375 නන්දිය‍ මෘග ජාතකය

තවද පරාවාද මර්දන කළාවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දෙමව්පියන්ට උපස්ථාන කරන්නාවූ භික්ෂූන් කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්,

එක් භික්ෂූකෙණෙකුන් වහන්සේ දෙමව්පියන්ට සිඟා ලද්දාවූ ආහාරයන්දී සමහර දවස් සුන්බත්ව ඉඳිනසේක. සැදැහැත්තන්දුන් කඩපොල්ලත්දී මෙසේ නිරන්තරයෙන් දුක්ගෙණ දෙමව්පියන් රකිනාසේක. භික්ෂූන් වහන්සේ මේ මහණ සැදැ ඇත්තන්ගෙන් දුන් ආහාරයද වස්ත්‍රයද ගිහින්ට දී ගිහින් පරිහරණය කරන්නේ යයි සර්වඥයන් වහන්සේට පෑසේක. සර්වඥයන් වහන්සේ සැබෑද මහණ තා ගිහින් පරිහරනය කරන්නේ යයි විඤාරා වදාළසේක. සැබැව ස්වාමිනි මාගේ දෙමවුපියන් දෙදෙනා පරිහරණය කරන්නේයයි කිසේක. සර්වඥයන් වහන්සේ මේ භික්ෂූ තබා පෙර උත්තමයෝ දෙමව්පියන් පරිහරණය කළාහුය යි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස සාකෙත නුවර කොසොල් රජ්ජුරුවන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ මුවව ඉපිද වාසය කරන්නාහ. ඒ මුව රජ්ජුරුවන්ට නම තබන්නාහු නන්දිය මුව රජ්ජුරුවෝයයි නම් තුබූහ. එසමයෙහි කෝසල රජ්ජුරුවෝ මුව මාංශයෙහි ඉතා ගිජුව ඇම දවස් මුව දඩෙහිම ලොල්ව ඇවිදිනාහ. මනුෂ්‍යයෝ ගොවිතැන් බත් කරන්නට අවසරයක් නොලබහයි මුව රැලක් ගෙනවිත් උයනේ ළූ මෝ නම් ගොවිතැන් බත් කරන්ට අවසර ලබන්නමෝ වේදැයි කියා එක් බැද්දක් වටලා දණ්ඩ පත්තේ ගසා මුවන් රැලක් එක්කොට ගෙණ ගොස් බනන්නාහු නන්දිය නම් මුව රජ්ජුරුවෝත් මුවරැල එක්ව දෙමව්පියන් දෙදෙනා මේ බැද්දේ සඟවා මුව රැල හා කැටිවම සාකෙත නුවරට ගියේය. මුවරැල ගෙණ ගොස් අංජනනම් වනයෙහි ලා වට රැකවල් ලවා කෝසල රජ්ජුරුවන්ට ගොස් කියන්නාහූ දේවයන් වහන්ස මුවරැලක් ගෙණවිත් අංජන නම් වනයෙහි ලා වට රැකවල්ලා ආම්හ. නුඹවහන්සේ ට අභිප්‍රායක් කළ මැනවැයි රජ්ජුරුවන්ට වැඳ සමුගෙණ තම තමන්ගේ ගම්වලට ගියාහ. රජ්ජුරුවෝත් එතැන්පටන් දවස මුවකු බැගින් මිනිසුන් යවා මරවා ගෙන්වා අනුභව කරන්නාහ. එසමයෙහි බ්‍රාහ්මණයෙක් සාකෙත නුවරට එන්නේය. බෝධිසත්වයන්ගේ දෙමව්පියෝත් තමන් සැඟවි උන් වලින් එලිබැස මග අස සිටියාහු බමුණා දැක කොයින්දැයි විචාරා සාකෙත නුවට යෙමි කී කල්හි එසේවිනම් අපගේ දරුවාන කෙණෙක් සාකෙත නුවර එන්නේය. බෝධිසත්වයන්ගේ දෙමව්පියෝත් තමන් සැඟවි උන් වලින් එලිබැස මග අස සිටියාහු බමුණා දැක කොයියන්නේදැයි විචාරා සාකෙත නුවරට වෙමි කී කල්හි එසේවිනම් අපගේ දරුවාන කෙණෙක් සාකෙත නුවර වසන්නාහ. යම් උත්සාහයෙක සැඟවි අප ඇස පෙණෙන්ට කියවයි කියා ඒ නන්දිය නම් මුවරජ්ජුරුවන්ට කියවයි කියා යැවුහ. ඒ බ්‍රාහ්මණයාත් අංජන නම් වනයට අවුත් මුවන් දැක දෙමව්පියන් රකින්නාවූ නාන්දිය නම්ව මුව රජ්ජුරුවෝ නම් කවුරුදැයි විචාළාහ. මම යයි කී කල්හි මුව රජ්ජුරුවන්ගේ දෙමව්පියන් කියා යවු සරූප කිහ. මුව රජ්ජුරුවෝත් අසා රජ්ජුරුවන් වහන්සේගේ වනයේ තන පැන් කා රජ්ජුරුවන් වහන්සේට නොකියාම යාම කටයුතු නොවෙයි යම් දවසක රජ්ජුරුවන් වහන්සේට නොකියාම යාම කටයුතු නොවෙයි යම් දවසක රජ්ජුරුවන් වහන්සේ මුවන් මරන්ට ආ සේක් නම් උන් වහන්සේගේ ඊයාපථයට සිට මාගේ ජීවිත දානයත් ඉල්වා ගෙන මුවන් ජිවිත දානයත් ඉල්වා ඇරගෙණ යෙමි. බමුණා අස්වසා යවා සිටියේය. නොබෝ දවසකින් රජ්ජුරුවෝ මුව දඩයමට අවුත් මුවන් දැක දුටුවිට භියලා සිටියාහ. මුවෝ මරණ භයින් තැතිගෙණ දිවගත්හ. බෝධිසත්වයෝ රජ්ජුරුවන්ගේ හී පස්සට හමුව ගොස් සිටියාහ. රජ්ජුරුවෝත් බෝධිසත්වයන් දැක අනර්ඝ වූ රූපය බලා විදගත නොහි සිටියාහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහු මහරජ ඇයි මා නොවිද සිටිනා මා තෙල සැරයෙන් විදපියව, මම තොප කෙරේ කනස්සල්ලක් නැත්තෙම්, මෛත්‍රී කෙරෙමි මා විද පියවයි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහ.

