Skip to main content

354 අහිගුණ්ඨි‍ක ජාතකය

තවද අසරණ සරණ වූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි මහළු භික්ෂූන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

මහළු භික්ෂූකෙණෙකුන් වහන්සේ එක් සාමණේර කෙණෙකුන් වහන්සේත් එක්ව විහාරයක වාසය කරණ සේක් සාමනේරයන් වහන්සේ මරාතලා නොයෙක් ගහට මහළු භික්ෂූන් වහන්සේ කරන්නා ඉවසාගත නොගී සිවුරුහැර සාමනේරයන් වහන්සේ ගිහිගෙට පලාගියසේක. මහළු භික්ෂූන් වහන්සේ සාමනේරයන් වහන්සේ ඇර වාසය කළ නොහි දෙවෙනිව යාඥාව නොයෙක් දැ කියා මහණ කරවා ගෙණ පළමුසේම නොයෙක් ගඟට කරණ සෙයින් සිවුරු හැර ගිහිව වාසය කරණ කල්හි දම්සභාවේ රැස්වූ සංඝයාවහන්සේ අසවල් මහළු භික්ෂූන් වහන්සේ සාමනේරයන් වහන්සේට නොයෙක් ගහට කරණ හෙයින් සිවුරුහැරපු යයි සිවුරෙහි සිටිනාකල එක්ව වාසයත් කළ නොහැකි, උන්හැර වාසයත් කළ නොහැක. මේ නියාව කිය කියා උන්තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා මහණෙනි දැන්මතු නොවෙයි පළමුත් එකියන මහළු භික්ෂූහු ත් සමාඛේරයෝත් දෙන්න එක්ව වාසයකල නොහෙකි. උයිත් හැර වාසයත් කළ නොහොත්යයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරු කෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ වි විකුණන වෙළඳව උපන්සේක. එසමයෙහි බරණැස් නුවර අහිකුණ්ඨික නම් බ්‍රාහ්මණයෙක් වඳූරෙකු වඩා සර්පයින් නටවා ජීවත් වන්නේය. බරණැස් නුවර උත්සව කෙළියක් දවසෙක අහිකුණ්ඨික බ්‍රාහ්මණ වඳූරා වී විළෙදානන් සමීපයෙහි රඳවා තෙමේ උත්සවකෙළි කෙළිනට ගිය තැනැත්තේ සත් දවසකුත් රඳා ආය, වඳූරා තමා වැඩූ තැනැත්තා හෙයින් දැක ලඟට ආය. අහිකුණ්ඨික බ්‍රාහ්මණ වඳූරා මරා බැඳලීය.වඳූරා බැම්ම කඩාගෙණ අඹ ගසට නැංගේය. අභිකුණ්ඨික බ්‍රහ්මණ නිදා පිබිද වඳුරා නොදැක ගස උඩ බලා ගස උඩ ඉඳ අඹ කන්නාවූ වඳූරා දැක මූ සිත්ගෙණ බස්කියා පාත බාවාගෙණ අල්වා ගණිමි සිතා ගසමුලසිට කියන්නේ යහපත්වූ මූනක් ඇති වානරයාණෙනි මම දූ කෙළ පැරදපියා ආමි මට අඹකැණකුත් අරගෙණ මා කරා එවයි කීය. එවිට වානරයා කියන්නේ තෙපි කුමක් කියව්ද?, වඳූරන්ගේත් යහපත් මුහුණු ඇද්ද තොපි සිත්ගෙණ කියනබස් මම නොදනිම්ද තෝ ව්‍යාජ කියා මා ලඟට ගෙන්නා ගෙණ අල්වාගන්ට කාරණා උපාය මම දනිමි. මාගේ ස්වාමියා කියායයි සිතා තොප කරා ගොස් උපපත්තෙන් පාර කීපයක් ගසා කළ ගහට තව දක්වා මා සිත ඇත. තොප මට රාජ්ජයක් දෙමි කීවත් තොප ලඟට මා එන්නේ නැතැයි කීය ගස අත්ත අගට පලාගිය යි වදාරා මේ අහිකුණ්ඨික ජාතකය නිමවා වදාළසේක.

ඒසමයෙහි වානරයා නම් මේ සාමණේරය. අහිකුණ්ඨක බ්‍රාහ්මණ නම් මහළු භික්ෂූහුය. වී වෙළඳ ව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළසේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.