Skip to main content

49 පුණ්ණපාතී ජාතකය

තවද එක් සමයෙක්හි අෂ්ට පර්ෂිත් හි අකම්ප්‍ය වූ ඥාන ඇති සර්වඥයන් වහන්සේ දෙව්රම්වෙහෙර වැඩ වසන සේක් විෂ යොදනලද සුරාවක් අරබයා මේ ජාතකය වදාළ සේක.

එක් සමයෙක්හි සැවැත් නුවර වාසය කරන්නාවූ සුරා ධූර්තයෝ එකතැනකට රැස්ව කියන්නාහු අපගේ සුරා මිල ක්‍ෂය වූයේය. කෙසේ මිල ලබමුදෝයි කියා මන්ත්‍රණය කළාහුය. ඉක්බිත්තෙන් එක් කක්ෂි ධුර්තයෙක් කියන්නේ තෙපි නහමක් නොසිතව එක් උපායෙක් ඇත්තේය යි කිය. කවර නම් උපයෙක්දැයි කී කල්හි අනේපිඬු මහා සිටානෝ අංගුෂ්ටමුද්‍රිකාව පැළඳ මට සිලිටු වස්ත්‍ර හැඳ පෙරවරු රජහට උපස්ථානයට යන සේක. අපි සුරා පාත්‍රවල්හි විසංඥ කරණ පිණිස බෙහෙත් බහා සුරා පාන ශාලාව සදාහිඳ අනේ පිඬු මහසිටානන් එන කල මහා සිටානෙනි මෙසේ එවයි කියා කැඳවා ගෙන්වා ඔහු සුරාපානය කරවා විසංඥවුවහුගේ අගුෂ්ට මුද්‍රිකාව ද වස්ත්‍රයන්ද ගෙණ රාම්ලකරමිහයි කියේය. ඒ අසා සූරාධුර්තයෝ ඔහුගේ වදනය යහපතැයි පිළිගෙණ එලෙසකොට සිටානන් එනකල්හි පෙර මගට ගොස් ස්වාමීන් වහන්ස මෙතනට අවමැනව මෙතන අපගේ සමීපයෙහි ඉතා මනෝඥ වූ සුරා තිබෙන්නේය. ඉන්මදක් පානය කොට යවයි කීවාහුය. සෝවාන් ඵලයට පැමිණීයා වූ ආර්යශ්‍රාවක වූ අනේපිඬු මහසිටානෝ කවර හෙයකින් සුරාපානය අනුභව කරණසේක්ද, නොකමැතිවූසේක් වනාහි මේ ධූර්තයන් පරීක්ෂා කරන්නේමි සිතා ඔහුන්ගේ සුරාපාන භූමියට ගොස් ඔහුන් ගේ ක්‍රියාව බලා මේ රහ මොවුන් විසින් මෙනම් කාරණකයින් යොදන ලදැයි දැන අද මෙතැන් පටන් මේ ධූර්තීන් මෙතනින් එලවන්නෙමි සිතා කියනසේක් කොල දුෂ්ට ූවූ ධර්තයෙනි තෙි සුරාපාත්‍රවල්හි බෙහෙත් බහා ආව උන් පානය කරවා විසගිඥා කරවා කොල්ල කම්හයි සිතා සුරාපාන මණ්ඩලය සරහා උන්නාහුද?. උදක් මේ සුරාවර්ණනාකරවුද?. තොප අතුරෙන් එකෙක්ද ඔසවා පානය කරන්නට උත්සහ නොකරන්නේය ඉදින් මේ සුරා විෂ යොදන ලද්දේ වීනම් තොපි පානය කරවයි කියා ඒ ධූර්තියන් භය ගන්ව එතනින් එලවා තමාගේ ගෙට ගොස් ධුර්තියන් විසින් කරණ ලද කාරණාව සර්වඥයන් වහන්සේට දන්වමි සිතා ජේතවනාරාමයට ගොස් දැන්වූසේක. සර්වඥයන් වහ්නසේ වදාරණ සේක් ගෘහපතිය දැන්වනාහි ඒ ධුර්තියෝ තොප වංචා කරණු කැමති නුවුවාහුය. පෙරත් නුවනැත්තවුන් වංචාකරණු කැමති