Skip to main content

335 අම්බචොර ජාතකය

තවද කාසිය ජාතකය කුණාලයෙහි විස්තර වශයෙන් බස්නේය. ධර්මරාජ ගුරුවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි අඹසොර භික්ෂූන් වහන්සේ අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක්තරා මහළු භික්ෂූකෙණෙකුන් වහන්සේ අඹ උයනෙක වාසය කරණ අචිරවතී නම් ගංඟාවෙන් ඉස්සෝධා නහා අඹ උයන බලන්ටයයි කියා උයනට ආවාහ. ඒ වෙලාවට එ කියන මහළු භික්ෂූන් වහන්සේ උයනට වැඩි උයනේ අඹ නැතිනිසාවත් එකියන සිටුදුන් සතරදෙනාත් සිටියා දැන එසේ වීනම් මෙකියන සිටුදූ සතරදෙනා වන අඹ කඩාගත්තේයයි සිතා තොප ඇමය මේ අඹ කඩාගත්තේයයි කියන්නා එකියන සිටුදූ සතරදෙනා මේ අප නාපියා ආ පමණක් විනා අප කැඩූ අඹයක් නැතැයි කීය. එසේත් මට දිවුරන්ට උවමැනවැයි කියන්නා යහපතැයි කියා එකියන සිටු දූ සතරදෙන දිවුලාහ. මේ නිසායෙන් එකියන සිටු දූ සතරදෙනා ලජ්ජා කරවා පියා උන් ඇම තමතමන්ගේ ගෙවලට යැවුසේක. මේ කථාව දම්සභා මණ්ඩපයට රැස්වූ මාලුවරුන් වහන්සේ කථාකොට කොට වැඩ උන් තැනට සර්වඥයන් වහන්සේ වැඩ වදාරා මහණෙනි මා එන්නාට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා එපවත් අසා, මහණෙනි, දැන් මතු නොවෙයි පෙරත් මේ භික්ෂූහු ස්ත්‍රීන් ලජ්ජාකරවුවෝ වේ දැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි එක්තරා තාපස කෙණෙක් අඹ උයනේ වාසය කරන්නාහූ ඒ ඇත්තාවූ අඹ තමුනුත් කා අඳූනන්නන්ටත් දී වංචා ප්‍රයෝගයෙන් දවස් යවන්නාහ. එසේම බෝධිසත්වයන් වහන්සේ ශක්‍රදේවේන්ද්‍ර ව ඉපද මනුෂ්‍යලෝකය බලා වදාරණසේක් කවුරු දෙමව්පියන්ට ආදර කෙරෙත්ද කවුරු අටසිල් රකින්දෝ කවර තාපසකෙනෙක් තපස් රකිද්දෝහෝයි බලා වදාරණ සේක් මේ තාපසයන්ගේ කුහක තපස් දැක ඒ උයනට අවුත් උයනේ අඹ අන්තර්ධානකොට පෑවාහ. ඒ වෙලාවට බරණැස් නුවර සිටුදූ සතරදෙනෙක් නාපියා එතනට ආවාහ. තාපසයෝ එතනට අවුත් උයනේ අඹ නැති නියාව දැක මේ උයනේ අඹ කඩාගත්තෝ තොපියයි කියන්නා ඌ සතරදෙන අප අඹ කැඩුවේ නැතැයි කීහ. එසේ කීවත් කම්නැත දිවුරුන්ට උවමැනවයි කියන්නා යහපතැයි ගිවිස පළමුවන තැනැත්තී දිවුරන්නී ඉස්කරපුරා සුදුලොම් අඩුවෙන් උදුරන්නාවූ වයස් පිරුනු මාළුපුරුෂයකු අතරේ ඉඳිම්මැයි මේ අඹ කැඩින්නමැයි කියා කිහ. දෙවෙනි ස්ත්‍රී කියන්නී වයස් පසළොස් විස්ස තිස අවස්ථාවේදී සරණ නොගොස් ඔබදී සරණයම්මැයි කියා දිවුලාහ, තුන්වන ස්ත්‍රී දිවුරන්නී අනඟයාගෙන් සැරප්‍රහාර ලදින්ම දෙඟවුවෙක ඉන්නා ප්‍රියවූ පුරුෂයෙකු ලඟට ගොස් ඒ පුරුෂයා ලැබගන්නෙම්මැයි මේ අඹ කැඩින්න මැයි කියා කීහ. සතරවන ස්ත්‍රී දිවුරන්නී යහපත් කොට ඉස්සෝධා නහා සාන්දුජබාදු ආදීවු දෙය හා කොකුන් ගල්වාගෙණ යහපත් කොට අතුලයානේ තනිව වැදහෝම්මැයි මේ අඹ කැඉින්නමැයි කියා දිවුලාහ. එවිට තාපසයෝ තෙපි ඇම දිවුලනියා යහපතැයි කියා උන් සතරදෙනා තොපි තොපගේ ගෙවලට යවයි කියා යවාපුවාහ. ශක්‍රයෝත් භයංකර වෙසක් මවාගෙණ තාපසයිනුත් එතනින් පහකොටපුවයි යි වදාරා මේ අම්බචෝර ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි තාපසයෝ නම් මෙසමයෙහි මෙකියන භික්ෂූහුය. එසමයෙහි සිටු දූ සතරදෙනා නම් මේ සමයෙහි මේ සිටුදූ සතරදෙනාමය, එසමයෙහි ශක්‍රව උපන්නෙම් බුදුවූ මම්ම යයි වදාළසේක.

 

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.