Skip to main content

368 නේරු ජාතකය

තවද නිවනට දොරහළුවාවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි එක්තරා භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

ඒ කෙසේද යත්

එක්තරා භික්ෂූකෙණෙකුන් වහන්සේ පිටිසර ගමකට වැඩිසේක. පිටිසර එක්තරා පුරුෂයෙක් ඒ භික්ෂූන් වහන්සේ දැක පන්සලක් ඉදිකොට වස්වසමින් ශාස්වත දෘෂ්ටි පරිබ්‍රාජකාවරු ආහ. එතැන්පටන් භික්ෂූන් වහන්සේ කෙරේ ආලිස්සන්ව පරිබ්‍රාජකාවරුන්ට සත්කාර සම්මාන කරන්නට වන. උන් සත්කාර සම්මාන කරන්ට වන්කලට උචේඡදවාදීහූ ආහ. එතැන්පටන් ශාස්වතාදීන් කෙරෙහි ආලිස්සන්ව උචේඡද වාදින්ට බොහෝ සත්කාර සම්මාන කරන්නට වන. උන්ට සත්කාර සම්මාන කරන්නට වන්කලට අවේලකාදී ආහ. එතැන්පටන් උචේඡදවාදීන් කෙරෙහි ආලිස්සන්ව අචෙලකාදීන් කෙරෙහි බොහෝ සත්කරා සම්මාන කරන්නට වන. මේ නියායෙන් උත්තමයා, මධ්‍යය අධසයයි යන තේරිමක් නැතිව සාමාන්‍යයෙන්ම උපස්ථාන කෙළේය. ඒ භික්ෂූන් වහන්සේ වස් තුන්මස එතන රඳා සර්වඥයන් වහන්සේ දුටුසේක. සර්වඥයන් වහන්සේ ඇයි මහණෙනි මෙතෙක්දා කොයි ගියේහිදැයි විචාරා එපවත් අසා මහණෙනි ඒ පුරුෂ උත්තම, මධ්‍යම, අධම යන තුන්පක්ෂය නොදන්නා ගමණ සවර්ණ පර්වතයෙහි උත්තම මධ්‍යම අධම යන පක්ෂින් උන්කලට එක වර්ණ වන්නාමෙමැනිය වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේත.

ඒ කෙසේද යත්

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ සවර්ණහංසව උපන්නාහ. බෝධිසත්වයන්ගේ මලනුකෙණෙකුන් ඇත්තාහ. බෝධිසත්වයන් මලනුවන් වහන්සේ ගොචර භුමියට එන්නේ නේරු නම් ස්වර්ණ පර්වතයෙහි සැතපී එනකලට යන කලට සුදු පැහැය, කළු පැහැය, නිල් පැහැය, ආදිවූ නොයෙක් පැය ඇති පක්‍ෂි සිවුපාවෝ නේරු සවර්ණ පර්වතය ඡායාවෙහි උන්කලට ඒකවර්ණ වන්නාහ. මින් එක් දවසක් බෝධිසත්වයන් හා මලනුවෝ පර්වත සමීපයට පැමිණ බෝධි සත්වයන්ගේ මලනුවෝ විචාරන්නාහ බැනන් වහන්ස, සිංහ ව්‍යාඝ්‍රාදී උත්තම සිව්පාවෝත් සිඟාලාදීවූ සිවුපාවෝත් සවර්ණ වර්ණ වන්නෝය. අපගේ උත්තම වූ පක්ෂීත් කපුටු ආදීවූ නිචපක්ෂීත් මේ පර්වත සමිපයට පැමිණිකල ඒකවර්ණ වන්නාහ. මට කාරණා කවරේදැයි මේ කිනම් පර්වතයෙක්දැයි විචාළාහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ මෙකි පර්වතය නම් නේරු පර්වතය, උත්තම මධ්‍යම අධම යනාදී සිවුපාවුනුත් පක්ෂීනුත් මෙතනට පැමිණ කල ඒකවර්ඛ වෙයි. අනික් වෙසෙසෙක් නැත්තේයයි කීහ. බෝධිසත්වයන්ගේ මලනුවෝ මේ පර්වතයට නිද්දා වේවායි උත්තම මධ්‍යම අධම යන තුන් පක්ෂය ඒකවර්ණවෙයි. උත්තම මධ්‍යම අධමයෙන් තෝරලිය නොහෙයි. එසේහෙයින් මේ පර්වතයට නින්දා වේවයි වදාරා චතුස්සත්‍ය දේශනාවසානයෙහි ඒ භික්ෂූන් වහන්සේ සෝවාන්වූ සේක. එසමයෙහි බෝධිසත්වයන්ගේ මලනුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය. එසමයෙහි ස්වර්ණහංසව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළසේක.

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.