Skip to main content

437 කුක්කුහ ජාතකය

තවද විරාජමාන වූ සර්වඥයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි වධයට උත්තාහයක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් දවසක් දම්සභාමණ්ඩපයෙහි රැස්වූ මාළුවරුන් වහන්සේ දේවදත්ත ස්ථවිරයන් වහන්සේ තමන්ට බැරිවුවත් සර්වඥයන් වහන්සේ නසන්ටම උත්සහ කෙරෙති කීය. කියා වැඩ උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් මහණෙනි දැන්මතු නොවෙයි පෙරත් මා දේවදත්ත ස්ථවිරයෝ නසන්නට උත්සහකොට නසාගත නුහුණුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස කොසඹෑරට කොසඹියනම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ ඇටිකුකුල්ව ඉපද බොහෝ ඇටිකුකුළන් පිරිවරා හුන වනයක වාසය කරන්නාහ. ඒ වනාන්තරයට නුදුරු ස්ථානයක උකුස්සෙක් වාසය කරන්නේය. ඒ උකුසු බෝධිසත්වයන් ලඟ උන් ඇටිකුකුළන් දවස එකෙකු බැගින් නිමවා බෝධිසත්වයන් පමණක් තනි වුහ. බෝධිසත්වයන් නසාගත නොහි මිත්‍රව නසාගනිමි සිතා උකුසු එක් දවසක් බෝධිසත්වයන් සමීපයට ගොස් කථාකරන්නාහු සබඳ තොප හා මිත්‍රව ඉන්ට උවමැනව එසේ හෙයින් අසවල් වනාන්තරයේ නොයෙක් මධුරවූ ඵලාඵලා ඇත්තේය. එතනට ගොසින් තොපි ඵලාඵල අනුභවකරවයි කියේය. ඇටිකුකුල් කියන්නේ සබඳ තොප හා මා හා කෙසේ ද විස්වාසය කරන්නේ. තොප විසින් මාගේ බොහෝ ඇටිකුකුලන් කා මා තනිකොට හිඳ දැන්ද තොප මිත්‍රවන්නේයයි ඇටිකුකුල් කියේය. එවිට උකුසු කියන්නේ සැබැව තොපගේ ඇටිකුකුළන් නසනලදැයි තොප මා කෙරේ සාංකා විය යුතුය. එසේ වුවත් මෙතැන් පටන් සංකා නොකරවයි මිත්‍රවන්නේ යයි ඇවිත් කිහ. බෝධිසත්වයෝ මා තොප කෙරෙහි වාසය කරන්නාට සැක ඇත්තෙමි කියා වනාන්තරයෙහි සියළු දේවතාවන් සන්තෝෂ කරවා බෝධි සත්වයෝ බුද්ධලිලායෙන් කියන්නාහු පළමුකොට කරණ ලද බොහෝ අකුශල් ඇති පුද්ගලයා කෙරෙහි සත්පුරුෂයන් විසින් විස්වාස නොකොට තමා පිණිස ප්‍රඥාසෙනෙහයෙන් විස භජනය නොකරේද යමක් කැමතිව භජනය කෙරේද එසේවූ ධානර්ථ සත්වයන් කෙරෙහිත් විශ්වාස නොකොට යුත්තේය. යම් සත්වයෙක් ඇතුලෙන් සාන්ත දාන්ත ගුණයෙක් නැතිව තිබැද්දී පිටතින් සන්සුන් ගුණය දැක්වීමෙන් සාන්තිස්වරූපයට ඇත්තේද එබදු සැඟ උනාවූ කියා ඇති තුඹසින් වැසි නොපෙන්නාවූ සර්පයින් හා සමාන කුහකවූ පාපපූද්ගලයා තමාකෙරෙහිත් විශ්වාස නොකටයුත්තේය. යම්සේ පාප වාසීන්වූ ගෙරි තොටට බැස මුඛයපුරා පැන් බී ස්නානය කොට සන්තර්පවෙද්ද ස්ණාන ප්‍රාණයට සුදුසු වූ ජලය පිහිටුවා වැව් පොකුණු ආදිය බැඳිම් වශයෙන් ඊට කලමනා කිසි කර්මාන්තයක් නොකෙරේද එපරිද්දෙන්ම මේ ලෝකයෙහි සමහර කෙණෙක් තොපට මෙසේවූ යහපතක් කරම්හයි මධුරවූ වචනයෙන් මිත්‍රයන් අනුභව කරන්නාහු මෙන් හදාරන්නාහ. ප්‍රිය වචනයට සුදුසු කාරිය නොකරන්නාහ.

