325 අනනු සොචිය ජාතකය

තවද දීපදොත්තමවූ සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩවසන සමයෙහි භාර්යාවක් මළාවූ කෙළෙඹි පුත්‍රයෙකු අරභයා මේ ජාතකය දක්වන ලදි.

ඒ කෙසේද යත්,

එක් කෙළඹි පුත්‍රයෙකුගේ බිරින්දක් . ඒ කෙළෙඹි පුත්‍ර තමාගේ බිරින්ද මළාවූ ශෝකයෙන් බොහෝ වික්‍ෂේපව උන්නේය.සර්වඥයන් වහන්සේ ඒ කෙළඹි පුත්‍රයා සෝවාන්වන්ට හේතුසම්පත් ඇති නියාව දැක වදාරා කුඩා භික්‍ෂු කෙණෙකුන් වහන්සේ පස්සේ යවා කෙළඹි පුත්‍රයාගේ ගෙට වැඩවදාළ සේක. කෙළඹි පුත්‍රයා සර්වඥයන් වහන්සේට ඉදිනා අසුන් පණවා වැඳ එකත් පස්ව උන්නේය. සර්වඥයන් වහන්සේ කිමෙක්ද උපාසකය වික්‍ෂේප උනායි වදාළ්ෙක. කෙළඹි පුත්‍රයා කියන්නේ ස්වාමිනි මාගේ බිරින්ද මළ හෙයින් වික්‍ෂෝපව උන්නෙමි කීහ. සර්වඥයන් වහන්සේ වදාරණ සේක්ත උපාසකය නස්නා සුළුවූ යම්දෙයක් නස්සී මළවුන්ට ශෝක කරන්නට කාරණා කින්ද . පෙර උත්තමයෝ මළවුන්ට ශෝක නොකළෝ වේදැයි වදාරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්ජ්‍ය පාලන කරණ සමයෙහි බෝධිසත්වයෝ බ්‍රාහමණ කුලයෙක කුමාර බ්‍රහ්මචරියායෙන් වාසය කරන්නාහ. මෙහි වර්ථමාන කථාව දසවෙනි නිපාතයෙහි චුල්ල බෝධි ජාතකයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය. මව්පිය දෙදෙන අපගේ පුතනුවන්ට ඇස්සමුවේ චුල්ල බෝධි ජාතකයෙහි විස්තර වශයෙන් පෙණෙන්නේය. මව්පිය දෙදෙන අපගේ පුතනුවන්ට ඇස්සමුවේ කුටුම්බසණ්ඨාපනය කරන්ට උවමැනවැයි කියා පුතනුවන් කැඳවා කියන්නාහු තොපට නිසි බ්‍රාහ්මණ කුලයකින් කුමාරිකාවක් පරීක්ෂා කොට කියවයි කීහ. එවිට බෝධිසත්වයන් වහන්සේ කියන සේක් මට ගිහි ගෙයින් කම්කිම්ද, නුඹ වහන්සේලා දෙදෙන අතිතෙක් දවස් අත් පා මෙහෙකොට නුඹ වහන්සේගේ ඇවෑමෙන් වනයට ගොස් තපස් කෙරෙමි. මට බිරින්දගෙන් කම් කිම්දැයි කීහ. එවිට බෝධිසත්වයන්ගේ දෙමාපියන් කිපවාරයෙකම කුටුම්භ සන්ඨාපනය කළ මැනවයි කීයා යවු කල්හි බෝධිසත්වයන් වහන්සේ දෙමාපියන් කීවාට