්සේක, සර්‍වඥයන් වහන්සේ ධම්සභාමණ්ඩපයට වැඩ අතුරේ වසන්නෙම් බසක් උපන්විට තිගේ මව්පිය ජාතිගොත්‍ර දන්නෝ කව්රුද අතර මගදී දැක ගෙණෙනලද්දි නොවේදැයි කියා ඉසබොල් කෙළහෙව පීඩාකරන්නියක් මෙන් මතුකරතබාගණිමි, ඉඳින් නුඹවහන්සේ සියළු රාජ ඓශචය්‍ර්‍යයත් ආඥාවත් මට දුන්සේක්වීනම් මාගේ සිත අලලා බසක් කියන්ට කවර නම් සත්වයෙක් සමත්වේදැයි කිව, එසඳ රජ්ජුරුවෝ කියන්නාහු සොඳුර මට සියළු රාජ්‍යවාසින් නොනැමෙති, මම උන්ට නායක නොවෙමි. යම්කෙනෙක් රාජඥාව මරුත්තුකොට නොකළමනාදෙයක් කෙරෙද්ද ඔවුන්ටම නායකවෙමි මේ කාරණයෙන් තොපට සියළුරාජජ ඓශය්‍ර්‍යයත් ආඥාවත් දෙන්ට නොපිළිවනැයි කීහ. එබැවින් දේවයන්වහන්ස ඉදින් රට නුවර ආඥාවදෙන්ට නුපුළුවන්වීනම් මේ ඇතුළු මාලිගාවෙහිත් අනතඃපුරයෙහිත් වසන්නාවූ සත්වයන් කෙරෙහිත් මගේ ඉසුරු පවත්නාලෙස ආඥාව දුනමැනවයි කිව, රජ්ජුරුවෝ දිවපහස් බැඳි ඇගේ බස මිරිකාගතනොහී යහපත සොඳුර මේ අන්තඃපුරයෙහි වසන්නාවූ සත්වයන් කෙරෙහි තිගේ ඉසුරු පවත්නාලෙස ආඥාවදෙමි, තෝ ඔවුන් තිගේ වසඟයෙහි පවත්වා ගැණැයි කීහ. යක්‍ෂණිය යහපත ස්වාමිනියි පිළිගෙන රජ්ජුරුවන් නිදිබරමත්ව නිදනකල්හි යක්ෂපුරයට ගොස් යක්ෂණියන් කැඳවාගෙණ අවුත් තොමෝ රජ්ජුරුවන් ජීවිතක්‍ෂයට පමුණුවා ඇට පමණක් ශෙෂකොට සියළු සම් මස් නහර ලේ අනුභවකොට අවශේෂය යක්ෂයෝ අනතඃපුරය ඇතුලේ මහවාසල්දොරපටන් අගානියේ කුකුලන් බල්ලන් ආදීකොට සියල්ලවුන් නොහැර කා ඇටපමණක් ශේෂකළාහ. දෙවෙනි දවස් දොරපියවනම තිබෙනා දැක මනුෂ්‍යයෝ පොරවෙන් දොරපලා ඇතුලටවැද සියළු මාලිගාව ඇටින් පිරූතිබුවාදැක ඒකාන්තයෙන් ශාලාවේ හොත් පුරුෂයා මේ මාගේ ස්ත්‍රිය නොවෙයි යක්ෂණියයි කීබස් සැබෑමයයි රජ්ජුරුවෝ වූකලී තමන් කිසිවක් නොදන්නා හෙයින් තමන්ට බිසෝ තනතුරෙහි තිබූහ. ඕතොමෝ යක්ෂයන් කැඳවාගෙණ අවුත් සියළු ජනයා කාගියායයි කීහ. බෝධිසත්වයෝත් එදවස් ශාලාවෙහිත් පිරිත්වැලි ඉසලාගෙණ පිරිත් හූ වටකොට කඩුව අතින්ගෙණ සිටම අරුණු නැගූහ. මනුෂ්‍යයෝ සියළු රාජාඞගය හා මාලිගාවේ ඇටඅද්දවා දම්මවා කසලහැර ශුඬකොට ගොමගාවා ඊ මතුපිට සිව්දැගඳින් පිරිබඩකොටගෙණ සුවඳමල් විසුරුවා සුවඳමල් තැන තැන එල්වා සුවඳ දුන්දී පුන්කලස් තනා ධජ පතාකයෙන් හා කෙසෙල් ගස් ආදියෙන් බැඳ දිව්‍යවිමානයක්මෙන් සරහා කථාකරන්නාහු පින්වත්නි යම් පුරුෂයෙක් දිව්‍යරූප මවාගෙණ පසුපස්සෙහි යන්නාවු යක්ෂණී ඇඳින ඉන්ද්‍රියන් බිඳ බැලීම පමණකුත් නොකළේද ඒ තෙම උදාරතර මනුෂ්‍යයෙක ධෛය්‍ර්‍යසම්පන්නය මහනුවනැත්තේය. එබඳු පුරුෂයෙකු අනුශාසනාව කරණ කල්හි සියළු රාජජය සුඛිතවන්නේය. ඔහු රජකරම්හයි කීහ.

