Skip to main content

326 කාලබාහු ජාතකය

තවද විසුද්ධිබුද්ධ සන්තාන ඇති අතුල්‍යවූ ස්වභාවයෙන් තුන්ලොවට උතුම්වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ වෙළුවනාරාමයෙහි වැඩ වාසය කරණ සමයෙහි පිරිහුනු ලාභ සත්කාර ඇති දේවදත්ත ස්ථවිරයන් අරභයා මේ ජාතකය වදාළසේක.

ඒ කෙසේද යත්,

දේවදත්ත ස්ථවිරයන් විසින් බුදුන් කෙරෙහි නිස්කාරණයෙහි වෛර බැඳ දුනුවා ආදීන් යෙදු කල්හි නාලාගිරි හස්තියා බුදුන් අභිමුඛයට මෙහෙයි ඒ දේවදත්ත ස්ථවිරයන්ගේ දෝෂ ගම් නියම්ගම් රාජධානියෙහි පුකාශ විය. ඉක්බිත්තෙන් ඒ දේවදත්ත ස්ථවිරයන්ට නිරන්තරයෙන් පවත්වන ලද ආහාර දිය මනුෂ්‍යයෝ පිරිහෙළුවාහුය. යහළුවූ අජාසත් රජ්ජුරුවෝද ඒ දේවදත්ත ස්ථවිරයන් කෙරෙහි අගෞරවව ඔහුගේ මුහුණ පමණකුත් නොබලා නිස්සා කොට අරපූයේය. එතෙම පිරිහුනාවූ ලාභසත්කාර ඇතිව කුලයන් විනවා වළඳන්නේය. මේ කාරණය ධම්සභා මණ්ඩපයෙහි වටින් රැස්වූ භික්ෂුන් වහන්සේලා වදාරණසේක් ඇවැත්නි දේවදත්ත ස්ථවිරතෙම තමාහට ලාභසත්කාර උපදවමින් උත්සහකොට උපන් ලාභසත්කාර ස්ථිරකොට පවත්වන්ට නොහැකි වූයේයයි යන මෙබදු කථාවකින් පහළ කළාහුය. ශාස්තෘවූ බුදුරජානන් වහන්සේ ධම්සභා මණ්ඩපයෙහි ඉපද වූ කථාව දිවකණින් අසා වදාර එක්තරා ගමනකින් එතැන්හි වැඩ, එම්බා මහණෙනි මා එන්නට පූර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා ස්වාමිනි නුඹ වහන්සේ විසින් නොකියන්ට වදාළ රාජ කථා ආදීවු දෙතිස් කථාවෙන් එක්තරා කථාවකින් යුක්තව උනුමෝ නොවම්හ. දේවදත්ත ස්ථවිරයයෝ තමන් ලාභසත්කාර උපදවමි උපන් ලාභසත්කාර ස්ථිරකොට ගත නුහුණුවෝවේදැයි යනාදීන් කිය කියා උනුම්හයි බුදුන්ට දැන්වූ කල්හි මහණෙනි දැන්මතු නොවෙයි පෙරත් දේවදත්ත ස්ථවිරයෝ ලාභසත්කාරයන් පිරිහුණෝ වේදැයි වදාරා භික්ෂූන් විසින් ස්වාමිනි තිලෝගුරු බුදුරජානන්වහන්ස අතීත චරියාව භවයෙන් ප්‍රතිච්ඡන්න හෙයින් භස්ම ප්‍රතිච්ඡන්න ජාතවේදයක් සෙයින් අපට නො පෙණෙන්නේය. දැනෙන පරිද්දෙන් අපට වදාළ මැනැවයි ආරාධිත වූ බුදුරජානන් වහන්සේ මහණෙනි.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජය කරණ සමයෙහි පුරණලද පාරමිතා ඇති අප මහබෝසතානෝ රාධනම් ගිරාව උපන්හ. ඒ ගිරාණෝ සෙසු ගිරවුන්ට වඩා සම්පූර්ණ වූ ශරීර අවයව ඇත්තේය. ඔහුගේ මල්වූ පොට්ඨපාද නම් ගිරවෙක් විය. එසමමයෙහි එක්තරා වැද්දෙක් ඒ ගිරව් දෙන්නා බදාගෙණ ගොස් බරණැස් රජහට දුන්නේය. ඒ බරණැස් රජතෙම ගිරවුන් දෙන්නා රන් මැදිරියෙක ලා රන්තැටිල්ලෙක්හි මී හා විළඳ ලා කවමින් සකීර්රා පැන් පොවමින් පෝෂ්‍ය කරන්නේය. මේ පරිද්දෙන් කරණ මහත් සත්කාරයෙන් ඒ ගිරවු ලාභයෙන් යසසින් අගපැමිනියහ. මෑතකාලයෙහි එක් වනචරයෙක් කල්බානු නම් එක් මහත් කළුවඳූරෙකු අල්ලා ගෙනගොස් ඒ බරණැස් රජහට දුන්නේය. ඒ වානරයාට පසුව ඉතා මහත් ලාභසත්කාරවිය. ගිරව් දෙන්නාට කරණ සත්කාරද ක්‍රමයෙන් අඩුවූයේය. මහබෝධිසත්වවූ රාධ නම් ගිරවාණෝ ඉතාදී ගුණයෙන් යෙදුනු බැවින් හෙවත් උතුම්වූ සත්පුරුෂ ගුණයෙන් යුක්ත බැවින් කිසිවකුත් නොකියා ලත් ලත් ගොචර පමණින් යැපෙමින් උන්නේය. ඔහුගේ මල්වූ පොට්ඨපාද