91 ලිත්ත ජාතකය - IFBC Organization | Dhamma

තවද එක්සමයෙක්හි ගෞතම ගොත්‍රයෙහි උපන්නාවූ අපගේ තිලෝගුරු බුදුරජාණන්වහන්සේ සැවැත්නුවරනිසා දෙව්රම්වෙහෙර වැඩ වසනසේක්. මේ ජාතකය චීවරාදීවූ චතුර්විධ ප්‍රත්‍යයලදින් නොපස්විකා වළඳන්නාවූ ප්‍රථක්ජන භික්‍ෂූන්වහන්සේ අරභයා වදාළසේක.

ඒ කෙසේදැයි යතහොත්,

එක්සමයෙක්හි බොහෝ භික්‍ෂූන්වහන්සේ බොහෝ චීවරාදී චතුර්විධ ප්‍රත්‍යයලදීන් බොහෝසේම නොපස්විකා වළඳනසේක. එසේ නොපස්විකා චීවරාදී ප්‍රත්‍යය ප්‍රයෝජන විඳිනා බොහෝ භික්‍ෂූන්වහන්සේ බොහෝ නිරාදුකින් හෝ තිරිසන් අපායෙහි හෝ ප්‍රෙතාත්මභාවයෙහි හෝ ඉපිද නොමිදෙනසේක. ශාසතෘවූ සම්මාසම්බුදුරජාණන්වහන්සේ මේ කාරණාව දිවසින් දැක වදාරා භික්‍ෂූන්වහන්සේට අනේකාකාරයෙන් නොපස්විකා වැළඳීමෙහි ආදීනව දක්වා වදාරා බණ වදාරණසේක්. ‛‛මහණෙනි මේ ප්‍රියසීලි භික්‍ෂූන් විසින් චතුර්විධ ප්‍රත්‍යයලදීන් නොපස්විකා වැළඳීම නොකටුයතු වන්නේය, එසේහෙයින් මෙතැන්පටන්ගෙණ මහණෙනි පස්විකා වළඳව’’යි වදාරා ප්‍රත්‍යවේක්‍ෂා කරන්නාවූ ක්‍රම දක්වනසේක්. මහණෙනි මාගේ ශාසනයෙහි යම්භික්‍ෂුකෙනෙක්තෙම ‛‛සීතසසපටිඝාතාය’’ යනාදීන් ඒ ඒ ප්‍රත්‍යයට සුදුසු පරිද්දෙන් ප්‍රත්‍යවේක්‍ෂා පාලිය වදාරා මහණෙනි මෙපරිද්දෙන් චීවරාදී චතුර්විධ ප්‍රත්‍යය ලදින් පස්විකා වැළඳීම සුදුසුවන්නේයයි වදාරා එම්බා මහණෙනි මේ පස්විකා වැළඳීම නම් උග්‍රවිෂයක් අනුභවකරන්නාහා සමාන වන්නේය, විෂ අනුභවකිරීමෙහි ආදීනව නොදන්නාවූ පුරාතනයෙහි කිසිසත්‍වකෙනෙක් විෂ අනුභවකොට අවසන්හි බොහෝ දුකට පැමිණියාහයි වදාරා අරාධිතවූ බුදුරජානන්වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක,

හේ කෙසේදැයි යතහොත්,

යටගියදවස බරණැස්නුවර බ්‍රහමදතත නම් රජ්ජරුකෙණෙකුන් රාජ්‍යයකරණසමයෙහි පුරණලද පාරමිතා ඇති අප මහබෝසතානෝ එක්තරා මහාසම්පත් ඇති කුලයක ඉපද වැඩිවියපැමිණ දූකෙළියෙහි ලොභ ඇතිව අක්‍ෂධූතීව වසන්නාහුය. තවද එසමයෙහි වංචාවෙන් දූකෙළ අනුන්පරදවන්නාවූ අක්‍ෂධූතීයෙක්ද විය. එකල්හි සොරහු අක්‍ෂධූතීනොව බොධිසත්‍වයන් හා සමඟ දූකෙළනේ තමා දිනනකල්හි කෙළිමඩුල්ල නොබිඳිනේය. තමා පරදිනාකල්හි පසඇට මුඛයටදමා පසඇට අපවත්‍වගියේයයි කෙළි මඩුල්ලබිඳ නැගීයන්නේය. බොධිසත්‍වයෝ ඔහුගේ කාරණාව දැන යහපත ඊට සුදුස්සක් කෙරෙමි සිතාගෙණ පසඇට ඇරගෙණ තමන්ගේ ගෙයිදී විෂයෙන් පසඇට දෙතුන්වැනිව රදාගෙන නැවතනැවත විෂපෙවූ පසඇට ගෙණ ධූර්‍තයා සමීපයට ගොසින් සබඳ දූකෙළිම්හයි කියා කීහ. ධූර්‍තකයා යහපතැයි කියා කෙළිමඬුල්ල සරහා ඔහු හා සමඟ කෙළිනේ තමා පරදින අවසථාවෙහි එයින් එක් පසඇටක් ඇරගෙන මුඛයට දමන නියාව දැක යහපත යහළු තෙපි ගැළපියව මතු මින් මෙසේවූ දෙයක්වෙයි කියා දැනගනුවයි මතුවන ආදීනව දක්වන්නේය, යහළු තෙපි දැන් වංචාවෙන් පසඇට ගළතත් උග්‍රවිෂයෙන් රැඳුබව හේතුකොටගෙණ අවසන්හි බලවත්වූ දුක්වේදනාවට පැමිණෙන්නෙහියයි බොධිසත්‍වයන් මෙසේකියා උන් කලට ධූර්‍තාතම විෂයෙන් මූර්ඡාවෙමින් ඇස්දෙක පෙරලා කරමිය නමාගෙණ වැටිහුණුයේය, බොධිසත්‍වයෝ වනාහි මා නිදුක්හු නිසා මෙවැනි අඥානයෙකු නැසී යාම සුදුසු නොවන්නේය. මෝහට මා ජීවිතදානය දීම වටනේයයි සිතා ඖෂධයෙන් පරිභාවිතාකරණලද බෙහෙත් යොගයෙන් ඔහු අනුභවකරවා විෂය වමනය කරවා නිරෝගිකොට මතු මෙබන්දක් නොකරවයි අවවාද කියා දිවිපමණින් දන්දී පින්කම් කෙරෙමින් තමන්ගේ කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහ.

ශාසතෘවූ බුදුරජානන්වහන්සේ මේ ධර්‍මදෙශනාව ගෙනහැරදක්වා වදාරා එම්බා මහණෙනි නොපස්විකා වළඳන චතුර්විධ ප්‍රත්‍යයනම් විෂඅනුභව කිරීමක් හා සදෘෂයයි වදාරා මේ ජාතකය පූර්‍වාපරන්‍ධිගලපා වදාළසේක. එකල්හි ප්‍රඥාසම්පනන අක්‍ෂධූර්‍තයානෝනම් දැන් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

92 මහාසාර ජාතකය
90 අකතඤ‍්ඤුත ජාතකය

Leave a Reply

Your email address will not be published.

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.