374 කරපත්ත ජාතකය

තවද සාගරයක්සේ ගැඹුරුවූ ගුණ ඇති ත්‍රෛලොක්‍ය තිලකවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ස්ත්‍රියක් නිසා උකටලී වූ භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් ස්ත්‍රියක් කෙරේ උකටලිවූ භික්ෂූ කෙනෙකුන් වහන්සේ සර්වඥයන් වහන්සේට දැක්වූසේක. සර්වඥයන් වහන්සේ වදාරණසේක් දැන්මතු නොවෙයි පෙරත් තෝ ස්ත්‍රියක් නිසා ජිවිත විනාශයට පැමිණ උත්තමයන් කී කාරණය ගිවිස ප්‍රාණය ලද්දේ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්ස් ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ දෙදෙව්ලොව දෙවියන්ට නායකවූ ශක්‍රදේවේන්ද්‍රව උපන්සේක. එසමයෙහි දිව්‍ය නාගරාජයෙක් ගොදුරු කන්ට යයි රජ්ජුරුවන්ගේ උයනේ ඇවිදිනේය. ඒ නාගරාජයා කුඩා කොල්ලෝ දැක වටකොට ගෙණ කැට මුගුරු ආදියෙන් තලන්ට වන්නාහ. රජ්ජුරුවෝත් ඒ වෙලාවට උයනට ආවාහු මේ කිමෙක්දැයි විචාරා එපවත් අසා නයා නොමරවයි මැරිය නොදි ගළවාපිය. නාගරාජයාත් තමාගේ නාගභවනයට ගොස් රජ්ජුරුවන් නිසා මාගේ ජිවිතය රැකුනේයයි සතුටුව එදා රූම බොහෝ සම්පතුත් ඇරගෙන නාගමානවිකාවත් කැඳවා ගෙණ අවුත් රජ්ජුරුවන් දැක රජ්ජුරුවන්වහන්ස. නුඹ වහන්සේ නිසාය මාගේ ප්‍රාණය රැකුනේය. මෙවක් පටන් නුඹගේත් මාත් මිත්‍රව වාසය කරන්නට උවමැනවැයි මිත්‍රකමෙහි පිහිටා නුඹ වහන්සේට ආරක්ෂාවට සිටින්ටයයි නාගමානවිකාවත් පාවාදී මෝ ඉඳින් නුඹ වහන්සේට නො පෙණිගිය නමුත් ගිය ස්ථානය දකිනා පිණිස කියා ගත මැනවයි දිව්‍ය මන්ත්‍රයකුත් උගන්වා නාරජ තමාගේ නාගභවනයට ගියේය.

රජ්ජුරුවෝත් එක් දවසක් නාගමානවිකාවන් හා අන්තඃපුරයත් ඇරගෙන මගුල් උයනට දිය කෙළින්ට ගියහ. නාගමානවිකාවත් දියබරණකු දැක ඔහු හා කැටුව සංවාසයෙහි යෙදෙන අභිප්‍රාය ඇතිව වේසය හැර නාගවේසය මවා දිය බරියා හා කැටිව ලොකාස්වාද රතියෙහි යෙදුනාය. රජ්ජුරුවෝත නාගමානවිකාව නොදැක කොයි ගියාදෝහෝයි පරීක්ෂා කොට දී දියබරියා හා සමග ලෝක ස්වාදරතියේ යෙදෙන නියාව දැක මෙයින් මතු මෙසේවූ නොකටයුත්තක් නොකරවයි උන්පත්තෙන් පරකීපයක් ගැසූහ. නාගමානවිකාව කිපී තමාගේ නාගභවනයටම ගියාහ. නාගරජ්ජුරුවෝත් ඇයි