උත්තර කීම සත්පුරුෂයන්ට යුක්ති නොවෙයි. මාගේ දෙමව්පියන්ට බැරි දෙයක් කියායවමි. රන් රුවක් කරමි. මේරූ නියාවට රූපත් කුමාරිකාවක් ලදිමි නම් ගිහිගෙයි වාසය කෙරෙමියි රන්රුවක් කරවා දෙමාපියන් ලඟට යව්හ. මව් පියෝ දෙදෙනත් යහපතැයි කියා රන්රු රථයක තබා මේ රන්රුව නියාවට කුමාරිකාවක් පරීක්‍ෂා කොට එවයි බමුණන්ට ප්‍රසාද දී යවුය. ඒ රන්රුව ඇරගෙණ නුවරක් නුවරක් පාසා ඇවිදිනා කල්හි බඹ ලොවින් චුතව බ්‍රහ්මණයෙක් අවුත් එක් කසීගමෙක බමුණු කුලයක සම්මිල්ලවාහිනි නම් කුමාරිකාව උපන. මග යන බමුණෝ ඇයි සම්මිල්ලවාහිනි නම් කුමාරිකාව මෙතන සිටිනැයි කීහ. එවිට බමුණෝ එතනට අවුත් මේ රන්රුව හා සාදෘෂ්‍ය කුමාරිකාවක් ඇද්දැයි විචාරා ඇත. යනු අසා ඒ රන්රුව ඇරගෙණ ඒ බ්‍රාහ්මණයාගේ ගෙට ගොසින් එපවත් කීහ. ඒ කුමාරිකාවගේ දෙමව්පියෝ යහපතැයි ගිවිස එපවත් කුමාරිකාවන්ට කීහ. ඒ කුමාරිකාවගේ දෙමව්පියෝ යහපතැයි ගිවිස එපවත් කුමාරිකාවන්ට කීහ.කුමාරිකාව බ්‍රහ්මලෝකයෙන් ආ හෙයින් පඤකාමයෙහි ඇල්මක් නැතිව කියන්නාහූ නුඹ වහන්සේලා දෙදෙන ජීවත්ව ඉන්නාතෙක් දවස් අත් පා මෙහෙකොට නුඹ වහන්සේලා ඇවෑමෙන් තපස් කෙරෙහියි කීහ. එවිට දෙමාපියයෝ මුන්කීවාද අප කරන්නේ. මු උරණව කුමක් කෙරෙද්දැයි කීයා නොකැමැති කරවාම සරණපාවා දුන්හ. ඒ බමුණෝත් කුමාරිකාව ගෙණගොස් බෝධිසත්වයන්ගේ දෙමාපියන්ට පෑහ. බෝධිසත්වයන්ගේ දෙමාපියෝත් කුමාරිකාව දැක සතුටුව බෝධිසත්වයන් නොකැමැති කරවාම එකගෙයිලා විවාහ මගුල කළහ. ඒ කුමාරිකාවත් බඹලොවින් ආ හෙයිනුත් උන්ගේ මුහුන පමණකුත් කෙලෙස් වශයෙන් නොබලා බඹුන් දෙදෙනකු මෙන් වාසය කරන්නාහ. මෙසේ වාසය කරණ කල්හි බෝධිසත්වයන්ගේ දෙමව්පියෝ කාලක්‍රියා කළහ. ඒ බෝධිසත්වයෝ දෙමව්පියනේ ආදාහන කරවා තමන්ගේ සම්මිල්ලවාහිනි නම් භාර්යාවන්ට කියන්නාහු සොදූර මාගේ දෙමවාපියන්ගෙන් ගෙනා අසූකෙළක් වස්තු ඇත. මාගේ වස්තුවත් තොපගේ වස්තුවත් ඇරගෙණ ජීවත්වුව. මම තපසට යෙමි කීහ.

