342 තෘතීය සුජාත ජාතකය

තවද ස්වයංමහඥනවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වාසය කරණ සමයෙහි පියානන් මළාවූ උපාසකයකුගේ අරභයා මේ ජාතකය දක්වන ලදී.

ඒ කෙසේද යත්,

එක්තරා උපාසකයෙකු තමාගේ පියානන් මළාවූ සෝකයෙන් බොහෝ වික්‍ෂේපයට පැමිණ ඉන්නාවූ උපාසකයා සර්වඥයන් වහන්සේ දැක සෝවාන් වෙන්ට හේතු සම්පත් ඇති නියාව දැක වදාළ අන්තයෙහි පසු මහණ භික්ෂූ කෙණෙකුන් වහන්සේ ඇරගෙණ එකියන උපාසකයාගේ ගෙට වැඩි සේක. උපාසකයාත් සර්වඥයන් වහන්සේට අසුන් පණවා දුන්නේය. සර්වඥයෝත් ඇයි උපාසකය වික්‍ෂෙපව උන්නේ ඇයිදැයි විචාළාහ. ස්වාමිනි මාගේ පියානන් නැසීගිය හෙයින් වික්‍ෂෙ ව උන්නෙමි දැන්වූහ. උපාසකයා මළවුන්ට ඇඩීම කාරණා නොවෙයි පෙර උත්තමයෝ නැසිගිය උන්ට අඬන්නාවූන්ට අවවාද කිවෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත් වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ එක්තරා කෙළඹියෙක් හට පුත්‍රව උපන්නාහ. ඔහු සුජාත නම් වූහ. බෝධිසත්වයන්ගේ මුත්තනුවෝ එක්තරා ව්‍යාධිකෙින් මළහ. බෝධිසත්වයන්ගේ පියානන් මළ සෝකනේ පියානන්ගේ ආදාහණ භූමියෙහි තිබු ඇට ගෙණවිත් තමන්ගේ ගෙදර සමීප භූමියෙහි ලා එතනට පස් කොට දවසකට තුන්විටක් එතනට ගොස් වැඳ පුදා අඬා පෙරලී නොකා නොබී් බොහෝ වික්‍ෂේපයෙන් දුක්විඳිනාහ. බෝධිසත්වයෝ මව්පියානන් වහන්සේ මාගේ මුත්තනුවන් වහන්සේ කෙරේ සෝකයෙන් පෙරලෙන සේක. ඒ සෝකය මා අරවන්ට උවමැනවයි සිතා බෝධිසත්වයෝ මළ මීමකු වැඳහොත් තැනට තණත් පෑනුත් ගෙණගොස් කට කෙරේ තබා මීමා තණ කාපිය පැන් බීවය යි කියති. බොහෝ මනුෂ්‍යයෝ මේ කිම්ද සුජාත කුමාරයානෙනි මළ මීමා තණ පැන් කෙසේ කා දැයි කියා විචාළත් කවුරුන්ටත් කිසිබසකුත් නොකියා මීමා තණ කාපිය පැන් බීපිය යි කියති. මනුෂ්‍යයෝ සුජාත කුමාරයන්ට ප්‍රලයක් ඇතිව ගොසින් මෙසේ කරන්නේයයි මනුෂ්‍යයෝ සුජාත කුමාරයන්ගේ පියානන්ට කියන්නාහු තොපගේ පුතනුවන්ට ප්‍රලගුණයක් ඇතිව මළ මීමකු ලඟට ගොස් කටලඟ තණ පැන්තිබා මීමා තණ පැන් කාපියයි කියති. කවුරුන්හාත් සෙසු බසක්වත් නො කියන්නේ යයි ගොසින් කීහ. කෙළඹි පුත්‍රයා තමන්ගේ පියානන් මළ සෝකය හැර පුත්‍රප්‍රේමයෙන් සුජාත කුමාරයන් කරා අවුත් කිමෙක්ද සුජාත කුමාරයෙනි මළ මීමා කෙසේ තණපැන් කාද. තොපි මට වඩා නුවනැත්තා කවුරුදැයි උන් තැනත්තන්ගේ නුවන විශේෂ ඉතා යහපතැයි කීහ. සුජාත කුමාරයෝ එවිට කියන්නාහූ මීමාගේ දෑත දෙපය වල්ගය ඇතුළුවූ ශරීරයෙන් කිසිදෙයක් අඩු නොවි තිබුනු නිසා කණපැන් කවයි කියා කිමියි. අෟ මළේ යයි කියද්ද ඌගේ ශරීරය තිබුනේ වේද එසේකළ තණපත් කයි සිතා මම කීමි. මීමාගේ ඉස් කන් නාසා දැත දෙපය වල්ගය ඇති තැනැත්තන්ට තණ පැන් කන්ට කි මම අඥාණයෙක්ද?. නුඹ වහන්සේගේ පිායානන්ගෙ ්ශරීරය දවා භස්මව කිසිදෙයකුත් නොපෙණි තිබියදී අඬා වැලප බොහෝ සෝකයට පැමිණියේ නුවණ ඇති නිසාදැයි විචාළාහ. එවිට බෝධිසත්වයන්ගේ පියානෝ යහපත පුත මාගේ සෝක සන්හිඳූවූ නියාව, දෙමාපියන්ගේ සෝක සන්හිඳූවන්ට මා භාරය. මහත් ගිනි රැසක් වැඳගත් ගමනේ පැන්කල බොහෝ වත්කොට නිවුවාමෙන් මාගේ සෝක සන්හිඳූනැයි සුජාත කුමාරයන්ට ස්තූති කොට වදාරා මේ සුජාත ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි සුජාත කුමාරව උපන්නෙම් බුදුවූ ම්ම් ම යයි තමන් වහන්සේ දක්වා වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

343 ජෝත ජාතකය
341 මණිකුණ්ඩල ජාතකය

Leave a Reply

IFBC Home Page
error: Content is protected by www.ifbcnet.org.