Skip to main content

522 මහාජනක ජාතකය

සර්වඥ රාජෝත්තමයන් වහන්සේ ජේතවනරාමයේ වැඩ වාසය කරන සේක්. නෛෂ්ක්‍රම්‍ය පාරමිතාවඅරභයා මේ ජාතකය වදාල සේක

බුදුරජාණන් වහන්සේ මහාභිනික්මන් කළ නියාව ගැන දිනක් දම්සභා මණ්ඩපයේ භික්‍ෂුන් අතර උපන් කථාවක් අරභයා මහණෙනි, මේ ජාතියෙහි මෙය පුදුමයක් නොවේ. පෙර නමුහු කළ නුවණැති සමයෙහි පවා රාජ්‍ය හැර මහභිනික්මන් කළෝ වේදැයි ඉකුත් වත වදාල සේක.

යටගිය දවස මියුලු රාජ්‍ය කළ මහාජනක නම් රජ්ජුරුකෙනෙකුන්ට අරිටුජනකය පොලෝජනකය යයි දරුවන් දෙදෙනෙක් වූහ. කල්යාමේදී අරිටුජනක කුමාරුවන්ට යුවරජු තනතුරද පොලෝජනක කුමාරුවන්ට සෙනෙවිරත් තනතුර දී මහාජනක රජ්ජුරුවෝ මියපරලොව ගියහ. එවිට අරිටුජනක යුවරජ්ජුරුවෝ රාජ්‍යයට පැමිණ සෙනෙවිරත්දූරයෙහි සිටි මල් රාජ කුමාරුවන්ට යුවරජ තනතුර දී දැහැමෙන් රාජ්‍ය කරන සමයෙහි එක් ැමාත්‍යයෙක් අරිටුජනක රජ්ජුරුවන්ට කියන්නේ ස්වාමීනී, ඔබගේ රාජ්‍යය යුවරජ්ජුරුවන් වහන්සේ පැහැර ගැනීමට උත්සාහ කරතියි කියා මුසා කිය බිඳපීය. රජ්ජුවෝ මූ නැවත නැවතත් කියන්නේ සැබවයි සිතා මල් රජ්ජුවන් දඟගෙයි ලැවූහ.
යුව රජ්ජුරුවෝ එහි බොහො පීඩා විඳිමින් සිතන්නාහු මාගේ බෑණන් කෙරෙහි වරදක් නොසිතූ මට මෙවැනි දුකක් විඳීමට සිදු විය. මම ඔහු කෙරෙහි තිදොරින්ම වරදක් නොකෙළෙමි. ඒ මේ සත්‍ය බලයෙන් මේ මා බැඳි දම්වැල් පිපිරී යේවායි සත්‍ය ක්‍රියා කරන්නාම ඒ පිපිරින. එතනින් පලා ගිය යුවරජ්ජුරුවෝ පිටිසර ගමක ඉද ඒ ගම මිනිසුන්ගේ සිත් ගෙන වාසය කරන්නේ ඒ බව දැනගත් රජ්ජුරුවෝ ඔහු කැටුව ඒමට පිරිස යැවූහ. එවිට ගම්වාසීහු එක්ව ඊට විරුද්ධව නැගී සිට අවට ගම්වල මිනිසුන් හා ගොස් මිනිසුන් හා ගොස් මියුළු නුවර වට කොට ගත්හ. මියුළු නුවරිනුත් සිව්රඟ සෙනඟින් යුත් අමාත්‍යයෙක් පැමිණ යුව රජ්ජුරුවන්ට එක් වූහ. යුව රජ්ජුරුවෝ රජ්ජුරුවන්ට කියා යවන්නාහු සමඟ මම සතුරු කමක් නැතිව සිටියදීත් මට සතුරුකම් කළ සේක. එහෙයින් මමත් දැන් සතුරු වීමි. එබැවින් මා සමඟ යුද්ධ හෝ කරව, රාජ්‍ය හෝ දුන මැනවයි කියා යැවූහ. අරිටුජනක රජ්ජුරුවෝ එපවත් අසා කෝපයට පත්ව යුධ කරවයි කියා යවා සේනාව සමෘද්ධ කොට තබා දරුගැබින් සිටි තම අග්‍රමෙහෙසිකාව ලඟට කැඳවා කියන්නාහු යුද්ධයෙන් පැරදුනහොත් තෙපි ගර්භය ඉඳුරා රැකගෙන දන්නා තැනකට පළා යවයි කියා විධානය කොට ගොස් යුද්ධ කොට තබා මල් පොලෝ ජනක රජ්ජුරුවන් අතින් මරණයට පත්වූහ.

