Skip to main content

447 පාණිය ජාතකය

තවද මේ ජාතකය ශාන්තවූ දානාතවූ ගුණ ඇති බුදුන් වහන්සේ කේලේශ නිග්‍රහයක් අරභයා වදාළසේක.

ඒ කෙසේද යත්,

එක්සමයෙක්හි සැවැත්නුවර වැසි පන්සියයක් පමණ පුරුෂයෝ සර්වඥයන් වහන්සේගෙන් බණ අසා මහණ උපසම්පදා ලැබ විහාර සීමා ඇතුලේම වාසය කරන්නාහු මධ්‍යම රාත්‍රීවෙලේහි කාමවිතර්කයක් උපදවාහු මෙහි වර්ථමාන කථා යටකියන ලද්දා හා සදෘශවන්නේය. මෙහි බුදුන් නියෝගයෙන් ආනන්දසාමින් විසින් සංඝයා වහන්සේ රැස්කළ කල්හි බුදුහු පණවන ලද ධර්මාසනයෙහි වැඩ හිදී භික්‍ෂුකෙණෙකුන් වහන්සේ උදෙසා සාමාන්‍යයෙන් වදාරණසේක් එඹාමහණෙනි කේලශයෝ නම් ක්‍ෂුද්‍රයයි යන්නෙක් නැත. භික්ෂූන් විසින් නම් උපන්නාවූ කෙලශයන් එමවිටම නිග්‍රහමකටයුතුය. පුරාතණයෙහි නුවනැත්තෝ අබුද්ධෝපාද කාලයෙහි පවා කෙලශ නිග්‍රහ කොට පසේබුදුවුවෝ වේදැයි වදාරා එක්තරා භික්‍ෂුකෙණෙකුන් වහන්සේ විසින් ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි කසීරට එක්ගමෙක්හි යාළුවෝ දෙදෙනෙක් පැන් ලබූ දෙකක් ඇරගෙණ කුඹුරට ගොස් එක්තැනෙක තබා නියර ආදීවු දෙය කොටා පැන් පිපාසවු කල්හි පැන් තිබූ තෙනට ඇවිත් පැන් බී යන්නේය. එකල උන්දෙදෙනා අතුරෙන් එකෙක් පැන්බොන පිණිස අවුත් තමාගේ පැන් නොනසන පිණිස අනිකාගේ පැන් ලබ්බෙන් පැන් බී මෙහෙකොට සවස ගෙට යන පිණිස ගොස් එක්තෙනකින් නහා ගොඩනැගී සිට අද මාගේ කායවාරයෙන් කිසි පාපයක් පිරුනේදෝහෝයි සිතා පරීක්ෂාකොට සොරා පැන් බු නියාව දැන කලකිරිමට පැමිණ මේ මාගේ තෘෂ්ණ වඩනේ මා අපායට දමාපියන්නක් මෙන්ය. එසේ හෙයින් ලෝභ නිග්‍රහ කෙරෙමි සිතා සොරා පැන්බී මම අරමුනුකොට විදර්ශනා වඩා පසේ බුදු බවට පැමිණ තමන් විසින් ලබන ලද ප්‍රත්‍යෙක බෝධිඥාණය ආවර්ජනාකොට සිටියාහ. එකල බඳවු අනික් පුරුෂයා නහා ගොඩනැගී සිට ඇයි යහළු ගෙට යම්හයි කීය. එබසට පසේ බුදුහු වදාරණසේක් තොපි ගෙට යව මට ගෙන් ප්‍රයෝජන නැත අපි පසේබුදු වුනමැයි වදාළසේක.එබසට ඒ පුරුෂයා කියන්නේ පසේබුදුහුනම් තොපසේ නොවෙතියි කීය. පසේබුදුහු වදාරණ සේක් එසේකල පසේ බුදුහු කෙබඳූදැයි වදාළසේක. ඒ පුරුෂයා කියන්නේ පසේ බුදුන්ගේ දැගුල් මනා ඉසකෙස් වන්නේය. කාසය වස්ත්‍රය අඳිනේය. උතුරු හිමාලයෙහි නන්දමුලක නම් පබ්භාරයෙහි වසන්නාහයි කීහ. එකල පසේබුදුන් අතින් ඉසපිරිමැද ළූසේක ඒ ක්‍ෂණයෙහි ගිහිවේෂ අන්තර්ධානව මනාවු රන්වු සිවුර දෙපට අඳනා ලද්දේමවිය. විදුලියවන් පටිය බඳනා ලද්දේමවිය බුදුවද පෙත්තක් සමාන පැහැ ඇති පොරෝනා සිව්රද ඒකාංශයෙන්හි උරයෙහිම විය. මේඝවර්ණවූ පාංශූකුල සිව්ර කරණලද්දේම විය. මුන්වන්වූ මැටිපාත්‍රය වංඋරයෙහිම එල්වන ලද්දේම විය. මෙසේ ඒ පසේ බුදුහු ආකාශයෙහි සිට ධර්මදේශනා කොට නන්දමුල පබ්භාරයට වැඩිසේක. එසේම අනිකුත් කසිගම්වැසි එක් කෙළඹි පුත්‍රයෙක් සල්පිල උන්ගේ එක් පුරුෂයෙකු තමාගේ භාර්‍යාව ඇරගෙණ යන්නාහු දැක උතුම්වුරූ ඇති ස්ත්‍රියක ඉඳූරන් බිඳ ලෝභයෙන් බලා නැවත සිතන්නේ මෙලෝභයසේ මෙසේ වඩනේ වී නම් මා නරකහෙි ඵලන්නේයයි කලකිරී විදර්ශනා වඩා පසේ බුදුව ආකාශයෙහි සිට ධර්මදේශනා කොට නන්දමුලක නම් ගල්ලේනටම වැඩිසේක. තවද කසීගම්වැසි දෙපුතුපියන් එක්ව ගමනක් නික්මුණාහ.