මම විඳින්ට සිතන්නමුත් මා ඇතින් සැරය නො හැරෙන්නේමය. මාගේ සැරය තොපගේ ගුණ දත මම තොපගේ ගුණ නොදන්නෙමි කීහ. එවිට බෝධිසත්වයෝ එසේවි නම් මට අභයදානය දෙවයි කියා අභවදානය ඉල්වාගෙණ තමන් වහන්සේගේ මුවත්ටත් ජිවිතදානය ඇගෙණ සෙසු සිවුපාවන්ටත් අභය දානය ඉල්වාගෙණ පක්ෂින්ටත් අභය ඉල්වාගෙණ දියෙහි වසන්නාවූ සියලු මච්ජයන්ටත් අභයදානය ඉල්වාගෙණ රජ්ජුරුවන්ට අවවාද කොට රජ්ජුරුවන්ට බණ කියන්නාහු දන්දීමය සිල්රක්ෂා කිරීමය වස්තු පරිත්‍යාගය කිරීමය, සෘජුව අවංකවීමය, මෘදුවිමය, තප්නය, ක්‍රෝධ නොකිරීමය, හිංසා පිඩා නොකිරීමය, ක්‍ෂාන්තිය යි යන ඉවසීමය, රාජධර්මයට විරුද්ධව නොකිරීමය. දසරාජ ධර්මයට අකෝප්‍යව රාජ්‍ය කරවයි රජ්ජුරුවන්ට අවවාද කියා රජ්ජුරුවන් සමීපයෙහි කීප දවසක් රඳා තමන්ගේ දෙමව්පියන් වසන්නාවූ වනයට ගියාහයි වදාරා එම්බා මහණෙනි ඒ නන්දිය මුව රජ්ජුරුවෝ නම් තමන් දෙමවුපියන් රක්නාවූ කුසලානුභාවයෙන් තුමුත් අභය දානය ලැබ මුවන් ඇතුලුවු බොහෝ ප්‍රාණීන් මරණින් ගළවා රජ්ජුරුවනුත් ධර්මයෙහි යෙදුවෝ වේදැයි වදාරා චතුස්සත්‍යය ප්‍රකාශකොට නන්දිය මෘග ජාතකය නිමවා වදාළසේක. චතුස්සත්‍යය දේශනාවගේ කෙළවර මාතුපෝසක භික්ෂූන් වහන්සේ සෝවාන් වූ සේක.

එසමයෙහි බ්‍රාහ්මණයා නම් ශාරිපුත්ත ස්ථවිරය, කෝසල රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරය, නන්දිය මුව රජ්ජුරුවන්ගේ පියානෝ නම් සුද්ධෝදන මහරජ්ජුරුවෝ ය, මෑනියාේ නම් මහාමයා දේවිය බොහෝ ප්‍රාණීන්ට අභය ඇර දුන්නාවූ නන්දිය මුව රජ්ජුරුවෝ නම් ලොවුතුරා බුදුවූ මම්ම යයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.