87 මඞගල ජාතකය

තවද එක්සමයෙක්හි සඬර්‍ම චක්‍රවර්තිවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩවසනසේක්. එක් වසත්‍ර ලක්‍ෂණ දන්නා බ්‍රාහමණයෙකු අරභයා මේ ජාතකය වද්‍රළසේක.

හේ කෙසේ ද යත්,

රජගහනුවර වසන්නාවූ එක්තරා බමුණෙක් දුටුදෙය ඇසූදෙය මගුලැයි ගන්නාලද ලබ්ධිඇත්තේ බුඬාදී රත්නත්‍රයෙහිලා අප්‍රසනනය, ද්‍රඪමීථ්‍යා ලබ්ධි ඇත්තේය, ඒ තෙම රාජපාක්‍ෂිකය, බොහෝ සම්පත් ඇත්තේය, බොහෝසේ උපභොග පරිභොග ඇත්තේය, තවද ඒ බ්‍රාහමණයාගේ සුමුගක් තිබුණු අනර්‍ඝවූ පිළිසඟලක් මීයන් විසින් කණ ලද්දේවිය, නැවත එක් දවසක් ඒ බ්‍රාහමණයා ඉස් සෝද්‍ර නහා අඳින පිළි ගෙණවයි කී කල්හි ඔහුගේ අතවැසියෝ අඳිනා පිළිසඟල මීයන් කෑ නියාව ඕහටකීහ, බ්‍රාහමණතෙම එකල මෙසේ සිතුයේය, මීයන් කාපු මේ පිළිසඟලක් ගෙයි තිබුයේ වී නම් මහත්වූ විනාශයට පැමිණෙන්නේය, මේ පිළිසඟලක් ගෙයි තිබීම අවලක්‍ෂණය අශ්‍රීකය, තවද මේ පිළිසඟල මාගේ ගෑණු පිරිමි දරුකෙණෙකුන්ට යොග්‍ය නොවන්නේය, දැසිදස් මෙහෙකරුවන්ට දෙන්ටත් නොනිසිවන්නේය, කුමක් නිසා ද යත්? යම් කිසි කෙණෙකුන්ට මේ පිළීසඟල දුනහොත් උන්ට මහවිනාශ වන්නේය. එවැනි පිළිසඟල අමුසොහොනෙක ලවාපියවමි’’යි සිතා නැවත මෙසේ සිතීය, දැසිදස් මෙහෙකරුකෙණෙකුන් අත යැවූයේ වී නම් ඔහු මේ වසත්‍රයෙහිලා ලොභ උපදවා ගෙණ හැරගත්තෝ වූනම් මහත්වූ විනාශයට පැමිණෙන්නාහුය, එබැවින් පුතු අත යවා මේ වසත්‍රය දමවාපියමි පුතු කැඳවා තෝ මේ වසත්‍රය අතින් නොඅල්වා දණඩකින් ඇරගෙණ අමුසොහොනට ගෙණගොස් දමාපියා ඉස්සෝද්‍ර නහා පිරිසිදුව එවයි කියා යවුයේය, තුන්ලොවට සිත ඇතිවූ කරුණා නිධානවූ සරණගත වජ්‍රපඤරවූ තිලෝගුරු සම්මා සම්බුදුරජානන් වහන්සේ අළුයම් වේලෙහි මහාකරුණා සමාපතතියට සමවැද අද දවස්හි කවර කෙණෙකුන් සවර්‍ගමොක්‍ෂ සම්පතෙහි පිහිටුවා පියම්ද්‍රෝයි පූර්‍වසර්‍වඥයන් වහන්සේ විෂයෙහි කෘතාධිකාරවූ මහ පින් ඇතිවන්නාවූ බන්‍ධූන් බලා වද්‍රරණසේ්ක්. මේ බමුණා හා දෙපුතුපියන් තමන් වහන්සේගේ අනාවරනඥාණ ජාලයට ඇතුළත්වූ නියාව දැක මේ දෙදෙනාට අද කවර අභීවෘද්ධියෙන් වේද්‍රෝහෝයි බලා වද්‍රරණසෙක්. ශ්‍රොතාපතති මාර්‍ගයට පැමිණීමට හේතුසම්පත් ඇතිනියාව දැක වද්‍රරා මුවන් යන්නා වූ හසර නොහැර සිටිනාවූ මුවවැද්දෙකු පරිද්දෙන් අමුසොහොන් දොරට