Skip to main content

382 විඝාත ජාතකය

තවද සත්ගුණ මහාසවර්ණයක් බඳූවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ක්‍රිඩා ශිලිවූ භික්ූෂකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

සර්වඥයන් වහන්සේ මතුමාලේ ප්‍රාසාදයෙහි වැඩ වසන සමයෙහි සාමණේර භික්ෂූ කෙණෙකුන් වහන්සේ එක්ව යටමාලේ කෙළිනා අරගල අසා සර්වඥයන් වහන්සේ මුගලන් සාමින් ගෙන්වා මෞද්ගල්‍යාණය සාමණේරයන්ගේ ක්‍රිඩාව නවතාලවයි වදාළසේක. යහපතැයි මුගලන් සාමි යටමාලේ ඇඟිලිදෙකින් සොලවා භයගැන්වූසේක. ඒ කථාව දම්සභාමණ්ඩපයේ රැස්වූ භික්ෂූන් වහන්සේ කිය කියා වැඩ උන්තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාර වදාරා එපවත් අසා දැන් මතුනොවෙයි පෙරත් අශික්‍ෂිතව වාසය කරන්නවුන් පෙර උත්තමයෝ ඉක්මවුවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ ශක්‍රදේවේන්ද්‍රව උපන්සේක. එසමයෙහි සත්බෑ කෙණෙක් ශක්‍රයෝ එපවත් දැන තාපසවරුන් ඉඳිනා මණ්ඩපයට අවුත් ඉඳ කියන්නාහ විඝාත නොවන තාපසවරුන්ට නමස්කාර කරම්හයි කිහ. ඉන් එක් තාපසයෙක් කුමක්දැයි විචාළේය. එවිට අවශේෂයෝ අප ඇමට නමස්කාර කෙරෙමියි කියයි කිය එවිට ගිරවා කියන්නේ තොප ඇමට නොවෙයි මා කියේ විඝාතනොවන තාපසවරුන්ටයයි කීහ. එවිට තාපසවරු කියන්නාහු අපට වඩා අනික් තාපසකෙණෙක් ඇද්ද. අපි සිංහ ව්‍යාඝ්‍රයයන් කෑ ඇටකා දවස් අරිනෝය. අපගෙන් කවර අඩුවක් ඇතිව කියවුද අපට වඩා අනික්කවර තාපසකෙණෙක් ඇද්දැයි කීහ. එවිට ගිරවා කියන්නේ තොප ඇමනොයෙක් දෙනා කා ඉතිරි මාංශය කන්නාම තපස්ද? තපස්නනම් තමාලත් දෙයක් දන්දී සුශිලව වාසය කිරීමය. තොප ඇම ක්‍රිඩාශිලිව වාසය කිරීම දුශ්ශිලභාව යයි මෙතැන් පටන් එලෙස නොකරවයි තාපසවරුන්ට අවවාද කියා ක්‍රීඩා ශිලිකම් අරවා තමන්ගේ ශක්‍රභවනයට ගියමයි වදාරා මේ විඝාත ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි සත්බෑයෝ නම් මේ ක්‍රිඩා ශිලි භික්ෂූහුය. ශක්‍රදේවේන්ද්‍රව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.