තවද මෙසේ පූජාර්භවූ සර්වඥයන් වහනසේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි වම්මසාටක නම් පරිබ්‍රාජකයෙකු අරභයා මේ ජාතකය දක්වන ලදි.
ඒ කෙසේද යත්,
වම්ම සාටක නම් පරිබ්‍රාජකයෙක් සැවැත්නුවරට යන්නාහු පොර අන්නා එළුවන් දෙන්නකු දැක නවතන්ට යයි සිටියාහ. ඉන් එළුවෙක් පරිබ්‍රාජකයන් දැක පසුබස්නේය. පරිබ්‍රාජකයෝ තමන්ට ආදර කෙරෙතියි සිතා කොයිත් නොගොසින් සිටියාහ. එළුවා දිවගෙන අවුත් පරිබ්‍රාජකයන්ගේ කලවය ඇන පලාගියේය. මේ කථාව ධම්සභාමණ්ඩපයෙහි රැස්වු සංඝයා වහන්සේ කිය කියා වැඩ උන් තෙනට සර්වඥයන් වහන්සේ වැඩ වදරා මහණෙනි මා එන්නාට පුර්වභාගයෙහි කිනම් කථාවකින් යුක්තව උනුදැයි විචාරා වදාරා ආරාධිත වූ සර්වඥයන් වහනසේ ඉකුත් වත් දක්වා වදාළසේක.
යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙකුන් රාජ්‍යය කරණ සමයෙහි වම්ම සාටක නම් පරිබ්රාජිකයෙක් විථියේ යමින් සිටිටේට. එළුවෝ දෙන්නෙක් පොරඅනිමින් සිටියාය. පරිබ්රාජිකයෝ එළුවන් දෙන්නා පොර අන්නා දැක නවතිමියි සිතා සිටිකලට ඉන් එක් එළුවෙක් පරිබ්රාජිකයන් දැක පසුබස්නේය. පරිබ්රාජිකයෝ එළුවා තමන්ට සංග්‍රහ කරණ නිසා පසුබතියි සිතා කියන්නාහූ උතුම් ජාති ඇති බැටළුවානෝ මාගේ විශේෂ දත්සේය. එසේහෙයින් මම තොප වදිමි මමත් උතුම් ජාති ඇති බ්‍රාහ්මණ කුලයෙක උපනිමියි කිය කියා සිටිකල්හි පිළ උන් සෙට්ටියෙක් පරිබ්රාජිකයන්ට කියන්නාහූ එළුවා පසුබසිනේ ඇවිත් අන්ටය ඉවත්ව ගනුවයි කියදිත් පරිබ්රාජිකයෝ ඉවත් නොවි සිටියාහ. එළුවා දිවගෙණ අවුත් පරිබ්රාජිකයන්ගේ කලවය ඇන හෙලාගත. ඒ අර්ථය දක්වන සර්වඥයන් වහන්සේ මහණෙනි, බ්‍රාහ්මණ එළුවාට ස්තුතිකොට සිටිය ගමනේ එළුවා ඇවිත් කලවය ඇනහෙළා පියවයි වදාළසේක. බ්‍රාහ්මණයත් විථියේ ඇනුම් කා වැදහෙව කෙඳිරි ගගා කියන්නෝ යහපත් නියාව සත්පුරුෂ කමෙක යහපත් එකෙකැයි කියා නමස්කාර කළදීම ඇවිත් ඇවිත් ඵලාගෙන කලවය පලා ජිවිතක්ෂයට පමුණුවාපියයි වදාරා මේ වම්මසාටක ජාතකය නිමවා වදාළසේක.
එසමයෙහි පරිබ්‍රාජික නම් මෙසමයෙහිත් වම්මසාටක පරිබ්රාජිකමය, පිළඋඩ උන් සෙට්ටියා නම් බුදුවූ මම්මයයි වදාළසේක.
උපුටා ගැනීම – www.jathakakatha.lk