Skip to main content

376 සුචි ජාතකය

තවද ආකාශයසේ අනන්තවූ ගුණ ඇති තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ප්‍රඥා පාරමිතාව අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

මෙහි වර්ථමාන කථාව උම්මග්ග ජාතකයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය. මෙහි වනාහී සර්වඥයන් වහන්සේ පෙරත් තථාගතයෝ මහ නුවනැත්තේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේට දුක්ඛිතවූ කඹුරුව ඉපිද වැඩිවිය පැමිණ පිටිසර ගමෙක වාසය කරණසේක. ඒ ගම නුදුරු තැනක ගමෙක කුඹුරු දාසෙක් වාසය කරන්නාහ. කුඹුරු දාසය නායකවූ කඹුරෙක් ඇත. ඒ කූඹුරු විහයවීය, රාජවල්ලභය, ඌගේ විශිෂ්ටවූ රූ ඇති දුවක් ඇත්තීය. ඒ කඹුරුගම ඇති ස්ත්‍රියන්ගෙන් වැඩිතරම් රුවින් යුක්තය. නොයෙක් ගම්වලින් කැති පොරෝ නොයෙක් යකඩ කරවන්ට ආ මනුෂ්‍යයෝ ඒ කුඹුරු දුවගේ රුව දැක තමතමන්ගේ ස්ථානවල ඉඳ රූප වර්ණනා කරන්නාහ. බෝධිසත්වයෝ ඇගේ රුව අසා තෘෂ්ණාවසඟව ඈ දැක තමාගේ ගෙට ගෙණෙන්ට උවමැනවයි සිතා යහපත්ව ඉදිකටුවක් ඉදිකොට විද ඒ ඉදිකටුව ලන නියායෙන් කොපු සතක් ඉදිකොට කොපුවෙන් කොපුව ඇතුලේලා ඉදිකටුවත් කොපුවේලා ඇර ගෙණ කඹුරන් දාසක් ඉදිනාගමට ගොස් කඹුරන්ට නායක තැනැත්තන්ගේ දොර කොයිදැයි විචාරා උන්ගේ ගේ දොර මිදුලේ සිට කියන්නාහු සියුම් මූනක් ඇති යසුනුලා උලා මට සිලුටුවූ සෘජුවූ යහපත්වූ ඉදිකටුවක් ඇත. ඒ ගනුවයි කිය කියා සිටියාහ. නායක කඹුරු බත්කාලා වැදහෝත්තේය. ඌගේ දුව තමාගේ පියාට තල්වැටක් සල සලා සිටියහ. බෝධිසත්වයෝ ඉඳිකටු ඇරගණුවයි කියන බස අසමින්ම ඇගේ හිස සිය ගණන් පැන්කල වත්කරන්නාමෙන් චිත්තසනොතාෂව මා උන් බලන්ට උවමැනවැයි සිතා තල්වැට බිමතබා බෝධිසත්වයන් කථාව කියන තැනට ගොස් දැක කියන්නේ මෙකියන මානවකය. මේගම කඹුරන් දාසක් වාසයකරණ ගමඋල මේ ගම්තිබා කැති පොරෝ ආදිවූදෙය හා බිලි කටු ඉඳිකටු ආදිවූදෙය හා විශේෂවූ ආයුධ හා ඇත. එසේ වූ තැන තොප ඉදිකටු ඇරගෙණ පෙරවරුවන් ඇවිද්දත් ඇරගන්නේ නැත, මෙතන ඇති සියලුයකඩ ඒ ඒ තෙන ගෙණගොස් විකුණන්නාහ. එසේ හෙයින් තොපගේ ඉදිකටුවක් ඇරගෙණ පිටිසරගමකදී විකුණවයි කිව බෝධිසත්වයෝ එවිට කියන්නාහු එඹල කුමාරිකාව මාගේ කර්මාන්තයෙහි විශේෂයත් මා ගත් දුකෙහි විවරත් තොපගේ පියාණන්ට දැනෙයි තොපගේ පියානෝ මා කළ කර්මාන්ත දුටුවුනම් තොපත් මට පාවාදී තමන්ගේ ගෙයි සියලු සම්පතුත් මට දෙන්නේ වේදැයි කීහ. මේ කථාව කියන නියාව ඒ කුඹුරන්ට නායක තැනැත්තේ අසා තමාගේ දුව ගෙන්නා විචාරන්නාහු තොප කවුරුන්ලාද කථාකරන්නේයයි විචාළකල්හි ඒ කුමාරිකා කියන්නී එක්තරා මානවකයෙක් ඉදිකටුවක් ඇරගෙණ ඉදිකටුව ගනුවයි කිය කියා සිටින්නේ යයි කිව, ඒ අසා කාඹුරුනායක තැනැත්තේ උන් මෙතනට කැඳවයි කියා කයේය එවිට බෝධිසත්වයෝ එතනට අවුත් කඹුරු නායකයානන් වැඳලා සිටියහ.

