Skip to main content

431 සංඛ ජාතකය

තවද ශාක්‍ය කුල කේතුවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි සර්වපරිෂ්කාර දානයක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

සැවැත්නුවර එක්තරා උපාසකයෙක් සර්වඥයන් වහන්සේ ඇතුළුවූ සියළු භික්ෂූන් වහන්සේ පවරා සත්දවසක් දන්දී ඉක්බිති ස්වර්පරිෂ්කාර දානයක් දින ඉන් වහන්දානය විශේෂයෙන් දුන්නේය. ඉන් සර්වඥයන් වහන්සේට දුන්නාවූ වහන්සඟලෙහි අගය දහසක් වටනේය. දෑගසව්වන් දෙදෙනා වහන්සේට දුන්නාවූ වහන්සඟල පන්සියයක් වටනේය. භික්ෂූන් වහන්සේට දුන් වහන්සඟල සියය සියය වටනේය. මේ නියායෙන් උපාහණ දානය මහත්කොට දින සර්වඥයන් වහන්සේ උපාසකය තොප දුන්නාවූ වහන් දානය තොපි කැමති යම් ප්‍රතිෂ්ඨාවවකට පැමිණෙයි එසේහෙයින් තොපට මහත්වූ විපාක දෙන්නේය. පළමු උත්තමයෝ පසේබුදුන් වහන්සේ සඟලක් හා පත්කුඩයක් දන්දී සමුද්‍ර මධ්‍යයෙහි ප්‍රතිෂ්ඨාව ලද්දේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර එසමයෙහි මෝලිය නුවර නම් බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙනෙකුනක් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ ඒ රජ්ජුරුවන්ට සංඛ නම් පුරෝහිතව මහත්වූ සම්පත්තින් වාසය කරන්නාහ. සතර දන්හල් කරවා දවස්පතා මහත්වූ දානය දුගි මගි යාචකයන්ට දුන්නාහුය. එසේ දන්දෙමින් සිතන්නාහූ මාගේ සම්පත් යම් නියායෙක අඩුව ගියේ නම් ඒ දවස් මාගේ දානය පිරිහෙයි. ඊට පළමු වෙළඳාම් ආදියෙන් සම්පත් උපදවා එමයි සිතා අරිටඨපුරයට ගොස් වෙලඳාම් කොට සම්පත් ගෙණෙන්ට උවමැනවයි පඩව් තොටට යන සංඛ නම් බ්‍රාහ්මණ තෙම පයවහන් සඟලක් ලා පත්කුඩයක් ගෙණ පසුඹිය කරලාගෙණ මධ්‍යාහ්න වේලේ පඩව් තොටට යන්නාහ. එ දවස නන්දමූලක පබ්භාරයෙහි වාසය කරන්නාහූ පසේබුදුන් වහන්සේ ලොවට කාරුණාවෙන් බලා වදාරණසේක් සංඛ නම් බ්‍රාහ්මණයානන් පඩව් නැගී යාත්‍රාවට යන නියාව දැන වදාරා යාත්‍රා ගියකල මුන්ට වන උපද්‍රව ඇද්දෝහොයි නැද්දෝහෝයි පරීක්ෂාකොට සමුද්‍ර මධ්‍යයෙහිදී මුන්ට වන උපද්‍රව දැක ඒ උපද්‍රවම මා එතනට ගියකල වහන්සඟලක් හා පත්කුඩය දන්දිමෙන් වැලකි ප්‍රතිෂ්ඨාව ලැබේතියි, දැන වදාරා එතනට එන්නාවූ පසේ බුදුන් වහන්සේ ගිණි අඟුරු මෙන් කකියනන්වූ වැලි මැඩගෙණ මධ්‍යහ්න වේලේ අවුත් සංඛනම් බ්‍රාහ්මණයානන් දුටුසේක. බෝධිසත්වයෝ පසේ බුදුන් වහන්සේ දැක ඡායා සම්පණණ වෘක්ෂයක් සමීපයට ගොස් පසුඹියෙහි තිබූ තෙලින් පසේ බුදුන් වහන්සේගේ ශ්‍රී පාදය මැඩ වහන්සඟල පසේ බුදුන් වහන්සේගේ ශ්‍රී පාදයේ ලා පත්කුඩයත් අතටදී ස්වාමිනි පත්කුඩය ඉසට ගෙණ වහන්සඟල පයලා නොමිරිකි කරුණාවෙන් වඩනේ යහපතැයි කීහ.

