440 චක්ක කාක ජාතකය

තවද ශාක්‍ය කුල චිත්තමාණික්‍යවු තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ලෝභි භික්ෂූකෙණෙකුන් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

ලෝභිවූ භික්ෂූ කෙණෙකුන් වහන්සේ සර්වඥයන් වහන්සේට පෑ ගමනේ සැබව ස්වාමිනි තෘෂ්ණා වශඟයෙන් එඹා මහණෙනි මූ දැන්මතුනොවෙයි පළමුත් තෘෂ්ණා වශඟයෙන් ඇත්කුණු අදීවූ නොයෙක්කුණු ඇතිව තිබැද්දී හිමාලයවනයට ගොදුරු සොයා ගියේ වේදැයි ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත් නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි මෙම නුවර කපුටුවෙක් ඇත්කුණු මිණිකුණු ආදිවූ දෙය කා ඉන් තෘප්තියකට නොපැමිණ ගොදුරු සොයා වනාන්තරයට ගිය තැනැත්තේ එක්තරා විලෙක වාසයකරන්නාහු සක්වාලිහිණි යුගලයක් දැක කියන්නා සක්වායුගල තොපගේ ශරීරවර්ණය හා පැහැපත යහපත් වුයේය. පෙට්ටියන් පලායින් කණයින් මුදුමස් ආදීවු මාංශකන්නේවේද තොපගේ වර්ණය යහපත් වුයේයයි කීහ. සක්වා ලිහිණියෝ එවිට කියන්නාහු තොප කියන්නාවු ගොදුරු අප කන්නේ නැති සෙවෙල් ආදීවු දෙයයි කි කල්හි කවුඩුකියන්නේ තොප කීබස් අදහාගන්නේ නැත සෙවෙල් කා මෙසේ සෝභාවණී ඇතිවුකල මා කන්නේ මනුෂ්‍යයන් කැවමනා ළුනු ඇඹුල් ලා පිසුමාළු ආදිවූ කැවුම් ආදිවු රසභෝජනය මා කන්නේය. මා කෙසේවූ අවර්ණවුයේ කවර නිසාදැයි කීහ. එවිට සක්වාලිහිණි කියන්නේ තොප කවර කැවිලි කතක් භයින් කනහෙයින් හා කැවිලි තොපගේ හෘදය මාංශය උණුව තිබෙන හෙයින් වහාම දිරායෙයි නොයෙක් දෙනාගෙන් තොපට භය ඇතිහෙයින් කෑ කැවිලි ශරීරයෙහි ප්‍රත්‍යයට යන්ට නැතිව දා භස්මවන්නේය. අපට එසේවූ භයකුත් නැත. ඇමවෙලේ චිත්ත සන්තෝෂව තිබෙන හෙයින් ශරීරයේ ඡවිවර්ණයත් යහපත්වකෑ දෙයත් ප්‍රත්‍යය වන්නේය. අපට භයකුත් නැත. අපට විපාක කුමක් සිතුකෙණෙක් ඇත්නම් අන් තමන්ට විනා අපට වෙන අනාසයක් නැතිහෙයින් මෙසේ යහපත්ව වාසය කරම්හයි. වදාරා මේ කාක ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කවුඩානම් මේ භික්ෂූහුය. එසමයෙහි සක්වාලිහිණි නම් යසෝධරා ස්ථවිරය.එසමයෙහි සක්වාලිහිණියා නම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.