අප සර්වඥ රජෝත්තමයන් වහන්සේ දෙවිරම් වෙහෙර වැඩ වසන සෙක් එම නුවරම වසන වළෙඳුන් පන්සියයක් අරභයා මේ ජාතකය වදාළ සේක.
ඒ වෙළඳුහු දිනක් බුදුන්ට මහදන්දී සරණ ශීලයෙහි පිහිටා පන්ියයක් ගැල්හා නික්ම වෙළදාමට යන්නාහු මහාකාන්තාරයකට පැමිණ පැන් නැතිව සයින් මුලාව ඇවිදිනා කළ නාගපරි ගෘහිතවූ නුග ගසක් දැක එහි ගැල් මුදාහැර ඒ ගස පැන්ඇතිව වැඩුන එක් ශාඛාවක්දැක එකතු ගසට නංවා එය කපාපීය. ඉන් තල් කඳක් පමණ වූ දිය කඳක් ගලා බැස්සේය. හැම පැන් බී දකුණු ශාඛාව කැපූහ. ඉන් නොයෙක් රස භෝජන පිටත්වීය. ඒ අනුභව කොට පශ්චිම ශාඛාව කැපූහ. ඉන් සර්වාකාරයෙන් සැරසුන් ස්ත්රීහු පිටත් වූහ. උන් හා සමඟ අභිරමණිය කොට උතුරු දිග ශාඛාව කැපූහ ඉන් සත්රුවක් නික්මිණ ඒවායින් ගැල් පුරවා ගෙන සැවත් නුවරට නැවත අවුත් ඒසම්පත් සඟවා තබා පුද පූජා ගෙන ජේතවනයට අවුත් බුදුන් වැඳබණ අසා දෙවන දවස් මහ දන්දී මේ පින් වෘක්ෂ දේවතාවට දෙම්හයි කියාතමා සම්පත්ලත් නියාව දැන්වූහ එවිට බුදුරජානන් වහන්සේ, තෙපි තෘෂ්ණා වසඟ නොවී සම්පත් ලබාගෙන ආවාහුය. පෙර තෘෂ්ණවට වසඟවූවෝ සම්පතින්ද ජීවීතයෙන්ද පිරිහුනේ වේදැයි ඉකුත් වත වදාළ සේක.
ඒ වෙළෙඳුන් සමූහය
යටගිය දවස බරණැස බ්රහ්මදත්ත නම් රජ කෙනෙක් රාජ්යකරන කල්හිඑනුවර නුවණැතිඑක්සාත්තු නාකයකු සමඟපන් සියයක් වෙළඳුමට යන්නේ නිධාන කථාවෙහි මෙන් පැන් නොලැබ ඇවිදින අතර එවැනි නුග ගසක් දැක පෙර සේම අතු කපා සියලු සම්පත් ලබා තවත් වැඩියෙන් සම්පත් ලැබීමේ බලවත් තෘෂ්ණාවෙන් ගස මුලින් සිඳ දැම්මේ අදහසින් පොරෝ ගෙන ඊට සුදානම් වූහ. එවිට සාන්තු නායක වෙළෙඳා පින්වත්තී, තොපට ජිවිතය පවා රැක ගැනීමට උපකාර වූ මේ ගස සම්පූරණ විනාශ කර දැම්ම මහත් අකෘතඥකමකි. නුවණැත්තෝ සෙවණ දුන් ගසක අත්තක් පවා සිඳ නොදමන්නාහ. එබැවින් මේ භයාණක ලාමක අකුසලය නොකරවයි දෙඅත් හිස තබා කීහ. ඒ නොඇසු අඥානයෝ ගස මුලින් කපන්ට වන්හ. මේ බව දුටු රජ්ජුරුවෝ මුන්ගේ අකෘතඥ භාවය දැක සාත්තු නායකයා හැර සියළු දෙනාවම ඇණබිඳ ජීවිතක්ෂයට පත්කොට දවා අළු මිටක් කොට පියවයි කීහ. නාගයෝ ඒ සියල්ල ඉටුකොට මනිස් වෙසින් අවුත් සාකත්තු නායකයාව ඒ සියළුම වස්තු ව සමඟ ගැල් පන්සියය බරණැස් නුවරටම කැඳවාගෙන ගොස් ඔහුගේ ගෙයි තැන්පත් කොට අවසර ඉල්ලාගෙන තම නාග භවනයටම ගියාහ.
එකල නාග රජ්ජුරුවෝ නම් දැන් සැරියුත් තෙරුන්ය. සාන්තු නායකව උපන්නේ බුදුරජාණන් වහන්සේය.
උපුටා ගැනීම – http://jathakakatha.lk/sinhala