තී ආයේ කුමක් නිසාදැයි විචාළේය. නාගමානවිකා කියන්නී නුඹ වහන්සේ මා රජ්ජුරුවන්ට ආරක්ෂාවට සිටුවාලා ආ පමණක් විනා රජ්ජුරුවෝ තමන් හා ලෝකාස්වාදරතියෙහි යෙදෙන ලෙස අත ඇල්ලුහ. මම ඊට මැලිවිම් ඊට මා පිට පාරකීපයක් ගැසුහ. එසේ හෙයින් මම ආමි කිව, නාගරජ්ජුරුවෝත් මෑ කියන්නේ ඇත්තමය යි කිපී නාගමානවකයන් සතරදෙනෙකු කැඳවා තොපි සතරදෙනා ගොස් තොපගේ නාසයෙහි විෂධුමයෙන් දවා හස්මකරවයි කියා යැවිය. ඒ නාග මානවකයෝ සතරදෙනත් යහපතැයි කියා ගොස් රජ්ජුරුවන්ගේ රජගෙට වන්හ. රජ්ජුරුවෝත් ඒ වෙලාවට පිබිද අගමෙහෙසුන් බිසවුන් හා කථා කරන්නාහු සොඳූර නාගමානවිකාව මගුල් පොකුනේදී දියබරණ හා සමග ලෝකාස්වාදරතියේ යෙදෙන්නා දැක උණපත්තෙන් පාරකීපයක් ගැසීමි නා ලොවට පලා ගියාහ. ඔබ ගොස් නාගරජ්ජුරුවන්ට බොහෝ නුගුණ කියා මාගේ මිත්‍රධර්මය බිඳූවන්නීය. කුමක් වනු බවත් නොදනිමි. බොහෝ වික්‍ෂේපයයි බිසවුන්ට කීහ. නාග මානවකයෝත් බිසවුන් හා කරණ කථාව අසා නිරපරාධවූ රජ්ජුරුවන් නසන්ට කාරණා නොවෙයි කියා නාගභවනයට ගොස් නාගරජ්ජුරුවන්ට එපවත් කීහ. නාගරජ්ජුරුවෝත් එපවත් අසා නිරපරාධවූ රජ්ජුරුවන් වහන්සේට මා කළේ අපරාධයයි රජ්ජුරුවන් වහන්සේ කරා ගොස් කළාවූ අපරාධය ක්‍ෂමාකරවාගන්ට උවමැනවයි රජ්ජුරුවනමන්ත්‍රයෙක මා තොපට උගන්වන්නේය. මේ මන්ත්‍රය කිසිකෙණකුන්ට නුගවව, යම් කෙණකුන් ඉගැන්වූ නම් තොපි ගිනිවැද යවයි රජ්ජුරුවන්ට මන්ත්‍රය උගන්වා නාගරජ්ජුරුවෝ තමන්ගේ නාගභවනයට ගියාහ. එක් දවසක් රජ්ජුරුවෝ රන්මඩයේ මී හා කැවුම් මේ නිමවන කල්හිම බින්දුවකුත් කැවුම් පොඩියකුත් බිම වැටින, කුඹුවෙක් ඒ දැක තමාගේ සෙසු කුඹුවන්ට කියන්නේ රජගෙයි මී කල කීපයක් හා කැවුම් සැල කීපයක් බිඳිගියේය. තොපි වහා එකවයි කූඹුවන් එක්කොට ඇවිදිනේය. රජ්ජුරුවෝත් කූඹුවන් කරන්නාවූ ක්‍රියාව දැක සිනා පහළ කළහ. බිසව රජ්ජුරුවන් වහන්සේ සිනා පහළ කරන්නට කාරණ කිම්දැයි කියා සැකවූශ. එක් දවසක් රජ්ජුරුවෝ ඉස් සෝධා නහා උන්නාහ. මැස්සන් තමාගේ මැස්සකුට කියන්නී තොප හා මා ලෝකාස්වාදරතියෙහි යෙදුන මැනවයි කීහ. මැසි කියන්නේ රජ්ජුරුවන් වහන්සේ ඉස්සෝධා නාහා සුවඳ විලවුන් ගන්නාසේක.

