Skip to main content

85 කිම්පක්ක ජාතකය

තවද එක්සමයෙක්හි සියළු ලෝවැඩ කිරීමෙහි සමත්‍ර්‍ඵවූ තිලෝගුරු බුදුරජානන්වහන්සේ දෙව්රම්වෙහෙර වසනසේක් උකටලීවූ භික්‍ෂුකෙණෙකුන් වහන්සේ අරභයා වදාළ සේක.

එක්තරා කුලපුත්‍රයෙක් බුඬශාසනයෙහි ලැදිව මහණව එක් දවසක් සැවැත් නුවර පිඩුසිඟා ඇවිදිනේ සර්‍වාභරණයෙන් සැරහුණාවූ එක් සත්‍රියක් දැක කෙලශ වසඟව ශාසනයෙහි ඇළුම් නැතිවූයේය. ඉක්බිත්තෙන් ඒ භික්‍ෂුව ආචාරී උපාඬ්‍යායන්වහන්සේ සමීපයට කැඳවාගෙණ ගියේය. සර්‍වඥයන් වහන්සේ ‛‛සැබෑද මහණ තෝ ශාසනයෙහි උකටලීවූයෙහිදැ’’යි විචාරා සැබව සවාමීනි කීකල්හි මහණ මේපඤචකාම ගුණයෝ නම් පරිභොග කාලයෙහි සිත්කළුවන්නාහ. ඒ පඤචකාම කොටඨාසයන්ගේ අනුභව කිරීම නරකාදී සතර අපායෙහි ඉපිද මහදුක් දෙන බැවින් කීම්ඵල නම් විෂඵල අනුභවකිරීම හා සමාන වන්නේය, කිම්ඵල නම් වර්‍ණයෙන් ගන්‍ධයෙන් රසයෙන් සමුර්‍ඬය, අනුභව කළකල්හි වනාහි අතුනුබහන් සිඳ ජීවිතක්‍ෂයට පමුණුවන්නේය, පෙරත් බොහෝදෙන ඒ ඵලයෙහි ද්‍රෙෂ නොදැන වර්‍ණ ගන්‍ධ රසයෙහි බැඳී ඒ ඵලය අනුභවකොට ජීවිතක්‍ෂයට පැමිණියෝ වේදැයි වදාරා ඉකුත්වත් දක්වා වද්‍රළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහමදතත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ කල්හි අප මහබෝසතානෝ සාත්තුනායකව පන්සියක් ගැලින් බඩු ගෙන්වාගෙණ නැගෙනහිරින් බස්නාහිරට යන්නාහු. මහවන සමීපයට පැමිණ මනුෂ්‍යයන් රැස්කරවා ‛‛මේ වනයෙහි විෂ වෘක්‍ෂයෙක් ඇත, එසේ හෙයින් මා නොවිචාරා තොපි හැම පෙර නොකෑවිරූ ඵලයක් නොකව’’යි අවවාද කළාහුය. මනුෂ්‍යයෝ වනය ඉක්ම ආරණ්‍ය මුඛයෙහි එක් කිම්පකක නම් විෂ වෘක්‍ෂයෙක් ඵලහාරයෙන් නැමී තිබෙන්නා දුටුය, වෘක්‍ෂයාගේ කඳ අතුපත් ඵල සටහනින් හා වර්‍ණ ගන්‍ධ රසයෙන් අඹ ඵල හා සමාන වන්නේය, ඒ යන්නාවූ සත්‍වයන් අතුරෙන් සමහර කෙණෙක් වර්‍ණ ගන්‍ධ රසයෙහි බැඳී අඹ ඵලය යන සංඥාවෙන් අනුභන්‍ කළාහුය. සමහර කෙණෙක් සාත්තුනායකයා විචාරා කම්හයි අතින් අල්වා ගෙණ සිටියාහුය, මහබෝසතානෝ ඒ සථානයට පිමිණ අල්වා ගෙණ සිටි ඵල දම්මවා යම්කෙණෙක් කමින් සිටියෝ නම් ඔවුන් වමනය කරවා බෙහෙත් දුන්නාහුය, ඒ සත්‍වයන්ගෙන් සමහරකෙණෙක් නිරෝගීවූහ, පළමුකොට අනුභවකොට සිටියාවූ සත්‍වයෝ ජීවිතක්‍ෂයට පැමිණියාහුය, බොධිසත්‍වයෝ තමන් කැමති තැනට සැපසේ ගොස් වෙළඳාම් කිරීමෙන් ලාභ ලැබ ගෙණ නැවත තමන් වසන්නාවූ සථානයට අවුත් ද්‍රනාදී පින්කම් කොට කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියෝය.

ශාසතෘවූ බුදුරජානන්වහන්සේ මහණෙනි යම් සත්‍වයෙක් මත්තෙහි වන්නාවූ දෝෂ නොදැන පංචකාමය අනුභව කෙරේද ඒ සත්‍වයා කිම්පක්ක නම් විෂ ඵලය අනුභවකළාවූ සත්‍වයන් මරණට පැමිණියාක්මෙන් නරකාදී සතර අපායෙහි ඉපිද මහදුක් අනුභව කරන්නේ යයි වද්‍රරා චතුරාය්‍ර්‍යසත්‍යය ප්‍රකාශ කළසේක. උකටළීවූ මහණ සෝවාන්ඵලයට පැමිණියේය, අවශෙෂපර්‍ෂාදීන් සමහර කෙණෙක් සෝවාන් ඵලයෙහි පිහිටියහ, සමහර කෙණෙක් සකෘද්‍රගාමී ඵලයෙහි පිහිටියහ, සමහරකෙණෙක් අනාගාමී ඵලයෙහි පිහිටියහ, සමහර කෙණෙක් රහත්වූහ, ශාසතෘවූ බුදුරජානන්වහන්සේ මේ ධර්‍මදෙශනාව ගෙණහැර දක්වා වද්‍රරා මේ කිම්පක්ක ජාතකය නිමවා වද්‍රළසේක.

එසමයෙහි පර්‍ෂත් නම් දැන් බුදුපිරිසය, එසමයෙහි සාත්තුනායක වූයෙම්. තිලෝගුරු සම්‍යක්සමබුදුරජවූ මම්මවේදැයි තමන්වහන්සේ දක්වා වද්‍රළසේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.