ගොසින් සවණක් ඝනරැස් විහිදුවමින් එක්තරා සථානයෙක්හි වැඩහුන්සේක, ඉක්බිති මාණවකතෙමේ පියාගේ බස් මුදුනෙන් පිළිගෙණ ගරවිල් කුණක් දණඩකින් ඔසවාගෙණ යන පරිද්දෙන් ඒ පිළිසඟල දඬු කෙළවරින් ඔසවා ගෙණ අමුසොහොන් දොරට ගෙණ ගොස් දමන්ට සිටියේය. ඉක්බිති සර්‍වඥ රාජොතතමයානන් වහන්සේ ඔහුගේ ඒ ක්‍රියාව දැක වදාරා මාණවකය තෝ කුමක් කරන්නෙහිදැයි විචාරා වදාළසේක. ඒ වේලෙහි මාණවකයා බුදුන්ට දන්වන්නේ භවත් ගෞතමයෙනි මේ පිළිසඟල මීයන් විසින් කනලද, එසේ හෙයින් නිශ්‍රීකය, හළා හළ විෂයක් හා සමානය, එසේ හෙයින් මපියානෝ මේ වසත්‍රයෙන් අමුසොහොනට දමන්නෝ අනිකක්හු අත යව්වෝතින් ඔහු මෙහි ලොභඋපදවාගෙණ ඇරගනිති සිතා මා අත එව්වෝයයි කියා දැන්වීය, එබැවින් මේ වසත්‍රය දමා ඉස් සෝදා නහා ගෙටයෙමි කීයේය, ඔහු කී බස් අසා බුදුහු වදාරණසේක් එබැවින් බ්‍රාහමණ මාණවකය තෙල පිළිසඟල දමාපියවයි වදාළසේක. මාණවකද ඒ පිළිසඟල අමුසොහොනෙහි දැමුයේය, එකල්හි ශාසතෘවූ බුදුරජානන්වහන්සේ මෙබඳු දෙය අපට වටනේ යයි ඔහු බල බලා සිටියදීම ගෙණ වදාළසේක. මාණවකතෙම යුහුව ගොසින් භවත් ගෞතමයෙනි මේ පිළිසඟල තොපට සුදුසු නොවෙයි, බොහෝදෙනා විසින් අවලක්‍ෂණයයි කියනලද, ඒ අශ්‍රීකය නොගණුවයි වලක්ව වලක්වාම සිටියදී පිළිහැරගෙණ වේළුවන මහාවිහාරයට වැඩ වදාළසේක. මාණවක තෙම යුහුව ගොසින් තමාගේ පියාහට එපවත් කීයේය, එකල්හි බ්‍රාහමණතෙම මෙසේ සිතීය. ඒ වසත්‍රය වනාහි අවමඞගල්‍ය සම්මතය අශ්‍රිකය ඉදින් ශ්‍රමණ භවත් ගෞතමයෝ ඒ පිළියෙන් සිවුරුකොටගෙණ පෙරවියෝනම් මහත්වූ විනාශයට පැමිණෙන්නාහුය, උන් උන්නාවූ වේළුවනාරාමයත් නසින්නේය. එබැවින් අපට බොහෝ අයස් උපදින්නාහයි ශ්‍රමණභවත් ගෞතමයන්ට අනිකුත් බොහෝ පිළිගෙන්වාගෙන ගොසින් සිවුරු පිණිස පිළිගන්වා උන් ඇරගත් අවලක්‍ෂණ වසත්‍රය උන්ලවා දම්මවාපියන් නම් යහපතැයි බොහෝ සිවුරු පිළිගෙන්වාගෙණ පුතා හා සමග වේළුවනාරාමයට ගොස් ශාසතෘවූ බුදුරජානන්වහන්සේ දැක නමස්කාර මාත්‍රයකුත් නොකොට එකත්පස්ව සිට මෙසේ විචාළේය. සැබෑද භවත් ගෞතමයෙනි අමුසොහොනට දමාපියනලද අශ්‍රීකවූ පිළිසඟලෙක් තොප විසින් ගෙණෙනලදදැ’’යි විචාළේය. සැබෑය බමුණැයි වදාළසේක. බමුණු කියන්නේ ‛‛භවත් ගෞතමයිනි ඒ පිළිසඟල අවමඟුලැ’’යි බොහෝ දෙනා විසින් දන්නාලදහ, දින් තොපට