Skip to main content

356 සාලිය ජාතකය

තවද දේවාතිදේව වූ සර්වඥයන්වහන්සේ වේළුවනාරාමයෙහි වැඩ වසන සමයෙහි දේවදත්ත ස්ථවිරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

දම්සභාවෙහි රැස්වූ මාළුවරුන්වහන්සේ දේවදත්ත ස්ථවිරයන් වහන්සේ සර්වඥයන් වහන්සේ මරන්ට උත්සාහ කොට මරාගත නුහුනුවෝ වේදැයි කිය කියා වැඩ උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කවර කථාවකින් යුක්තව උනුදැයි විචාරා එපවත් අසා දැන්මතු නොවෙයි මහණෙනි පෙරත් දේවදත්ත ස්ථවිරයෝ අප මරන්ට උත්සාහකොට භය විවරකුත් කොටගත නුහුනුවෝ වේදැයි වදාරා ඒ කෙදේයැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ එක්තරා කෙළඹිපුත්‍ර කුලයෙක ඉපද වැඩිවිය පැමිණ කුඩාකොල්ලන් පිරිවරා නුගගසක් මුල කෙළනාහ. එක් වෙදෙක් ඒ නුවරට අවුත් වෙදකමක් නො ලැබ ඒ කුඩා කොල්ලන් කෙළිනා තැනට අවුත් සිටියේය. ඒ නුගගස සිදුරෙන් සර්පයෙක් කරා පොවා වැද ඔත්තේය. ඒ වෙදා සිතන්නේ මේ සර්පයා ලවා කුඩා කොල්ලන් කඩා කවා විඛා ප්‍රයෝජනයක් විඳිමි සිතා කුඩාකොල්ලන්ට කියන්නේ, එම්බල කුඩා කොල්ලෙනි තෙල ගස්බිලියේ සැළලිහිණි පැටවෙක් ඉදිනීය. ඌ අල්වාගෙණ කෙළුවහ යි කිය. බෝධිසත්වයෝත් යහපතැයි ගිසට නැගී සර්පයා නියාව දැන ඉසටිය තරයේ අල්වාගෙණ බිමට දැමුහ. සර්පයාත් වෙදා කර දරණ ලා ගෙණ කා මැරීය. බොහෝ මනුෂ්‍යයෝ එතනය එක්වුහ. ඒ එක්වූ මනුෂ්‍යයන්ට බණ කියන්නාවූ බෝධිසත්වයෝ මේ වෙදා මා සර්පයා ලවා කඩා කවන්ට ගසට නැංගීය. මම සර්පයා නියාව තරයේ අල්වා බිමට දමාපිමි. ඒ සර්පයා ඒ වෙදා මැරීය. යම් කෙණෙක් නිරපරාධ කෙණෙකුන් නසන්ට උත්සහ කෙරෙත්නම් තමන් නසන්නා පමණමුත් අනුන් නසාගත නොහෙයි යම් කෙණෙක් රජය අරයගණ උඩුසුලඟට දැමුකල ඒ රජය දෙවැනිව අවුත් තමා ඇඟ වැදගනිද එසේහෙයින් නිරපරාධ කෙණෙකුන් නසන්ට උත්සාහ කළත් නසාගත නොහෙන්නේම යයි වදාරා මේ සාලිය ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි වෙදානම් දේවදත්ත ස්ථවිරය. කෙළඹි පුත්‍රව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.