එක් මහාවනයෙහි සොරු සිට දෙපුතුපියන් කෙණෙක් ලදුනම් පියා රඳවා ගෙණ තාගේ පියා වස්තු ගෙණවිත්දී ගලවාගත සිට පුතුයවන්නාහ. පුතු රඳවාගෙණ පියා යවන්නාහ, දෙබෑ කෙණෙක් ලදුනම් මළු රඳවාගෙණ බෑයා යවන්නාහ. ශිෂ්‍ය දෙදෙනකු ලදුනම් ගුරුන් රඳවාගෙණ ශිෂ්‍යා අරින්නාහ. ශිෂ්‍යතෙම ශිල්පලෝභයෙන් වස්තු ගෙණවිත්දී ගුරුන් ගලවාගෙණ යන්නේය. එකළ ඔහු දෙපුතුපියන් ඒ සොරු වන්මුඛයෙහි සිටියාදැක ඔවුනොවුන්ට පියානෝය පුතනුවෝයයි නොකියම්හයි කථිකා කොට සෙරුන්ට අසුව තොපි ඔවුනොවුන්ට කුමක් කියව්දැයි විචාළ කල්හි අපි කිසිනෑකමක් නැත්තම්හයිදැන බොරු කියා සොරුන්ගෙන් ගැලවි සවස නාහා ගොඩ නැගී සිට පුතනුවෝ තමන්ගේ ශිලය පරීක්ෂා කරන්නාහු තමන් කී බොරුව දැන මේ අකුශලය වඩනේ මා නරකයෙහි එලන්නේයයි මේ කේළශයට නිග්‍රහ කෙරෙමි විදර්ශනා වඩා පසේ බුදුව ආකාශයෙහි සිට පියානන්ට ධර්මදේශනා කොට නන්දමුලක පබ්භාරයට වැඩිසේක. තවද කසී ගම්වැසි එක් ගම්දෙටුවෙක් ප්‍රාණඝාත නොකරන්නේය. එකල බිලියම් කරණ පිණිස මහජනයා රැස්ව ගම්දෙටුවාට කියන්නාහු ස්වාමිනි අද බිලියම් කරණ දවසය එසේ හෙයින් අප ඇම ඌරන් මුවන් මරා බිලියම් කරම්හයි කීහ. එබසට ගම්දෙටුවානෝ කියන්නාහු පෙර තොප කරණ සැටියේ කරවයි කිහ. මනුෂ්‍යයෝද බොහෝ මච්ඡමාංශ දැක මේ සත්වයෝ මෙතෙක් ප්‍රාණ වධ කරන්නාහු මාගේ එකවචනය නිසාම කළහයි කුකුස්ව කවුළුදොර සිට විදර්ශනා වඩා පසේබුදුව ආකාශයට නැගී ධර්මදේශනා කොට නන්දමූලක නම් පබ්භාරයට වැඩිසේක.

