Skip to main content

321 තෘතියගොධ ජාතකය

තවද දශබලධාරීහු සර්වඥයන් වහන්සේ ජේතවනාරාමයෙහි වැඩ වසන සමයෙහි කොහෙන් තපස් කරන්නාවූ නමක් අරභයා මේ ජාතකය දක්වන ලදී. එක් කොහොන් තපස් රක්නාවූ නමක් සර්වඥයන් වහන්සේට දැන්වූ කල්හි සර්වඥයන් වහන්සේ මහණෙනි මා දැන් මතුනොවෙයි පෙරත් කොහොන් කෙළේ වේදැයි වදරා ඒ කෙසේදැයි ආරාධිත වූ සර්වඥයන් වහන්සේ ඉකුත්වත් දක්වා වදාළසේක.

ඒ කෙසේද යත්,

යටගිය දවස බරණැස් නුවර බ්‍රහ්මදත්ත නම් රජ්ජුරුකෙණෙක් රාජ්ජ්‍ය කරණ සමයෙහි බෝධිසත්වයෝ ගෝ ව ඉපිද එක් තුඹුසෙක වාසය කරන්නාහ. බෝධිසත්වයන් වාසය කරන්නාවූ ස්ථානයට නුදුරු තෙනක එක් කුට තාපසයෙක් වෙසෙයි. බෝධිසත්වයෝ මූ ගුණ ඇති තාපස කෙනෙක් දෝ හෝයි සිතා උන්ලඟට ගොස් වැඳ පුදා එන්නාහ එක් දවසක් ගෝමස් සහිතව භෝජනයක් උපාසකවරු ඒ තාපසයන්ට දුන්නාහ. තාපසයෝ මේ කුමන මාංසයක් දැයි විචාරා ගෝ මාංස යයි යනු අසා අප දකින්ට එන්නාවූ ගොයාන කෙණෙක් ඇත. උන් මරා මාංසය අනුභව කෙරෙමියි සිතා උපසාක වරුන්ට කියා සාල් ළුනු මිරිස් පත්කඩ ආදීවූ දෙය ගෙන්වා තබාගෙන පොල්ලකුත් සැසස කඩ යට තබාගෙන ගොයානන් එන පෙරමග බල බලා උන්නාහ. ඒ වෙලාවට ගොයානෝත් එතනට අවුත් තාපසයන් ඉඳිනා නියායෙන්ම අද තාපසයන් ඉඳිනා අහංකාරයම නපුරුයි සිතා යටි සුලගට ගොසින් තාපසයන් ඇඟින් අමන ගන්ධය ආඝ්‍රාණය කොට ගෝමස් කෑ නියාව නියම දැන ඉවතින් යන්නට වන්නාහ. තාපසයෝත් තමන් ලඟට නෑවිත් ගොයාගේ වලාධිය ලඟින් නික්මෙන්නා කසකඩ යටතිබූ පොල්ල ඇරගෙණ දමාලා ගැසීය. දමාලු පොල්ල ගෙයාග් වලධිය ගෑවිගත ඉවත පලාගියේය. එවිට ගොයා වහා දිවගෙන ගොස් තුඹුසට වැද ගියේය. එවිට තාපසයා කියන්නේ මා අතින් ගොයා ගැලවි ගියේ වේදැයි කීය. එවිට බෝධිසත්වයෝ කියන්නාහු තා අතින් මා ගැලවුනු පමණක් විනා තෝ සතර අපායෙන් නො ගැලවුනේ වේදැයි කියා තුඹුසට වැද අනික් තුඹස් කටකින් ඉස එලියට පොවා එම්බල තාපසය. තා කසාය වස්ත්‍රයකුත් පොරවා අඳුන් දිවි සමිනි හා ජටාවෙනුත් කම්කිම්දැයි කීහ. එවිට තාපසයා කියන්නේ එම්බල ගොයානෙනි මාගේ ගෙයි සාල් තෙල් ළුනු මිරිස් ආදීවූ දෙය ඇත. ඇවිත් ඒ ඇම කාපියවයි කීහ. එවිට ගොයා කියන්නේ තාගේ සාල් ළුනු මිරිස් තෙල් ආදීවූ දෙයින් මට ප්‍රයෝජන නැත. මා ඉඳිනා තුඹස ගැඹුර සියක් රියනක් පමණ ඇතැයි කියා භයගන්වා එම්බල තාපසය, තෝ මෙවක් පටන් මෙතන රැඳූනෙහි නම් තාගේ ප්‍රවෘතිය උපාසකරුන්ට කියමියි කීහ. ඒ තාපසයාත් එතකින් පලාගියේයයි වදාරා මේ ගොධ ජාතකය නිමවා වදාළසේක.

එසමයෙහි කූටතාපස නම් මෙසමයෙහි කූට භික්ෂූහුය. ගොධව උපන්නෙම් බුදුවූ මම්ම වේදැයි වදාළ සේක.

 

 
උපුටා ගැනීම – www.jathakakatha.lk

Leave a Reply

error: Content is protected by www.ifbcnet.org.