ඉන් බිමහුනු දෙයක ඇවිත් දැවට රජ්ජුරුවන් වහන්සේගේ පිට මධ්‍යයෙහි ලෝකාස්වාද රතියෙහි යෙදෙම්හයි කිහ. රජ්ජුරුවෝත් ඒ මැසි කී කථාව අසා සිනා පහළ කළහ. බිසවු ඒ දැක සැකවූහ. එක් දවසක් රජ්ජුරුවෝ මේ නිවමන්ට උන්නාහ. බිසවු රජ්ජුරුවන්ට බත් වැඩූහ. ඒ රන්තලියේ බතින් බත උලලක් බිම වැටින කුඹුවෙක් ඒ බත් උල දැක රජ්ජුරුවන්ගේ රජගෙයි බත්සැල කීපයක් බිඳි ගියේය. බත් කන්ට එවයි කිය. රජ්ජුරුවෝ ඒකියන බසටත් සිනාසුනාහ. බිසවු එවිටත් සැකව රජ්ජුරුවන් හා එක්ව යානේ පුරුදුව සැතපුනාහ. රජ්ජුරුවන්ගේ අතින් විචාරන්නාහූ ස්වාමිනි නුඹ වහන්සේ සිනාසෙන්ට කාරණා කිම්දැයි විචාළාහ. රජ්ජුරුවෝ කියන්නාහු එම්බා සොඳූර මම දිව්‍ය මන්ත්‍රයක් දනිමි. එසේ හෙයින් කූඹුවන් මැස්සන් කී බසට සිනාසෙමි අනිකකට සිනා සුනෙමි නොවෙයි කීහ. එවිට බිසවු ඒ මන්ත්‍රය මා උග්නට උවමැනවයි කිහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහු තොප මන්ත්‍රය ඉගැන්වුවොත් මා ගිණි වදින්නට උවමැනවයි කිහ. රජ්ජුරුවෝත් යහපතැයි රථයකට පැනනැගී බිසවුන් රථයකට නන්වා සේනාව පිරිවරා උයනට නික්මුනාහ. ශක්‍රයෝ මෙපවත් දැන තමන්ගේ සුජාතා නම් අසුර කන්‍යාව ඇරගෙණ සුජාතාවන් එළු වෙසක් මවා රජ්ජුරුවන් එන ඉදිරියෙහි සිට එළුදෙන පිටට නැගෙණ ආකාර දැක්විය. රථය අදිනා අස්සු කියන්නාහු එළුවන් ආදි මෑ ලජ්ජා නැතැයි අසා දකුම්හ. දැන් නියමයෙන් ඇසදුටුම්හ. ලෝකාස්වාද රතිය නම් රහසිගතව කල මනා දෙයය, මෙතෙක් දෙනා මැදයේ ලැජ්ජා නැතිව කරන්ට කාරණා කිම්දැයි කීහ. එවිට එළුවා කියන්නේ තොප අලජ්ජාව මට ලජ්ජා නැතැයි කියව්ද?. රජ්ජුරුවන්ට අසුව බන්ධනාදියට පැමිණ සිටියට ලජ්ජා නැත්තාවුයේ නම් රජ්ජුරුවන් රථයේ ඉඳූවාගෙණ අදුව. එසේවූ තොපට කවර ලජ්ජාවෙක් ඇද්දැයි කීහ. එවිට අස්සු කියන්නාහු අප වන්නා බන්ධානාදියට පැමිණ හෙයින් ලජ්ජා නැත්තම්හ අපගේ රජ්ජුරුවන් වහන්සේට ලජ්ජා නැතැයි කියන්ට කාරණා කිම්දැයි විචාළාහ. එවිට එළුවා කියන්නේ ස්ත්‍රියක් නිසා ප්‍රාණය නසා ගිණිවදින්ට යන්නාවූ රජ්ජුරුවන්ට ලජ්ජා නැතැයි නොකියා ලජ්ජා ඇතැයි කීය. එවිට රජ්ජුරුවෝ එළුවාට කියන්නාහු එසේකළ එළුවානෙනි ඊට කළමනා කිම්දැයි කීහ.

එවිට එළුවා කියන්නේ එම්බා රජ්ජුරුවෙනි තමාගේ ප්‍රාණය ඇත්නම් සියලු වස්තුන් ඇත. බිසෝවරුන් ඇත. එක බිසෝකෙණකුන් නැතුවට සෙසු බිසෝවරුන් නැද්ද, තොපි බිසවුන්ට මන්ත්‍රය නොදෙවයි කීහ. එවිට රජ්ජුරුවෝ විචාරන්නාහූ එම්බා එළුවානෙනි තොපගේ සැටිය එළුවන්ගේ සැටියක් නොවෙයි. තොපි කවුරුන්දැයි විචාළාහ. එවිට ශක්‍රයෝ කියන්නාහු එම්බා රජ්ජුරුවෙනි. තොපට වන්නාවූ මරණ භයෙක් දැක භන්‍ සංසිඳූවන්ට ආවාවූ ශක්‍රදේවේන්ද්‍රයෙමි කීහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහු ශක්‍රයෙනි මම බිසවුන්ට මන්ත්‍රය දෙමි කියා කිමි, මන්ත්‍රය නුදුන් කළ බවට විරුද්ධවෙයි කීහ. එවිට ශක්‍රයෝ කියන්නාහු එම්බා රජ්ජුරුවෙනි බිසවුන්ට පාරකීපයක් ගසන්න තුමුම මට මන්ත්‍රය එපායි කියත්, ඒ නියාවට කරවයි රජ්ජුරුවන්ට උපාය කියා ශක්‍රයෝ දිව්‍යාෙල්කයට ගියහ, රජ්ජුරුවෝත් රථය පදවා උයනට ගොස් රථයෙන් බැස දරසෑය ලඟ සිට බිසවුන්ට කියන්නාහූ තොපට මන්ත්‍රය උවමැනවයි කිහ. බිසවු කියන්නාහු ගිනිවැදවත් මට මන්ත්‍රය දුන මැනවැයි කීහ. බිසවු කියන්නාහු ගිනිවැදවත් මට මන්ත්‍රය දුන මැනවයි කිහ. එවිට රජ්ජුරුවෝ කියන්නාහු එසේවිනම් මන්ත්‍රය උගන්නා කල මන්ත්‍රයට කළමනා සත්කාර ඇත. මේ මන්ත්‍රය උගන්නා කල සැමිටියෙන් පාර කිපයක් ගසන්ට උවමැනවයි කියා මුරගාන්ටත් බැරියයි කීහ. බිසවු මන්ත්‍රාසාවෙන් යහපතැයි කීහ. රජ්ජුරුවෝත් කටු සැමිටි ගෙන්වා ලඟ සිටි රාජ පුරුෂයන් ලවා ගෙඩිගස්වන්ට වන්හ. බිසවු පාරකීපයක් ඉවසා මට මන්ත්‍රය එපායි කීහ. එවිට රජ්ජුරුවෝ මා ගිනිවැදත් මන්ත්‍රය උවමැනවයි කීයේයයි පිටතලා ගෙඩි දෙවා තමන් ගෙටස ගියහයි වදාරා චතුස්සත්‍යය ප්‍රකාශකොට මේ කරපත්ත ජාතකය නිමවා වදාළසේක.

චතුස්සත්‍යයාවසානයෙහි උකටලී භික්ෂූන් වහන්සේ සෝවාන් වූසේක. එසමයෙහි සේන නම් රජ්ජුරුවෝ නම් මේ උකටළි භික්ෂූහුය. බිසව් නම් මෙසමයෙහි පුරාණ දුතිකාවෝය. රථය පැද්දාවූ අශ්වයා නම් ශාරිපුත්‍රස්ථවිරය, ශක්‍රව උපන්නෙම් බුදුවු මම්ම යයි වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.