තවද කසීගම් වාසී ගම් දෙටුවෙක් සැනකෙළි පිණිස එක්වු දනව්වාසීන්ට සුරාපානාදිය දී කෙළුහයි අවසරදී ඔහු රාබී මත්ව ඔවුනොවුන් මරා දණ්ඩනයට පැමිණියාහ. එකල ගම්දෙටුවානෝ ඒ බව දැක සිතන්නාහු මා නොකිවොත් මොහු මෙතෙක් දුක් නොවින්දෝ වේදැයි මෙපමණකින් කුකුස්කොට විදර්ශනා වඩා ප්‍රත්‍යෙක බොධිඥානය උපදවා මහජනයාට ධර්මදේශනාකොට ආකාශයට පැනනැගී නන්ධමුලක පබ්භාරයට වැඩිසේක. මෙසේ කල්යාමකින් පසේබුදුහු පස්දෙනා වහන්සේ එක්ව පිඬුසිඟාන පිණිස බරණැස් නුවර දොරට බැස මනාකොට හැඳ පෙරව ප්‍රසාදවහවූ යාම ඊමෙන් පිඬුසිඟා ඇවිදිනාසේක් රජගෙයි දොරකඩට පැමිණිසේක. රජ්ජුරුවෝ උන්වහන්සේලා දැක මහසතුටුව රජගෙට වඩාගෙණගොස් පයසෝධා සුවඳතෙල් ගල්වා මධුරවූ ආහාර පාණ වර්ගයෙන් සතප්පා එකත්පස්ව ඉඳ ස්වාමිනි නුඹ වහන්සේලා අභිවෘයෙහිමි පැවිදි හොබනේය. මේ වයසේම මහණවනසේක් කාමයෙහි කෙසේ ආදිනවයක් දැක කුමක් අරමුණුකොට වුසේක්දැයි විචාළසේක. එකල ඔබ හැමත් වෙන්වෙන්කොට වදාරණසේක් එඹා රජ්ජුරුවෙනි අපි දෙයාළු කෙණෙකුන් මෝ පැන් ලබුදෙකක් ඇරගෙණ ගොවිමේවරයට ගිය මෝ පිපාස කල එකෙක් ගොඩ නැගී පැන් බෝම්හ එකල මම මාගේ පැන් රක්නා පිණිස මිත්‍රයාගේ ලබ්බේ පැන් නොකියා බිපීම. ඒ අකුශලයෙහි කල කිරිය, මා පැවිදිවූයේයයි වදාළසේක. අනික් පාසේබුදුහු වදාරණසේක් රජ්ජුරුවෙනි මම පෙර ස්ත්‍රියක දැක ලෝභය උපදවා ඒ අකුශලයෙහි කිරි මෙබන්දක් නැවත මාකරා නොඑවයි කියා මා පැවිදිවුයේයි. වදාළ සේක.

තවද එක්කෙණෙකුන් වහන්සේ වදාරණසේක් පෙර අපි දෙපුතුපිය කෙණෙකුන්මෝ වනයෙහි සොරුන්ට අසුව විචාළකල්හි අපි නොනෑයම්හයි බොරු කිහ. ඒ අකුශලයෙහි කලකිරී මෙබන්දක් මාකරා නොවයි කියා මා පැවිදිවුයෙයි වදාළසේක. තවද එක්කෙණෙකුන් වහන්සේ වදාරණසේක් මහරජ පෙරමම ගම්දෙටුවක්ව දේවතාවන්ට බිලිදෙන පිණිස සත්වයන්ට ප්‍රාණඝාත කරන්ට අනුදක්කෙමි, ඔමු හැමදෙනාම බොහෝ ප්‍රාණඝාත කරන්ට අනුදක්කෙමි, ඔහු හැමදෙනාම බොහෝ ප්‍රාණඝාත කළාහ. ඒ දැක මානිසාවේද මෙතෙක් තිරිසනුන් නටුයේයයි ප්‍රාණඝාතයෙහි කලකිරි මතුමාකරා මෙසේවු අකුශලයක් නොවවයි කියා මා මහණවුයේයයි වදාළසේක. තවද එක්කෙණෙකුන් වහන්සේ වදාරණසේක් මහරජ පෙර මම ගම්දෙටුවක්ව සැනකෙළි දවසෙක බොහෝ දෙනාට අනර්ථයට කාරණාවු සුරාපානය බොන්නට අවසරදිනිමි. ඔහු ඇම රා බි මත්ව ඔවුනොවුන්ට හිංසා පීඩාකොට බොහෝ දෙන දණ්ඩනයට පැමිණියාහ. ඒ අකුශලය දැක නැවත මෙබන්දක් මා කරා නොඑවයි කියා මහණ වුයේයයි වදාළසේක. රජ්ජුරුවෝ පස්දෙනාවහන්සේම ධර්මය අසා සතුටුව සිවුරු පිළිඳ බෙහෙත් පසද පිළිගැන්වුහ. උන්වහන්සේලාත් රජ්ජුරුවන්ට අනුමෙවැනිබණ ධර්මදේශනාකොට නැවත වාසස්ථානයට වැඩි සේක. එදවස් පටන් රජ්ජුරුවෝ වස්තුකාමයෙහි කලකිරී ඇල්මක් නැතිව නොයෙක්රසයෙන් උතුම්වු ආහාරය අනුභවකොනොකට ස්ත්‍රින් හා බැණ නොනැසීම නොකැඳවා ශ්‍රියහන් ගබඩාවට වැඳ සුදුවූ භික්තිය බලා තිසුනුපිරි යම්කොට ධ්‍යාන උපදවා පංචකාමයෙහි නින්දාකරන්නාවු බොහෝ පසමිතුරන් ඇති පිළිකුල් දුර්ගන්ධවු මේ කයටනින්දාවේවයි මෙබඳුවු මම කාමයෙහි සෙව්නේම් මෙබදු ධ්‍යාන සැපයක් නොලබම්ද, එසේවු කාමයට නින්දාවේවයි කියමින් උන්හ,

