548 කලන්දක ජාතකය

යටගියදවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍ය කරන කල්හි අප බෝසතාණන් වහන්සේ අපරාපය්‍ර්‍ය වෛද්‍ය අකුසල කර්මයකින් ලෙහෙනව උපන් සේක. එසයෙහි එක වන ලැහැබෙක කැදැල්ලක් බැඳ පැටියන රක්‍ෂා කොට එතැන්හිවසන කල්හි දිනක් මහා මේඝයක් ඇතිව දස දිසා අඳුර කරවමින් මහත් මේඝ ගර්ජනා පවත්වමින් ධාරානිපාත වැසි වසින්නට පටන් ගත. මෙසේ ක්‍රමයෙන් වැස ඇළ දොළ ගංගා දිය පිරී ඉතිරී මහ වතුරෙන් රුක් මුලුනුපුටා හෙළමින් තැන තැන ගල් මුල්හි පැහැර උදුරමින් කුදු මහත් සතුනට ව්‍යසනය කරමින් මහ වනය එක හෙළා වෙවුල්වා භයානක ශබ්ද පවත්වමින් රළ රැළි දිවන්නට විය.

එසේ දිවගත් මහ වතුර කලන්‍දක බෝධිසත්වයන්ගේ දරු පැටියන් හා සමඟ කැදැල්ල උපුල්වා ගෙන ගොස් මුහුදට හෙලාලීය.

එකල්හි ලෙහෙනව උපන් අප බෝසතාණෝ මුහුද වැටුනාවූ තම දරු පැටියන් ගොඩලා ගනිමියි යන උසස් අදහසින් ආ අධික වීර්‍යයෙන් මුහුද ඉසිමියි පටන් ගෙන වලිගය මුහුදෙහි ඔබ ඔබා දිය ගෙන ගොඩ ඉස ඉස මහ මුහුද දිය ඉස නිමවමියි සිතූ සේක. මෙසේ දරු පැටියන් ගොඩ ගනිමියි යන විර්යය අදහසින් උත්සාහ කරන්නට පටන් ගෙන සත් දිනක් ඉක්මුණු කල්හි අප බෝසතාණන්ගේ උදාරතර වීය්‍ර්‍යධ්‍යාශයේ මහත්වයෙන් සක් දෙවිඳුගේ පාණ්ඩකම්බල ශෛලාසනය හුණු විය.

එකල්හි සක් දෙවිඳු මිනිස් ලොව බලනුයේ පුරණ ලද බෝධි සම්භාර ඇති මහ බෝසතාණන්ගේ මේ උදාරතර අදහස දැක මිනිස් ලොවට අවුත් මහා මුහුද ඉස්නා බෝසතුන්ට අභිමුඛව සිට එම්බා ලෙහෙනාණෙනි, දිය ඉස ඉස ඉදිනේ කවර කාරණයක් පිණිසද? ඒ කාරණය මට නොවළහා ඉඳුරාම කියවයි කීහ.

අප බෝසතාණෝ එවිට කියන්නාහු මහ වතුරෙන් ගිලිහුනාවු කැදැල්ල හා මාගේ දරු පැටියන් ගොස් මේ මහ මුහුද හෙළනා ලද්දාහුය. එසේ හෙයින් මේ මුහුද දියත් මාගේ වලිගය තෙමා ගොඩ ඉස මුහුද වියලා දරු පැටියන් ඇර ගන්නා පිණිස උත්සාහ කරමියි කීහ.

එබස් අසා ශක්‍ර දේවේන්ද්‍රයා කියනුයේ එම්බා ලෙහෙණානනි, නුඹ තිරිසන් යොනියෙහි උපන්න හෙයින් නුවණ මදව නොදන්න මුත් මේ මහා සමුද්‍රය නම් සතිස්ලක්ෂ දසදහසක් තුන්සිය පණසස් යොන්නක් වට ඇත්තේය. සුවාසු දහසක් යොදුන් ගැඹුර ඇත්තේය. මෙසේවු මහ මුහුද වලිගය තෙම තෙමා ගොඩ ඉස ඉස දිය නිම වන්නේ කවර කලකින්ද? එසේ හෙයින් තිරිසන් යෝනියෙහි උපන් ක්‍ෂූද්‍රප්‍රාණි වූ නූඹ වැන්නවුන් තබා බලසම්පන්න වූ දිව්‍ය බ්‍රහ්ම මනුෂ්‍යාදීවූ යම් කිසි අනුභාව සම්පන්න මහා පුරුෂයෝ සියෙක් දහසෙක් කෙළෙක් වී නමුත් සෘඞි ආදීවූ ආනුභාවයෙන් නැතිව තමාගේ ශක්ති යෙන් මේ මහ මුහුද දියකඳ ඉස නිමවාගත නොහෙතියි කීහ.

එවිය අප බෝසතාණෝ එබසට ඔහුට කියන්නාහු එම්බල පුරුෂ ුයාණනි, නුඹසේම කීපදෙනෙකුන් ලදහොත් මහ මුහ්ද ඉස්නා තබා කවර නම් කාරියක් සිඬකොට ගත නොහැක්කේද? නුඹ කරන කථා වෙන්ම සිත ඇති වීව්‍ර්‍ය වත්කම් ප්‍රකාශ විය. එසේ හෙයින් නුඹවැනි නිරුත්සාහ කුසීතයන් හා සමග කථාකොට දැන් කාලය විනාශ කිරීම අප වැන්නවුන්ට සුදුස්සෙක් නොවෙයිත එහෙයින් මෙතැන මද වීගසකුත් නොසිට වහා නික්ම යවයි කීහ.

එවිට ශක්‍රදෙවෙන්ද්‍ර තෙම සිතනුයේ මෙබඳු අසද්‍රශවූ වීය්‍ර්‍යවත් මහා පුරුෂයන් විසින් සිතු කාරිය සිඞකොට දුන මැනවයි සිතා තමාගේ ශක්‍රාත්ම භාවයෙන් පෙනී සිට බෝධිසත්වයන්ගේ දරු පැටියන් ගොඩ ලා දෙමින් අභිමතාථර්‍ථය සිඬ කෙළේය.

එසමයෙහි කලන්දකට උපන්නේ අප බුදුරජාණන් වහන්සේය.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

549 කොකාලික ජාතකය
547 කුම්භිල ජ‍ාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.