එබදුවූ කටින් එකක් කියා සිතින් එකක් සිතන්නාවූ ස්ථාවාදීත්‍ථාකාරී නොවන්නාවූ පුද්ගලයා කෙරෙහිත් විශ්වාස නොකොට යුත්තේය. ඉදින් විශ්වාස කළොත් මහත්වු අවැඩට පැමිණෙන්නේය. යම් සත්වකෙණෙක් බංධාංජලීව දොහොත් මුදුනෙහි තබාගෙණ ස්වාමිනි නුඹ වහන්සේට මෙනම් මෙනම් දෙයක් දෙම්හ. කරම්හයි කියා බසින්ම වෙලාගෙණ සිස්වූ දොහොත් මුදුනේ තිබීම පමණකින්ම සිත්ගනිද්ද එබඳූ නිස්සාරවූ පිරඹක් හා සමානවූ පුද්ගලයන්කරා පැමිණ විශ්වාස නොකොට යුත්තේය.යම් සත්වකෙණෙක් අනේකප්‍රාකාරවූ ලඝු චිත්ත ඇතිව කාර්යමාර්ගයෙක නොපවතිත්ද එබඳූවූ පරුෂයන් කෙරෙහි විශ්වාස නොකොට යුත්තේය. යම් සත්වකෙණෙක් මොහු හා එක්නොවී විනාශයක් යොදන්ට නොපිළිවනැයි. සිතා අන්තරාය කරණ පිණිස නොයෙක් කාරණයෙන් සංසගීනොවි විශ්වාස තරව ගිය ගිය කල්හි ඉතිකින් මේ මාර්ගය අන්නොහරනේයයි, සිතට දැනිගිය කල්හි පසුව ඔහු නසන්ට උත්සහකොට ජීවිතාන්තරය කෙරේද එබඳූ පුද්ගලයා කෙරෙහිත් විශ්වාසය නොකොට යුත්තේය. තවද යම් සත්වකෙණෙක් අනාචාරවූ පාප පුද්ගලයන්ගේ ක්‍රියාව කෙරෙමින් ප්‍රාණඝාතාදීවු අකුශල ධර්මයන් කෙරේද අස්ථිරවූ බස් අත්තේද අවසරයක්ලදින් සියල්ලවුන් විසින්ම නසන්ට සිතාද කොපුවෙන් හෝ රෙද්දකින් හෝ වසා තබන ලද තියුනුවූ මුවහත් ඇති කඩුවක් මෙන් තමාගේ ඇති පුරුදු ගුණය සඟවාද එබඳූ අමිත්‍ර ප්‍රතිරූපකවූ පුද්ගලයා කෙරෙහිත් විශ්වාසය නොකට යුත්යේ. තවද යම් සත්වකෙණෙක් මට සිළුටුවූ ප්‍රිය වචනයෙන් යුක්තවේද තවද පුරුෂද අනේකප්‍රකාරවූ උපායෙන් තමාට යහළුවූ පුද්ගලයාට අන්ර්ථය කරන්ට අවසරයක් බලා ඇවිද්ද එබඳූවූ අමිත්‍රයක්හු හා සමාන පුද්ගලයා කෙරෙහි විශ්වාස නොකොට හැක්කේය.

තවද යම් සත්වකෙණෙක් අනුභවකරන්ට නිසිවූ ආහාර පාණ වර්ගයක් හෝ අවශේෂවූ ඇඳ පුටු කොට්ට මවුලා ආදීවූ වස්තුවක් හෝ තමාගේ යහළුවා ගෙයි යම් තැනක තිබූයේ වීනම් එහි ලෝභය කොට ඒ වස්තුව සොරා ඇරගනීද අවසරයක් පෙණිගියේවී නම් තමාට යහළුව සිටි පුද්ගලයාත් නසාපියායේද එබඳූවූ සත්වයා කෙරෙහිත් විශ්වාසය නොකොට යුත්තේය. තවද ඒ අර්ථය දක්වන්නාවූ සර්වඥයන් වහන්සේ වදාරණ සේක් එඹාමහණෙනි යම් සත්වකෙණෙක් තමන්ගේ සිත නුගුණ හඟවා ගුණප්‍රකාශ කොට සත්වයන් භජනය පර්යුපාසනය කෙරෙති එබඳූ අසත් පුරුෂයන් ඇටිකුකුළා උකුස්සා දුරුකළාක්මෙන් නුවනැත්තාවූ සත්වතෙමේද දුරින් දුරුකරන්නේය, යම් සත්වයෙක් තමාට උපන්නාවූ අනර්ථය අවැඩක් වහා දැනගත නොහෙන්නේ වීනම් ඒ සත්වතෙමේ සතුරන්ගේ වසඟයට පැමිණෙන්නේය, නැවත පශ්චාත් තාපයටත් පැමිණෙන්නේය. යම් සත්වයෙක් තමාට උපන්නාවූ වැඩට නිසි අභිවෘද්ධි කාරණයක් වහා දැන ගණිද ඒ සත්වතෙමේ උකුස්සාගෙන් ගැළවුනාවූ ඇටිකුකුළා මෙන් සතුරන්ගෙන් වන පීඩාවෙන් ගැලවෙන්නේය. තවද වනයෙහි මුවන් බඳන පිණිස අටවන ලද මලක්වැනිවූ අනවරතයෙන් අනුන්ට අවැඩක්ම කියන කරණ සුළුවූ අනර්ථකාරීවූ යම් පුද්ගලයෙක් ඇත්නම් එබඳූ සත්වයා නුවන නැත්තේය. යම්සේ උන් වනයේ වසන්නාවූ ඇටිකුකුළා තමාට ප්‍රතික්‍ෂ්පවූ උකුස්සා දුරින්ම දුරුකෙළේද එපරිද්දෙන් තමාට සතුරුව සිටි පුද්ගලයාද දුරිනි දුරුකරන්නේයයි මෙසේ ඒ ඇටිකුකුළා උකුස්සාට ආමන්ත්‍රණය කොට කියන්නේ යහළු තෝ ඉඳින් මෙතන වසුයෙහි වීනම් තට කළමනා කාරිය දනිමියි භයගැන්වූයේය. එබස් අසා උකුස්සාද එතනින් පළාගොස් අනික් තෙනක වාසය කෙළේයයි ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ මේ ධර්ම දේශනාව ගෙණහැර දක්වා වදාරා මහණෙනි දේවදත්ත ස්ථවිරයෝ පෙරත් මට වධයට උත්සහකළෝ වේදැයි වදාරා මේ කුක්කුහ ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි උකුස්සා නම් දැන් මේ දේවදත්ත ස්ථවිරයෝය. එසමයෙහි ඇටිකුකුළුව උපන්නෙම් තිලෝගුරු සම්‍යක් සම්බුදුරජවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.