එවිට අරිටුජනක රජ්ජුරුවන්ගේ උවමනා මුතු මැණික් ආදිය පැසක ලා ගෙන ඊ පිට කුණුරොඩු අසුරාගෙන කිළිටි වතක් ඇඳ ගෙන උතුරු වාසලින් පිටත්ව නම් පමණක් අසා ඇති කාලචම්පා නුවරට යෙම්යි සිතා නික්මුණාහ. බඩ පිළිසිඳී දරු ගර්භය නම් අප මහා බෝධිසත්වයෝය. මෙසේ ගමන් පීඩාවට පැමිණි සිටි බිසව දුටු සක්දෙව් රජ මහළුවෙසකින් රථයක් අරගෙන අවුත් නාගචම්පා නම් නුවරට යන්නෝ ඇත්දැයි කියා බිසවුන් කරා රථය ලං කළේය. බිසව නොකැමෙත්තෙන් ස්වාමීනි, මම දරුගර්භයක් ඇත්තෙක්මි. මේ පැස පමණක් රථයෙහි තබා මම පයින් එන්නෙමි කීය. එවිට ශක්‍රයෝ කියන්නාහු මා හා සමාන රථ පදවන්නෙක් මේ දඹදිව නැත. නොබියව නැගෙවයි නංවාගෙන පෙරවරු තිස්යොදුනක් ගොසින් බිසවට පලා බත් මුලක් දී රථයෙහිම සැතපෙන්ට සලස්වා පස්වරු අනිත් තිස් යොදුන ගෙවා කාලචම්පා නුවරට වන්හ. බිසව පිබිද තිස් පැයකින් සැට යොදුනක් ගෙවීම තැන පුදුමයට පත්ව ළඟ මගකින් ගෙනාමියි ශක්‍රාගේ බස් අසා සතුටුවූවාය. බිසව නුවර ශාලාවක නැවැත්වූ ශක්‍රයා දෙව්ලොව ගියහ. එනුවර ප්‍රසිද්ධ බ්‍රාහ්මණයෙක් පන්සියයක් තම ශිෂ්‍ය මානවකයන් පිරවරා ජලස්නානය පිණිස ශාලාව අසලින යන්නේ බිසව දැක කුසහොත් බෝසතුන්ගේ ආනුභාවයෙන් නැගෙණිය යන සඥාවක් ඇතිවී ඉතා ප්‍රසන්නව පිරිස මඟ නවතා තුමූ ශාලාවට පැමිණ සියළු තොරතුරු විමසා බිසවත් දරු ගර්භයත් රකිමියි සිතා ඈ කැටුව ගොස් තම සොයුරියක් බව අඟවා තම බැමිණිය ලවා සියළු උවටැන් කරවූහ. මේ නියායෙන් කල් යවන අවස්ථාවේ උපන් බෝසත් කුමරුට “මහජනක”යයි තම මුත්තනුවන්ගේ නමම තැබූහ. කුඩා කුමරුවා බොහෝ කුමාරවරුන් එක්ක කෙළිනා ගමනේ දබරයක් වූ විට පියා නැති පුතා යයි අන් කුමාරවරු මහජනක කුමාරයට කවටකම් කරන්නාහ. බෝධිසත්වයෝ මෑණියන් කරා ගොස් එපවත් කියා බොහෝ ඇවටිලි කොට තම පියා ගැන අසා ගත නොහී එක් දිනක් කිරි බොන පරිද්දෙන් තනය කටේ දමාගෙන මගේ පියා කවුදැයි සත්‍ය වශයෙන් දන්වන තුරු තනය නොහරිමියි තදින් විකා ගත්හ. එවිට බිසව වේදනාව ඉවසා ගත නොහී ආදී වූ දෙය තත්වූ පරිද්දෙන් කීවාය. බෝධිසත්වයෝ එබස් අසා රාජ ධෛය්‍ර්‍යයෙන් නිහඬව ඉතා උනන්දුවෙන් උගතමනා ශිල්ප ශාස්ත්‍රය ඉගෙන සොළොස් හැවිරිදි වූ කළ මෑණියන් ලඟ තිබූ මුතු මැණික් වලින් භාගයක් ඉල්වාගෙන සම්පත් ලබනු සඳහා වෙළඳුන් සත් සියයක් හා කැටුව නැවත නැගී යාත්‍රාවට නික්මුණාහ. එදවසම පොලෝ ජනක රජ්ජුරුවෝත් ගිලන් බවට පැමිණියහ. මහා ජනක කුමාරයන් නැගි නැව සැඩ පවන් වේගයෙන් සත් දවසින් සත් සියයක් යොදුන් දිව මුහුද මධ්‍යයෙහි නැව නසින්නට වන් අවස්ථාවේ මස් කැස්බෝ නැවටම කොට ගත්හ. එවිට බෝධිසත්වයෝ ගිතෙල් සහ හකුරු බඩපුරා කා පිළි සඟලක් තෙලින් තෙමා තර කොට ඇඳ ගිතෙල් මුළු ශරීරයෙහි ගල්වා කුඹ අගට නැගී මියුළු නුවර දිසාව බලා ඉස්බක් දුර පැන්නාහ. එදවසම පොළෝජනක රජ්ජුරුවෝ පරලොව ගියාහ. බෝධිසත්වයන් දින හතක් මුහුදෙහි පීනා හත්වන දින අහස මැද සම්පූර්ණ චන්ද්‍රයා දැක අටසිල් සමාදන්ව පීනන අවස්ථාවට මහ මුහුද රැකවලෙහි යෙදුණ මණිමේඛලා නම් දෙව්දුව මහා බෝසතුන් කරා ගොස් වීය්‍ර්‍ය ගැන ඉතා ප්‍රසංසා කොට පුතකු මෙන් දෑතින් වඩා තුරුළු කොට ගෙන මියුළු නුවර මඟුල් සල්වට මත්තේ වැදහොව දේවතාවන්ගේ ආරක්ෂාව සලස්වා තමාගේ විමාණයට ගියාය. පොලෝ ජනක රජ්ජුරුවන ස්වර්ග ස්ථවන අවස්ථාවේ ඇමතියෝ ගෝස් දේවයන් වහන්ස, නුඹ වහන්සේගේ සීවලී නම් දියණියන් හැර අන් රාජ කුමාරයෙක් නැත. එබැවින් නුඹ වහන්සේගේ අයාමෙන් රාජ්‍යය කවුරුන්ට සලසමෝදැයි විචාළහ. එවිට රජ්ජුරුවෝ
සීවලීයගේ සිත්ගත් කොනෙකුට හෝ
සිව්රැස්යානේ ඉස්දොරපාමුල දැනගත් කෙනෙකුට හෝ
දායක් දෙනා අදින මාගේ දුන්න ඇදපු කෙනෙකුට හෝ
සොළොස්මහා නිධානය තිබූ තැන් දැන ගන්නා කෙනෙකුට හෝ රාජ්‍යය දෙවයි කීහ.
එවිට අමාත්‍යයෝ සොළොස්මහා නිධාන හඳුනා ගැනීමට සඥ ඇද්දැයි විචාළහ. එවිට රජ්ජුරුවෝ ඒ නිධානය සඟවා කියන්නාහු
ඉර නැගෙන තැනය
ඉර බසින තැන්ය
ඇතුළය
පිටත
මධ්‍යයෙහිය
නැගෙන තැනය
බස්නා තැන්ය
සල්ගස් අතරේ සතරේක
අවටින් යොත්නත් මධ්‍යයෙහි එකෙක
දළ ගෙහිය
වළගෙහිය
කෙබුකෙහි එකෙක
සල්ගස් අග එකෙකැයි මෙසේ සොළොස් නිධා පෙන්වාදී ස්වර්ගස්ථ වූහ.