ප්‍රයෝජනයක් වුනුනම් තොපට මහත් වූ විනාශ පැමිණෙයි සිතමි, තොප උන් වේළුවනාරාමයත් නස්නේය, ඉදින් තොපට අඳනා පොරෝනා සිවුරු මාත්‍රාවකුදු නොසෑහෙන්නේවීනම් මා විසින් මේ දෙනලද බොහෝ වසත්‍රයන් ඇරගෙණ නපුරුවසත්‍රයෙන් දමාපුව මැනවැයි කීයේය, එසේ කී බමුණාට බුදුහු වදාරණසේක් ‛‛බමුණු අපවැනි තපස්විවරයන්ට අමුසොහොනකටවත් ඇතුළුවීථියටවත් කසලගොඩටවත් නහණතොටටවත් මහමගටවත් මෙසේ මෙසේවූ සථානයෙහි හුණුදෙයක්වත් දමාපුදෙයක්වත් ජීර්‍ණවසත්‍රවත් වටනේයයි වදාළසේක. එමබල බ්‍රාහමණය තා මෙබදු මිත්‍ථ්‍යාදෘෂ්ටියෙහි පිහිටියේ දැන්මතුනොවෙයි යටගිය දවසත් තෝ මෙබඳු ලබ්ධිඇත්තේමයයි වදාරා ජාතකදෙශනාවට මුඛමාත්‍රයක් දක්වා නිශ්ශබ්දව වැඩඋන්සේක. එකල්හි ඒ බ්‍රාහමණයා විසින් ආරාධිතවූ බුදුරජානන් වහන්සේ ඉකුත්වත් ගෙණහැර දක්වා වදාළසේක. ඒ කෙසේදැයි යතහොත්?

යටගිය දවස මගධරට රජගහනුවර ධාර්මකනම් මහරජජුරුකෙණෙක් දාන, ප්‍රියවචන, අත්‍ර්‍ථචරියා, සමානාත්මයයි ය සතරසංග්‍රහ වසතුවෙන් ජනරඤජනය කෙරෙමින් රාජ්‍යය පරිපාලනයකරන්නාහුය, එසමයෙහි පුරණලද පාරමිතා ධර්‍මයන් ඇත්තාවූ අපමහබෝසතානෝ එක්තරා ප්‍රසිදධවූ බ්‍රාහමණ මහාසාරකුලයක ඉපිද වැඩිවිය පැමිණ පචකාමයෙහිලා ආදීනව දැක තාපසප්‍රවෘජ්‍යාවෙන් පැවිදිගෙණ පංචාභිඥා අෂ්ටසමාපතති උපදවා හිමාලය වනයෙහි වාසයකරන්නෝ එක්සමයෙක්හි හිමාලය වනයෙන් නික්ම රජගහ නුවර රජ්ජුරුවන්ගේ මඟුල් උයනට පැමිණ එහිවාසයකොට දෙවෙනි දවස් භික්‍ෂාවෘර්තිය සඳහා ශානතාය්‍ර්‍ය ප්‍රවෘතියෙන් ඇතුළු නුවරට සිඟාවන්හ මතුමහල්තලයෙහි සිටියාවූ රජ්ජුරුවෝ තාපසයන්දැක ප්‍රසන්නව මතුමහල්තලයට ගෙන්වාගෙණ මාහැඟි අස්නෙක්හි වඩාහිදුවා චතුමධුරයෙන් වළඳවා තාපසයන්ගෙන් මධුරවූ බණඅසා සතුටුවූ සිත් ඇත්තාවූ රජ්ජුරුවෝ මඟුල් උයන තාපසයන් වසනනියායෙන් ප්‍රතිඥාඇරගෙණ මහත් වූ උපසථාන කරන්නාහුය. තාපසයෝද දවස දවස රජගෙයිදී වළදා රජ්ජුරුවන්ගේ මඟුල් උයනෙහි ලා වාසයකෙරෙති, එසමයෙහි රජ්ජුරුවන්ගේ රජගහනුවර දූෂ්‍ය ලක්‍ෂණ නම් බ්‍රාහමණයෙක්විය. ඔහු සුමුඟෙකතුබූ පිළිසඟලක් මීයන් විසින් කපනලද්දේදැයි යනාදීන් සියල්ලම පළමු දක්වනලද කථානතරය හා සමානවන්නේය, එකල මහබෝසතානෝ පළමුවගොස් සොහොන්දොර එක්තරාසථානයෙක්හිලා හිඳ ඒ බ්‍රාහමණයා විසින් දමනලද පිළිසඟල ඇරගෙණ තමන් වසන්නාවූ උiාන භූමියට නැගී ගියහ, බ්‍රාහමණ මාණවකයාද ගොසින් එපවත් පියාහට කීයේය, ඔවුන්ගේ පියවූ මහබමුණු මෙසේ සිතුයේය, මේ රාජකුළුපගවූ තාපසයෝ මෙබඳු කාරණයකින් නැසීගියෝනම් නපුරැයි සිතා මහබෝසතානන් කරා එළඹ තාපසයෙනි තොපඇරගත්තාවූ තෙල අශ්‍රීකවූ පිළිසඟලක් ඇද්ද ඒ දමා පියවයි කීහ, එකල්හි ඒ තාපසයෝ කියන්නාහු එමබල බමුණ සුසාන භූමීයෙක්හි දමනලද්දාවූ ද මෙයින් අන්‍යසථානයෙක්හි දමාපු දෙයෙක්ද අපවැනි තාපසයන්හට විවරයන්ට යොග්‍යයයි කීහ. එමබල බ්‍රාහමණය දුටුදෙය ඇසූදෙයම ගන්‍ධරස ප්‍රෂඨව්‍ය වසයෙන් දන්නේය, අපි මඟුලැයි ගන්නමෝ නොවම්හ, මෙබඳු ලබ්ධිය බුඬ ප්‍රත්‍යෙකබුඬාදී උතතමයන් විසින් ප්‍රසංශා කරණ ලද්දේ නොවෙයි එබැවින් නුවනැත්තවුන් විසින් මෙබඳු ලබ්ධි ගතයුතු නොවන්නේ යයි බමුණාට මිහිරිවූ ධර්‍මදෙශනාකොට අවවාද කළාහ, බ්‍රාහමණතෙම තාපසයන් විසින් කියනලද ධර්‍මය අසා සතුටු සිත් ඇත්තේ තමාගේ මිථ්‍යාදෘෂ්ටිය හැර මහබෝසතානන්ගේ සරණයෙහිලා පිහිටියේය, මහබෝසතානෝද නොපිරිහුණා වූ ධ්‍යාන ඇතිව චූතිප්‍රතිසන්‍ධි වශයෙන් බ්‍රහමලෝකයෙහි පිළිසරණකොට උපන්නාහුය, දෙවාතිදෙවවූ ශාසතෘවබුදුරජානන්වහන්සේ මේ ඉකුත්වත් කථා ගෙණහැර දක්වා වදාරා බුදුව බැඩහිඳ බමුණාට ‛‛යසස මඞගලං සමොහතාය’’ යන ගාථාවකින් වදාරණසේක් ‛‛එමබල බ්‍රාහමණය ක්‍ෂීණාශ්‍රවයෝ දාෂට මඞගල සෘතමඞගලයයි යනාදීවූ චන්‍ද්‍රග්‍රහණ සූය්‍ර්‍යග්‍රහණ අසනිපාත උල්කාපාත වසත්‍රලක්‍ෂණ ආයුධ ලක්‍ෂණ යනාදිවූ ඉෂටානිෂට දෙක්හි මඞ්‍යසථාකාරයෙන් පවත්නාහ’’යි යනාදීන් මෙසේ තිලෝගුරු බුදුරජානන්වහන්සේ නැවත චතුසසත්‍යය ප්‍රකාශ කොට ධර්‍මදේශනා පවත්වා වදාළසේක. ධර්‍මදෙශනාවගේ කෙළවර මහබමුණු තමාගේ පුත්‍රයා හා සමග දහසක් නයින් ප්‍රතිමණඩිතවූ ශ්‍රොතපතතිමාර්‍ගයට පැමිණ නිවන් දුටුසේක. ශාසතෘවූ බුදුරජානන්වහන්සේ මේ ජාතකය පූර්‍වකථාව හා අපරකථාව හා එක්ව සන්‍ඩිගළපා නිමවා වදාළසේක.

එසමයෙහි ඒ බ්‍රාහමණයා හා දෙපුතුපියෝ දැන් මෙකලත් මේ බ්‍රාහමණයා හා දෙපුතුපියෝය, එසමයෙහි ඔවුන් සම්‍යක්දෘෂටියෙහි පිහිටෙව්වාවූ තාපසෝනම් දැන් සර්‍වඥපදප්‍රාප්තවූ මම්මවේදැයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

88 සාරම්භ ජාතකය
86 සීලවිමංස ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.