Skip to main content

348 චුල්ලධර්‍මපාල ජාතකය

තවද ශාක්‍යසිංහ නම් වූ සර්වඥයන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩවසන සමයෙහි දේවදත්ත ස්ථවීරයන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේ ද යත්,

එක් දවසක් දම්සභා මණ්ඩපයෙහි රැස්වු මාළුවරුන් වහන්සේ දෙවදතත ස්ථවිරයෝ සර්වඥයන් වහන්සේට වෛරීව නසන්ට නොයෙක් ප්‍රයෝග කළෝ වේ දැයි කිය කියා වැඩඋන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් දැන මහණෙනි දැන් මතු නොවෙයි පළමුත් දේවදත්ත ස්ථවිරයෝ තමන්ට මා පුත්ව උපන් ගමනේ පවා අහිමාල නම් වධකරවාමැරෙව්වෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිතවූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළ සේක.

යට ගිය දවස බරණැස්නුවර මහාප්‍රතාප නම් රජ්ජුරුකෙණෙකුන් රාජජය කරණ සමයෙහි බෝධිසත්වයෝ රජ්ජුරුවන්ගේ අග්‍රමහෙසිකාවූ චන්දාදේවී නම් බිසවුන් කුස පිලිසිඳ ගත්තාහ. බෝධිසත්වයන් දසඑකඩමසකින් වදා නම් තබන්නාහු ධර්මපාල කුමාරයෝ යයි නම් තුබූහ, බෝධිසත්වයන්ගේ මැණියො වන්දාදේවි බෝධිසත්වයන් සත් මැසි වූ ගමනේ නාවා අඳුන්ගාවා සරහා කිරි පොවමින් සුරතල් බල බලා සමාදියෙන් උන් කලට මහාප්‍රතාප රජ්ජුරුවෝ බිසවුන්ගේ ලෙට ගියාහ. විසව රජ්ජුරුවන් දැක නැගී නොසිටියායහ. රජ්ජුරුවෝ තමාගේ සත්මැස් පුතෙකු ලදිමි යි මා වැනි මා වැනි රජෙකු දැක උන්තැනින් නැගී නොසිටියාහ, මහත්ව ගියොත් තමා ව නොතකති යි මහත් වූ කෝපයෙන් රජ්ජුරුවෝ ආපස්සේ පලාගොස් තමාගේ සිංහාසනයේ ඉඳ වධකයා ගෙණව නියා යවුහ. වධක එන තැනැත්තේ එක්කෙණෙක රත්මල් තබා රතක් ඇඳ රතක් පෙරවා එක් අතකින් කඩුව කෙටේරිය දම් ගෙඩිය අරගෙණ අවුත් රජ්ජුරුවන් දැක ස්වාමින් කවුරුන්ට වධ කෙරෙම්දැයි කීය. රජ්ජුරුවෝ අතික් මට සතුරු කෙණෙක් නැත ධර්මපාල කුමාරයා අල්වාගෙණ වධකොට මරවයි නියෝග කළාහ. බිසව් රජ්ජුරුවන් වහන්සේ මහා කෝපයෙන් ගිය සේක. කුමකින් කුමක් වේදෝහෝයි ධර්මපාල කුමාරයන් වඩාගෙණ අඬ අඬා වැදහොත්තාහ. වධක ගොස් වැදහොත් බිසවුන් පිටට පාරක් ගසා බිය වුන් ඉවත්කොට ධර්මපාල කුමාරයන් දෙකකල අල්වාගෙණ රජ්ජුරුවන් සමීප යට ගියේය. බිසවු අඬාගෙණ රජ්ජුරුවන් ලඟට ගියාහ, රජ්ජුරුවෝ එවිට කියන්නාහු තෙල කුමාරයා දන්ගෙඩියේ වැද හොවා තුලු අත්දෙක කපවයි කීහ. එවිට බිසවු කියන්නාහු වරද කළාහු මාගේ අත්පා දෙක නොකපා මාල සත්මැසි කුමාරයන් දෑත කපන්නට කළ වරද කවරේද වැරදි කළ මාගේ අත්දෙක කපවයි කීහ. එවිට රජ්ජුරුවෝ වධකයාට කියනනාහු ප්‍රපඤව නොකොට දෑත කපවයි කීහ. යහපතැයි කියා වධක කුමාරයන්ගේ දෑත කැපීය බිසව් අත්දෙක තුරුල්ලේ ලාගෙණ අඬ අඬා සිටියාහ, වධක කියන්නේ දේවයන්වහන්ස කුමක් කෙරෙම්දැයි විචාළේය. තෙල කුමාරයා දෙකකුල කපවයි කීහ. එවිට බිසව් අඬ අඬා ස්වාමින් වැරදි කළාවුනුත් ස්වාමිනි දැක නැගී නොසිටියත් මාවුව. මාගේ කකුල්දෙක නොකපා බාල සත්මැයි කුමාරයන් දෙපය කපන්ට කළ වරද කවරේද. වැරදිකළ මාගේ දෙපය කපවයි කීහ.

