Skip to main content

448 යුංජ්ජය ජාතකය

තවද මේ ජාතකය සත්‍වයන් ජාතිකාන්තරාදීන් තරණය කොට සාත්තුවක් වැනි වූ හෙයින් ශාස්තෘ නම් බුදුරජාණන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මහාභිනික්මන් අරභයා වදාළ සේක.

ඒ කෙසේද යත්,

එක් දවසක් දම්සභා මණ්ඩපයෙහි රැස්ව උන් භික්‍ෂූන් වහන්සේ, එම්බා ඇවැත්තනි ඉදින් සර්වඥයන් ගිහිගෙහි වසනසේක් වී නම් සියළු චක්‍රාවාට ගර්භයට නායකවූ සප්ත රත්නයෙන් සමන්විතව සෘධියෙන් සමන්විතවූ පුත්‍රයන් දහසක් පරිවාරකොට ඇත. සක්විති රජවනසේක, එසේවු ශ්‍රී විභූතියක් හැර කාමයෙහි ආදිනව දැක මධ්‍යම රාත්‍රිවෙලෙහෙි ඡන්න නම් අමාත්‍යයාගේ සභායෙන් කන්ථක නම් අශ්වරාජයාට නැගී මහබිනික්මන් නොඅවානම් ගංතෙරදී මහණව සාවුරුද්දක් දුෂ්කර ක්‍රියාකොට සර්වඥතා ඥානයට පැමිණ සේකැයි බුදුන්ගේ ගුණ කථාව කියමින් උන්සේක. එකල බුදුහු දිවකනන් අසා වදාරා තුන්තරා ගමනකින් එක්තරා ගමනකින් දම්සභා මණ්ඩපයට වැඩ ධර්මාසන මස්තකයෙහි වැඩ හිඳ මා එන්නට පුර්ව භාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා මෙනෙම් කථාවකින් යුක්තව උනුම්හයි කී කල්හි එඹා මහණෙනි බුදුහු දැන්මතු නොවයි පෙරත් මහබිනික්මන් නික්මුනෝ වේදැයි වදාරා එක්තරා භික්ෂූකෙණෙකුන් වහන්සේ විසින් ආරාධිතවූ බුදුරජානන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර තෙම උදය ජාතකයෙහි සුරුන්ධන නම් චුල්ල සුතසෝම ජාතකයෙහි සුදස්සන නම, සොනන්නද ජාතකයෙහි බ්‍රහ්මවර්ධන නම, ඛණ්ඩහාල ජාතකයෙහි පුෂ්වතීම නම් මේ යුවරජය ජාතකයෙහි රමේ නම් නුවරයක් විය. එහි සබ්බදත්ත නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්‍යය කරණ සමයෙහි උන්ගේ දහසක් පමණ පුත්‍රයෝ වන්නාහ. ඔවුන් හැමදෙනාට වැඩිමාළු පුතනුවෝ යුද්ධජ්ජය කුමාරයන්ට යුවරජදුන්නාහ. ඒ යුද්ධජ්ජය කුමාරයෝ එක් දවසක් උදෑසනක්සේ උතුම්වු රථයකට පැන නැගී මහත්වූ ශ්‍රී සමෘද්ධියෙන් උයන් කෙළියට යන්නාහු ඒ මග තණ අග මකුළුදැල් ආදියෙහි මුතුදැල් ආකාරයෙන් එල්ලෙන්නාවු පිණිබිංදු දැක යහළු රථාචාර්ය මේ කිමෙක්දැයි විචාරා දේවයන් වහන්ස මේ හිමකාලයෙහි වැටෙන්නාවු තුසාර බින්දුයයි යනු අසා දිවාමාන උයන් කෙළි කෙළ සවස් වෙලෙහි නැවත නුවරට එන්නාහු පිණිබිඳූ නොදැක රථාචාර්යයා අතින් ඒ නොපෙණෙන්ට කාරණාකිම්දැයි විචාරා දේවයන් වහන්ස ඒ පිණිබිදූ ඉරනැගී කල්හි සිඳි බිඳි යන්නේයයි කී කල්හි මේ සත්වයන්ගේ ජිවිත සස්කාරයත් තණ අග රැඳි පිනිබිඳූ පරිද්දෙන් අස්ථිරවන්නේයයි කල කිරීමට පැමිණ මා විසිනුත් ජාතිජරා මරණය යන මේ සියල්ලත් නොපෙණෙන තෙක් දෙමව්පියන් අනුදන්වා මහණවන්නට වටනේයයි තුශාර බින්දු අරමුණුකාෙට මේ භවත්‍රය ගිණිගෙණ දිලියෙන්නාවූ ගෙයක් මෙන් සිතා තමන්ගේ ගෙට ගොස් මනාකොට සරහන ලද ශාලාවෙහි උන්නාවු තමන්ගේ පියානන් සමීපයට ගොස් වැඳ එකත්පස්ව සිට මහණවන්නට යාඥාකරන්නාහු මෙසේ කියත්. මිත්‍රයන් හා අමාත්‍යයන් විසින් පිරිවරණ ලද රථොත්තමවු දේවයන් වහන්ස නුඹ වහන්සේ වැඳ දන්වමි මම මහණවනු කැමැත්තෙමි නුඹ වහන්සේ අනුදැන වදාළ මැනවැයි කීහ.

