Skip to main content

429 චතුවාර ජාතකය

තවද සුරාසුරවර චක්‍රවාට චූඩමණි මරිචි සච්ඡය පරිචුඹිත වරණ නඛ මයුඛ ඇති සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි නොකීකරු භික්ෂූකෙණෙකුන් අරභයා මේ ජාතකය දක්වනලදී. මෙහි විස්තර වශයෙන් නවවැනි නිපාතයෙහි ගිජ්ඣ ජාතකයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය.මෙහි වනාහි සැබෑද මහණ තා නොකිකරුව වාසයකරන්නේයයි විචාරා සැබැව ස්වාමිනි කී කල්හි දැන්මතුනොවෙයි මහණ තෝ පෙරත් නොකිකරුව වාසය කළේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස කාශ්‍යප සර්වඥයන් වහන්සේගේ කාලයෙහි එක් ගමෙක දුක්පත් උපාසකයෙකු හා උපාසිකාවක් ඇත්තීය. උන්ගේ මත්තවින්දක නම් පුතෙක් ඇත්තේය. ඔහුගේ දෙමව්පියෝ තුමු ශ්‍රද්ධා සම්පන්නයක ශිලාචාරයෙන් යුක්තයහ. එ මිත්තවින්දක නම් කුමාර ඉතා අනාචාර ශිලීව දවස් අරනේය. එසමයෙහි ඒ උපාසකයා මළේය. උපාසිකාව සැමියා මළත් කළමනා දම්පින් අඩුවෙක් නැතුව කරන්නාහුය. පුතනුවන්ට එම්බාපුත මෙලොව ඇති පරලොව ඇති දන්පින් කරවයි අවවාද කිහ. ඒ මිත්තවින්දක තෙම පින්කම් කොට කුමන කාරියෙක්ද පින්කම්කොට ලබන්නේ කිම්දැයි මෑනියන් කීවා නොකොට දසවිධ පින්කම් කළවුන්ට නම් තබා මාසේ වූවාය. පව්කලවුන්ට මෙසේවූ නපුරුකැයි කීහ. ඒ යාපත නපුර මම්ම දනිමි නුඹට ඇයිදැයි කියා අනාචාර ශිලිව වසන්නේය. එක්දවසක් පිරුණු පසළොස්වක් ලත් පෝය පැමිණියේය. මිත්තවින්දකයාගේ මෑනියේ කියන්නාහු එම්බා අද පෝහෝදවසය තොපට මසුරන් දහසක් දෙමි විහාරයට ගොස් බණ අසා එවයි පුතනුවන්ට කීහ. පුතාත් යහපතැයි සම්පතෙහි කළලෝහයෙන් දාවල් මුළුල්ලේ ඈත මෑත ඇවිද දුෂ්ටකම්කොට සවස් වේලෙහි ගණයට ගොස් තමාට බණ නොඇසෙන තෙන දුරවැදහෙව නිදා නැගී උදෑසනක් සේ ඇසමුව සෝදා ගෙට ආයේය. උන්ගේ මෑනියෝය. අද මාගේ පුතනුවෝය. බණ අසා තෙරුන් වහන්සේ කැඳවාගෙණ එන්නාහුයයි කැඳ අවුළුපත් ඉදිකොට උන්නාහුය. ඒ මිත්ත වින්දකයාත් තනිවම ගෙට ගියේය.

