Skip to main content

550 බ්‍රහ්මඉසි ජාතකය

සුගතයන් වහන්සේගේ මුවින් ප්‍රකාශිත බවක් නොපෙනේ.

යටගිය දවස දඹදිව මගධ දේශයෙහි හාලිද්දිය නම් බමුණු ගම නායක බමුණානන්ට දාව අප බෝසතාණන් වහන්සේ එම දේවිය කුසින් බිහි වූහ. බ්‍රහ්ම රාජයකුගේ ශරීර වර්ණයක් සේ ඉතා පැහැපත් ශරීරයක් ඇති හෙයින් ඒ උතුමානන්ට බ්‍රහ්ම කුමාරයෝ යැයි නම් තුබූහ.
ඒ කුමාරයෝ ඉතා නුවණැති හෙයින් දොළොස් හැවිරිදි කාලයෙහි ත්‍රිවේදයෙහි අක්‍ෂර, ලිඛිත, ගණිත ගාන්ධර්වාදී වූ අෂ්ට දස විද්‍යාවන්ද සූසැට කලා ශිල්ප ද හදාරා කෙළවරට පැමිණියහ. එකල්හි ඔහු සමීපයෙහි පන්සියයක් පමණ බමුණු කුමරුවෝ ත්‍රිවේදය ඉගෙන නිම වූහ.

ඉක්බිති මහ බෝසතාණෝ මව්පියන්ට කළමනා වත් නිමවා අතවැසි කුමරවරුන් ලඟට කැඳවා තමන් සන්තක සියලු ධනය ඔවුන්ට දන් දී ගිහිගෙන් නික්ම හිමාල වනයට වැද ඍෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවදිව මේ කළ එරක නම් වූ එකළ මුණ්ඩක නම් පර්වත සමීපයෙහි පන්සලක වෙසෙති. එහිදී බොහෝ කුල පුත්‍රයෝ බෝසතුන් කෙරෙහි පැවදිව කිසුණු පිළියම් ඉගෙන ධ්‍යානයෙන් ගොස් බ්‍රහ්ම ලෝකයෙහි උපන්හ. බෝසතුන්ගේ යට කියන ලද පන්සියයක් පමණ අතවැසි බමුණු කුමරුවෝ ද තම තමන්ගේ මව්පියන් ඇවෑමෙන් බෝසතුන් සමීපයෙහි මහණව ප්‍රර්ව ස්නේහයෙන් බෝසතුන් අත් නොහැර වෙසෙති. ඔවුන් අතුරෙන් මතු බුදුවන මෙත් මහා බෝසතාණෝ ඒ ශිෂ්‍යයන්ට ප්‍රධානව අප මහා බෝසතුන්ට අග්‍ර ශිෂ්‍ය වූහ.

දිනක් මහ බෝසතාණෝ ප්‍රධාන ශිෂ්‍යයාණන් සමඟ පලාඵල පිණිස ඒ මුණුඩුක නම් පර්වතයට නැඟ එක් දිසාවකින් ඒ පර්වත ප්‍රාන්තය බැලුවාහ් එහි දරුවන් වදා කීප දිනක් නිරාහාර හෙයින් ක්‍ෂුදාව ඉවසිය නොහී තමා හා සමග කෙළනා දරු පැටවුන් කනු කැමතිව හොත්තා වූ ව්‍යාඝ්‍ර ධේනුවක දැක සසර කලකිරී අහෝ මේ සංසාරයට නින්දා වේවායි යනාදීන් ඛේදයට පැමිණ ප්‍රධාන ශිෂ්‍යයාණන් කැඳවා සබඳ තෙපි මේ වනයෙහි පරික්‍ෂා කොට සිංහ ව්‍යාඝ්‍රාදීන් විසින් මරණ ලද යම් සතෙකුගේ මාංශ දුටු නම් වහා ගෙනවුත් මේ ව්‍යාඝ්‍ර ධේනුවට දෙවයි කියා ශිෂ්‍යයා හික්මවා ඔවුන් නොඑන තෙක් තමන්ගේ ශරීරය නුවණින් පරික්‍ෂා කරන්නාහු හැම ලෙසින්ම ප්‍රතිභය සහිත බව සලකා නැවත මෙබඳු අනේක විධවූ දුක් අනුභව කරන සත්ත්ව වර්ගයා කවර ධර්මානුභාවයකින් ඒ දුකින් මුදා සුවපත් කොට ලියහෙම්දෝ හෝයි පරික්‍ෂා කරන්නාහු අතීත ජාතියෙහි කරන ලද පැතුම් වශයෙන් බුද්ධ කාරක ධර්මයන් දැක මේ ධර්මයෝ නම් ඇස්, ඉස්, මස්, ලේ, අඹු, දරුවන් දන් නොදී දුෂ්කර ක්‍රියාවන් නොකොට එසේ මෙසේ පුරාලිය නොහැක්ක. එහෙයින් සියලු සත්ත්වයන්ට හිත සැප පිණිස බුදු බැව් පතා දැන්ම මේ ව්‍යාඝ්‍ර ධේනුවට දෙමි. එවිට මාගේ බඩගිනි සංසිඳේ. පැටවුන්ගේ ජීවිතය ද රැකේ. මට ද මතු බුදුබව සිද්ධ වන්නේ යයි ඔද වැබියාවූ සිත් ඇතිව,

තස්ස මේ අනුමෝදන්තු උගො නාරද පබ්බතා

ඉන්‍දේ‍රව බ්‍රහ්මාච පජාපතීච – සොමෝ යමො වෙස්සවණොච රාජා

සබ්බෙ දේවානු මෝදන්තු – යමිමං පුඤ්ඤං කතං මයා

යනාදීන් දෙවියන්ට පින් දී පර්වත මුදුනෙහි සිට ව්‍යාඝ්‍ර ධේනුවගේ අභිමුඛයට වනූහ. එකල්හි ව්‍යාඝ්‍ර ධේනුව ඉතා සතුටට පත්ව දරුවන් හැර බෝසතුන්ගේ ශරීර මාජශය අනුභව කළාය. බෝධිසත්ත්වයෝ එම කුසල විපාකයෙන් දෙව් ලොව උපන්හ.
එකල බ්‍රහ්ම කුමාර බෝසතුන්ව උපන්නේ සර්වඥ රාජයන් වහන්සේය.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.