Skip to main content

357 නවසාර ජාතකය

තවද ශක්‍රාති ශක්‍රවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ප්‍රඥාපාරමිතාව අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් දවසක් දම්සභාවේ රැස්වූ මාළුවරුන් වහන්සේ සර්වඥයෝ ඉතා තීක්‍ෂණවූ නුවන ඇතිසේකැයි කිය කියා වැඩ උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පුර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා දැන්මතු නොවෙයි මහණෙනි පෙරත් මූ කළානුනුව නෙහි පටන් තීක්ෂණ වූ නුවන ඇත්තෝම වේදැයි වදාරා එ කෙසේ දැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස්නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ කෙළඹි කුලයෙහි ඉපිද පළමු කී පරිද්දෙන්ම බෝධිසත්වයෝ සර්පයෙක් අරගෙණ වෙද ඇඟට දැමුහ. සර්පයාත් වෙදා කර දරණලා කා මැරීය. බොහෝ මනුෂ්‍යයෝ එක්ව මේ කුඩාකොල්ලා මිනිසා මරාපුය යි කුඩාකොල්ලන් බැඳගෙණ බරණැස් රජ්ජුරුවන් කරා ගෙණ ගියාහ. බෝධිසත්වයෝ මග යමින් සිටි කුඩාකොල්ලන්ට කියන්නාහූ තොපි ඇම රජ්ජුරුවන් දුටුකළ නඬා නොදොඩා සිනාසිසි සන්තෝෂයෙන් සිඛුවයි කියා ඉගැන්වූහ.ඒ කියන කුඩා කොල්ලෙනි තොපි ඇම වෙද මරා පියා අවුත් කිසි භයක් මුසුප්පුවක් නොවි සිටින්නේ ඇයිදැයි කිහ. එවිට බෝධිසත්වයෝ කියන්නාහූ, දේවයන් වහන්ස, දුර්මුඛවීමෙන් සතුරුව සිටන තැනැත්තේ වැරැදි කොට පියා මුන දුර්මුඛව සිටියේය යි සතුරාටත් අවසර පෙණෙයි. වැරදි කළ කලට දුර්මුඛ වුවයි වෙන දෙයක් වැලකුන් නැත. එසේ හෙයින් දුර්මුඛ වීමෙන් තමාගේ මූන බැළුවන්ට ප්‍රියකරු නොවන්නේය. මේ කාරණයෙන් සන්තෝෂව කෙළ සිනා සී සී සිටයම්හයි කීහ. එවිට රජ්ජුරුවෝ බෝධිසත්වයෙන් කී බසට සමාධිව තොපගේ වැරදි කියවයි වැරදි විචාරා අiතන අසා බෝධිසත්වයන් ඇතුළුවූ කුඩා කොල්ලන් බැඳූන් මුදා බෝධිසත්වයන් තමන්ට අමාත්‍ය තනතුරෙහි සලස්වා ගත්හ. සෙසු කුඩා කොල්ලන්ටත් තනතුරු දී තමන්ට සේවය කරන්ට සලස්වා ගත්හයි වදාරා නවසාර ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරය. කුඩාකොල්ලෝ නම් අසූමහසව්වෝය. කෙළෙඹි පුත්‍රව උපන් නෙම් බුදුවූ මම් ම යයි වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.