Skip to main content

62 සාකෙත ජාතකය

තවද එක් සමයෙක්හි උපමාවිසයාතික්‍රාන්ත වූ රූපකාය ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ සාකෙත නුවර නිසා අඤජනවනයෙහි වසන සේක් එක් බ්‍රාහ්මණයෙකු අරභයා මේ ජාතකය වදාළසේක.

භාග්‍යවත් වූ බුදුරජානන් වහන්සේ භික්ෂූ සංඝයා පිරිවරා සාකෙත නුවරට පිඬුසිඟා වඩිනා කල්හි සාකෙත නුවර වසන්නා වූ එක් මහළු බමුණෙක් නුවරින් පිටත් යන්නේ වාසල් අතුරෙහිදි සර්වඥයන් වහන්සේ දැක දෙපසවැටි ගොප්මස තරයේගෙණ අල්වා සුත දරුවන් විසින් වාද්ධ අවස්ථාවෙහි දෙමව්පියෝ නම් රැක්කයුත්තෝ නොවෙත්වත්ද කවර කාරණයකින් මෙතෙක්කල් මුළුල්ලෙහි මට නොදැක්වුද මව්වුකලී තොප දිටිමි තොපගේ මෑනියන් දක්නා පිණිස එවයි කියා සර්වඥයන් වහන්සේ කැඳවාගෙණ තමන්වහන්සේගේ් ගෙට ගියේය.

සර්වඥයවන් වහන්සේ ඔහුගේ ගෙට ගොස් භික්ෂූසංඝයාවහන්සේ හා සමග පනවන ලද ආසනමස්තකයෙහි වැඩහුන් සේක. බැමිණිත් අවුත් සර්වඥයන්ව වහන්සේගේ ශ්‍රී පාද මුල වැටි පුත මෙතෙක්කල් මුළුල්ලෙහි කොයිගියාද දෙමව්පියෝ වෘද්ධ අවස්ථාවෙහි උපස්ථාන කටයුත්තෝ නොවෙත්දැයි කියා ඇඬූය. දූ දරුවනුත් කැඳවාගෙණ අවුත් තොපගේ බෑනන්වහන්සේ වඳුවයි කියා වැඳවූය. ශහු දෙදෙනා සතුටු සිත් ඇතිව බුදුන් ප්‍රධාන කොට ඇති භික්ෂූසංඝයාවහන්සේට මහදන් දුන්නාහුය. සර්වඥයන් වහන්සේ වළඳා ඉක්බිත් ඔවුන් දෙදෙනාටම ජරාධර්ම සූත්‍රය වදාළසේක. සුත්‍ර දේශනාවගේ කෙළවර දෙදෙනාම අනාගාමී ඵලයෙහි පිහිටියාහුය. සර්වඥයන් වහන්සේ හුනස්නෙන් නැගී අඤඡන වනයට වැඩියේය. භික්ෂූන් වහන්සේ දම්සභා මණ්ඩපයෙහි වැඩ හිඳ ඇවැත්නි මේ බ්‍රාහ්මණයා සර්වඥයන් වහන්සේගේ පියානෝ සුද්ධෝදන රජ්ජුරුවෝ මෑනියෝ මහමායාදේවීයයි දන්නේය. එසේ දැන දැනත් බැමිණිය හා සමඟ සර්වඥයන් වහන්සේ මාගේ පුතනුවෝ යයි කියයි. සර්වඥයන් වහන්සේත් බමුණා කියන දෙය ඉවසූසේක. මීට කාරණා කවරේදැයි මෙසේ වූ කථාවක් උපදවා උන්සේක. සර්වඥයන් වහන්සේ ඒ භික්ෂූන්ගේ කථාව අසා මහණෙනි ඔහු දෙනො තමන්ගේ පුතනුවන්ට පුතනුවෝවයවි කියති වදාරා ඉකුත්වත් දක්වා වදාළසේක.

මහණෙනි මේ බමුණා යටගිය දවස අතුරක් නැතිව පටිපාටියෙන් පන්සියයක් ජාති මුළුල්ලෙහි මට පිය විය. පන්සියයක් ජාති මුළුල්ලෙහි මට සුළු පියවිය. පන්සියයක් ජාති මුළුල්ලෙහි මට මහළු පිය විය. මේ බැමිණිත් අත-රක් නැතිව පිළිවෙළින්ම පන්සියයක් ජාති මුලුල්ලෙහි මට මව් විය. පන්සියයක් ජාති මුළුල්ලෙහි කුඩා මව් විය. පන්සියයක් ජාති මුළුල්ලෙහි මැහැලි මව් විය. මෙසේ යෙළ දහසක් ජාති මුළුල්ලෙහි බමුණා අත වැඩිනම් යෙළෙදහකක් ජාති මුළුල්ලෙහි බැමිණිය අත වැඩි නම් මෙසේ යෙළ දහසක් ජාති මුළුල්හෙි මොහු දෙනෙ මව්පියවුහයි වදාරා ධර්මදේශනා කොට වදාළසේක. යම් පුද්ගලයෙක්හූ දුටු පමණිකින්ම ඔහු කෙරෙහි සිත පහදිද මොලොක්වේද ස්වභාවයෙන් ඒ උපන්ජන්මයෙහි පෙරනුදුටුවිරූත් ඒ පුද්ගලයා කෙරෙහි අනුභූත පූර්වස්නෙහ වශයෙන්ම ඒකාන්තයෙන්ම සත්වතෙමේ විශ්වාසයට පැමිණෙන්නේයයි මෙසේ ධර්මදේශනා කොට වදාළසේක. මෙසේ ශාස්තෘ බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා පූර්වාපර සන්ධි ගලපා මේ සාකෙත ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි බමුණා හා බැමිණි නම් දැන් මේ බමුණා හැ බැමිණිය. එසමයෙහි පූත්‍රවූයෙමි තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජ වූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.