ඉක්බිත්තෙන් සියළු අමාත්‍යයන් හා නුවරව ාසීන්ද ඒකචඡන්‍දව බෝධිසත්වයන් කරා පැමිණ දේවයන් වහන්ස නුඹ වහන්සේ මේ රාජ්ජයෙහි රාජ්‍ය ශ්‍රී අනුභව කොට වදාළ මැනවැයි කියා නුවරට කැඳවාගෙණ ගොස් රුවන් රැසක් මත්තෙහි සිටුවා අභිෂේක කොට තක්සලා නුවර රජ කළාහුය, ඒ රජ්ජුරුවෝ ඡන්දයෙන්ද මෝගයෙන්ද භයින්ද නොකළමනාකාරියක් නොකරණ හෙයින් සතර වැදෑරුම්වූ අගතිගමනය දුරුකොට දශරාජධර්ම ගණෙහි දැන් කවර කථාවකින් යුක්තව හුනුදැයි විචාරා මේනම් කථාවකින් යුක්තව හුනුම්හයි කී කල්හි මහණෙනි ඒ භික්ෂුහූ නාමසිඬිකවූයේ දැන්මතු නොවෙයි පෙරත් නාමසිඬිකමයයි වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස තක්සලා නුවර මහබෝසතානෝ දිසාපාමොක් ආචාරීව පන්සියයක් මානවකයන්ට මන්ත්‍ර හදාරන්නාහුය, ඒ බෝධිසත්වයන්ගෙන් එක් මානවකයෙක් නමින් පාපකනම, ඒ තෙමේ සෙසු මානවකයන් විසින් ඒ පාපකයාට මෙසේ සිටු පාපකය මෙසේ යව පාපකයයි කියන්නාවූ බස් අසා සිතන්නේ මාගේ නාමය අවමංග්‍යය අන්‍ය නාමයක් ඉල්වාගනිමියි සිතා ආචාරීන් කරා ගොස් ආචාරීන් වහන්ස මාගේ නම අවමංගල්‍යය, එසේ හෙයින් මට අනික් නමක් තබවයි කිවූය. එකල්හි ආචාරී ඕහට කියන්නෝ දරුව ජනපද චාරිකාකොට තොප සිතට අභිප්‍රාය වූ එක් අභිවෘද්ධිනාමයක් ගෙණ එව. ඒ නාමය හැරගෙණ ආකල්හි ඒ නම් පෙරලා අනික් නමක් තොපට තබමි කිව්ය, එබස් ඇසූ මානවකයා යහපත ආචාරීන් වහන්සැයි කියා මාර්ගෝපකරණ ගෙණ නික්ම ගමින් ගමට ඇවිදිනේ එක් නුවරකට පැමිණියේය. එනුවර ජීවක නම් එක් පුරුෂයෙක් බන්ධු වර්ගයා විසින් දවන්ට ගෙණයන්නා දැක මේ කිනම් පුරුෂයෙක්දැයි විචාළේය. ජීවක නමැයි, ජීවකයාත් මියේදැයි විචාළකල්හි ජීවකයාත් අජීවකයාත් මියන්නෙවේද නාමයවූකලී ප්‍රඥප්තිමාත්‍රයක තා අඥාන එකෙකුයි සිතම්හයි කිවූය, එකල්හි ඒ පාපක නම් පුරුෂයා ඒ කථාව අසා නාමයෙහි මධස්ථව ඇතුළු නුවරට වන්නේය, එකල්හි දාසියත් බැලමෙහෙ නොකරන්නා දැක ස්වාමි දරුවෝ බැඳහිඳුවා වැලක්ගෙණ ගසන්නාහුය, ඇගේ නම ධනපාලි නම් වන්නේය, ඒ පාපකයා නම් පුරුෂයා වීදි මාධ්‍යයෙන් යන්නේ ඈට තලන්නා දැක කුමක් නිසා මෑට තළව්දැයි විචාළේය. බැලමෙහෙනොකරණ හෙයින් තලම්හයි කී කල්හි මැගේ නම කිම්දැයි විචාළේය, ධනපාල නමැයි කීකල්හි ධනපාල නම් ඇත්තෝ බැලමෙහෙ පමණක් දිගත නොහෙද්දැයි විචාළේය. ධනපාලනුත් අධනපාලනුත් දුක්පත් වෙති, නාමය වුකලී ප්‍රඥප්ති මාත්‍රයක එසේ හෙයින් තෝ අඥානව විචාරෙහි සිතමි කීය, එබස් ඇසූ පාපක නම් මානවකයා නාමයෙන් අතිශයින් මධ්‍යස්ථව නුවරින් පිටත්ව මගට පිළිපන්නේ අතරමග මංමුලාවූ පුරුෂයෙක් දැක දරුව කුමක් කොට ඇවිදිදැයි විචාළේය. ස්වාමීනි මංමුලාවීමියි කීකල්හි තාගේ නම කුමක්දැයි විචාළේය. පන්‍ඵක නම් ඇත්තෙමි කීයේය, පන්‍ඵකයෝත් මංමුලාවෙද්දැයි විචාළේය, පන්‍ඵයෝත් අපන්‍ඵකයෝත් මංමුලාවෙති නාමයවූකලී ප්‍රඥප්ති මාත්‍රයක තෝ අඥානව විචාරෙති සිතම් කීහ. එබස් ඇසූ පාපකනම් මානවකයා නාමයෙහි අතිශයින් මධස්ථව බෝධිසත්වයන් සමීපයට ගොස් කීමෙක්ද දරුව නමක් අභිප්‍රාය කොට ගෙණආයිදැයි විචළේය, එකල්හි ආචාරීන් වහන්ස ආජීවකයෝත් ජීවකයෝත් මියති, මංමුලාවෙති, එසේ හෙයින් නාමය නම් ප්‍රඥප්ති මාත්‍රයක, නාමයෙන් අත්‍ර්‍ඵසිඬියක් නැත, මේ කර්මයෙන්ම අත්‍ර්‍ඵසිඬිය වන්නේය. එසේ හෙයින් මට අනික් නමකින් කම් නැත, පළමු මාගේ නමම මට නම්වෙයි කීය. එබස් ඇසූ මහබෝසතානෝ ඔහු විසින් දුටුදෙයක් කළ දෙයක් එක්කොට ගළපා කියන්නාහ. ජීවකයා මළාදැක ධනපාලයා දුක් පත්නියාව දැක පත්‍ඵකයෝ මංමුළාවූ නියාවදැක පාපකනම් මානවකයා අභිවෘද්ධිනාමයෙන් ප්‍රයෝජනයක් නැතකියා නැවත තමා වසන්නාවූ ස්ථානයට ආයේවේදැයි කිවූය, ශාස්තාවූ බුදුරජනන්වහන්සේ මේ අතීත කථාව ගෙණහැර දක්වා වදාරා මහණෙනි මේ පාපකනම් පුරුෂයා අභිවෘද්ධිකරණ නාමයක් උවමැනවැයි නම් සිඬකොට ඇවිද්දේම වේදැයි වදාරා මේ නාමසිඬි ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි නාමසිඬික මහණය, එසමයෙහි ආචාරීන්ගේ පෂීත් නම් දැන් බුදුපිරිසය, දිසාපාමොක් ආචාරී නම් වූයෙමි තිලෝගුරු සම්‍යක්සම්බුදුරජවූ මම්ම වේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.