රජ්ජුරුවන්ගේ ආදාහන කෘත්‍යයෙන් පසු එක් රැස් වූ අමාත්‍යවරු සීවලී බිසවගේ අභිප්‍රාය දතමනාවේදැයි සිතා පළමුකොට සෙනෙවිරදුන් යවූහ. ඔහු දුටු බිසව මුගේ ධෛය්‍ර්‍ය බලන්ට උවමැනවයි සිතා චන්ද්‍රිකා ශාලාව වටේ දුවවයි කීහ. ඔහු මානයට දිව ලඟට වැදින. තම පය අල්ලවයි නැවත විධාන කොට එසේ කළ කල්හි ලමැදට පයින් ඇන හෙල බෙල්ල අල්ලා ඉණින් පාතට දමාපිහ. එවිට සෙනෙවිරදුන් මුදලිවරුන්ගේ ගෙට ගොස් බිසව යකින්නක් හා සමානව තමාට කළ ගැහැට කියා ගියහ. එබස් අසා අමාත්‍යයෝ එසේ වී නම් මම බිසවුන්ගේ හිත ලබමියි වෙන වෙනම ගොස් බිසවගෙන් පාරකා ගියාහ. මෙසේ සත් දිනක් ගියවිට රජ දරුවන් නැති රාජ්‍යය යහපත් නොවන්නේ ය. ඒ බැවින් පුස් රථය ඇර පින් ඇති කෙනෙකු ලබමුයයි එය සරසවා පඤ්චකකුධ භාණ්ඩ එහි තබා සිව්රඟ සෙනඟ ඇතිව මන්ත්‍රය පුරවා රථයට පැන් ඉස පින් ඇති කෙනෙකු වෙත යේවායි රථය යවූහ. එය රජමාලිගාව සහ නුවර තුන්විට බැගින් ප්‍රදක්‍ෂිණා කොට මඟුල් උයන බලා නික්මිණ. එවිට අමාත්‍යයෝ රථය තම තමන්ගේ ගෙවල් කරා එතියි බලාසිටි මුත් එය උයන බලා ගොස් බෝසතුන් වැදහොත් සලවට ගාවට ලඟාවී නුවරට මූණලා බෝසතුන් දිසාවට පිටිපා සිටියේය. එපිට පුරෝහිත බ්‍රාහ්මණයා ගොසින් පාද ලක්‍ෂණ බලා මුළු දඹදිව රජ කරන්නට හේතු සම්පත් දැක ආරාධනා කොට සුවඳ පැනින් නාවා අභරණින් සරසවා රුවන් රැසක් පිට සිටුවා අභිෂේක කොට නුවරට කැඳවා ගෙන ගියහ. බෝධිසත්වයන් වහන්සේ මාලිගාවෙි විසිතුරු බලමින් බිසෝ ගෙට ගියහ.

රජ්ජුරුවන්ගේ තේජසින් උන් තැනම සිට ගත නොහැකි වූ බිසව වහා පෙර ගමන් කොට අත අල්ලා තමන්ගේ වාසස්ථානය ඇරගෙන ගියාය. රජ්ජුරුවෝ සතරස් යානාව දැක ඉස තිබු රන් මුද්ද ගලවා බිසවුන් අතට දුන්හ. ඈ එය ගෙන ඉස්දොර තිබුවාය. එවිට රජ්ජුරුවෝ ඉස්දොර දැන අමාත්‍යයන් අමතා සීවලී බිසව තමා ලත් නියාව පහදා යාන ඉස්දොරත් පෙන්වා දහසක් දෙනා ඇඳලන දුන්හ. යානාපිටම සිටම ඇද පෙන්වා නැවත සොළොස් නිධාන පෙන්වන්නේ ඉරනැගෙන තැන නිධානය නම් පසේ බුදුන් වහන්සේ පිඬුසිඟා පැමිණ වැඩ සිටිනා තැනය. ඉර බස්නා තැන නිධානය නම් පසේ බුදුන්ට පසු ගමන් කොට රජුන් නතරවුන තැනය. ඇතුළේ නිධානය නම් එළිපතින් ඇතුළය. පිටත නිධානය නම් එළිපතින් පිටතය. මධ්‍යයේ නිධානය නම් එළිපත මධ්‍යයේය. ගස් සතර මුල නිධානය තම සල් දණ්ඩෙන් කල යාන කකුල් සතරයට නිධාන