ඉක්බිත්තෙන් බිසව් රජ්ජුරුවෝ පසේබුදුන්ගෙන් බණ කථා අසා කලකිරුණාවූ ස්වරූපයෙන්ද අප හා සමග කථානොකොට යහන් ගබඩාවට වන්හ. ඒ මා පරීක්ෂාකරන්ට උවමැනවැයි සිතා ශ්‍රි යහන් ගබඩාව දොරකඩට ගොස් කාමයට නින්දාකොට උදන්අනන්නාවු රජ්ජුරුවන්ගේ බස් අසා රජ්ජුරුවෙනි කාමයට නින්දානොකරව, කාම සැපසේවු සැපයෙක් ඇද්දැයි වර්ණනා කරන්නාවු රජ්ජුරුවෙනි මේ කාමය නම් මහත් ආස්වාද ඇත්තේය. කාමයට වඩනාවු එකද සැපයෙක් නැත. එසේ වු කාම සැපයට යමෙක් සිටියේ වී නම් සත්වතෙම අපායට නොගොස් සර්වගයෙහිම උපන්නේයයි කීහ. එබස් අසා රජ්ජුරුවෝ බිසවුන්ට රැහැනිව නැඟි සිටියාවු චණ්ඩාලිය කුමක් කියවුද, කාමයෙහි සැපයෙක් නම් කොයින්ද පෙරලෙන්නාවු ස්වභාව ඇත්තේයයි නින්දාකරන්නාවූ මේ කාමය ස්වල්ප සැප ඇත්තේය. කාමයට වැඩ දුකකුත් නැත. එසේ වුවේ වී නමුත් ඒ සත්ව තෙම නරකයෙහි උපදනේය.තවද නොකොට මුවහත් ගානාලද විෂපෙවු කඩුවක් යම්සේද ශස්ත්‍රයක් යම්සේද ලය එල්ලට බැඳ එල්ලන ලද්දේ යම්සේද කාමයත් එපරිද්දෙන්ම මහත්වුහය හා දුක් ඇත්තේය.

තවද පුරුෂ ප්‍රමාණයටත් වැඩි ගැඹුරුවු සාලගුරුවලෙක්හි හුනුවාවු සත්වයෙකුට දවසක් මුලුල්ලෙහි රත්කරණ ලද යකබලෙක්හි හුනු සත්වයෙකුට යම්සේ දුක්ද කාමය නම් ඊටත්වඩා දුක් ඇත්තේය. හලාහල විෂයෙන් යම්සේ කකියන තෙලක් යම්සේද පිරිගිය තඹ ලෝහාදිය යම්සේ සත්වයන් හුනුකල දුක්දේද මේ කාමය ඊටත් වඩා දුක් ඇත්තේයයි යනාදින් බිසවුන්ට ධර්මදේශනා කොට අමත්‍යයන් රැස්කරවා එඹා පින්වත් අමාත්‍යයෙනි තොපි ඇම රාජ්‍යය පිළිපදුව මම මහණවෙමි කියා අමාත්‍යයන්ට රාජ්‍යය පාවාදී මහජනයා හඬමින් වලපමින් සිටියදී නැගිසිට අවවාදකොට ආකාශයෙන් උතුරුහිමාලයට ගොස් සිත්කළු තෙනක පන්සල් මවා ඍෂි ප්‍රවෘජ්‍යාවෙන් පැවිදිව ආයුෂයාගේ කෙළවර ධ්‍යානයෙන් බ්‍රහ්මලෝකයෙහි උපන්නාහුය. සර්වඥයන් වහන්සේ මේ පාණි ජාතකය ගෙණහැර දක්වා වදාරා එම්බාමහණෙනි කේලශ නමි කුඩායයි නැත ස්වක්පමාත්‍රයකුදුව නුවනැත්තන් විසින් නිග්‍රහ කටයුතුයයි වදාරා චතුස්සත්‍ය ප්‍රකාශකොට වදාළ සේක.

ඒ ධර්මයන්ගේ කෙළමර පන්සියයක් භික්‍ෂූන් වහන්සේ රහත්වු සේක එකළ පසේ බුදුන් වහන්සේ පිරිනිවී සේක එකළ බිසව් නම් දැන් මේ රාහුල මාතාවෝය එකළ රජ්ජුරුවෝ නම් ලොව්තුරා බුදුවූ මම්ම යයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.