පසේබුදුන් වහන්සේ බෝධිසත්වයන්ට අනුමෙවෙනි බණ වදාරා තමන් වහන්සේ පළමුවිසූ නන්දමූල පබ්භාරයට පස්වනක් වලාමඩිමින් ආකාශයෙන් වැඩිසේක. බෝධිසත්වයෝ බොහෝ මනුෂ්‍යයන් හා සමගින් යාත්‍රාකරන්නාහු සමුද්‍ර මධ්‍යයට පඩව්ව ගිය කලට එක් ඇලයකින් පඩව්ව බිඳි පැන් ඉසෙන්ට වන, මනුෂ්‍යයෝ පැන් ඉසින්ට වන්නාහ. පැන් ඉසගත නොහැකිව පඩව්ව නැසෙන්ට වන්කලට මනුෂ්‍යයෝ අඬන්ට වන්නාහ. බෝධිසත්වයෝ කිසි සැකයක් නැතිව ඵලඟි තෙලින් සර්කිරා අනා බඩ පුරා කා තලතෙල් ශරිරයේ ගල්වා පිළි තරකොට ඇඳ අතවැස්සාත් මේ නියායෙන් සලස්වාගෙණ කුඹ උඩට දෙන්නම පැණ නැගී තමන්ගේ නුවර අසවල්දීසායයි නියම දැන මනුෂ්‍යයන් කන්ට එක්වූ මස් කැස්බන් වලහා ඉස්බක්තැන් බෝධිසත්වයන් අතවැස්සා හා පැණපුවා, සත් රෑ සත් දවාලක් සමුද්‍රයෙහි පිණන කලට සතරවරන් දෙවියන් විසින් දෙමවුපියන් පඤශිල අෂ්ඨංග ශිලය රක්ෂා කරන්නාවූ දානාධ්‍යස කරන්නාවූ යම්ම සත්වයෙක් සමුද්‍රයෙහි වැටුනේ වී නම් උන්ට ප්‍රතිෂ්ඨායයි සැලැස්වූ මණිමේඛලාද අපරික්ෂිතව උන්නී සත්වෙනි දවස සමුද්‍රය බලා සත් රෑ සත්දවාලක් පීණන්නාවූ බෝධිසත්වයන් දැක තුමුද දිව්‍යභාරණයෙන් සැරහී රන්තලියකින් බත් ඇරගෙණ බෝධි සත්වයන් සමීපයට අවුත් ආකාශයේ සිට එඹල පුරුෂය තෝ නිරාහාරයෙන් මුදාපිණන්නේ සත් රූ සත්දවාලෙක මා ගෙණා මේ රන්තලියේ බත් අනුභවකරවයි කිහ. බෝධිසත්වයෝ එඹල ස්ත්‍රිය මම පේවිම් වෙලා නොවරද්දා විනා වේලා වරද්දා බත් නොකමි තෝ පලායයි කීහ.

එවිට පස්සේ පීනුයේ අතවැසි මනිමේඛලාදුව අවුත් සිටිනා නියාව නොපෙණෙන්නේය. බත්කන්ට කීවාද නොඇසෙන්නේය. බෝධිසත්වයෝ වේලා වරද්දා බත් නොකමි රන්තලියේ බත් තෝ ඇරගෙණ පළායයි කී බස් අසා අත වැසි සිතන්නේ සංඛනම් බ්‍රහ්මණයානන් වහන්සේ සුඛුමාල හෙයින් හා සත් රෑ සත් දවාලක් නිරාහාර හෙයින් නිනම් ප්‍රලාප කියනසේකැයි සිතා කියන්නේ සංඛනම් බ්‍රාහ්මණයානන් වහන්සේ බොහෝ ඇසූපිරු තැන් ඇතිසේක. බොහෝ ශ්‍රමණ බ්‍රාහ්මණයන් මා කථාආදියෙත් ඇතිව දානාධ්‍යාශය කළසේක. සත් රෑ සත් දවාලක් බත් නොකෑවයි මරණාසන්නයෙහි නිකම් ප්‍රලාප කුමට දොඩනසේක්ද, වේලා වරද්දා බත් නෙකම් තොප ඇරගෙණයයි මෙසේවූ ප්‍රලාප කියන්ට නුඹ වහන්සේට මා විනා අනික් කෙණෙකුන් නැතිව ඉඳ මේ කියන්නේ කාටදැයි විචාළේය එවිට බෝධි සත්වයෝ මේ දිව්‍ය ස්ත්‍රී මුන්ට නොපෙණෙන නිසා වේදැයි සිතා එඹල සබඳ මා ඉදිරයෙහි දිව්‍යස්ත්‍රියක් බවත් නොදැනෙයි සෘධි ඇති මනුෂ්‍ය ස්ත්‍රියක් බවත් නොදැනෙයි රන්තලියකින් බත් ඇරගෙණ සෘද්ධි ඇති මනුෂ්‍ය ස්ත්‍රියක් බවත් නොදැනෙයි රන්තලියකින් බස් ඇරගෙණ කන්ට කියයි ඈ හා කැටිව කථාකෙළෙමි. නිකම් ප්‍රලාපයක් නොකියම් කීහ. එවිට අතවැසි කියන්නේ දිව්‍යස්ත්‍රියෙක බව මනුෂ්‍ය ස්ත්‍රියෙක බව විචාරන්ට උව මැනවැයි දෙපයින් පිණ පිණා දැතින් නමස්කාරකොට අපට ගැලවිමක් ඇද්දැයි විචාළ මැනවයි කීයේය. සංඛනම් බ්‍රාහ්මණයාත් මුන් කියේ කටයුතුයයි විචාරම් සිතා වෘක්‍ෂ ස්ථාල ඇති සිහින් වූ සිගූවාලඟයක් ඇති දේවදූනුහා සමානවූ භ්‍රූයුග්මයක් ඇති සූර්ය මණ්ඩලයක්මෙන් ශරීර සෝභා ඇති සර්වාලංකාරයෙන් සැරහෙන ලදුව මා ඉදිරියේ සිටිනා තෙපි දිව්‍ය ස්ත්‍රියෙක්ද සෘද්ධි ඇති මුනුෂ්‍ය ස්ත්‍රියක්දැයි විචාළේය. එවිට දිව්‍යස්ත්‍රී කියන්නී සතරවරම් දෙවියන් විසින් සමුද්‍රහුනු මේ සත්වකෙනෙක් ඇත්නම් උන්ට ප්‍රතිෂ්ඨාවට සිටුවන ලද මණිමේඛලා දු නම් මමය. තෙපි කිසිභයක් නොවි තොපට උවමනා වස්ත්‍රාභරණ අන්නපාණාද ඇත්වාහණ අස්වාහණ ඇතුළුවූ වාහණයක්ද ඇරගණුව කිසිභයක් නොගණුවයි කීව.

