Skip to main content

482 භික්කා පරම්පර ජාතකය

තවද ශාක්‍යකුල තිලකවූ දසබලධෘරීවූ ගෞතම ගොත්‍රයෙහි උපන් සම්මාසම්බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි එක් කෙළෙඹි පුත්‍රයක්හූ අරභයා මේ භික්ඛා ප්‍රම්ප්‍රා ජාතකය ගෙණහැර දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

ඒ කෙළෙඹිපුත්‍රතෙම ශ්‍රඬා ඇත්තේය, තුනුරුවන් කෙරේපණ බුදුන්ටද භික්ෂු සංඝයාටද නිරන්තරයෙන් සත්කාර සම්මාන කරන්නේය, ඉක්බිති එක් දවසක් සිතන්නේ බුද්ධරත්නයටද, සංඝරත්නයටද ප්‍රණීත භෝජන දීමෙන් ද සිහින් පිළි දීමෙන්ද බොහෝ සත්කාර කෙළෙමි, දැන්වනාහි ධර්ම රත්නයට සත්කාර කළ මැනවැයි සිතා ඒ තෙම බොහෝ ගඳ දුම් මල්පහණ් ගෙන්වාගෙණ දෙව්රන් වෙහෙරට ගොස් බුදුන්වැඳ එකත්පසව ඉඳ ස්වාමිනී ධර්මරත්නයට සත්කාර කරනු කැමැත්තෙමි, ධර්මරත්නයට සත්කාර කරන්න වුන් කලමනා කවරේදැයි බුදුන් අතින් විචාළේය. ඉක්බිති බුදුහු ඉඳින් ධර්ම්මරත්නයට සත්කාර කරනු කැමැත්තෙමි වී නම් ධර්ම්මභාණ්ඩාගාරික වූ ආනන්ද ස්ථවිරයන්ට සත්කාර කරවයි වදාළ සේක. එද යහපතැයි මුදුනෙන් පිළිගෙණ අනදමහතෙරුන් වහන්සේට ආරාධනා කොට පසුදවස මහත් වූ පූජාසත්කාරයෙන් ගෙට වඩාගෙණවුත් මහත්වූ ආසනයෙහි වඩාහිඳවා සුවඳින් මලින් පූජා කොට අනඝි රසමසවුලෙන් යුක්තවූ ආහාරය පිළිගන්වා මාහැඟිවූ පිළිතුන් සිවුරට සෑහෙනපරිද්දෙන් පිළිගැන්වීය.

තෙරුන්වහන්සේ ද මේ සත්කාරය ධර්මරත්නයට කරනලද මට සුදුසු නොවෙයි විහාරයට ගෙණවුත් දම් සෙනවි සැරියුත් මහතෙරුන්වහන්සේට සුදුසුයැයි ඔබටපිළිගැන්වූ සේක, ධර්මයට කරන ලද සත්කාරය, ඒ සෙයින් මට සුදුසු නොවේ. ඒකාන්.යෙන්ම ධර්මස්වාමීවූ බුදුන්ට සුදුසුයයි පිළිගැන්වූ සේක. බුදුවූ තමන් වහන්සේට උත්තම කෙණෙකුත් නැති හෙයින් පිඬු වළදා සිවුරු පිළිගත්සේක. භික්ෂුන් වහන්සේ දම්සභාවෙහි කථාප්‍රවෘත්තනය කරණසෙක් අසෝ කෙළෙඹි පුත්‍ර තෙම ධර්මරත්නයට සත්කාර කෙරෙමි කියා අනදමහතෙරුන්වහන්සේට දන් දුන, ඔහු තමන්ට නුසුදුසු යැයි ධර්ම සේනාධිපති ස්ථවිරයන්ට දුන්හ. ඔහු තමන්ට නුසුදුසුයැයි බුදුන්ට පිළිගැන්හුහ, බුදුහු තමන් වහන්සේට උත්තර කෙණෙකුන් නැති හෙයින් ආහාර පිළිගෙණ වදාළ සිවුරු පිළිගත්සේක මෙසේ ඒ දාන පරිත්‍යාගය සුදුසු තැනට පැමිණියේයැයි, කථා කොට උන් සේක බුදුහු කථා ප්‍රබන්ධය අසා වදාළා තුන්තරාගමනින් එක්තරා ගමනෙක ධර්මසභා මණ්ඩපයට වැඩ පණවන ලද උතුම් වූ බුද්ධාසන මස්තකයෙහි වැඩහිඳ මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනු දැයි විචාරා මෙනම් කථාවකින් යුක්තව උනුහයි කී කල්හි මහණෙනි දැන් මතු නොවෙයි පෙරත් ප්‍රම්ප්‍රාවශයෙන් නිසිතැනට පැමිණියේවේදැයි වදාරා ඒ භික්ෂුන් විසින් ආරාධිත වූ බුදුහු ඉකුත්වත් කථාව ගෙණහැර දක්වා වදාරාණසේක්,