ඉක්බිති රජ්ජුරුවෝ ප්‍රතිෂේප කොට වලකා කියන්නාහු එඹා පුත තොපට ඉදින් පංචකාමයෙන් යමෙක් අඩුවිනම් මම ඒ සම්පුර්ණකොටලමි යමෙක් තොපව හින්සාවක් පිඩාවක් කරන්නේ වී නම් එයිත් මම වලකම් එසේ හෙයින් තොප මහණ නොවවයි කීය. එබස් අසා කුමාරයෝ කියන්නාහු දේවයන් වහන්ස මට පංචකාමයෙන් අඩුවෙකුත් නැත. හින්සාවෙක්කරණ කෙණෙකුත් නැත. බල එකෙක් නම් ජරා මරණ මාකරා නොඑන්ගෙන් පළවුම මම මට ප්‍රතිෂ්ඨාවක් කරණා කැමැත්තෙමි කෙසේවු පිහියෙක් ඇද්දැයි යතහොත් යම්විපයෙත් ජරාමරණ නැවති සොරහු නොපරීනම් එසේවු නිර්වාණ නැමති විපයට යනු කැමැත්තෙම් මා නොවැලකුව මැනවයි කීහ.මෙසේ පියානෝ පුතනුවන් වලක්නාවු පුතනුවෝ පියානන්ට යාඥාකන්නාහයි යනාදින් බොහෝ ප්‍රත්‍යපුකාර කොට නැවත කුමාරයෝ කියන්නාහු රථොත්තමවූ දේවයන් වහන්ස කාමයෙන් මත්වු කාම වශඟයට පැමිණි යාවු ජරා වසඟයට පමුණුවාද යම්සේ මම සර්වඥතාඥානය සමධිගමය කළ හෙන්නම් එපරිද්දෙන් මා නොවලකා මහණ වන්ට අවසර දුනමැනවැයි කීය. මෙසේ කී කල්හි රජ්ජුරුවෝ කිසිවක් මුවෙන් නොබැන උන්හ එකල කුමාරයන්ගේ මව් බිසව් පුතනුවන් පියානන් අතින් මහණවන්නට අවසර ඉල්වන නියාව අසා කුමක්කිව්ද දරුවෙනි කියමින් වියළුනාවු හෘදයවස්තුව හා මුඛ ඇතිව රන්සිවි ගෙයකට නැගී වහ වහා අධිකරණ ශාලාවට අවුත් පුතනුවන්ට යාඥාකරන්නාහු එඹා පුත තොපට යාඥාකොට වලකාකියමි මම තොප බොහෝ කාලයක් දැක දැක ඉන්නා කැමැත්තෙමි එසේ හෙයින් පුත යුද්ධජ්ජය කුමාරයානෙි තොප මහණ නොවවයි කිහ. ඒ අසා කුමාරයේ කියන්නාහු එඹා මැනියෙනි තණ අග පිණිබින්දු යම්සේ ඉරුනැගිකල්හි සිඳි බිඳි විනාශයට පැමිනේද එපරිද්දෙන්ම සත්වයන්ගේ ආයුෂයත් විනාශයට පැමිණෙන්නේය. එසේ හෙයින් මා නොවැලකුව මැනවැයි කීහ.

