Skip to main content

358. මිත්තවින්‍දක ජාතකය

තවද බ්‍රහ්මාතිබ්‍රහ්මවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ලෝභිවූ භික්ෂූ කෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලද.

මෙහි වර්ථමාන කථාව යට කියන මත්තවින්ද ජාතකයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය. මෙහි වනාහී බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි එක්තරා මිනිසෙක් පඩව්ව නැඟි මුහුදු පීනා යන තැනැත්තේ දිව්‍ය ස්ත්‍රීන් සතරදෙනකු වාසය කරණ තෙනට ගොසින් එතන ඉන්ද නොහි දිව්‍යස්ත්‍රීන් අටදෙනෙකු වාසය කරණ තෙනට ගියේය. එතනත් ඉන්ද නොහි දිව්‍ය ස්ත්‍රීන් සොළොස්දෙනෙකු වාසය කරණ තෙනට ගොස් ඉන් පැසෙන තැනැත්තට කියන්නෝ තොප කර තිබෙන පලඳනාව මා කරා පලඳවා පියවයි කීය. එවිට පැසෙන තැනැත්තේ මේ යාපත් පළඳනාවෙක් නොවෙයි නරකයේ උරචක්‍ර මාලාවය යි කීය. ඒ යහපත, මා කරලාපියව යි කියන්නා පැසෙන තැනැත්තේ ඌ කරලා ගැළවි පලා ගියේය. බෝධිසත්වයෝ දිව්‍යලෝකයෙහි ඉපිද නරකවල් බලා ගෙණ යන ගමනේ උරචක්‍ර මාලාව කරලා ගෙණ පැසෙන පුරුෂයා ලඟට ගියාහ. එවිට උරචක්‍රමාලාව පැලඳගෙණ සිටි පුරුෂයා කියන්නේ මා මෙසේවූ අකුශලයට පැමිණියේ කවර අකුශලයකින්දැයි විචාළේය. දිව්‍යපුත්‍ර කියනුයේ තොපගේ ලෝභයෙහි වූ අකුශලය දිව්‍යස්ත්‍රීන් සතරදෙනා අටදෙනා සොලොස්දෙනා දෙතිස්දෙනා වාසය කරණ තැන ඉඳ නොහි මේ මෙසේවූ අකුශලයකට පැමිණියේ තොපගේ ලොහ වේතනාවගේ විපාකයයි කීහ. එවිට උරචක්‍රමාලාවෙන් බොටුව කැපි අනික් බසක් කිය නුහුනුවහයි වදාරා මේ මිත්තවින්දක ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි මිත්තවින්දක නම් ලෝභි භික්ෂූහුය. දිව්‍යපුත්‍රව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.