කඹුරුනායක තොපි කවුදැයි විචාළ කල්හි මම අවල්ගම කඹුරුනන්ගේ පුත කීමියි කියේය. එවිට කුඹුරුනායක තොපි කුමට අවුදැයි විචාළාහ. බෝධිසත්වයෝ කියන්නාහූ ඉඳිකටුවක් ඉදිකොටලිමි ඒ ඉදිකටුව ඇරගෙණ පානනියා ආමි කීයේය. කඹුරුනායක ඒ අසා කියන්නේ තෝ ඉදිකළ ඉදිකටුව ගෙණවයි කී කල්හි බෝධිසත්වයෝ ඉදිකටුව ඇරගෙණ මේ ගම ඇති කඹුරන් එක්වූ කල පාමි තනිව නොපාමි කී කල්හි ගම ඇති කඹුරන එකසි එක්වූ ගමනේ කඹුරුනායකයාණන් අතට දුන්හ. කඹුරුනායකයානෝ ඉදිකටුව බලා මේද තොපි ඉදිකළ ඉදිකටුවදැයි විචාළාහ. එසේය තෙල කොපුවය ඉදිකටුව ඇතුලේ යයි කීහ. කඹුරුනායකයා කොපුව අයන්ට උත්තාහකොට ඉදිකටුව අතට කොපුව අයාගත නුහුනුවාහ. බෝධිසත්වයෝ කොපුවෙන් කොපුව ආයකොපුසත කඹුරුනායකයානන් ඉදිරියේ තබා ඉදිකටුව බෝධිසත්වයෝ කඹුරුනායකයානන් අතට දුන්හ. එතනට එක්වූ දාසක් කඹුරෝ හා කඹුරුනායයානන් හා පිළිහිස සිසාරා අසුරුන්දි බොහෝ සතුටුව මේ ඉදිකටුයේ තරය කින්දැයි විචාළාහ. බෝධිසත්වයෝ ඉදිකටුව තරය පානානියායෙන් කිණිහිරක් ගෙන්වා ඒ කිණිහිර මුදුනෙහි ඉදිකටුව කුලකින් ගැසු ගමනේ කිණිහිර බැඳගෙණ පල්ලෙ තිබූ මඩෙහි පෙණෙය ිඉල්පෙමින්. තිබූයේය. එවිට කඹුරන් හා කඹුරුනායකයානෝ පළමු නියාවට දියනක්ම චිත්තසනොතාෂව පිළිඉස සිසාරා අසුරුසන්දි සතුටුව කඹුරුනායකයානෝ තමන් විශේෂ රූ ඇත්තාවූ දුවනි යන් පාවාදී තමන්ගේ බොහෝ සම්පතුත් දී බෝධිසත්වයන්ට පාවා දුන්හ. කඹුරුනායකයානෝ නොබෝ කලකින් මළහ බෝධිසත්වයෝ ඒ කඹුරු දහසට නායකවුහයි වදාරා මේ සුචි ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කඹුරු දු නම් යසෝධරා ස්ථිවිරයය. එසමයෙහි කඹුරුව උපන්නෙම් බුදුවු මම්මයයි වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.