වුවාහුමයයි වදාරා අනේපිඩූ මහසිටානන් විසින් යාච්ඥා කරණ ලද්දාහු ඉකුත්වත් කථාව දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍ය කරණ කල්හි අප මහබෝසතානන් වහන්සේ බරණැස සිටාන කෙනෙක් වූසේක. එකල්හිද මේ ධූර්තයො මෙම ක්‍රමයෙන් මන්ත්‍රණය කොට සුරාවෙහි විශයොදා බරණැස සිටානන් එනකල්හි පෙරමගට ගොස් මෙපරිද්දෙන්ම කිවාහුය. බරණැස සිටානෝ නොකැමතිව ඒ ධුර්තයන් පරික්ෂා කරනු කැමතිව ගොස් ඔවුන්ගේ ක්‍රියාව බලා මෙනම් දෙයක් කරණු කැමැත්තාහ ඔවුන් මෙතනින් එලවන්නෙමියි සිතා කියනසේක් පින්වත් ධුර්තයෙනි සුරාපානය කොට රජවාසභවනයට යන්ට නුසුදුසුය රජ්ජුරුවන් දැක නැවත එනකල්හි දැනගතිමි. තෙපි මෙතැන්හිම හිඳුවයි කියා රාජ සේවය ගොස් නැවත ආසේක. ධූර්තියෝ එන්නාවු සිටානන් දැක ස්වාමින් වහන්ස මෙතනට එවයි කිවාහුය. ඔහුන්ගේ වචනය අසා එතනට ගොස් විසයොදා තිබෙන රා පාත්‍රය බලා මෙසේ කීසේක. පින්වත් ධර්තියෙනි තොපගේ ක්‍රියාව මට නොරුචි වන්නේය. තොපගේ සුරා භාජනවල් පිරු පරිද්දෙන්ම තිබෙන්නේය. තෙපි හුදෙක් සුරා වර්ණනාකරහු නොම පානය කරන්නාහුය. ඉදින් මේ සුරා මනාපෙවුයේවී නම් තෙපිත් පානය කරන්නාහුය. මේ සුරාව වනාහි විෂයොදා වන ලද්දේ වනැයි කියා ඔහුන්ගේ මනොරථය බිඳවනසේක් මෙසේ වදාළ සේක. සුරාපාත්‍රවල් මායන කළ මෙන් පිරිතිබෙන්නේය. මේ සුරා වර්ණනා කථාවක් පවතීද හෙද අනිකක්මය. ඉදින් මේ සුරා මනාපවීනම් තෙපි පානය කරන්නාහුය. පානය කළොත් අඩුපාත්‍ර තිබෙන්නේය. තොපගෙන් එක්කෙනෙකුන් විසිනුදු සුරාපානය නොකරණ ලද්දේය. එසේහෙයින් මේ සුරාපානය යහපත් නොවන්නේය. විෂයොදවන ලද්දේ වනැයි කියා ධූර්තියන් භයගන්වා නැවත මෙබන්දක් නොකරවයි කියා තැතිගන්වා එතැනින් එළවූසේක. අප මහ බෝසතානන් වහන්සේ ජිවිතාන්නය දක්වා දානාදී පින්කම් කොට කම්වූ පරිද්දෙන් මියපරලොව ගියසේක. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ධර්මදේශනාව ගෙණහැර දක්වා වදාරා ජාතක ධර්මය නිමවා වදාළසේක.

එසමයෙහි ධූර්තියෝ දැනුදු ධූර්තියෝ වුවාහුය. බරණැස් සිටුව උපන්නෙම් වනාහි තිලෝගුරු සම්‍යයක් සම්බුදු රජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.
උපුටාගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.