Skip to main content

341 මණිකුණ්ඩල ජාතකය

තවද පරදුක්ඛ දුක්ඛිතවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කෝසල රජ්ජුරුවන්ගේ අන්තඃපුරයට වැරදී ගියාවූ අමාත්‍යයෙකු අරභයා මේ ජාතකය දක්වන ලද. මෙහි වනාහි වර්ථමාන කථාව මතු පහළ වන්නේය.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකනෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයෝ බරණැස් නුවර රජ්ජුරුවන්ට පුත්‍රව ඉපිද වැඩිවිය පැමිණ තක්සලා නුවරට ගොස් දිසාපාමොක් ආචාරීන් ලඟ ශිල්ප ඉගෙණ තමන්ගේ නුවරට අවුත් පිය රජ්ජුරුවන්ගේ අන්තඃපුරයට අමාත්‍යයෙක් වැරදී ගියේය. ඒ වැරදි ගිය අමාත්‍යයා රජ්ජුරුවෝ තමන්ගේ නුවරින් පිටත ලැවුහ. ඒ අමාත්‍යයා කෝසල රජ්ජුරුවන්ගේ නුවරට පලාගොස් කෝසල රජ්ජුරුවන්ට කියා උගන්වා ගෙණ රජ්ජුරුවන් හා සේනාව ගෙණවිත් බරණැස් නුවර ඇරගෙණ රජ්ජුරුවනුත් දඟගෙයි ලැවිය. බෝධිසත්වයෝ දඟගෙයි ඉඳ කිසි වික්‍ෂේපයක් නොවි ධ්‍යාන උපදවා ගත් ගමනේ කෝසල රජ්ජුරුවන්ගේ සකල ශරීරය සැත්කම් කරන්නා සේ මහවේදනාවට පැමිණ ගමනේ කෝසල රජ්ජුරුවන්ගේ සිතින් සැකපී කිසි අපරාධයක් නැති බරණැස් රජ්ජුරුවන්ට කළ අපරාධයෙන් මට මේ ශරීර වේදනා වූයේයයි සිතා බරණැස් රජ්ජුරුවන් උන් දඟගෙට අවුත් බැලූකලට ධ්‍යනයෙන් සැප සේ උන් රජ්ජුරුවන් දැක. රජ්ජුරුවෙනි තොපගේ හස්ති සේනාව අශ්ව සේනාව ඇතුළුවු පාබල සේනාව ද රත්තරන් මුතු මැණික් කුණ්ඩලාභරණ ආදීවූ සියළු සම්පත් ද අග්‍රමෙහෙසිකා බිසෝවරු නෑ දරුවන් ඇතුළුව සියළු අන්තඃපුරයද, රාජ්‍යය ද ඇරගෙණ තොප සිරගෙයි ළූ ගමනේ ඊට කිසි සෝකයක් නොවී සිත එකඟ කොට ගෙණ කෙසේ ධ්‍යාන උපදවා ගතු දැයි බෝධිසත්වයන් අතින් විචාළේය. බෝධිසත්වයෝ රජ්ජුරුවන්ට කියන්නාහූ, එම්බා රජ්ජුරුවනි සම්පත් ඇති කළ පළමුවෙන් සම්පත් හෝ නස්නේය. සම්පතට පළමු මනුෂ්‍යයෝ නසින්නාහ. චන්ද්‍රයා උදා වූයේ නම් අස්තගත වන්නේය.සූර්යා උදා වුයේ වී නම් අස්ගත වන්නේය. එසේ හෙයින් පැමිණෙන්නාවූ අලාභය පැමිණෙන්නේමය. ඊට මා වික්‍ෂෙ කින්දැයි සිතිමෙන් සිත එකඟ කොට ගෙණ ධ්‍යාන උපදවා ගතිමි යි බෝධිසත්වයෝ රජ්ජුරුවන්ට කීහ. දෙවැනි බෝධිසත්වයන් වහන්සේ රජ්ජුරුවන්ට කියන්නාහු යම් ගෘහස්ථයෙක් කම්මැලිව කුසිතභාව ඇත්තේද, යම් තපස්වී කෙනෙක් ඉඳූරන් දමා එකඟවූ සිතින් වාසය නොකරත් නම් එසේවූ තපස්වියාද රජ්ජුරු කෙණෙක් කී කී වන්ගේ බස්පස්සේ ගොසින් වෙසේ නම් එසේ වූ රජත් යහපත් නොවන්නේය. යම් පණ්ඩිතයෙක් කෝපිද එසේවූ පණ්ඩිතයාත් යහපත් නොවන්නේය. එසේ හෙයින් යම් රජ්ජුරුකෙණෙක් පරී්ක්ෂාකාරීව දවසනාරිහුද පරීක්ෂාකාරීව දවසරිනා රජ්ජුරුවන්ගේ යසස් හා කිර්තීයත් කළාවෙන් කළාවට වඩනා චන්ද්‍රයාමෙන් සම්පූර්ණවන්නේයයි කීහ. .එබස් අසා කෝසල රජ්ජුරුවෝ අප නොදැන කළදෙයට ක්‍ෂමා කළමැනැවයි පාවාදී කෝසල රජ්ජුරුවෝ තමන්ගේ රාජ්‍යයට ගියායයි වදාරා මේ මණිකුණ්ඩල ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි බරණැස් රජ්ජුරුවෝ නම් බුදුවූ ම්ම්ම වේදැයි වදාළ සේක.

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.