මෑනියෝ කියන්නාහු ඇයි පුත තෙරුන්නාන්සේ කැඳවාගෙණ නොආයේදැයි කීහ. එවිට කියන්නේ මම මසුරන් දහසනිසා බණ අසන්ට ගියපමණක් විනා තෙරුන් වහන්සේ කැඳවා ගෙණ එන්ට ගියෙන්දැයි කීහ. එසේ වීනම් තොප බණ ඇසුයේම මට ලාභය තොප මේ කැඳත්බී අවුළුපතුත් අනුභව කරවයි කීහ. මට මසුරන් දාස දුනහොත් විනා කැඳ අවුලුපත් අනුභව නොකෙරෙමියි කියා මසුරන් දාස ඇරගෙණ අවුළුපත් අනුභවකොට වෙළඳාමට ගොස් වෙළඳාම්කොට මසුරන් එක්ලක්ෂ විසිදාසක් සොයාගෙණ මෑනියන්ට ගොස් කියන්නේ මැනීයන් වහන්ස මම වෙළඳාමට යෙමි කීහ. පුත සමුද්‍රයෙහි නැව්නැගී කරණ වෙළඳාම් නම් විස්වාස කළ නොහැක්ක මාගේ ගෙයි අසූදහසක් සම්පත් ඇත වෙළඳාමට යන්නේ මේ සම්පත් මදිවැදැයි පුතනුවන් එකරුත්ත අල්වා ගත්තාහ. ඒ මිත්ත වින්දකයා මෑනියන් අතගලවා කන්යට පාරක් ගැසීය. ඒ පාර කා මැනියන් මුර්ජාවට පැමිණ වැටි යන්නා තෙමේ පඩව් නැගී සදවසක් මුද යාත්‍රා කළ කල්හි ඒ නැව සමුද්‍ර මධ්‍යයේ ඇනක් ගසාපුවාක් මෙන් නොසැලවී සිටියේය. ඒ නැවට නැංගාවූ බොහෝදෙනා මේ නැවට නැංගාවූන්ගෙන් අකුශල්කල කෙණෙකුන් ඇති නියාය කියා කුශපත්ලා බැළූහ. ඒ මිත්තවින්දකයා නම ලිව් කුශපත ගිලි ගියේය. ඔහු ලෑල්ලෙක ඉඳූවා සමුද්‍රයට අලහ. ඒ ලැල්ල බඩතබා පීනන්න් දැවාණමය ප්‍රාසාදයක විමානප්‍රේතනම් ඒ මිත්තවින්දකයා දැක තමන්ගේ ප්‍රාසාදයට ඇරගෙණ කවා විමාණ ප්‍රේතයන් විසින් සත්දවසක් සැපවිඳ සත්දවසක් දුක් විඳිනාහ. එසේ හෙයින් දුක්විඳිනට යන්නාවූ අපි ඇම අපගේ කටයුත්තට යම්හ. අප එනතුරු උකටලී නොවවයි ඔහු ඒ ප්‍රාසාදයේ රඳවා ගියාහ.

ඒ දිව්‍යස්ත්‍රීන්ගේ ප්‍රාසාදයෙහි සම්පත් වින්දනොහි ඒ ලෑල්ල බඩතබා පීනාගෙණ යන්නේ දිව්‍යස්ත්‍රීන් අටදෙනෙකු ඉඳූනාවූ රිද්මය විමානයකට ගියේය. එතනිනුත් උන්හැම දුක්විඳිනට යාදී එතනත් නොරදා අනික් සොළොස් දෙනෙකු දීනා මැණික්මය ප්‍රාසාදයකට ගියේය. එතනිනුත් නොරඳා උන් හැම දුක්විඳිනට යාදී දිව්‍යස්ත්‍රීන් දෙතිස් දෙනෙකු ඉඳිනා රත්‍රංමය විමානයකට ගියේය. එතනිනුත් උන්සැම දුක්විඳිනට යාදී ලෑල්ල බඩ තබාගෙණ පීණායන්නේ වට පවුරක් ඇති වාසල් සතරකින් යුක්තවූ නුවරක්සේ බොහෝ නරකයෙහි පෙණෙන්නාහු මනුෂ්‍යයන් දැක එතනට පැමිණියේය. එතන එක්පවුලක පුරුෂයෙක් උරචක්‍රමාලාවක් ඉසතබාගෙණ පැසෙන්නේය. ඒ මිත්තවින්දකයා නෙළුම්මලක් ඉසතබාගෙණ සිටින්නාසේ පෙනී ඔහු ලය පස්තැනකින් යදමකින් මසා තිබෙන්නේය. ඒ මූට අවුල්හරක්සේ පෙණෙන්නේ ඌගේ ඇඟ මුළුල්ල උරචක්‍රමාලාවෙන් කැපී ලෙයින් තැවරී පිරී තිබෙන්නේය. ඒ මූට රසඳූනක් ඇග ගැල්වූ වාක්මෙන් පෙණෙන්නේය. ඒ තාමගේ වේදනාවෙන් මුරගානේ ගී කියන හඬක්සේ ඇසින. ඒ මිත්තවින්දක පුරුෂයා ඔහු කරා ගොස් කියන්නේ එම්බල පුරුෂය මේ නෙළුම්වල මට දිපියව නැතක් දවස තා අත තිබෙන්නේයයි කීය. ඒ පුරුෂයා කියන්නේ එම්බල නෙළුම්මලෙක් නොවෙයි. තට ඒ කුමටදැයි කියා සිතන්නේ මුන් මාසේ මෑනියන් මරා ආ කෙණෙකැයි සිතා මාගේ අකුශල ගෙවුමට පැමිණෙන නියාවවේදැයි සිතා එසේ වීනම් අරගනැයි ඌ ඉසට දැමිය.

