Skip to main content

379 ස්වර්ණ කර්‍කටක ජාතකය

තවද බැලූ බෑලුවන් ඇස් නිමවන මනහර රූ අති සර්වඥයන් වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ආනන්ද ස්ථවිර අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් දවසක් දම්සභාවේ රැස්වූ භික්ෂූන් වහන්සේ ආනන්ද ස්ථවිරයෝ සර්වඥයන් වහන්සේ මරන්ට එන්නාවූ ධනපාලයා ඉදිරියේ සිට ජීවිත පරිත්‍යාග කළෝ වේදැයි කිය කියා වැඩ උන් ප්‍රස්ථාවට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්ව භාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා ඒපවත් අසා දැන් මතු නොවෙයි මහණෙනි පෙරත් ජීවිත පරිත්‍යාග කළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

රජගහ නුවර සාලින්දිය නම් ගම බෝධිසත්වයෝ බ්‍රහ්මණ කුලයක ඉපද වාසය කරන්නාහූ දාසක් කිරියෙහි ඇවිදි ගොයම් බලන්නා හා ගොයම් බලා ඒ කුඹුරු අසා පොකුණෙහි ඇස මූන සෝදන්නා හා ඒ පොකුණෙහි රන්වන් කකුළුවෙක් වාසය කරන්නේය. බෝධිසත්වයෝ කකුළුවා ඉනලාගෙණ කුඹුරට ඇවිද ගෙට යන කල පොකුණට ඇර යන්නාහ. ඒ කිරියෙහි එක් තල්ගසක් උඩ වාසය කරන්නාවූ එක් කැවිඩියක් තමාගේ කවුඩාට කියන්නී මේ බ්‍රහ්මණයාගේ පස්පෑදිස්නාවූ ඇස් සඟල මට උපුටා දෙව, ඒ නොලදින් නම් මාගේ ජිවිතය නොලබමි කිව. එවිට කපුටුවා කියන්නේ නොමළා තැනැත්තවුගේ ඇස්දෙක කෙසේ උපුටා දෙම්දැයි කියාත් නො වළකින හෙයින් ඒ තල්ගස සමීපයෙහි තුඹුසෙක වාසය කරන්නාවූ නයෙකු ඒ දොළ පසිඳ මැනවැයි කිව. යහපතැයි ගිවිස පසු බෝධිසත්වයෝ කෙත්වත් බලන්ට යන්නාහූ පොකුණට බැස ඇස මුන සෝධා රන්වන් කකුළුවානන් උත්තර සාටකයෙහි ලා එන්නාවූ බෝධිසත්වයන් සර්පයා තන අස්සේ සැඟවි බලා වැද හෙව පාදපිට දෂ්ටකොට තමා වැදොත්තාවූ තුඹසට පළා ගියේය. බෝධිසත්වයෝ විෂ මෘච්ඡාවෙන් වැටී උන්නහ. බෝධිසත්වයෝ වැටීමත් කකුළුවා බිමපිට පීනිමත් කපුටුවා බෝධිසත්වයන්ගේ ඇස්දෙක උපුටන්ට ඇවිත් ලයමත්තෙහි ඉඳිමත් එක්‍ෂණයෙහි ම විය. කකුළුවානෝ මේ කාරණය දැක මුන් නිසා මාගේ මිත්‍රයානන්ට වූ අලාභයකැ යි සිතා කපුටුවාගේ බොටුව නලින් අල්වා ගෙණ තරකොට මැඩළූහ. එවිට කපුටුවා සර්පයාට කියන්නේ රන්වන්වූ ශරීරයක් ඇත් ශරීරය පිටතින් නික්ම තිබෙන්නාවූ ඇස් ඇති නල දෙකක් ඇති ඇටම සම්කොට ඇත්තාවු ලොම් හට නො ගත්තාවූ කකුළුවෙක් මාගේ බොටුව කතුරකින් මඩිනාක්මෙන් මඩිනේය. මා මරහුට ඇරපියා කොයි ගියාද වහා අවුත් මා ගලවා ගණුවයි සර්පයාට අඬගා කීහ. එවිට සර්ප රාජයා තමාගේ යහළවා කි බස් අසා පෙණය මහත්කොට සුස්මමින් තමාගේ යහළුවා ගාවට ආය. එවිට කකුළුවා සර්පයාත් අඬුවෙන් ඩෑගත. එවිට සර්ප රාජයා කියන්නේ එම්බා කකුළුවානෙනි. තොපට සර්පයන්ගේ මාංශයෙනුත් කම් නැත.