සම්මිල්ලවාහිනි නම් කුමාරිකා කියන්නී නුඹ වහන්සේ අළුයම දමාපු කෙළපිඩක් මාගේ ඉස්මුදුනෙන් පිළිගන්නාක්මෙන් නුඹ වහන්නේ ඇරපු සම්පත් මම පිළිගණිමිද නුඹ වහන්සේ තපසට යනකල මම තපසට නොයන්නෙම්දැයි මමත් තපසට යෙමි කීහ. බෝධිසත්වයන් වහන්සේත් යහපතැයි ගිවිස වනයට ගොස් ඍෂිප්‍රව්‍රජ්ජාවෙන් පැවැදිව පන්සල් කොට වාසය කරන්නාහු කල්යාමකින් ලුනු ඇඹුල් සෙවුනා පිණිස බරණැස් නුවරට අවුත් ගෙපිළිවෙළින් සිඟා ඇවිදිනා කල්හි සම්මිල්ලවාහිනී නම් පරිබ්‍රාජිකාව පළමු දුකක් නුදුටු හෙයිනුත් මෘදුවූ ශරිර හෙයිනුත් උනුසිහිල්බත් වැලදීමෙන් රක්තාතීසාය ඇතිවිය. බෝධිසත්වයන් වහන්සේත් පරීබ්‍රාජිකාවන් වඩාගෙණ ගොස් වාසය කළ තමන්වහන්සේ සිඟාසේත් එනකල සම්මිල්ලවාහිනි නම් පරිබ්‍රාජිකාවන්ගේ ප්‍රාණය නිරුද්ධව ගියේය. බොහෝ මනුෂ්‍යයෝ එක්ව මෙසේවූ රූපශ්‍රීයක් ඇති පරිබ්‍රාජිකාවන් නටනියායයි කිය කියා අඬන්නාහ. බෝධිසත්වයයෝ එතනට ගොස් මළ පරිබ්‍රාජිකාවන් දැක නටමනා වස්තුව නැසුනේයයි සිත සිතා උන් මිය පියා වැදහෝනා පෝරුව මත්තේ ඉන්දදීම බත් වළඳා අත කට සෝදා බැණ නොනැගීම උන්නාහ. එවිට එතනට රුස්වූ මනුෂ්‍යයෝ තාපසයන් වහන්ස. මේ පරිබ්‍රාජිකාවන් වහන්සේ ගිහිකල නුඹ වහන්සේ කෙසේ වාසය කළසේක් දැයි විචාළාහ. එම්බා මුනුෂ්‍යයෙනි. මේ පරිබ්‍රාජිකා මා ගිහිකල මට පාදපරිචාරිකාව උන්හයි කීහ. එවිට මනුෂ්‍යයෝ කියන්නාහු ස්වාමිනි අපි හැම මේ පරිබ්‍රාජිකාවුන් වහන්සේගේ රූප ශ්‍රී දුටු පමණකට ලය වාවාගත නොහි බොහෝ දුකින් අඬම්හ. නුඹවහන්සේට පාදපරිචාරිකාව බොහෝ දුක්ගත් තැනැත්තන් වහන්සේ මිළදී බැනනොනැගී ඉඳිනේ ඇයි දැකි කිහ. එම්බා මනුෂ්‍යයෙනි. සම්මිල්ලවාහිනි ගිහි අවස්ථාවෙහි මට ඉතා මල්ගතුව වාසය කළාහ. දැන් වනාහී මිය ගොසින් මළවුන් හා එකීභාවයට පැමිණියෝය. එසේ හෙයින් දැන් ඹ් කවුරුද ඕ තොමෝය. මම වෙනමමය. එසේහෙයින්ම උන්ට අඬා කාරීයකිම්ද. මේ පැමිණෙන මුර්තුව නම් ඉන්දදීය. සිටියදීය.වැදහොත්දීය. ඇවිදිමින් සිටියදීයයි යන සතර ඉරියව්වෙන් කවර ඉරියම්වකදී මුර්තුවට ඇවිත් පැමිණෙන බවත් නොදැනෙයි. නටමනා දෙය නස්නේමය. උපන්නේ සැබැවීනම් මූර්තුවට පැමිණිම සැබෑමය. මමත් වනාහී අජරාමර එක්කෙණෙක් නොවෙමි. මමත් මූර්තුවට පැමිණෙන්නෙමි තමාට අඬන පමණක් විනා අනුන් මළාට ඇඬීමෙන් කාරියකින්දැයි වදාරා බොහෝ දෙනාගේ ශෝක සංසිඳූවා හිමාලය වනයට වැඩ පඤ්ඤාභිඥා අෂ්ටසමාපත්ති උපදවා නොපිරිහුනු ධ්‍යනයෙන් කම්වූ පරිද්දෙන් මිය පරලොව ගියාහයි වදාරා චතුරාර්ය සත්‍යය ප්‍රකාශ කොට මේ අනනුසෝචිය ජාතකය නිමවා වදාළසේක.

චතුස්සත්‍ය දේශනාවගේ කෙළවර කෙළඹි පුත්‍රතෙම සෝවාන් පෙළෙහි පිහිටියාය. එසමයෙහි සම්මිල්ලවාහිනි නම් වූ බිසව් මෙසමයෙහි රාහුල මාතාවූ යසෝධරා ස්ථවිරය. තාපසව උපන්නෙම් බුදුවු මම්ම වේදැයි තමන් වහන්සේ දක්වා වදාළසේක.

 

 

 

 

උපුටා ගැනීම – www.jathakakatha.lk

 

 

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.