339 සන්‍ධිභේද ජාතකය

තවද තථාගතවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි ස්වභයේ භික්ෂූන් වහන්සේ සන්ධිභේද ව්‍යාප්තියක් අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

ස්වගයේ භික්ෂූන් වහන්සේ උනුන් ගැස්සීම් බිඳිම් ඇතිව වාසය කරණ නියාව සර්වඤයන් වහන්සේ දැන එම්බා මහණෙනි උනුන් හා විරෝධකරණ මනුෂ්‍යයෝ කඩු හා තෙප් හා සමානයෝය. පෙරසිංහයන් හා වෘෂභයන් හා හිත විශ්වාසව කරණ ගමනේ උනුන් විරෝධකරවූවාමෙන් තොප ඇමත් විරෝධව වාසය කරණවා දැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි බෝධිසත්වයයෝ දිසාපාමොක් ආචාරීන් සමීපයෙහි සියලු ශාස්ත්‍රය ඉගෙන අවුත් පියරජ්ජුරුවන්ට ශාස්ත්‍රපෑ යුවරජ තනතුරෙහි සිට පියානන් අවෑමෙන් බෝධිසත්වයෝ රාජ්ජයට පැමිණ දැහැමෙන් රාජ්ජය කරණ සමයෙහි එක්තරා පුරුෂයෙක් වනාන්තරයෙහි සරක් පටවි ලාගෙණ සිසානේය මෙකියන පුරුෂයාගේ සරක්පට්ටියෙන් දැරිඇති දෙනක් තණ කාගෙණ එන තැනැත්තී හිමාලය වනයට ගියාය. ඒ වෘෂභධේනු තොමෝ සිංහධෙනුවක හා හිත විශ්වාසව වාසය කරන්නීය. ඒ කියන සිංහධෙනුව සිංහපැටවෙකු වැදුහ. වෘෂභ ධෙනුව වෘෂභ පැටවකු වැදූහ.එකියන සිහපැටවා හා වෘෂභ පැටවා හා දෙන්නත් තමන්ගේ මවුන්දෙන්නා හිත හෙයින් තුමු දෙන්නාත් හිතව එකතැන ගොදුරක් කා එකතැන සැතපී එකට වාසය කරන්නාහ. එසමයෙහි ඒ දුටු වල් වැද්දෙක් මා නුදුටු විරූ අපූර්වයයි සිතා බරණැස් රජ්ජුරුවන් දකින්ට යන්නේ තමාගේ වනයෙන් ගෙණගිය මනා උපකරණයන් සපයා ගෙණ රජ්ජුරුවන් දකින්ට ගොස් රජ්ජුරුවන් දිට. රජ්ජුරුවොත් තා විසින් වසන වනාන්තරයෙහි තා දුටුවිරු අරුමය නොඅරුම කින්දැයි විචාළාහ. එවිට වැදි කියන්නේ දෙවයන් වහන්ස. අනික් දුටුවිරු ආශ්චර්යයක් නැත සිංහයකු හා වෘෂභයෙක් හිත විශ්වාසව වාසය කෙරෙති කීය.