කළමනා කවර කාරණයක් නිසා අප දෙන්නා අඬුවෙන් ඩෑගතු දැයි විචාළේය. එවිට කකුළුවා කියන්නේ එම්බල මේ පුරුෂයා මාගේ ඉෂ්ට මිත්‍රයාය එසේහෙයින් ඌට පැමිණි මරණය මට පැමිණියා හාත් ශරීරය ඒ කාරණය නිසා කකුළුවාන්ගේ මාංශය නම් ඉතා කුලල්ව මොලොක්ව තිබෙන්නේය. ඒ මාංශය මනුෂ්‍යයෝත් කැමති වන්නාහ. කපුටුවෝත් බිඳකති. මුන් නැතිවිට මටත් බොහෝ උපද්‍රා වන්නේය. එසේහෙයින් මාගේ යාළුවූ බ්‍රහ්මණයානන්ගේ විෂබාන්නා උන් නිර්වාධි කරණ නිසා තොප දෙන්නා අඬුවෙන් ඇල්විමි කිහ. එවිට සර්පයා උපායක් කියා අපි දෙන්නාම ගැලවි පළායම්හයි සිතා කියන්නේ එම්බා කකුළුවානෙනි. අපි දෙන්නාම ඇර පියන්නා විෂයත් උරාගෙණ පලා යම්ම අපි දෙන්නාම ඇරපියවයි කීහ. එවිට කකුළුවා සිතන්නේ මා වංඤාකොට ලා දෙන්නාම ගැළමි පළායන්ට උපායක් සිතු නියාවේද එසේ නොහරමියි සිතා කියන්නේ කපුටුවා තමාම නොහරිමි තොපත් විෂය ඇරගන්නා විචරට මඳක් ලිහිල් කෙරෙමියි. මාගේ යහළු බ්‍රාහ්මණයානන් නිව්‍යාධි කරවා සිටිවිට තොප දෙන්නා අරමි කියා කවුඩාත් තරකොට ඩෑගෙණ සර්පයා මදක් ලිහිල්කොට විෂය උරාගෙණ බෝධිසත්වයන් නිර්ව්‍යාධිව නැගී සිට කල්හි කකුළුවානෝ සිතන්නාහු මේ දුර්ජනයන් දෙන්නා ඇරපිනම් මත මාගේ යාළුවාට උපද්‍රව වන්නේ වේදැයි සිතා කතුරකින් ඇඹුල දණ්ඩ කපන්නාක්මෙන් කපුටුවාගේ ඉසටියත් නයාගේ ඉසටියක් පොලු ගසා ඵලුහ. බෝධිසත්වයෝත් මළාවූ නාගයාගේ කඳ ලියක අවුලා තුඹසෙහි ලා කකුළුවානන් එනතුරු පටලාගෙණ පොකුණට ඇර ඉස්සෝධා නාහා ගෙට ගියහ. කකුළුවානන් හා බෝධිසත්වයන් හා එවක්පටන් මිත්‍ර සන්තවය නතරවිය. කැවිඉිත් එතනින් ඹබ්බට ගියහයි වදාරා මේ සව්ර්ණකර්කටක ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කැවිඩි නම් කිඤචිමානවිකාය. කවුඩා නම් දේවදත්ත ස්ථවිරය. නයා නම් වසවර්ති මාරයයා. කකුළුවා නම් සුවාසුදහසක් ධර්මස්කන්ධයට භාණ්ඩාගාරික වූ ආනන්ද ස්ථවිරය. බ්‍රහ්මණව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාල සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.