මහණෙනි,
යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුත් සතර අගතියට නොගොස් දස රාජධර්මයෙන් වියෝනොව සතර සංග්‍රහවතින් යෙදී දැහැමින් රජ කරන්නාහුය. ඒ රජ්ජුරුවන්ගේ සභා ශාලා ආදිය සිස්ව ගියාක් මෙන් අයුක්ති පමුණුවන කෙණෙක් නැත්ල එතකුදු වුවත් ඒ රජ තමාගෙන් අගුණයක් සොයා ගන්නට උවමනැවැයි තමාගේ රජ ගෙයිද අන්තඃපුරයෙහිද ඇතුළු නුවරද පිටි නුවරද ගම්වලද නොයෙක් තැන් පරික්ෂා කොට තමන්ගේ නුගුණයක් කියන කෙණෙකුන් නැති හෙයින් තමන් සතු දීප දීපාන්තර වල පරික්ෂා කොට බලමීසිතා අමාත්‍යයන්ට රාජ්‍ය පාවා දී පුරෝහිතයා හා දෙදෙන තනිව අප්‍රසිද්ධ වේශයෙන් කශීරට ජනපදවල ඇවිදිනාහු තමන්ගේ නුගුණයක් කියන කිසි කෙණෙකුන් නොදැක පසල් දනව්වෙන් එක් නියම්ගමකට ගොස් පිටත ශාලාවෙක උන්හ.

එකෙනෙහි ඒ නියම් ගම් වැසි අසුකෙළත් ධන ඇති කෙළෙඹ් පුත්‍රයෙක් ස්නානය කරන්නට තොටට යන්නෙහි ශාලාවෙහි උන් රන්වන් වූ සිවුමැලි ශරිරඇති රජ්ජුරුවන් දැක උපදනා ලද බලවත් වූ සෙනහ ඇතිව ශාලාවට වැද මෙසේ ඉඳුවැයි කියා ගෙට දිවගෙන ගොස් නොයෙක් රසමසවුලෙන් යුක්ත වූ ආහාරය සම්පාදනය කොට මහපෙරහැරින් බත්මසුන් ගෙන්වා ගෙන ශාලාවට නික්මුණාහ. එකෙනෙහි හිමවත වසන්නාහු පඤ්වාභිඥ අෂ්ටසමාපත්තිලාභීහු තපස්වී කෙණෙහි එම ශාලාවෙහි උන්හ. ගඳ පහන් පවුවෙන් අවුත් පසේ බුදු කෙනෙකුත් එතැන්හිම උන්හ, කෙළෙඹි පුත්‍රයාණෝ ගස්තධෝවයේදී තලියෙහි රසමසවුලෙන් යුක්ත වූ ආහාරය පුරා රජ්ජුරුවන්ට දුන්හ. රජ්ජුරුවෝ ඒ ගෙන ගොස් පුරෝහිතයාට දුන්හ, පුරෝහිතයෝ ගෙන තපස්වීන්ට පිළිගැන්හුහ. තපස්වීන් තලිය ගෙන දකුණතින් කමඬලාව පැන්ගෙන පසේ බුදුන් කරා ගොස් දකුණතින් පැන් වත්කොට පාත්‍රයෙහි බත් පුරාලූහ, ඒ පසේ බුදුහු කිසිකෙණෙකුන් නොකැඳවාම කාත් නොවිචාරා වැළදුහ, ඉක්බිති කෙළෙඹි පුත්‍ර සිතන්නේ මා වසින් රජ්ජුරුවන්ට දෙන ලද රජ්ජුරුවෝ පුරෝහිතයාට දුන්හ, පුරෝහිතයා තපස්වීන්ට දුන්හ, තපස්වීන් පසේ බුදුන්ට පිළිගැන්වූහ, පසේ බුදුහු කාත්නොවිචාරා නොබැණ ඉඳ වැලදූහ, මුන් මුන්ට දෙන්ට කිමෙක් දෝහෝයි උන් නොබැණ ඉඳ වළඳන්නට කාරණා කවරේ දෝ හෝයි අනුක්‍රමයෙන් විචාරම් සිතා පලමු කොට රජ්ජුරුවන් කරා එළඹ

