Skip to main content

398 දල්හ ධම්ම ජාතකය

තවද අප්‍රතිපුද්ගල වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ කොසඹෑනුවර ඝෝසිකාරාමයෙහි වැඩ වසන සමයෙහි උදේනි රජ්ජුරුවන්ගේ භද්‍රාවති නම් ඇතින්නක් අරභයා මේ ජාතකය දක්වන ලදි. මෙහි වනාහී විස්තර වශයෙන් මාතංඟ ජාතකයෙහි පෙණෙන්නේය.

මෙහි වනාහි,

උදේනි රජ්ජුරුවන්ගේ භද්‍රාවතී නම් ඇතින්නක් ඇත්තීය. ඒ ඇතින්නී රජ්ජුරුවන්ට නොයෙක් කාරිය කොට දවස සියක්යොත්තක් ගොසින් එන්නීය. ඒ චණ්ඩප්‍රජ්‍යෙත රජ්ජුරුවන්ගේ දුවනියනුත් ඒ ඇතින්නිය නිසා ලද්දාහ. රජ්ජුරුවෝත් ඒ ඇතින්න තමන්ට කටයුතු කරන්නට ශක්ති ඇතිව කාරණතෙක් දවස් සියලු හසත්‍යාලංකාරත්දී තමන් මෙහෙනිමවන්නා සේ ඇතින්නටත් කැවිලි සලස්වා ඇතින්න දුර්වලව ගිය අවස්ථාවෙහි ඇතින්නට තිබූ රාජවෘත්තියත් ඇරගෙන ඇතින්න උනා අලහ, ඇතින්න එක් දවසක් සර්වඥයන් වහන්සේ කරා ගොස් ස්වාමිනි මාගේ රජ්ජුරුවන් වහන්සේ මා නිසා බිසවුන් වහන්සේත් ලත්සේක. ජිවිතයත් ලත්සේක. මා තරුණ දවස් සියලු රාජකාරියම කරවා මට සියලු හස්ත්‍යාලංකාරයෙනුත් සරහා මා සිටිනා ඇත්හල පෝරුව පිට සිටින්නට පයට ආයාසයයි මොලකට තිල්ලත් තනවා තමන් වහන්සේ මේ නිමවනසැටියේ රසමසවුලෙන් යුක්තවූ ආහාරයත් මට නිරන්තරයෙන්ම දෙවා මල මුත්‍ර බිම වගුරුවන්ට නපුරැයි මිදිවලන් තබා මෙසේ නොයෙක් ඉසුරුදී මා රැකීසේක. දැන් මා දුර්වල අවස්ථාවෙහි තණ සුඟක් පමණකුත් නොලා උනා ඇරපූසේක මම වනයෙහි වැටකේ අත්තක් යම්කිසි කොල බොල කඩාකා ජිවත්වෙමි මාගේ පිරිහි ගියාවූ ඓශ්වර්යයෙහි පිහිටුවාලන්නට ස්වාමිනි නුඹ වහන්සේට විනා අනික් කෙණෙකුන්ට බැරියයි සර්වඥයන් වහන්සේට කිව සර්වඥයන් වහන්සේත් යහපතැයි පසුව දවස් රජ ගෙට සිඟා වැඩිසේක. රජ්ජුරුවෝත් සර්වඥයන් වහන්සේ ඇතුළුවූ මහා සංඝයා වහන්සේට දන්දී බණ අසා එකත්පස්ව උන්නාහ. සර්වඥයන් වහන්සේ රජ්ජුරුවන් අතින් විචාරණසේක් මහරජ තොපගේ භද්‍රාවතී නම් ඇතින්න දැන් නොදැකුම්හයි ඔදන්කොයිදැයි විචාරාවදාළසේක, ස්වාමිනි දුර්වළවගිය හෙයින් පිටත උනාහළිමි කීහ. එවිට සර්වඥයන් වහන්සේ මහරජ තොපගේ බිසවුනුත් ඈ නිසා ලදුව තොපගේ ජිවිතයත් ඈ නිසා ලදුව එසේ වූ උපකාරි ඇතින්නට තිබු තරන් අරගන්නට කාරණා කිම්දැයි කටයුතු කරන්නාවූ යම් කෙණෙකුන් තරුණ අවස්ථාවෙහි කටයුතුගෙණ දුර්වල අවස්ථාවෙහි උන් ස්ථානාන්තරය පිරිහෙළිම රජ්ජුරුවන්ට