Skip to main content

88 සාරම්භ ජාතකය

තවද එක්සමයෙක්හි ත්‍රෛලෝක්‍ය ප්‍රදීපායමානවූ ගෝතමගොත්‍රයෙහි උපන්නාවූතිලෝගුරු සම්‍යක්සමබුදුරජානන්වහන්සේ එක්සමයෙක්හි සැවැත්නුවර නිසා ජේතවන මහවිහාරයෙහි වැඩවසනසේක්. මුසාවාද ශික්‍ෂාපදය අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ කෙසේද යතහොත්? නාමගොත්‍රයෙන් අප්‍රසිඞවූ එක්තරා භික්‍ෂු කෙණෙකුන්වහන්සේ ලජ්ජා ප්‍රීයසිලීවූ සෙසුභික්‍ෂුන්වහන්සේට ජාතිකුල ප්‍රදෙශාදීන් ඝටා ආක්‍රොශ දොඩනසේක. බණිනසේක. එසේ උන්වහන්සේ කියන්නාවූ වචනය සෙසු සබ්‍රම්සරුන්වහන්සේ අසා එපවත් බුදුන්ට දැන්වූ සේක. බුදුහු ඒ භික්‍ෂූන්වහන්සේ ගෙන්වා සැබෑද මහණ ලජජාප්‍රියසීලි භික්‍ෂූන්වහන්සේ විසින්ම සැබවයි සවාමීනි දැන්වූකල්හි එමබල මහණ පරුෂ වචනය නම් මනුෂ්‍යයන්ට තබා තිරිසනුන්ටත් අප්‍රිය දෙයකැයි වදාරා මේ ජාතක ධර්‍මමදේශනාව දක්වා වදාළසේක.

මෙහි පූර්‍වකථාව හා අපර කථාව නන්‍දිවිශාල ජාතකයෙහි කී පරිද්දෙන් දන්නේය. මේ ජාතකයයෙහි වනාහි අපමහබෝසතානෝ ගන්‍ධාර දේශයෙහි තක්සලා නුවර එක්තරා බමුණෙකුගේ නමින් සාරම්භ නම් වෘෂභ රාජයෙක්ව උපන්නහයි සර්‍වඥයන්වහන්සේ මෙසේ ඉකුත්වත් ගෙණහැර දක්වා වදාරා ඒ භික්‍ෂූන්වහන්සේට ධර්‍මදේශනාකොට වදාරණසේක් එම්බල මහණ ප්‍රිය වචනයන් සියල්ලන්ටම කියයුතුය මුසාවාද පිසුනාවාචා ඵරූෂාවාච සම්ඵප්‍රලාපාදිවූ දුර්‍භාෂිත තෙපුල් කියන්නාවූ සත්‍වයෝ ඉහලෝකයෙහිත් පර ලෝකයෙහිත් දෙකින්ම පශචාත්තාපයට පැමිණ බොහෝ අනභි වෘද්ධියට පැමිණෙන්නාහයි වදාරා අනේකාකාරයෙන් දුර්‍භාෂිත වචනයෙහි ආදීනව දක්වා ධර්‍මමදේශනාකොට වදාළසේක.

එසමයෙහි බ්‍රාහ්මණයානම් දැන් මේ ධර්‍මභාණ්ඩාගාරික ආනන්‍ඳ ස්ථවීරයෝය, එසමයෙහි බැමිණි නම් දැන් මෙකල්හි උපුල්වන් මෙහෙනිනීය, නමින් සාරම්භ නම් වූ වෘෂභ රාජ නම් දැන් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.