උතුම්වූ ප්‍රාසාදයෙහි කුඨාගාර අභ්‍යන්තරයෙහි අසුරන ලද සැප වූ ආස්ථරයන් ඇති ශ්‍රී යහන්හි සැතපෙන්නාහු සියුමැලි උතුම් වූ රූ ඇති කිසිම දුකකට අයෝග්‍ය වූ රජ්ජුරුවන් රමණිය වූ රාජ්‍ය හැර නිරුදක වූ වනයක් හා සද්‍රියවූ පසල් ගමකට පැමිණියා වූ නුඹ වහන්සේ කෙරෙහි ප්‍රේම උපදවා ගත්තා වූ මම රසමසවුලෙන් යුක්ත වූ පවිත්‍ර වූ සිනිඳු වූ ඇල්සාලේ බත පිළිගැන්වීමි. ඒ නුඹ වහන්සේ අනුභව නොකොට බමුණන්ට දුන් සේක. මහරජ නුඹට නමස්කාරවේවැයි ඒ කෙසේ ධර්මතාවෙක්දැයි විචාළාහ. ඉක්බිති රජ්ජුරුවන් කියන්නාහු කෙළෙඹි පුත්‍රය මේ බ්‍රාහ්මණ තෙම මට ශික්ෂා ඉගැන්වූ ආචාරීව සිටියේය. උභය ලෝකාත්ව සිද්ධකරන්නාවු යම් කටයුත්තක් විචාරා ගන්නට සුදුසුය. තවද මාගේ සියලු කෘතයෙහි ව්‍යවෘත්තය, එසේ හෙයින් ගරු වූ ගුණ ඇති ආචාරීහට භොජනය දෙනු කැමති වීමි කීහ.

ඉක්බිති කෙළෙඹි පුත්‍රයෝ පුරෝහිතයන් කරා එළඹ ගොයුම් ගෝත්‍ර ඇති පූජීත වූ පුරෝහිතයෙනි රජ්ජුරුවන් විසින් දෙන ලද රාජභොජනය තපස්වීන්ට පිළිගන්වන්ට කාරණා කිම්දැයි විචාළාහ. එසඳ බ්‍රාහ්මණයානෝ කියන්නාහු මම ගිහිගෙයින් වැස පුත්‍රදාරාදීන් පෝෂය කොට අපමණ සම්පත පිහිටා පඤ්චකාමානුභව කෙරෙමි, එහෙයින් මට භොජන ප්‍රතිලාභ අරුම එම්බල කෙළෙඹි පුත්‍රයාණෙනි මහත්වූ වල වසන්නාවු බොහෝ කලක් තපනිශ්‍රිත වූ ඉන්ද්‍රීයන් මැඩ භාවිතකරන ලද සුවසන්තාන උතුම් වූ තපස්වීහට භෝජනය ලැබීම ආයාසයේ දැක පිළිගන්වාපීමි කීහ. ඉක්බිති කෙළෙඹි පුත්‍ර තෙම තපස්වීන් කරා එළඹ දුර්වල නහරවැල් ඉපිළගිය සිරුරු ඇතිව වැඩී ගියා වූ කක්‍ෂ ලෝමයන් හා නිය ඇති මැලි වූ දත් ඇති රජස්ධූලීවගුල ඉසකේ ඇති තපස්වීනි හුදකලාව වසන්නාවූ තොපි ජිවිතයෙහි ශාංකාවක් නැති ජිවීත නිරපේක්ෂ වූ තොපට කවර ගුණයක් හේතු කොට ගෙන මේ භික්ෂුන් වහන්සේට පිළිගැන්වූදැයි විචාළාහ.

