Skip to main content

508 අලම්බුසා ජාතකය

තිලෝගුරු බුදුරජාණන් වහන්සේ දෙවිරම් වෙහෙර වැඩ වසන සේක් පළම් හරන ලද ස්ත්‍රීයක කෙරෙහි ලෝහ ඉපද වූ භික්ෂුවක් අරභයා මේ ජාතකය වදාළ සේක.

නිධාන කථාව:- තමගේ නොකැමැත්තෙන් බුදුන් හමුවට ගෙන ආ ඒ භික්ෂුව අතින් මහණ, සැබෑද තොප පුරාණ දූතිකාව කෙරෙහි ලෝභ කෙළේදැයි විචාරා සැබවයි කී කල්හි එම්බා මහණ, මේ ස්ත්‍රීය තොපට අනර්ථව යෙදුනේ දැන් පමණක් නොවෙයි, පෙරත් ඈ නිසා ධනයෙන් පිරීහි තු අවුරුද්දක් මුළුල්ලෙහි විසඥව වැදහෙව සිහි ලැබගෙන මහ හඬින් හැඬුයේ වේදැයි ඉකුත්වත වදාළ සේක.

ජාතක කථාව:- යටගිය දවස බරණැස බ්‍රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්‍යය කරන කල්හි කසීරට බමුණු මහසල් කුලයක ඉපිද වැඩිවිය පැමිණ සිල්ප හදාරා වනගතව පැවිදිවූ එක් තාපසයෙක් වීය. ඒ අසළ වාසය කළ එක් මුවදෙනක් තාපසයන් මුත්‍රා කල ස්ථානයක තුබු තණ අනුභව කොට පැන්බී පමණකින් තාපසයන් පිළිබඳ දරු ගැබක් හටගෙන එතැන් පටන් පන්සල සමීපයෙන් පිටත නොගොස් සිටීන්නී කල්යාමෙන් කුමාරයකු වැදුවාය. තාපසයෝ ඒ කුමාර යන් කෙරෙහි පුත්‍ර ස්නේහය උපදවා ඉසිසිඬඟ තාපසයෝ යයි නමක් තබා මනාකොට ඇතිදැඩි කොට වැඩිවිය පැමිණි කල්හි තමාම ශිල්ප උගන්වා පැවිදිකොට තමන්ගේ මහළු අවස්ථාවෙහි තාපස කුමාරයන් වද කැටුව නාරිවාහන නම් වනයට ගොස් එහි පිපියාවූ මල්කැන් දක්වා පුත, මේ හිමාලයෙහි මල් හා සමාන ස්ත්‍රීහුනම් ඇත. උන්ගේ වසඟයට ගියහොත් මහත් විනාශයට පත්වන්නේය. එබන්ඳන්ට වසඟ නොවීය යුතුයයි අවවාද කොට සිට ටික දිනකින් මියගොස් බඹ ලොව උපන්හ. එකල ඉසිසිඞ්ග තාපසයෝ ධ්‍යාන උපදවා ඝොරවූ උන්ගේ තේජසින් ශක්‍රභවන උණුව ගියේය. ඒ බව දුටු ශක්‍ර දේවේන්ද්‍රයෝ “මොහු උග්‍ර ගපස් රැක මාගේ ශක්‍ර පදවිය අදුරා ගත හොත් නපුගයි වරදවා සිතා තාපසයන්ගේ සීල භෙද කරනු පිණිස දිව්‍යාඬගනාවක් යවමියි අදහස් කොට දෙව්ලොව හැමතැනම බලන්නාහු අලම්බුසා නම් දෙවඟන ඊට සුදුසුයි නියමකොට ඈ අමතා උග්‍ර තපස් කම් කරන ඉසිසිඞ්ග ළඟට ගොස් තොපගේ මායමින් ඔහුගේ ශීල භෙදකොට දෙව්ලොවට එන මාර්ගය වලකවයි කීහ.
අලම්බුසාව මුලදී එය නොඉසු නමුත් ශක්‍ර දේවේනද්‍රයාගේ ඇවටිල්ල නිසා එය පිළිගෙන ඉසිසිඞග තාපසයන්ගේ පන්සලට ගොස්, අළුයම ධ්‍යානයෙන් නැගී සිට ගිනිහල් ගෙය අමදනාවූ තාපසයන් කරා පැමිණ ස්ත්‍රී විලාස දක්වමින් අභිමුඛයෙහි සිටියාය. තාපසයෝ ඈ දැක විචාරන්නාහු විසිතුරු ආභරණ වලින් සැරසී ඕසධී තාරකාවක් මෙන් බබළන තී කවර දිව්‍ය නිකායකට අයත් දිව්‍ය ස්ත්‍රියක්ද තොපගේ ශොභාමත්වූ අඟ පසඟ දැකීමෙන් මාසිත බැඳි ගියේය. තී කවරෙක් දැයි විචාළහ. එවිට ඈ කියන්නී තපස්වීන් වහන්ස, ඔබගේ සිත මා කෙරෙහි බලවත්ව ඇළුන බැවින් විචාරන්ට කල් නොවෙයි, වහාම එනු මැනව. අපි දෙදෙනා එක්ව වැළදගෙන පංචකාම රතියෙන් අභිමරණය කරම්හයි කියා තාපසයන්ව ඉක්මන් කරවනු සඳහා තමා ආ මඟටම යාමට පිළිපන්හ. ඈ යතියි සිතු තාපසයෝ වහා දිවගොස් ඇගේ කෙස් වැටියෙන් අල්ලා ගත්හ.