බිසවු මෙසේ කී කල්හි නැවතත් යාඥාකර පියා නන්ට කියන්නාහු රථොක්තමවු රජ්ජුරුවන් වහන්ස සංසාර කාන්තාරයෙන් එතරවන්නාවු මා වලකන මේ මාගේ මැනියන් වහා යානාවකට නැගි රජගෙට යන පරිද්දෙන් සම්මත කළ මැනවැයි කීහ. රජ්ජුරුවෝ පුතනුවන්ගේ බස් අසා බිසවුන්ට කියන්නාහු සොඳූර තොප වහා රන්සිවි ගේකට පැනනැගී රතිවර්ධන ප්‍රාසාදයට නැගෙවයි කීහ. බිසව රජ්ජුරුවන්ගේ බසට සිටියනොහි සිව්ගේකට පැනනැගී ස්ත්‍රිසමුහයා පිරිවරා ගොස් ප්‍රාසාදයට නැගී කුමකින් කුමක් වේදෝහෝයි විනිශ්චය ශාලාවේ දොර බලබලා සිටියාහ. බෝධිසත්වයෝ මෑනියන් ගියකල්හි නැවත පියානන්ට යාඥාකොට පියානන් වහන්සේ විසින් වැලකිය නොහි එසේ වීනම් තොපගේ මනෝ රථය බුදුන් පමුණුවා ගණුවයි අනුදත්කල්හි බෝධිසත්වයන්ගේ මනෝ රථය මුදුන් පමුණුවා ගණුවයි අනුදත් කල්හි බෝධිසත්වයන්ගේ මල්වු යුදිටසීල කුමාරයෝද පියානන් වැඳ පියානන් වහන්ස මට පැවිද්ද අනුදත මැනැවැයි අනුදන් වාගෙණ දෙබෑයෝම පියානන් වැඳ සමුගෙණ පංචකාමය හැර මහජනයා පිරිවරා විනිශ්චය ශාලාවෙන් නික්මුණාහ. බිසව් යන්නාවු බෝධිසත්වයන් දැක මාගේ පුතනුවන් මහණවුකල්හි මේ රම්‍ය නුවර සිස්වන්නේයයි අඬන්නාහ. එඹා වටකොට සිටිනා ස්ත්‍රින් සබ්බේ දත්ත පියරජ්ජුරුවන් විසින් අනුදන්නාලද මාගේ පුතනුවෝ තපසට යන්නාහ. උන් තපසට ගියකල මේ රම්‍ය නුවර සිස්වන්නේය. තොපි හැම වහා ගොස් වලකවයි කීහ. බෝධිසත්වයෝ තවම මහණව නොවුනාව දෙමව්පියන් වැඳ මලනුවන් යුධිටඨල කුමාරයන් කැඳවාගෙණ නුවරින් පිටත්ව මහජනයා වලකා හිමාලයවනයට වැද සිත්කළුවු තැනක පන්සල්මවා සෘෂිප්‍රවෘජ්‍යවෙන් පැවිදිව ධ්‍යානභිඥාවෙන් උපදවාගෙණ වනමුල් පලාඵලයෙන් ජිවත්වන්නාහු ආයුෂයාගේ කෙළවර බ්‍රහ්මලෝකයෙහි උපන්නාහුය. ඒ අර්ථය ප්‍රකාශ කරන්නාවු බුදුරජානන් වහන්සේ යුධිජජය යුධිට්ඨිලය යන කුමාරවරුන් දෙදෙන දෙමව්පියන් හැර මරහුගේ සංගමය සිඳ මහණවුවෝ වේදැයි වදාරා එඹා මහණෙනි බුදුහු මහබිනික්මන් කළේ දැන් මතු නොවෙයි පෙරත් මහබිනික්මන් කළෝ වේදැයි වදාරා මේ යුද්ධජජය ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි දෙමව්පිය දෙදෙන නම් දැන් මේ සුද්ධෝදන රජ්ජුරුවන් හා මහා මායා දේවිය. එසමයෙහි යුධිටඨිල කුමාරයෝ නම් දැන් මේ ආයුෂ්මත් ආනන්ද ස්ථවිරයෝය. එසමයෙහි යුඞජ්ජය කුමාරයෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.