Skip to main content

388 චිතීය ගිජඣ ජාතකය

තවද ධම්මරත්නාකර වූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි මව්පියන්ට උපස්ථාන කරන්නාවූ භික්ෂූ කෙණෙකුන්වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

හේ කෙසේද යත්,

එක් භික්ෂූකෙනෙකුන් වහන්සේ දෙමව්පියටන්ට උපස්ථාන කරණ සේක. භික්ෂූන්වහන්සේ සර්වඥයන් වහන්සේට එපවත් දැන්වූ සේක. සර්වඥයන් වහන්සේ දැන් මතු නොවෙයි මහණෙනි පෙර උත්තමයෝත්, දෙමව්පියන්ට උපස්ථාන කළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාල සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි බෝධිසත්වයෝ ගිජු ලිහිණිව ඉපිද අන්ධ වූ දෙමව්පියන් රක්නාහ. බරණැස් නුවර එක් වැද්දෙක් අමුසොහොනක් සමීපයෙහි මලක් ලාලීය. බෝධිසත්වයෝ ගොදුරු සොයා ඇවිදිනාහු ඒ මලකරලාගෙණමලෙහි බැඳි තමන් මලබැඳි සෝකයට වඩා තමන්ගේ දුක නොසිතා දෙමව්පියන්ගේ දුක සිතා අඬන්නාවූ අනේ මාගේ දෙමව්පියන් දෙදෙනා මා මල බැඳූනු නියාව නොදනිති ගොදුරු සොයාලන කෙනෙකුත් නැතදුක්ඛයෙත් ගල්ලෙන ඒ ඒ තැන වැටී අඬන්නාහයි කියා තමන්ගේ දුක් නොසිතා දෙමව්පියන්ගේ දුකට හැඬුහ. එවිට වැදි එතනට අවුත් බෝධිසත්වයන් අඬන අඬ අසා කියන්නේ ගිජුලිහිණියන් මනුෂ්‍ය භාෂාවෙන් කථාකරන්නාවුන් දුටු විරුත් නැත. ඇසූ විරුත් නැත තොපි තොප මල බැඳූන හෙයින් භයින් අඬවිද නැත්නම් අනික් කවර කාරණයක් නිසා අඬ වැලපුදැයි විචාළාහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ මරණ භයින් අඬන්නේ නම් නොවෙයි, ඇස් අන්ධවූ දෙමාපියන් මා රකින්නේය. මාගේ මව්පියන් දෙදෙනා පැන්නොලැබ තළුවියලි මියන්න්නාහ. ඊට අඬමි කීහ. ඒ අසා වැදි කියන්නේ ඒ වන්නා එසේමය, ගිජුලිහිණියෝ නම් සියත් යොත්නෙක ආකාශයේ යමින් සිට බිමතිබු කුණු දක්නාහ.

තොපි මා ළූ මල නොදකින්ට කාරණා කිම්දැයි කීහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ යම් අකුශලයක් පැමිණෙන කල කිසිවකුත් නොපෙනෙන්නේය. වන්නාවූ විපත්තියම පැමිණෙන්නේයයි වැද්දාට කීහ. වැදි බෝධිසත්වයන්ගේ බසට සමාධිව කියන්නාහූ තොප කී බසට සතුටුවූ මම තොප මලින් උනා අරිමි සැපසේ ගොසින් තොපගේ දෙමාපියන් රකුවයි කියා බෝධිසත්වයන් මලින් උනා අළ. එවිට බෝධිසත්වයෝත් තොපි තොපගේ බන්ධූන් සමඟ ජිවත්වයි වැද්දාට කියා තමන්ගේ තමන්ගේ දෙමාපියන්ට ගොදුරු ගෙණ වනයටම ගියාහයි වදාරා මේ ගිජ්ඣ ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි වැද්දා නම් ජින්නස්ථිවිරය. බෝධිසත්වයන්ගේ මෑනියෝ නම් මහා මයා දේවිය, පියානෝ නම් සුද්ධෝදන රජ්ජුරුවෝය. ගිජුලිහිණිව උපන්නේ නම් බුදුවූ මම්මයයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.