නම් ගිරවා තෝ වනාහී එබඳූ උතුම් ගුණධර්මයක් තමාගේ සන්තානයෙහි නැති හෙයින් ඒ වානරයාට කරණ සත්කාර සහනය නොකරන්නේය. බෑනන් වහන්ස පළමු මේ රාජභවනයහි මධුරවූ රස ඇති ඛාiාදීය දැන් ඒ කාලබහු වානරයාට මුත් අපට නැත්තේය. මේ ධනංජය රජුගෙන් ලාභසත්කාර නොලබන්නාවූ අපි දෙන්නා මේ ස්ථානයෙහි ඉඳ කෙසේ ජීවත්වමෝද අවමැනව වලට ගොස් වාසය කරම්හයි කියා රාධා නම් බෑනන්ට කීහ. ඒ අසා රාධා නම් ගිරවාණෝ කියන්නාහු එම්බල පොට්ඨපාදය මේ ලෝකයෙහි සියළු සතුන්ගේම යස සපිරිවාර සමෘද්ධිය ලැබිමකදු වන්නේය. නැවත එයින් පිරීහිමද වන්නේය. යම්සේ විශේෂගූණයක් හේතුකොට ගෙණ කීර්තිලැබීමක්ද නැවත ලද්දාවූ කීර්තියගේ මලිනාභාවයට පැමිණිමකුදු වන්නේය. එසේ හෙයින් සත්වයන් කෙරෙහි මේ අෂ්ටලෝක ධර්ම නිශ්‍රීතවූ අධ්‍යාත්මික බාහිර වූ සියලු සංකාර ධර්මයෝ නිත්‍යනොවන බැවින් ආද්‍රවවන බැවින් අනිත්‍යයහ. මේ යථොක්ත අෂ්ටලෝකධර්මයෙන් විනිර්මුක්ත එකද සත්වයෙක් නැත්තේය. එසේ හෙයින් ලාභසත්කාර අඩුවූ පමණකට ශෝක කිරීමෙන් ප්‍රයෝජන නැත්තේය. එසේ හෙයින් බැගෑපත් නොවී බැණ නොනැගී ඉඳූවයි කීයේය. ඉක්බිති පොට්ඨපාද නම් ගිරවා ඒ වානරයා කෙරෙහි කළ ඊෂියාව පහකරන්නට නොහැකිව නැවත කියනුයේ අනාගතයෙහි වන කාරණයන් ප්‍රඥාවක්‍ෂුසින් දකින්ට සමර්ථවූ රාධා නම් බැනන් වහන්ස මේ පාපිෂ්ටවූ කලබාහු නම් වානරයා මේ රාජභවනයෙහි පහකොට පිටි දකින්ට උපායක් සිතුවමැනවයි කීයේය. ඒ පොට්ඨපාදයාගේ වචනය ඇසූ රාධ නම් ගිරවාණෝ කියන්නාහූ එම්බා පොට්ඨපාදයාගේ වචනය ඇසූ රාධා නම් ගිරවාණෝ කියන්නාහූ එම්බා පොට්ඨපාදය මේ කාලබාහු නම් වානරතෙම ස්වභාවයෙන්ම වචලයහ. එසේ හෙයින් වචලවන්නේය. ක්‍ෂණ ක්‍ෂණයෙහි බැමබිඳ විසුලුපෑමෙන් වීරූප දක්වා රාජකුමාරවරුන් එකානුව භය ගන්වන්නේය. ඌ පරිද්දෙන් කරණ විකාර හේතුකොට ගෙන ඔහු ලබන ආහාරාදීය දුරුවනනේය. එහෙයින් තමුන් විසින් තමා ලබන සත්කාර දුරු කොට තුමුගේ වැඩ තමුන්ම නසමින් සිටියදි තොප යුහුසුළුවන්නේ ඇයිදැයි කියා මලනුවන්ට සෝක නොකරන්ට කියා අවවාදකොට සන්සිඳ වුයේය. ඒ රාධා නම් ගිරවානන් කී පරිද්දෙන්ම ඒ වානරතෙම කර්ණ චලන මුඛවිකාර දියෙන් රාජකුමාරවරුන් භය ගැන්වූයේය. භයපත්වූ රාජකුමාරවරු භයින් ත්‍රස්තව බැගෑපත්ව මුරගැසුවාහුය. ඒ ඇසූ රජ්ජුරුවෝ මේ කිමෙක්දැයි විචාළකල්හි රාජකුමාරවරුන් වඳූරාගෙන් භයපත්ව මුරගෑනියාව අසා ඒ දුෂ්ටවදූරා මෙතනනින් පහකරවයි කියා පහකරවූවායයි ඒ රාධ නම් ගිරවාණන් හා මළනුවන් පළමු පරිද්දෙන්ම ලාභ ස්තකාර මහත්ව ප්‍රකෘත්තිමත්වූයේයයි ශාස්තෘවූ තිලෝගුරු බුදුරජානන් වහන්සේ මේ කාලබාහු ජාතක ධර්මදේශනාව ගෙනහැර දක්වා පූර්වාපර සන්ධි ගළපා නිමවා වදාළසේක.

එකල්හි කාලබානු නම් දැන් මේ දේවදත්ත ස්ථවිර වන්නේය. එකල්හි පොට්ඨපාද නම් වුයේ මේ ආනන්ද ස්ථවිරය වන්නේය. එකල්හි පොට්ඨපාදයන් අවවාදයෙන් සන්සිඳවූ රාධ ගිරවාණෝ නම් දැන් මේ රාගාදී කේලේශයන් ප්‍රහීන කොට තුන්ලෝ වාසීන් විඳිනා සියළු සසර දුක් සන්සිදූවන දැන් බුදුවූ ම්මම වේදැයි තමන් වහන්සේ ගෙණහැර දක්වා වදාළ සේක.

 

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.