සතරය. අවටින් යොත්නෙක නිධානය නම් යහන් කකුල් සතර මධ්‍යයෙහි නිධානයය. නැඟෙන තැන නිධානය නම් ඇතුනැගෙන තැනය. බටතැන නිධානය නම් ඇතුන් බස්නා තැනය. දළ අග නිධානය නම් ඇතුන්ගේ දළතිබු ඡායායෙහි නිධානයය වලග නිධානය නම් මඟුලසාගේ වල්ග ඡායාවෙහි නිධානයය. කෙබුකෙහි නිධානය නම් මඟුල් පොකුණ මධ ්‍යයෙහි නිධානයය. සල්ගස අග නිධානය නම් මධ්‍යාන වේගාවට ඡායා අග වැටුන තැන නිධානය කියා මෙසේ සොළොස් මහ නිධාන පෙන්වා උඩ නංවා දැක්වූහ. මෙසේ දැහැමින් සියළු දෙනාගේ සිත්ගෙන දශරාජ ධර්මයෙන් වාසය කරන රජ්ජුරුවන්ට දාවව සීවලී බිසවුන් කුමාර කෙනෙකුන් වැදුහ. ඒ කුමාරයාට දිඝායු කුමාරයෝයි නම් තබා සොළොස් හැවිරිදි කලට යුවරජ තනතුර දුන්හ. දිනක් රජ්ජුරුාේ මහාසේනාව පිරිවරා ඇතු පිටින් උයනට ගොස් එන්නේ පල දෑරු රුකක් සැපසේ ද තිබෙනු දැක ඊට හේතු කිම්දැයි ඇමතියන් අතින් විචාළහ. එවිට අමාත්‍යයෝ කියන්නාහු දේවයන් වහන්ස, පළදැරු වෘක්ෂය විනාශයට පැමිණියේය. නොපලදා වෘක්ෂයට කිසි හානියක් නොවීයයි කීහ. එබස් අසා රජ්ජුරුවෝ සිතන්නාහු සම්පත් ඇතිවීමෙන් වන්නාහු හානිය අඹ ගසට වූවාක් මෙනැයි සම්පත් නැතිව සැපසේ තපස්කොට ජීවත්වීම නොපලදා අඹ ගස මෙන් විනාශයට පත් නොවන්නේයැයි සිතා උඩුමහලට ගොස් බිමට නොබැස සත් මසක්ම තපස් රැක්කාහ. මේ බව දැනගත් මහ ජනයා මහත් සේ ඝොෂා කරන්නට වූහ. රජ්ජුරුවෝ ඒ කිසිවක් නොසිතා මෙතරම් සම්පත් රැසක් අත් හැරදා කවරදා මහණ වෙම්ද කවරදා තුන් සිවුරු පාත්‍ර ධරව පිඬු සිඟා ඇවිදිමිද කවරදා රුක් මුල හිඳ භාවනා කොට මහණ දම් පුරමුදැයි සිත සිතා ඉන්නාහ.

එසමහෙයි මනුෂ්‍යයන්ගේ පරමායුෂ දසදහසක් අවුරුදුය. රජ්ජුරුවන්ගේ ආයුෂද සත් දහසක් ඉක්ම ගියේය. එහබැවින් රජ්ජුරුවෝ මෙහි තවත් ඉඳීමෙන් කවර වැඩෙක්දැයි රහසින් පාත්‍ර සිවුරු ගෙන්වා ගෙන හිස කේ කපා මහණ වෙස්ගෙන මටවූ සැපය. සොඳනියායයි සිතා දෙවන දවස මහ භිනික්මන් කෙරෙමියි ඉණින් පහතට බසිමින් උන්නේය. ඒ වේලාවට සීවලී බිසව සත් සියයක් බිසෝ වරුන් පිරිවරා රජ්ජුරුවන් දැකීම සඳහා උඩුමහලට නැගෙන්නාහු මහණ වෙසින් බසින රජ්ජුරුවන් නොහැඳින පසේ බුදුනැයි සිතා වැඳලා උඩු මහලට ගොස් රජ්ජුරුවන් ගේ කෙස් වැටිය හා රන් ආභරණ දැක දැන් බැස ගියේ රජ්ජුරුවන් වහන්සේ යයි සිතා වහා බැස විලාප කියමිනන් දුව ගොස් රාජාඞගනයෙහි යන රජ්ජුරුවන්ගේ පාමුල අක්‍ෂා වැටුනාහ. නුවරවාසි හුද බිසොවරුද අමාත්‍යයෝද අඬමින් ගමන වලක්වන්නට දැරූ තැන නොබලා නික්මි යොදුන් හැටක් පමණ ගියහ. සීවලී බිසවද කැටිව මහහ සේනාවද පසු එන්නාහ එදින හිමාල වනයෙහි දින හතක් ධ්‍යාන සැපයෙන් දවස් යවා නැගී සිටි නාරද තාපසයන් වහන්සේ මෙවැනි උතුම් සැපතක් ලබා ගැනීමට තවත් පපතන්නෙක් ඇවිද්දැයි දිවසිනන් බලා මහජනක රජ්ජුරුවන් තාපස වේසය ඇරුගෙන එන්නවුන් දැක උන් කරා ගොස් උන්ට සතර බඹ විහරණ පඤ්වසෘඬි අෂ්ටසමා පත්ති උපදවාගෙන බඹලොව යන සේ අවවාද කොට තමා වසන්නා වූ ගල් ගුහාවට ගියාහ. ඉක්බිති මිගාරජින නම් තාපස කෙනෙක්ද මෙසේ ධ්‍යානයෙන් නැගී සිට රාජ තාපසයන් කරා අවුත් තොරතුරු අසා අනුශාසනා කොට වැඩියහ. එවිට සීවලී බිසවුන් වහන්සේ පැමිණ ස්වාමිණි නුඹ වහන්සේ මහණ වූ කල මම කුමක් කෙරෙම්දැයි විචාරා තොපත් රාජ සම්පත් හැර මහණ වනුවැයි කියා රාත්‍රී ගසක් මුල මෛත්‍රී භාවනා කරමින් කල් යවා සීවලී බිසවට සේනාව සමඟ එන්ට සලස්වා නික්මී රැහැණි නම් නුවරට ගියහ. ඒ වේලාවට එක් බල්ලෙක් කෑමට පිලිස්සු මස්කැටියක් අරක්කැමියකුගෙන් සොරා ගෙන එන්නේ රාජ තාපසයන් හා බිසවුන් අතර දමා දිවපීය. තාපසයන් වහන්සේද මස් කැටිය තමන් පාමුල එලාපු හෙයින් කැපය කියා පාත්‍රයට ගෙන පැන් පාසු තැනකට ගොස් වලදන්නට වූ කලට බිසවු කියන්නාහු ස්වාමිනි දින කීපයක් කුස ගින්නේ පසු වුවත් බලු ඉඳුල් අනුභවය රාජ ගෞරවයට කැලලක් නොවේදැයි කරුණු කීවාය. එවිට රජ්ජුරුවෝ ආහාර කැප වීම පමණක් ම විනා ගෞරවයක් නොපතමි කියා වලදා පාත්‍රය සොදාපුූ සේක.

නොබෝ වේලාවකින් දෙදෙනාම ඇතුළුනුවරට යන්නාහු එක් කුමාරිකාවක් අතක වලලු දෙකක් හා එක් අතක එක් වල්ලක් තබා ගෙන කෙලින් වී වලලු දෙක ඇති අත අඬන්නේය. එක වලල්ලේ අත නාඬන්නීය. බෝධි සත්වයෝ ඒ දැක සීවලී දේවී මා කැටිව ඒමෙන් මෝඩ ජනයා නින්දා බස් උපදවයි. ඊට කුඩා කෙල්ලම දොස්කියන්නීයැයි කෙල්ල අමතා තොපගේ එක් අතක වලලු අඬන්නේ අනෙකේ වලලු නාඬන්නේ මන්දැයි විචාලහ. එවිට ඈ කියන්නී ස්වාමිනී වලලු දෙක තිබු හෙයින් එක් අතෙක් අඬන්නේය. අනෙකේ එක වලල්ල නිසා නොහඬන්නේයැයි කීහ. එසේහෙයින් රජතුමනි, රජ සැප හැර තියා තනිව ගොස් තපස් කරතොත් විනා බිසවුන් වූ සමඟ මේ කිම්ද කිව. එබස්අසා සතුටුව විසවුන්ට කියන්නාහබිසවුනි මට නින්දා නොකරවා මේ මඟින්පලා