කටයුතු නොවෙයි නියා ඇතින්න ගෙන්වා පළමු තිබූ ස්තානාන්තරයෙක් ඇත්නම් ඒ සියල්ලම ඇතින්නට සලස්වා වදාළසේක. රජ්ජුරුවෝත් එර් නියාවට ඇතින්නට පළමු තිබු තරන් නියාවට අඩු නැතුව පසිඳූවයි නුවර බෙරලැවුහ, එක් දවසක් දම්සභාවේ රැස්වූ භික්ෂූන් වහන්සේ සම්පත්තියෙන් පිරිහුනාවූ භද්‍රාවති නම් ඇතින්න රජ්ජුරුවන්ට කියා සර්වඥයන් වහන්සේ පළමු සිටි ස්ථානාන්තරයෙහිම පිහිටීම පිහිටුවුසේක් වේදැයි කියා කියා වැඩ උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා දැන් මතු නොවෙයි පෙරත් භද්‍රාවති නම් ඇතින්නිය ස්ථානාන්තරයෙන් පිරිහුනු තෙනැත්තිය සම්පත්තියෙහි පිහිටු වූයෙමි වේදැයි ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර දල්හධම්ම නම් රජ්ජුරුකෙනෙකුන් රාජ්ජය කරන්නාහා බෝධිසත්වයන් වහන්සේ ඒ රජ්ජුරුවන්ට අමාත්‍යධුරයෙහි උපන්සේක. ඒ රජ්ජුරුවන්ගේ ආචාර මෙවරෙහි දක්ෂ වූ යුද්ධයට කඩුසොටි බැඳ සතුරන් මධ්‍යයට වැද යුද්ධ කරන්නට සමර්ථ වූ ඔටුදෙනක් ඇත්තීය. රජ්ජුරුවෝත් උදේනි රජ්ජුරුවන් භද්‍රාවති නම් ඇතින්නට තිබූ යම් ස්ථානාන්තරයෙක් ඇත්නම් තමා රැක දුර්වල ව ගිය අවස්ථාවෙහි තුබු රාජවෘත්තිය ඇරගෙණ පිටතට අලහ, එක් දවසක් රජ්ජුරුවන්ගේ මුලුතැන්ගෙට වලන් ලන්නාවූ කුඹලා වලන් පමාකෙළේය. රජ්ජුරුවෝත් කුඹලා ගෙන්වා ගෙණ වලන් නොපසිඳින්නට කාරණා කිම්දැයි කීහ. ස්වාමිනි ගොමවැරටි අදිනා ගොන් නැතිහෙයින් වලන් නොපිළිස්සුනියාය. වලන් නොපසු නොවෙයි කිහා. රජ්ජුරුවෝත් එවිට කියන්නාහු අපගේ පරණ ඔටුදෙනෙක් ඇත්තීය. ඒ කොයිදැයි විචාළාය. කුඹලා කියන්නේ ස්වාමිනි ඕ ඉච්ඡාපරයේ ඈ සිටිනියයි කීහ. එසේ නම් ඈ බැඳගෙණ ගොමරිති අද්දවයි කුඹලාට පවාදුන්හ. කුඹලාත් එතැන් පටන් ඈ බැඳගෙණ ගොමරිති අද්දවන්නේය. එක් දවසක් බෝධිසත්වයන් දැක ඔටුදෙන කියන්නී මම පළමු රජ්ජුරුවන් වහන්සේට පක්ෂපාතිව සිට ලෙයි කඉු සොටි බැඳගෙණ සිට ඒ ඒ තැන යුද්ධත් කෙළෙමි සියක් යොත්නේ සන්තානයකටත් පත්ලියා කර බැඳලුකල ඒ රජ්ජුරුවන් ලඟට ගෙණ ගොස් සන්තාන පිරිමසාගෙණ උන්ගෙන් ලියා දුන් බස පතා අපගේ රජ්ජුරුවන් වහන්සේට ගෙණවිත් දී නොයෙක් රාජකාරිය පරිමසාදිනිමි. දැන් දුර්වලව ගිය අවස්ථාවෙහි මාගේ තරම් පදමුත් ඇරගෙණ මා පිටත තණකොලකා ජිවත්වන තෙනැත්තිය පිටතත් සිටියනොදි කුඹලාට වලන් පුළුස්සන ගොම වැරටි අදිනා නියායෙන් සලස්වා වදාළසේක.