බෝධිසත්වයෝ එඹල දිව්‍ය ස්ත්‍රිය මට උවමනා දෙයක් දෙමි කියන්නේ මාගේ ජාතිගේත්‍ර බලාද නොහොත් මා කළ කුශලයක් බලාදැයි විචාළේය. දිව්‍යස්ත්‍රී කියන්නී තොප පඩව් නැගෙන්ට එනගමනේ තොප පසේබුදුන් වහන්සේට දුන් පත් කුඩය හා වහන්සඟළේ ආනුභාවයෙන් මා තොපට කැමති දෙයක්දෙමි කියේත් තොපට මෙතන පෙණි ප්‍රතිශ්ඨාවූයේත් ඒ කුශල බලයෙනැයි කිව. එවිට බෝධිසත්වයෝ කියන්නාහු අපට අනික් දෙයකින් ප්‍රයෝජන කිම්ද අපගේ මෝලිනි නම් නුවරට පළායන නියායෙන් යහපත් වරය ඇති රිට් පළුපත් ඇති පඩව්වෙක අපලා අපගේ නුවරෙහිලා පියවයි කීහ. එවිට දිව්‍ය ස්ත්‍රී යහපතැයි කියා අටඉස්බක් දිගද සතරඉස්බක් පලලද ඉස්බක් ගැඹුරුද ඇති සත්රුවන් නැවක් මවා මැනික්මය කුඩයකින්ද රත්රන්මය රැණද රිදිමය රුවලද මවිතකොට සත්රුවන්ද ඒ නැවපුරා බෝධිසත්වයන්ට නැවපා එහි වඩා හිඳුවූහ.බෝධිසත්වයෝ අතවැස්සා නැවලන්ට කී ගමනේ මනිමේඛලාදූ කියන්නි උන්කල කුශලයක් නැතිව ඉන්දදි නැව ලන්නේ කෙසේදැයි කිව. බෝධිසත්වයෝ තමන්කල කුශලයන් පින්දෙන්හ. පින් අනුමෝදන් වු ගමනේ දෙව්දූ අතවැස්සාත් උස්වා නැවලාගෙණ බෝධිසත්වයන් මෝලිනි නම් නුවරට ගෙණගොස් උන්ගේ ගෙය සත්රුවනින් පුරාලා මනිමේඛලාදූ ගියාය. බෝධිසත්වයෝ සම්පත්ගෙණ නොයෙක් කුශල් කොට කම්වු පරිද්දෙන් මියපරලොව ගියහයි වදාරා මේ සංඛ ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි මණිමේඛලා දු නම් දැන් උපුල්වන් මහාස්තවිරයි. එසමයෙහි අතවැස්සානම් දැන් මේ ආනන්දස්ථවිරය, එසමයෙහි සංඛ බ්‍රාහ්මණව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.