අලම්බුසාව වහා හැරී තපස්වී වැළඳගත්තිය. එකෙනෙහිම තාපසයන්ගේ ධ්‍යාන අන්තර්‍ධන විය. බ්‍රහ්ම චාය්‍ර්‍යාවෙනුත් චුතවුහ. ශක්‍රයන්ගේ අදහස්ද ඉටුවීය අලම්බුසාව ඉටුවූ සීල භෙදය නිසා ප්‍රීතියට පැමිණ තාපසයන් වැළඳගෙන සිටම අප දෙදෙනාට සැතපෙන පිණිස යහනක් එවුසේක් වීනම් යහපතැයි සිතන්නී අලංකාර ස්වර්ණ ෂය්‍ර්‍යඞකයක් එවුහ. ඈ එහි හිඳ ඉසිසිඬග තාපසයන් තමා ලෙහිලා දරාගෙන මිනිස් ගණනින් තුන් අවුරුද්දක් එසේම සිටියාය.
ඒ කාලය මුළුල්ලෙහි තපස් වී විසඥ භාවයට පැමිණි සිටියහ. මේ තුන් අවුරුදු කාලය අලම්බුසාවට එක් මොහොතක් තරම්වත් කාලයක් නොවීය. තුන් වර්ෂය ඉක්මී සිහිය යථා තත්වයට පත්වේගෙන එන අවස්ථාවේ තපස්වී අතපය සොළවා පුබුදින්නට පටන්ගත් කල්හි ඒ බව දැනගත් අලම්බුසාව යහන අතුරුදහන් කොට තොමෝත් අතුරරුදහන් වූවාය. තාපසයෝ පිබිදී වටපිට බලා වර්ෂ තුනක් මුළුල්ලෙහි වල් බිහිවී මල් පිපී ගිය අවට බලා තමාගේ සීලය විනාශ භාවයට පත්වූ බැවි දැන මහ හඬා කඳුළු වැගුරූහ. මෙතෙක් කල් හෝමයත් මන්ත්‍ර පිරීමත් නොකළෙමි. ගිනි දෙවියාට පූජාත් පිරිහෙළිමි. මෙතෙක් කල් කුමක් වූයේදෝයි මහත් හඬින් විලාප කියන්නට වූහ. ඒ වාක් විලාප අසා අලම්බුසා සිතන්නී ඉදින් මා එහි නොගියේ නම් ඔහු මට දොස් තවන්නාහ.
මම ඔහුගේ ශිල භේදය කළබැව් කියමියි සිතා එහි ගොස් තලස්වීන් වහන්ස, ඔබගේ ශිලය භෙද කරනු පිණිස ශක්‍රයන්ගේ නියමයෙන් පැමිණි මම ඔබව පොළඹවා මාගේ වසඟයට පමුණුවා ගෙන ශිල භෙදයට පැමිණවිමි, මාගේ ශරිරස්පර්‍ශයෙන් මත් වූ ඔබ මෙතෙක් කල් කිසිවක් නොදත්තේයයි කීවාය. එබස් ඇසු තාපසයෝ පියා දුන් අවවාද සිහිකොට මහත් ශෝකයට පැමිණ මාගේ් ජීවත්වීමෙන් කකවර ප්‍රයෝජනයක්ද මරණයට හෝ පැමිණෙමි. නැත්තම් නටුවාවු ධ්‍යාන නැවත උපදවා ගනිමියි සිතා වීය්‍ර්‍ය වඩා නැවත ධ්‍යාන ඉපදවූහ එකල්හි තපස්වීන්ගේ තේජසින් ධ්‍යාන ඉපදවූ නියාව දැන අලම්බුසාව භයින් ත්‍රසත්ව වහා පැමිණ ශක්ර්‍‍රයන්ගේ ඉල්ලීම පිට කළ වරදට ක්ෂමාව ලබාගෙන දෙපය අල්ලා වැඳ පැදකුණු කොට ගියාහ. ශක්‍රයෝ ඈ දැක ඉතා සතුටුවව කැමති වරයක් ගනුවයි කීහ. ඈ වර ගන්නී නැවත තපස්වී කෙනෙකුගේ සීල භෙදය කරනු සඳහා තමාව මතු නොයවන ලෙසට පොරොන්දු කරවා ගන්නා වරයක් ලබා ගත්තාය.

එසමයෙහි අලම්බුසාව නම් මේ පූරාණ දූතිකාවය, ඉසිසිඞග තාපසයෝ නම්මේ උකටලී භික්ෂුවය. අවවාද දුන් තාපසයෝ නම් තථාගතයන් වහන්සේය.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.