Skip to main content

544 විතිය කොසිය ජාතකය

බුදුරජාණන් වහන්සේ දෙවරම් වෙහෙර වැඩ වසන සේක් කොසොල් රජු ඇරබ දේශනා කර වදාළ සේක. කොසොල් රජ පසල් දනව් සංසිඳවීම පිණිස නුසුදුසු කාලයෙහි නික්මුනේය. ඒ නුසුදුසු බව ප්‍රකාශ කිරීම වස් බුදුරජාණන් වහන්සේ අතීතය ගෙනහැර දැක්වූසේක.

මහරජ, පෙර බරණැස් රජ නොකල්හි නික්මී උයනෙහි කඳවුරක විසීය. එකල්හී එක් බමුණෙක් උණ පඳුරකට පිවිස සැඟවූනේය. කපුටු රැලක් පැමිණ නික්ම යනවිට ඌ අල්වා ගැනීමට හාත්පස පිරිවරා සිටියහ. ඌ හිරු බැසයාම නොබලා කලින්ම නික්ම පැනයාමට පටන් ගත්තේය. ඉක්බිති කපුටෝ ඌ පිරිවරා ගෙන තුඩින් කොටා බිම හෙළුහ. රජ බෝසතුන් අමතා පණ්ඩිතය, කුමක් හෙයින් මේ කපුටෝ බකමූණා බිම හෙළුවාහුදැයි විචාලේය. බොසත් තෙම මහරජ, නොකල්හි තමන්ගේ වසන තැනින් නික්ම යන්නාහු මෙබඳු දුක් ලබත්මට. එහෙයින් නුසුදුසු කාලයෙහි තමන් වසන තැනින් නික්ම යාම නුසුදුසුයයි කියා මෙසේද කීය.

සුදුසු කාලයෙහි නික්මයාම යහපත්ය. නුසුදුසු කාලයෙහි නික්මයාම යහපත් නොවෙයි. නුසුදුසු කාලයෙහි නික්ම ගොස් කිසියම් අත්‍ර්‍ථයක් සිදු නොකර ගනී, බොහෝ ජනයා හුදකලාවූ ඔහු විනාශ කරන්නේය. කපුටෝ බකමූණා විනාශ කලාක් මෙන් සුදුසු කාලය හා සුදුසු ප්‍රදේශය දන්නාවූ නුවණැත්තා අනුන්ගේ දෝෂය අනුව යන්නේ තමන් සියලු සතුරන් වසඟ කොට සැපවත් වන්නේය. සුදුසු කාලයෙහි නික්ම නිදිගත් කවුඩන් නාසා සුවපත් වන බකමූණා මෙනි. රජතෙම බෝසතාණන්ගේ වචනය අසා නැවතුනේය.

බුදුරජාණන් වහන්සේ මේ ජාතකය ගෙනහැර දක්වා නිමවා වදාළ සේක. එකළ රජ දැන් අනඳ තෙරුන්ය. පණ්ඩිත ඇමති නම් බුදුරජාණන් වහන්සේය.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.