එවිට රජ්ජුරුවෝ වධකයාට කියන්නාහු ප්‍රපඤව නොකොට තුලු දෙපය කපව යි කීහ. යහපතැයි කියා වධක කුමාරයන්ගේ දෙකකුල කැපීය. එවිට කියන්නේ දේවයන් වහන්ස තම කළමනා වධ ඇද්දැයි විචාළේය. රජ්ජුරුවෝ තව කාරණ වධ ඇති තුළු ඉසකපවයි කීහ. බිසව් ස්වාමිනි මාගේ දැත දෙපය නැති පුතනුවෝ රාජ්‍යය කළ නොහෙන්නාහ. කොට පුතනුවන් මට දිපුවොත් රැකගණිමැයි වැරදි කළ මගේ ඉසකපතොත් විනා මාගේ නිවරද පුතනුවන් ඉස නොකපවා වදාළ මැනවැයි ස්වාමිනි කීහ. වධකයාට කියන්නාහු තුලු ඉස ප්‍රපඤව නොකොට කපාවයි කීහ. යහපතැයි කියා වධක කුමාරයන් ගේ ඉස කපා දැමිය. බිසව් දෑතත් දෙපයත් ඉසත් කුරුල්ලාගෙණ අඬ අඬා පෙරලෙන කලට වධකයා කියන්නේ දේවයන් වහන්ස මෙවර කුමක් කෙරෙම්දැයි කීහ. රජ්ජුරුවෝ කියන්නාහු තෙල සොරුන්ගේ ශරීරය ආකාශයට දමා කඩුවෙන් කප කපා අභිමාල නම් වධකරවයි කිහ. වධකයාත් යහපතැයි කුමාරයන්ගේ ශරීරය ආකාශයට දමා කඩුවෙන් කපා ශරීර මාංශ වදමල් පෙති සේ කපා දැමිය. බිසවු ඒ මාංශත් අරගෙණ දෑත දෙපස ඉසත් තුරුල්ලේ ලාගෙණ අඬ අඬා රජගෙයි වට ඇවිද කියන්නාහු රජ්ජුරුවන්ගේ නෑකෙණෙක්වත් හිතමිත්‍ර කෙණෙක්වත් අමාත්‍ය කෙණෙක් වත් නැත්තාහ. එසේවූ කෙණෙක් ඇත්නම් මාගේ නිවරද ඖරස පුත්‍රවූ පුතනුවන්ට මෙසේවූ වධ නොපැමිණෙන්නේ වේදැයි කිය කියා අඬ අඬා දරුවෙනි මාගේ ප්‍රාණය මේ සෝකයෙන් තිබෙයි නොසිතවයි කිය කියා ඇවිදිනා කල බිසව් ලයෙන් නැගී සෝකයෙන් හෘදයමාංශය උන්කිලිල්ලක්සේ ඉදි ලයපැලි ජීවිතක්ෂයට පැමිණියාහ. නුවරවාසීහු බිසවුනුත් කුමාරයන්ගේ ශරීරමාංශ දැත දෙපය ඉස එක්වලා ආදාහන කළාහ. රජ්ජුරුවෝ සිංහාසනයේ උන්තැනැත්තෝ බිසව්කෙරේ හා පුත්‍ර ප්‍රේමයෙන් වැටුනාහූ උඩුමාලේ පොරුපැලි ඉවත්ව ගියේය. එමාලෙන් පාතමාලේ වැටුනාහ. මේ නියායෙන් මලෙන් මලෙට වැටි බිම වැටුනාහ. දෙලක්ෂ සතලිස්දහසක් යොදුන් ඝනකඩ බොල් මහපොළොව පැල අව්වමහ නරකයේ වැටිනාහයි වදාරා මේ ධර්මපාලජාතකය වදාළ සේක.

එසමයෙහි මහාප්‍රතාප රජ්ජුරුවෝ නම් දේවදත්ත ස්ථවිරය. එසමයෙහි චන්දාදේවී නම් ප්‍රජාපති එසමයෙහි ධර්මපාල කුමාරව උපන්තෙනටම බුදුවූ මම්ම යයි වදාළසේක.

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.