Skip to main content

349 සුස්සොන්දිය ජාතකය

තවද සූය්‍ර්‍යවංශයට බන්ධූවූ සර්වඥයන් වහනසේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ස්ත්‍රියක කෙරේ පිළිබඳ සිත් ඇති භික්ෂූකෙණෙකුන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්,

එක් භික්ෂූ කෙණෙකුන් වහන්සේ ස්ත්‍රියක කෙරේ පිළිබඳ ව ශාසනයෙහි උකටලීවුසේක් සර්වඥයන් වහන්සේ විචාරා වදාරන්නාහූ ගුරුළුවිමන ලා ත් රැකගත නුහුණුවාවූ ස්ත්‍රියක කෙරේ පිළිබඳ සිත් ඇති වෙද්දැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර තඹතාංග නම් රජ්ජුරුවන් හා කැටිව දු කෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයන් වහන්සේ නාගදිවයින වාසය කරන්නාවූ ගුරුළු රජව බරණැස් නුවරට ගොසින් තඹගාංග නම් රජ්ජුරුවන් හා කැටිව දූ කෙළනාහ. රජ්ජුරුවන්ගේ සුස්සෝන්දිය නම් බිසෝ කෙණෙක් ඇත්තාහ. ඒ බිසවුන්ගේ සේවක ස්ත්‍රී ඒ මානවකයාගේ රූපය යහපතැයි බිසවුන්ට විස්තරකොට කීවාහුය. බිසව් එර් මානවකය, දක්නා අභිප්‍රාව ඇතිව මිනිසුන් පස්සේ සිටියාහ. බෝධිසත්වයෝත් දූ දකිනා අභිප්‍රාව ඇතිව මිනිසුන් පස්සේ සිටියාහ. බෝධිසත්වයෝත් දූ කෙළිනා පරක්කුවෙන් බිසවුන් බැළූහ. බිසවුන් බෝධිසත්වයන් බලා පිළිබඳ සිත් ඇතිව එවිට බෝධිසත්වයෝ පවනක් හා අන්ධකාරයක් මවා මිනිසුන් පහකොට බිසවුන් තමන්ගේ ඇකයේ සඟවාගෙණ තමන්ගේ ගුරුළු විමානයට ඇරගෙණ ගියේය. රජ්ජුරුවෝත් තමන්ගේ බිසවුන් නො දැක මාගේ බිසවුන් කොයිදැයි කියා පරීක්ෂා කොට නො දැක තමන්ගේ සර්ගික නම් ගාන්ධර්වයෙකු කැඳවා කියන්නාහූ මාගේ බිසවුන් ගිය තැනක් ආරංචිකොට දෙන්ටයයි භාරකළහා. ඒ ගාන්ධර්වයාත් ගොසින් භාරු නම් පටුන්ගමට බැස යාත්‍රා යන්නාවූ සෙට්ඨිවරුන්ට කියන්නේ මම විණා ගාන්ට දනිමි, තෙල නැවට නංවගණුවයි කීහ. සෙට්ඨිවරුන් යහපතැයි නැවට නන්වා ගෙණ මුහුදු මධ්‍යයෙන් යන්නාහු තොප අපට විණාගාවයි කීහ. එවිට ගාන්ධර්වයා කියන්නේ ගොඩබට තෙනදී විණා ගාමි. මච්ඡයෝ තොපගේ නැව යා නො දෙති කීය. එවිට ඌ ඇම කියන්නාහු කුඩමස්සො කුමක්කෙරෙද්ද විණාගාවයි කීහ. එවිට ගාන්ධර්වයා විණාගාන්ට වන. දැතිමෝරෙක් පඩව්වට පැන පඩව්ව බිඳපි ය. ඒ ගාන්ධර්වයා බිඳිගිය පෝරුයක් බඩ තබාගෙණ දිය පිනා බෝධිසත්වයන් ඉඳිනා නාගදිවයිනට පාවිය. එවෙලාවට ගරුළුත් රජ්ජුරුවන් හා දු කෙළින්ට පළාගියේය. බිසව් ඇත මෑත ඇවිදිනාවූ ගාන්ධර්වයා දැක මාගේ ස්වාමින්ගේ ගාන්ධර්වයා යයි දැන ඌ ඉස්සෝදා නාවා ඔහු හා එක්ව ලෝකාස්වාද රතියෙහි යෙදි බෝධිසත්වයන් එන වෙලාවට එක් තෙනක සඟවා ඉඳූවන්නාහ. මෙම නියායෙන් කීපදවසක් ගියකල්හි දඬූ පත් ගන්ටයයි නැවක් ඇවිත් ඒ දිවයිනට වන. ගාන්ධර්වයා ත් ගියකල්හි දඬු පත් ගන්ටයයි නැවක් ඇවිත් ඒ දිවයිනට වන. ගාන්ධර්වයාත් එනැවට නැගී බරණැස් නුවට ගොස් තමාගේ රජ්ජුරුවන් දැක ගුරුළු හා රජ්ජුරුවන් දෙන්නා දූ කෙළිනා වෙලෙහි ගීතයකින් ගුරුළු විමානයෙදී බිසවුන් දුටු නියාව කියා ගුරුළු ගාන්ධර්වයා මූන බලා තෝ මුදුමධ්‍යයේ විමානයේ උන් බිසවුන් කෙසේ දුටුදැයි විචාළාහ. ගාන්ධර්වයා කියන්නේ මුදු මධ්‍යයේ නැවක් නැසී බෝරුවක් බඩතියාගෙණ පීණාගොසින් දිවයිනට බැස බිසවුන් හා කැටිව ලෝකාස්වාද රතියෙහි යෙදී රජ්ජුරුවන්ගේ මෙහෙවරින් ගොස් ආමිකීය. එවිට බෝධිසත්වයෝ ගුරුළු විචාළාත් රැකගත නොහැක්කාවූ ගෑනුන්ගෙන් ප්‍රයෝජන කින්දැයි බිසවුන් රජ්ජුරුවන්ටම පාවා දුන්හයි වදාරා මේ සුස්සොන්දිය ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි තඹතාංඟ රජ්ජුරුවෝ නම් ආනන්ද ස්ථවිරයෝය. ගාන්ධර්වයා නම් මේ උකටලී මහණය. සුස්සොන්දිය බිසව් නම් මේ ස්ත්‍රිය. ගුරුළුව උපන්නේ නම් බුදුවූ මම් ම යයි තමන්වහන්සේ දක්වා වදාළ සේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.