මේ විඳිනා දුක්ඛයෙන් ඉදන්ටත් පළමු සිටි ස්ථානාන්තරයෙහි පිහිටුවන්ටත් නුඹවහන්සේට භාරයයි වැඳහෙව කිහ. බෝධිසත්වයන් වහන්සේ ඈ කී කටයුතු අසා යහපතැයි රජ්ජුරුවන්ට කියා තොප පළමු සිටි ස්ථානාන්තරයෙහි පිහිටුවා ලමි. නුවරට වැඳ රජ්ජුරුගෙයි පළමු සිටි ඔටුදෙන් කොයිදැයි විචාළසේක. රජ්ජුරුවෝ කියන්නාහූ දුර්වලව පිටත සිටි තැනැත්යි කුඹලා වලන් පුළුස්සන්ට ගොමවැරටි අදින්ට පාවාදුනුමි කීහ. බෝධිසත්වයන් වහන්සේ දේවයන් වහන්ස යම් අසත්පුරුෂයන්ට යම්කෙණෙක් අර්ථාලාභ වනම් උන්ට අනර්ථකිරීම් අසත්පුරුෂයන්ට සුදුසු පමණක් විනා නුඹවහන්සේ වැනි රජදරුවන් වහන්සේට තරම් නොවෙයි එසේ හෙයින් ඔටුදෙන නුඹ වහන්සේ ඒ ඒ තැන රජ දරුවන් ලඟට මෙවර ගොසින් කළ සන්තානත් ලෙයි ආයුධ බැඳගෙණ සතුරන් මධ්‍යයට වැද නොයෙක් වාරයේ කළාවූ යුද්ධත් නුඹ වහන්සේටම දැනෙන්නේ වේද තමාට තරුණ අවස්ථාවෙහි රාජකටයුත්තක් කළාවූ යම් කෙණෙක් දුර්වලවයන්නාවූ උන්ගේ ස්ථානාන්තරයෙනුත් පිරිහෙලා උනුන් ඇරපුකල නුඹ වහන්සේට දුක් ගන්නා සියල්ලෝය මුන් වහන්ස්ට දුක්ගැනීමෙන් කවර ප්‍රයෝජනයෙක්ද තමන් වහන්සේට බොහෝ දුක්ගත් ඔටුදෙන පවා සිටි ස්ථානාන්තරයත් සියල්ලම පිරිහෙලා රැක්ක මැනව එවිට සියල්ලෝම නුඹ වහන්සේ කෙරෙහි තව අපගේ ස්වාමි අප කටයුත්තකට භව්‍ය වුවත් අභව්‍ය වුවත් රැකවදාරණසේකැයි රාජ අමාත්‍යාදීවූ සියල්ලෝම යම් අවසරයෙක නොහරණහයි රජ්ජුරුවන් වහන්සේට නොයෙක් කාරණාකියා අවවාදයෙහි පිහිටුවා ඔටුදෙනත් පළමු නියායෙන් ස්ථානාන්තරයෙහි පිහිටුවෝ වේදැයි වදාරා මේ දල්හධම්ම ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි ඔටුදෙන නම් මේ භද්‍රාවති නම් ඇතිනන්නය, අමාත්‍යව උපන්නෙම් බුදුවූ මම්මයයි වදාළ සේක.

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.