ඉක්බිති තපස්වී කියන්නාහු එම්බල කෙළෙඹි පුත්‍රය, කටුඅල මෙනල තල් කලන් කඳු ගෙඩිය අල ආදී වූ අල මුල් කැණ ගෙන තවද ගොඩ හමු දියසිටි තැන ඇති වූ කුඩා ගැරවුරු ඵල එයින් බිමට ගලපා හැර ගෙන කුළු වලින් පොලා හැරගෙන පැහැස ගෙන පිසගෙන තවද ව්‍යංජන සඳහා කරපළා ආදීවූ ශාඛාජාතිද නෙළුම්මලද නිමමීද සිංහ ව්‍යාඝ්‍ර ආදීන් කාහළ මස් කැබලිද කකාරාගෙන ජිවීකා ප්‍රවෘත්තිය පිණිස සුවපිල් රෝධීව ජීවත් වෙමි. එසේ විස හැර හැක්කාවු මම සහසථ පාවනයක් නැත්තා වූ රාග ද්වෙිශ මෝහා දී සකල ක්ලේෂ වීධ්වංශනය කළ පසේ බුදු වහන්සේට මා ලද්දා වූ භොජනය දිපියනු කැමති වීම් කීහ. ඉක්බිති කෙළෙඹි පුත්‍රයා පසේ බුදුන් කරා එළඹ මනා වූ ආචාර වෘත වූ නිශ්ශබ්දව හිඳිනාසුළුවූ පසේ බුදුන් විචාරමියි, සෘෂින් විසින් දෙනලද රසමසවුලෙන් යුක්තවූ සිනිඳුවූ ආහාරය පිළිගෙන කිසිකෙනෙකුනුත් මන්ත්‍රණය නොකොට නොබැණ ඉඳ වැළදූයේය. ඒ කවර ධර්මතාවෙක්දැයි විචාළාහ.

ඉක්බිති පසේ බුදුහු වදාරන සෙක් කෙළෙඹි පුත්‍ර තපස්වීද දකුණතින් පැන් ගෙන වමතින් භොජනය ගෙන දක්ෂිණෝදකය පිළිගැන්වූහ. මෙතැන් පටන්ගෙන අවසාන දක්වා ගුණෙන් උතුම් කෙණෙකුන්ට මේ භොජනය ප්‍රම්ප්‍රාවෙන් පැමිණ ආයේය. එසේ හෙයින් මමද මට මෙතැන් හි ගුණයෙන් වැඩි කෙනෙකුන් නැති හෙයින්ද නැවත දායක ව සිටි තොපනට හැම නිමන්ත්‍රණය කිරීමය, ප්‍රත්‍යනික පටිපදාවක ඇතුළත්ව පිණ්ඩ ප්‍රති පිණ්ඩයට ඇතුලත් වන හෙයින් එක් විසි අන්වේශණයට ඇතුලත් නොවු හෙයින් නොබැණ ඉඳ වැලදුමහයි වදාළහ.

එපවත් අසා කෙළෙඹි පුත්‍ර තෙම මහත් වූ සොම්නසට පැමිණ මීට පූර්වභාගයෙහි යම් තැනකට දුන් දානය මහා ඵල මහානිසංස වන්නේයයි නොදත්මි, සබඳ රජ්ජුරුවෝ රාජ්‍ය ලෝභය ඇත්තාහ, බ්‍රාහ්මණයෝ කෘත්‍යාකෘත්‍යයෙහි ව්‍යාවෘතයහ, සෘෂිවරහු පලා ඵලයෙහි ලෝභයහ, මේ බුදුහු කිසිදෙයකත් අලග්නයහයි සියලු භවයෙන් මිදී නිවන් පසක් කළහ. සතුටුව උදම් ඇණිය.

පසේ බුදුහු ඕහට ධර්මදේශණා කොට ස්වකීය ස්ථානයට වැඩපීය. තපස්වීන් එසේම හිමාල වනයට වැඩියාහ. රජ්ජුරුවෝ කීප දවසක් ඒ කෙළෙඹි පුත්‍රයාණන් ස්වමීපයෙහි වැස බරණැස්නුවරටම ගොස් දැහැමින් රාජ්‍ය කලේය. යනාදීන් බුදුහු මේ ජාතක දේශනාව ගෙනහැර දක්වා මහණෙනි, දැන් මතු නොවෙයි පෙරත් ශික්ෂාව නිසි තැනට පැමියේ වෙදැයි පූර්වාපරසන්ධි ගලපා, මහණෙනි එකල කෙළෙඹි පුත්‍රයාණන් ධර්මයට සත්කාර කළ කෙලෙඹි පුත්‍රයාය, එකල රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය, පුරෝහිතයා නම් සාරිපුත්ත ස්ථවිරයෝය, එකල්හි අභිඥාලාභී තපස්වීහු නම් දැන් ලොව්තුරා බුදුහු මම්ම වේ දැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.