යව. අද පටන් තොපි මට බිසෝ කෙනෙක් නොවෙව මම තොපට ස්වාමි කෙනෙක්ද නොවෙමි. කියා අවවාද කොට පිටත් කර හැරිය මුත් ටික දුරක් ගොස් දුක ඉවසා ගතනොහි ආපසු පැමිණ එක්ව නුවරට වන්හ. පසු දින වීතියෙහි පිඩු සිඟා යන්නේ ඊ වඩුවකුගේ ගෙදරට පැමිණියාය. ඊ වඩුවා කාඩියේ ඊ දඬු ගල්ව ගල්වා එක ඇසකින් ඊ දණ්ඬ ඇඳ මඩින්න වුන් දැක බෝධිසත්වයෝ විචාරන්නාහු ඇයි තා එක ඇසින් ඊ දන්ඬ ඇඳ අරින්නේ කුමක් නිසාදැයි විචාරන්නා. දෑසින්බැලුවවොත් නොපෙනෙයි. එක ඇසින්බැලුවොාත් පෙනෙයි කියාත් නැවත අවවාද කියන්ී නුඹ වහන්සේ තනිව තපස් කළ මැනවයි කීහ. බෝධිසත්වයෝ පාසු තැනකදී වළදා සීවලී බිසවුනි, තෙපි රඳවයි කියා නික්මුණාහ. එසේ කීවත් එක්වම එන බිසව බලා තණ පදුරක් අතින් කඩා බිසවුනි මේ කැඩුන තණ දෙමිට එක්වේ. නමුත් තොප හා මා එක්වීමෙක් නැත. තෘෂ්ණාව අලෙනි රඳවයි කීහ. එවිට බිසව ශෝකය ඉවසා ගත නොහි මුර්චඡා වී මුනින් වැටුනාහ. ඒ අවස්ථාවේ රජ්ජුරුවෝ වහා වලට වැද හිමාලයට ගොස් තුන්දහසක් අවුරුදු ඝෝර තපස් කොට බඹ ලොව උපන්හ.

සීවලී බිසවුන් පස්සේ පැමිණි අමාත්‍යයෝ බිසවුන්ට පැන් ඉස සුවපත් කළහ. බිසවුන් නැගී සිට අමාත්‍යයන් අතින් රජතුමා කොයිදැයි විචාරා වටපිට බලා නොදැක වියෝ වූ තැන එක් දාගැබක්ද ඊ වඩුවාගේ දොර එක් දාගැබක්ද කෙල්ල දුටු තැන දාගැබක්ද මස් කැටිය වැලඳු තැන දාගැබක්ද මිගාරජින සහ නාරද තාපසවරු දෙදෙනා හමුවූ තැන් වල දාගැබ් දෙකක් ද බඳවා මියුළු නුවරට අවුත් දිඝායු කුමාරයන්ට ඔටුනු පලදවා රාජ්‍ය භාරදී සීවලී බිසවු තමා ම මඟුල් උයනේ මහණව කිසුනු පිරියම් භාවනා කොට කම් වූ පරිදි මිය පරලොව ගියාහයි වදාරා මේ ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි මණිමේඛලා දිව්‍ය ස්ත්‍රිය නම් උපුල්වන් මහස්ථවිරිය මිගාරජින තාපසයෝ මුගලන් තෙරුන් වූ අතර දැන් සැරියුත් තෙරුන් වුයේ එදා නාරද තාපසයන් වහන්සේය. වැලි කෙලි කුමාරිකාව නම් දකුණත් සවු වු ඛේමා කුමාරිකාවයි. ඊ වඩුවා නම් ආනන්ද ස්ථවිරයෝය. සීවලී බිසව යසෝදරා මහ ස්ථවිරියන් වූ අතර දිඝායු කුමාරයි වූයේ රාහුල මහ ස්ථවිරයෝය. එම මවුපිය දෙදෙනා වූයේ මෙකල ම මව්පිය දෙදෙනාමය. රාජ්‍යශ්‍රී හැර අභිනික්මන් කළ මහාජනක රජ්ජුරුවෝ නම් දැන් තිලෝගුරු බුදුරජාණන් වහන්සේය.
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.