ඌ ඉස තබාගෙණ තැවෙන්ට වන මේක නෙළුම්මල නොව හැරගණැයි වේදනාව ඉවසාගතනොහි වටපිට දිවයන්ට වන, ඒ පුරුෂයා අනතර්ධානවිය, බෝධිසත්වයෝ දිව්‍යපුත්‍රව ඉපිද සමුද්‍රයෙහි ඇවිදිනාහු එතනට පැමිණියාහ ඒ පුරුෂයා දිව්‍යපුත්‍රයා අතින් විචාරන්නේ එම්බල දිව්‍යාරාජය මම කුමන අකුශලයක් කොට මෙතනට පැමිණියෙම් මේ දුක්කය. විඳිම්දැයි ඒ මට නොදැනෙයි මට කියවයි බෝධි සත්වයන් අතින් විචාළේය. එවිට බෝධිසත්වයෝ කියන්නාහු එම්බල තෝ මසුරන් එක්ලක්ෂ විසිදාහසක් සොයාගෙණ දෙමව්පියන් කීවා නොකොට මැනියන් කන්සට ගසා මූර්ජා කරවා පඬවුනැගී සමුද්‍රයෙහිදි පටවව නොයන හෙයින් තොප මුදට දමාපුහ. තෝ ලැල්ල බඩතමාගෙණ දියපිනා දිව්‍ය ස්ත්‍රීන් සතරදෙනෙකු ඉඳිනා විමානයට ගියේය. එතනිනුත් තෘෂ්ණා බලයෙන් රඳාගතනොහි දොළොස් දෙනෙකු ඉඳිනා විමානයට ගියේය. එතනිනුත් තෘෂ්ණාවලයෙන් මෑනියන් කනස්ට ගැසු අකුශලින් එතනින් රඳාගත නොහි දෙතිස් දෙනෙකු ඉඳිනා විමානයට ගියේය. එතනිනුත් තෘෂ්ණාබලයෙන් රඳාගතනොහි මෙතනට පැමිණ තාගේ තෘෂ්ණාබලයෙන් රඳාගත නොහි මෙතනට පැමිණ තාගේ තෘෂ්ණාබලයෙන් මෙසේවූ දුක්ඛයට පැමිණියේය. තෘෂ්ණා නමැති වල කෙතෙක් උත්සාහකර පිරුවෝතිනුත් පල්ලපුරා ගතනොහැක්කේය, ඒ තාගේ තෘෂ්ණා බලයෙනුත් මෑනියන්ගේ කන්සට ගැසූ අකුශල් බලයෙනුත් මේ උරචක්‍ර මාලාව ඉස තබාගන දුක්විඳින්ට පැමිණියේයයි කීහ. එවිට මිත්තවින්දක තෙමෙ මේ දිව්‍යපුත්‍රයා මාගේ උත්පත්ති සියල්ලම දන්නේය. මා මේ දුකින් මිදෙන කළුත් දන්නේය. මුන් විචාරමි සිතා කියන්නේ එම්බල දිව්‍යරාජය මම මේ අකුශලයෙන් කෙතෙක් දවසින් ගැලවෙම්දැයි විචාළේය. එවිට බෝධිසත්වයෝ කියන්නාහු එම්බල මිත්තවින්දකය තා මේ දුනික් මිදෙනාකල් මෙතෙැකියි කියන්ට නොදනුම්හ. අනන්තපරිමාන කලක් මෙහි පැසෙන්නේ වේදැයි දිව්‍යරාජයා අන්තර්ධාන වීයයි වදාරා මේ චතුචාර ජාතකය දිමවා වදාළසේක.

එකල ඒ මිත්තවින්දක නම් දැන් මේ නොකිකරු භික්ෂුහුය. එසමයෙහි දිව්‍යරාජයන්ව උපන්නෙම් බුදුවූ මම්මයයි තමන්වහනසේ දක්වා වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.