බස් අසා රජ්ජුරුවෝ කියන්නෝ තුන්වන මිත්‍රයෙකු එක්වූ කල්හි විනාශයට පැමිණෙයි තුන්වන මිත්‍රයා එක්වූකල මට කියවයි කියා වැද්දාට සමුදුන් නාහ. වැදිත් යහපතැයි කියා හිමාලය වනයට ගියේය. එසමයෙහි එක්තරා කැනහිලෙක් සිංහයා හා වෘෂභයා උන්තෙනට අවුත් මමත් තොප ඇම හා එක්ව වාසය කරන්නේය. ඒ දුටු වැදි තුන්වන මිත්‍රයෙකු ඇතිවූ කල රජ්ජුරුවන් වහන්සේ කියන්ට කීසේක. මෙපවත් රජ්ජුරුවන්ට කියන්ට යෙමි සිතා ගියේය. ඔහු යද්දී කැනහිලා සිතන්නේ බොහෝ සිවුපාවුන්ගේ මස් මා විසින් කණලද සිංහයන් හා වෘෂභයන්ගේ මස් මා විසින් නොකණලද එසේ හෙයින් මුන්දෙන්නා උන්න්ගස්වා මරාපියා මාංශකන්ට උවමැනවැයි සිතා සිංහයා නොකීදෙය වෘෂභයාට කියා වෘෂභයා නොකිදෙය සිංහයාට කියා උනුන් ගස්වා දෙන්නා උනුන් හා සටන් කරුවා මැරවීය. වැදිගොසින් රජ්ජුරුවන්ට ස්වාමීනී තුන්වන මිත්‍රයෙක් ඇතිවියයි කීය. රජ්ජුරුවෝ කෙසේ මිත්‍රයෙක්දැයි විචාරා කැනහිලායයි යනු අසා එසේ කල නිචයා එක්වූ පසු අනර්ථයට පැමිණෙන්නේ නියමය යි කියා වහා ගමන්කරන්ට නිසි රථයකට නැගී වැද්දහු ගමන්ලන්ට සලස්වාගෙණ සිංහයා හා වෘෂභයා හුන් තෙනට ගියාහ. එවෙලාවට කැන හිලා මා සිතුදෙය සිද්ධවියයි සමාධියෙන් සිංහයා පිටට පැන ඌගෙන් මාංශ කැටියක් කඩා වෘෂභයා පිටට පැණ ඔහුගෙන් මාංශ කැටියක් කඩා කා පැණ පැන සිටියේය.

රජ්ජුරුවෝ එපවත් දැන තමන්ගේ රථාචාර්යයාට කියන්නාහූ රථාචාර්යය සිංහයා එක්වන්නේ සිංහධේනුවක් හා කැටුවය. වෘෂභයා එක්වන්නේ වෘෂභ ධේනුවක් හා කැටුවය. සිංහයා කන්නේ මාංශය. වෘෂභයා කන්නේ තණ ජාතිය. එසේ හෙයින් ස්ත්‍රින් නිසාවූ විපත්තියකුත් නොවෙයි. කැවිලි නිසාවූ විපත්තියකුත් නොවෙයි බොහෝ කාලයක් උනුන් හා හිත විශ්වාසව වාසය කළ දෙන්නා ජීවිතක්ෂයට පැමිණියේ නීච තැනැත්තවුන්ගේ බසින. එසේ හෙයින් කේලාම් කියන යම් කෙනෙකුන්ගේ බස් ගිවිසිම් තියුණු මුවහත් ඇති බඩ්ගයක් හා අඩයටියක් ද සමානය. උනුන්ට හිත විශ්වාස කෙනෙකුන්ගෙන් විරුද්ධ ලෙස බස් කිවු නම් උනුන් මැදසේ කියා විචාරීමෙන් ම ඇත්තෙක් වි නම් ඇත්තට පලා යෙයි. නැත්තෙක් වී නම් නැත්තට පලායෙයි. ඒ මානයට විචාරීමෙන් ම කෙලාම් කියන තැනැත්තේ නො කියා තිබා පිය යි. කේලාම් නොඇසීමෙන් දෙපක්ෂයේ ඇත්තන් සිතට වහා සුව තිබෙයි. කේලාම් කි කෙනෙකුන්ගේ යම් තෙනක ගිවිස්සෝ නම් සිංහයාට හා වෘෂභයාට වූ දෙය මෙන්ම අනර්ථයට පැමිණෙන්නේය යි කියා සිංහයාගේ කෙසරු සලා බහා සම් හා නිය හා තෙල් හා ඇරගෙණ තමන්ගේ බරණැස් නුවරට ම ගියාහයි වදාරා සන්ධිභේද ජාතකය නිමවා වදාළ සේක.

එසමයෙහි රජ්ජුරුවො නම් බුදුවූ මම්ම යයි තමන්වහන්සේ දක්වා වදාළසේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.